Author: LFN
ශ්රී ලංකාව සෑම අතින්ම පළමු තැනට ගෙන ඒමට නම් රටේ අධ්යාපන ක්ෂේත්රයේ දැවැන්ත පරිවර්ථනාත්මක, විප්ලවීය වෙනසක් සිදු කළ යුතුව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතා කොළඹදී පැවසීය. සමගි ජන බලවේග රජයක් තුළ ඉංග්රීසි භාෂාව, තොරතුරු තාක්ෂණය, බයෝ තාක්ෂණය, කෘතීම බුද්ධිය සහ පරිගණ විද්යාව මෙරට සියලුම පාසල් දූ දරුවන්ට ලබා දීමට සීඝ්රගාමී වැඩපිළිවෙළක් ක්රියාත්මක කරන බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය. විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතාගේ සංකල්පයක් ලෙස ක්රියාත්මක 41වන සක්වල වැඩසටහනට සමගාමීව ලක්ෂ 50කට වැඩි වටිනාකමින් යුත් බස් රථයක් මැදකොළඹ ෆාතිමා මුස්ලිම් බාලිකා විද්යාලයට පිරිනැමීමේ අවස්ථාවට එක්වෙමින් ඔහු මේ බව පැවසීය.
කොවිඩ් වසංගතය පළමුවෙන්ම වාර්තා වූ චීනය තවමත් එම රෝගය හේතුවෙන් පීඩා විඳියි. කොවිඩ් ව්යාප්තිය පාලනය සඳහා චීන පාලකයින් දැඩි ප්රතිපත්තියක් අනුගමනය කරන අතර එම ප්රතිපත්තිය එරට ජනතාව දැඩි පීඩනයකට ලක්කර තිබෙන බව සඳහන් ය. මේ හේතුවෙන් එරට සමහර ප්රදේශවල ජනතාව විරෝධතා පැවැත්වීය. එම විරෝධතා පැතිර ගියේ බටහිර සින්ජියෑන් කලාපයේ පිහිටි තට්ටු නිවාසයක ඇතිවූ ගින්නකින් 10 දෙනෙක් මියයෑමෙන් අනතුරුවය. විරෝධතා පාලනයට එරට ආරක්ෂක අංශ බලය පාවිච්චි කළ අතර ජාත්යන්තරයෙන් පවා ඊට එල්ලවූයේ දැඩි විරෝධයකි. ජනතා විරෝධය හේතුවෙන් දැඩි කොවිඩ් සීමා ලිහිල් කිරීමට චීන බලධාරීන් කටයුතු කළේය.
පාසල් දරුවන්ගේ කෘශ භාවය ඉහළ ගොස් ඇති බව පෝෂණ මාසය තුළ සිදුකළ සමීක්ෂණයේදී සෞඛ්ය අමාත්යාංශයේ පවුල් සෞඛ්ය කාර්යාංශය විසින් අනාවරණ කරගෙන තිබේ. ඒ වයස අවුරුදු 05ට අඩු දරුවන් අතර මන්දපෝෂණය හා කෘශභාවය සැලකිය යුතු අයුරින් ඉහළ ගොස් ඇතැයි තහවුරු කරගැනුණු පසුබිමකය. සෑම වසරකම ඔක්තෝබර් පෝෂණ මාසයට අදාළව අවුරුදු 5ට අඩු දරුවන්ගේ බර සහ උස ගණනය කරමින් පවුල් සෞඛ්ය නිලධාරී කාර්යාල හරහා දීපව්යාප්තව සමීක්ෂණයක් සිදුකරන අතර ඊට අනුව මෙම වසරේ වයස අවුරුදු 5ට අඩු දරුවන්ගේ මන්දපෝෂණ තත්ත්වය 15.3% දක්වා ඉහළ ගොස් ඇති බව අනාවරණ වුණි. 2021 වසරේදි 8.2%ක් පැවති කෘශ දරුවන්ගේ ප්රතිශතය මේ වසරේදී පවතින්නේ 10.1%ක් දක්වා ඉහළ මට්ටමකය. දරුවන් 18,420…
වසරේ පළමු මාස 8ක කාලය තුළදී වෛද්යවරුන් 477 දෙනකු රට හැරදා විදේශගතවී ඇතැයි රජයේ වෛද්ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්ය හරිත අලුත්ගේ මහතා පවසයි. යෝජිත අසාධාරණ බදු සංශෝධනයට එරෙහිව වෘත්තීයවේදී සංගම් කැඳවු මාධ්ය හමුවකට එක්වෙමින් ඔවුන් සඳහන් කළේ වෘත්තීයවේදීන් රට හැරයෑමේ සීඝ්ර ප්රවණතාව හමුවේ අර්බුද රැසක් ඉදිරියේදී ඇතිවිය හැකි බවය. රජයේ වෛද්ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්ය හරිත අලුත්ගේ මහතා, “මේ බදු සංශෝධනවල අවසාන ප්රතිඵලය ලෙස සිදුවෙන්නේ රට ආපස්සට යෑමක්. රට හැරයන වෘත්තිකයින් නවත්වන්න උත්සාහ කරනවා මිසක්, රට හැර යන්න සිද්ධවෙලා තියෙන්නේ ඇයි කියලා හොයලා.. ඒවා නිවැරදි කරන්න උත්සාහයක් නැහැ. අපි ළඟ තිබෙන දත්ත අනුව පළවෙනි මාස 8 තුළ 477ක් වෛද්යවරු රටින්…
