Close Menu
Lanka Focus News
    What's Hot

    ඥානසාර හිමි උදෙසා කොළඹට පැමිණි පාගමන ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට

    October 15, 2026

    අදත් හවසට තද වැසි

    October 15, 2026

    මාරක අනතුරු කිහිපයක් – ජීවිත 5ක් අහිමි වෙයි

    October 14, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»මන්දපෝෂණයේ අවදානම ගැන වෛද්‍යවරුන්ගෙන් අනතුරු ඇඟවීමක්
    Featured

    මන්දපෝෂණයේ අවදානම ගැන වෛද්‍යවරුන්ගෙන් අනතුරු ඇඟවීමක්

    By LFNDecember 2, 2022No Comments2 Mins Read313 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    පාසල් දරුවන්ගේ කෘශ භාවය ඉහළ ගොස් ඇති බව පෝෂණ මාසය තුළ සිදුකළ සමීක්ෂණයේදී සෞඛ්‍ය අමාත්‍යාංශයේ පවුල් සෞඛ්‍ය කාර්යාංශය විසින් අනාවරණ කරගෙන තිබේ.

    ඒ වයස අවුරුදු 05ට අඩු දරුවන් අතර මන්දපෝෂණය හා කෘශභාවය සැලකිය යුතු අයුරින් ඉහළ ගොස් ඇතැයි තහවුරු කරගැනුණු පසුබිමකය.

    සෑම වසරකම ඔක්තෝබර් පෝෂණ මාසයට අදාළව අවුරුදු 5ට අඩු දරුවන්ගේ බර සහ උස ගණනය කරමින් පවුල් සෞඛ්‍ය නිලධාරී කාර්යාල හරහා දීපව්‍යාප්තව සමීක්ෂණයක් සිදුකරන අතර ඊට අනුව මෙම වසරේ වයස අවුරුදු 5ට අඩු දරුවන්ගේ මන්දපෝෂණ තත්ත්වය 15.3% දක්වා ඉහළ ගොස් ඇති බව අනාවරණ වුණි.

    2021 වසරේදි 8.2%ක් පැවති කෘශ දරුවන්ගේ ප්‍රතිශතය මේ වසරේදී පවතින්නේ 10.1%ක් දක්වා ඉහළ මට්ටමකය.

    දරුවන් 18,420 දෙනෙකු උග්‍ර තීව්‍ර මන්දපෝෂණයට ලක්වී ඇති අතර එය ප්‍රතිශතයක් ලෙස ගත් කළ 1.4%කි.

    මෙලෙස මන්දපෝෂණට ගොදුරුවීම නිසා දරුවන්ට සිදුවිය හැකි හානි සම්බන්ධයෙන් ළමා විශේෂඥ වෛද්‍යවරුන් කරුණු පැහැදිලි කළේය.

    කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා සඳහන් කළේ,

    “සමහර වෙලාවට රෝග ලක්ෂණ විදිහට දරුවන්ගේ ප්‍රෝටීන් අඩු වුණාම දරුවන්ව ඉදිමිලා පේන්න පුළුවන්. ඒ දරුවගේ අක්මාවත් ඉදිමිලා..මුහුණත් ඇඟත් ඉදිමිලා තියෙන්න පුළුවන්. ඒ වගේම පේෂිවල ප්‍රෝටීන අඩුවීම නිසා අඩුවෙලා තියෙන්නත් පුළුවන්.”

    “දරුවෙක් කෘශභාවයට පත්වෙලා නම් උසයෑම අඩුවෙලා තියෙන්න පුළුවන්. ඒක ඒ දරුවාට දීර්ඝ කාලීනව බලපාන්න පුළුවන්. ඒ දරුවන්ගේ ප්‍රතිශක්තිකරණයත් අඩුයි. රෝගවලට නිතර නිතර ගොදුරු වෙනවා. ඉගෙන ගැනීමේ හැකියාව අඩුවෙන්න පුළුවන්.”

    මේ අතර දිවයින පුරා පාසල්වල පළමු ශ්‍රේණියේ දරුවන්ගේ කෘශභාවය පසුගිය වසරට සාපේක්ෂව ඉහළ යාමක් පෙන්නුම් කරයි.

    2021 වසරේ 16.7%ක ප්‍රතිශතයක්ව පැවැති කෘශභාවය මේ වසරේදී 22.5%ක් දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ වාර්තා පෙන්වාදෙයි.

    එය පසුගිය වසරට සාපේක්ෂව 5.8% ක වර්ධනයකි.

    4 වැනි ශ්‍රේණියේ දරුවන්ගෙන් සිදුකළ සමීක්ෂණයේදී අනාවරණ වී ඇත්තේ 2021 වසරේ 15.4%ක් ව පැවැති කෘශ බව සහිත දරුවන්ගේ ප්‍රතිශතය මේ වසරේ 21.5%ක් දක්වා ඉහළ ගොස් ඇති බවය.

    ඒ අනුව එම වයස් කාණ්ඩයේ දරුවන්ගේ කෘශ බව මේ වසරේදී 6.1%න් ඉහළ ගොස් තිබේ.

    7 ශ්‍රේණියේ දරුවන්ගෙන් 12.7%ක් ව පැවැති කෘශ බව සහිත දරුවන්ගේ ප්‍රතිශතය මේ වසරේදී දැක්වෙන්නේ 17.9%ක ඉහළ අගයකය.

    එය පසුගිය වසරට සාපේක්ෂව මේ වසරේ 5.2%ක වර්ධනයකි.

    එමෙන්ම පසුගිය වසරේ 10 ශ්‍රේණියේ කෘශ බව සහිත දරුවන්ගේ ප්‍රතිශතය 11.1%ක් ලෙස දැක්වුණ ද එය මේ වසරේ 13.7%ක් දක්වා ඉහළ ගොස් තිබේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ඥානසාර හිමි උදෙසා කොළඹට පැමිණි පාගමන ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට

    October 15, 2026

    අදත් හවසට තද වැසි

    October 15, 2026

    මාරක අනතුරු කිහිපයක් – ජීවිත 5ක් අහිමි වෙයි

    October 14, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,480 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,429 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,629 Views
    Don't Miss

    ඥානසාර හිමි උදෙසා කොළඹට පැමිණි පාගමන ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට

    October 15, 2026010 Views

    බන්ධනාගාරගතව සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් සහ භික්ෂූන් වහන්සේලාගේ ආගමික අයිතිවාසිකම් වෙනුවෙන් මහා සංඝරත්නයේ…

    අදත් හවසට තද වැසි

    October 15, 2026

    මාරක අනතුරු කිහිපයක් – ජීවිත 5ක් අහිමි වෙයි

    October 14, 2026

    ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද

    October 12, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.