පාසල් සිසුවෙකුගේ මුහුණ සිඹ අතවර කළ බව කියන ගුරුවරියක් පිළිබඳ පුවතක් වාර්තා විය. සිද්ධියට මුහුණදී ඇත්තේ 15 හැවිරිදි සිසුවෙකි. සිසුවා පදිංචිව සිටින නිවෙසට ගොස් ඇති අදාළ ගුරුවරිය එහිදී මෙම ක්රියාව සිදුකර තිබේ. චෝදනා එල්ලවී ඇත්තේ හොරණ අධ්යාපන කලාපයේ පාසලක ගුරුවරියකටය. සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති ගුරුවරියව හොරණ අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම මස 06 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. මෙලෙස රිමාන්ඩ් භාරයට පත්කර ඇත්තේ සිසුවාගේ පන්ති භාර ගුරුතුමිය ලෙස කටයුතු කළ ඉතිහාසය විෂය උගන්වන 42 හැවිරිදි තිදරු මවකි. සිද්ධියට මුහුණ දුන් සිසුවාගේ මව සහ පියා විදේශගතව සිටින අතර මවගේ සොයුරියගේ රැකවරණය යටතේ සිසුවා සිටින බව පොලීසිය පවසයි. ඉකුත්…
පාසල් තුළ මත්ද්රව්ය ව්යාප්තවීම වැළැක්වීම සඳහා කාර්ය සාධක බළකායක් පිහිටුවීමට ජනාධිපතිවරයාගේ අවධානය යොමුවී තිබේ. මේ අතර ඊයේ (01) කොළඹදී මාධ්ය අමතමින් මහජන ආරක්ෂක අමාත්යංශයේ ලේකම් එස්. හෙට්ටිආරච්චි මහතා පැවසුවේ, බස්නාහිර සහ දකුණු පළාත්වලට අමතරව කුරුණෑගල සහ අනුරාධපුර දිස්ත්රික්කවල පාසල් සිසුන් අතරද මේ වනවිට මත්ද්රව්ය භාවිතය අධික ලෙස ඉහළ ගොස් ඇති බවය. මහජන ආරක්ෂක අමාත්යංශයේ ලේකම් එස්. හෙට්ටිආරච්චි මහතා වැඩිදුරටත් ප්රකාශ කළේ, පොලිස් විශේෂ කාර්ය බළකාය අනෙකුත් රාජකාරීවලින් ඉවත් කර මත්ද්රව්ය සහ සංවිධානාත්මක අපරාධ මැඩලීම සඳහා පමණක් යෙදවීමට ඉදිරියේ දී කටයුතු කරන බවය. වාර්ෂිකව ශ්රී ලංකාව තුළ අත්අඩංගුවට ගැනෙන හෙරොයින් ප්රමාණය කිලෝ ග්රෑම් 1,100ත් 2,000ත් අතර වෙයි. හෙරොයින් මත්ද්රව්ය වැඩි වශයෙන්…
ශ්රී ලංකා සුපිරි ක්රීඩක වනිඳු හසරංගට ජාත්යන්තර ක්රිකට් කවුන්සිලය මගින් දඩයක් නියමකර තිබේ. ඒ අයි සී සී චර්යාධර්ම උල්ලංඝනය කිරීම සම්බන්ධයෙනි. (30) ඇෆ්ගනිස්තානය සමග පැවති අවසන් එක්දින තරගයේ දී වනිඳු හසරංග විනිසුරුවරයෙකුගේ තීරණයට විරුද්ධත්වය පෙන්වීම සම්බන්ධයෙන් වරදකරු වී ඇත. ඒ, හේතුවෙන් ඔහුට එක් අප්රසාද ලකුණක් සහ තරග ගාස්තුවෙන් 50%ක උපරිම දඩයක් ද නියම කර තිබේ. නජිබුල්ලා සර්ඩ්රාන්ගේ කඩුල්ල මුවා කිරීමේ තීන්දුව තෙවැනි විනිසුරු විසින් ප්රතික්ෂේප කිරීම නිසා වනිඳු තිරය දෙසට ඇඟිල්ල දිගු කරමින් සිය අප්රසාදය පළ කිරීම මීට හේතුවී ඇත.
පාසල් වාර අවසන් කිරීම හේතුවෙන් රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල් සඳහා අද නිවාඩු දිනයක් ලෙස අධ්යාපන අමාත්යාංශය විසින් ප්රකාශයට පත් කර තිබේ. 2022 වසරේ දෙවන පාසල් වාරය ඊයෙන් (01) අවසන් වන අතර තෙවන පාසල් වාරය ලබන 05 වන සඳුදා දිනයේ ආරම්භ කිරීමට නියමිතය. අධ්යාපන අමාත්යාංශය පැවසුවේ ඒ අනුව හෙට දිනය රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල් සඳහා නිවාඩු දිනයක් ලෙස ප්රකාශයට පත් කර ඇති බවය. තෙවන පාසල් වාරයේ පළමු අදියර දෙසැම්බර් මස 05 වන දින සිට 22 වන දින දක්වා පැවැත්වෙන අතර නත්තල් උත්සවය හේතුවෙන් දෙසැම්බර් මස 23 වන දින සිට ජනවාරි මස පළමු වන දින දක්වා යළි පාසල්…
“Fleetwood Mac” සංගීත කණ්ඩායමේ ගායන ශිල්පිනී ක්රිස්ටීන් මැක්වි අභාවප්රාප්ත වී තිබේ. හෘදයාබාධ රෝගී තත්ත්වයක් හේතුවෙන් ඇය අභවප්රාප්ත වී ඇති බව විදෙස් මාධ්ය වාර්තා කළේය. මියයන විට ක්රිස්ටීන් මැක්වි 79 හැවිරිදි වියේ පසුවුණි. ඇය විසින් ගායනා කළ “සෝන්ග්බර්ඩ්”, “ලිට්ල් ලයිස්” වැනි ගීත ලොව පුරා රසිකයින් අතර ඉමහත් ජනප්රියත්වයට පත් වුණි.
අද (01) දිනයේ සිට වෙළෙඳපොළ වෙත ගෘහස්ථ ගෑස් සිලින්ඩර ලක්ෂය ඉක්මවා නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව ලිට්රෝ සමාගම පවසයි. එහි සභාපති මුදිත පීරිස් මහතා සඳහන් කළේ, ඇනවුම් කර තිබූ ගෑස් නෞකා දිවයිනට පැමිණීම ප්රමාද වීම හේතුවෙන් වෙළෙඳපොළ වෙත ගෑස් නිකුත් කිරීම සීමා කර තිබු බවය. ඉල්ලුම් කර තිබු ගෑස් නෞකා මේ වන විට දිවයිනට ළඟාවෙමින් පවතින බව සභාපතිවරයා පවසයි. ඒ අනුව උත්සව සමය තුළ පාරිභෝගික ජනතාවට ගෑස් මිලදී ගැනීම සඳහා අවශ්ය සියලු පහසුකම් සලසා දී ඇති බව මුදිත පීරිස් මහතා සඳහන් කළේය. “අපි අද උදෑසන 12.5 ගෑස් සිලින්ඩර ලක්ෂයකට ආසන්න ප්රමාණයක් වෙළෙඳපොළට නිකුත් කරනවා. ඒ වගේම අනෙක් සිලින්ඩරුත් මේ වගේම…