Close Menu
Lanka Focus News
    What's Hot

    ඥානසාර හිමි උදෙසා කොළඹට පැමිණි පාගමන ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට

    October 15, 2026

    අදත් හවසට තද වැසි

    October 15, 2026

    මාරක අනතුරු කිහිපයක් – ජීවිත 5ක් අහිමි වෙයි

    October 14, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»සිසුවාට අතරව කළ ගුරුවරිය රිමාන්ඩ්
    Featured

    සිසුවාට අතරව කළ ගුරුවරිය රිමාන්ඩ්

    By LFNDecember 2, 2022No Comments2 Mins Read371 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    පාසල් සිසුවෙකුගේ මුහුණ සිඹ අතවර කළ බව කියන ගුරුවරියක් පිළිබඳ පුවතක් වාර්තා විය.

    සිද්ධියට මුහුණදී ඇත්තේ 15 හැවිරිදි සිසුවෙකි.

    සිසුවා පදිංචිව සිටින නිවෙසට ගොස් ඇති අදාළ ගුරුවරිය එහිදී මෙම ක්‍රියාව සිදුකර තිබේ.

    චෝදනා එල්ලවී ඇත්තේ හොරණ අධ්‍යාපන කලාපයේ පාසලක ගුරුවරියකටය.

    සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති ගුරුවරියව හොරණ අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම මස 06 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

    මෙලෙස රිමාන්ඩ් භාරයට පත්කර ඇත්තේ සිසුවාගේ පන්ති භාර ගුරුතුමිය ලෙස කටයුතු කළ ඉතිහාසය විෂය උගන්වන 42 හැවිරිදි තිදරු මවකි.

    සිද්ධියට මුහුණ දුන් සිසුවාගේ මව සහ පියා විදේශගතව සිටින අතර මවගේ සොයුරියගේ රැකවරණය යටතේ සිසුවා සිටින බව පොලීසිය පවසයි.

    ඉකුත් 05 වනදා සිසුවාගේ පුංචි අම්මා නිවසින් බැහැරව ගිය අවස්ථාවකදී සැකකාර ගුරුවරිය දරුවා සොයාගෙන නිවසට පැමිණ ඇති අතර එම අවස්ථාවේදී නිවසේ සිට ඇත්තේ දරුවා පමණක් යැයි පැවසෙයි.

    පුංචි අම්මා නිවසට පැමිණෙන අවස්ථාවේදී සැකකාර ගුරුවරිය දරුවා සමග නිවසේ සාලයේ සැටිය මත වාඩිවී සිට ඇති අතර ගුරුවරිය සිසුවාගේ මුහුණ සිඹින අයුරු නිවසට ගොඩවූ පුංචි අම්මා විසින් දැක නොදැක්කා සේ නිවස තුළට ගොස් ඒ බව විදේශගතව සිටින සොයුරියට දුරකථන මාර්ගයෙන් දැනුම්දී ඇතැයි පොලීසිය කියයි.

    ඇයගේ උපදෙස් මත සිසුවාගේ පුංචි අම්මා සිසුවා පරිහරණය කරන ලද ජංගම දුරකථනය පරීක්ෂා කිරීමේදී ගුරුවරිය විසින් සිසුවාට යොමු කර තිබූ කෙටි පණිවුඩ හමුවී තිබෙන බවද පොලීසිය පවසයි.

    අනතුරුව සිසුවාගේ පුංචි අම්මා ඒ බව විදේශගතව සිටින සොයුරියට දැනුම්දීමෙන් අනතුරුව ඇය දින කිහිපයක් තුළදී මෙරටට පැමිණ තිබේ.

    පසුව, මොරගහහේන පොලීසියට සහ හොරණ අධ්‍යාපන කාර්යාලයට පැමිණිලි කිරීමට කටයුතු කර තිබූ බවද පොලීසිය පැවසීය.

    ඒ අනුව චෝදනා ලත් ගුරුවරිය වහා ක්‍රියාත්මක වන පරිදි ඉංගිරිය පාසලක් වෙත මාරු කරයැවීමට අධ්‍යාපන බලධාරීන් පියවර ගෙන ඇත.

    පැමිණිල්ල ලද වහාම අදාළ සිසුවා හොරණ මූලික රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී වෙත යොමුකිරීමට පොලීසිය කටයුතු කර තිබේ.

    සැකකාර ගුරුවරිය විසින් සිසුවාට පසුගිය කාලය පුරා විවිධ ආහාර වර්ග ද ලබාදී ඇති බවද පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.

    චෝදනා ලත් පාසල් ගුරුවරියව ඊයේ (01) දින මොරගහහේන පොලීසියට කැඳවා ප්‍රකාශ ලබාගැනීමෙන් අනතුරුව අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට කටයුතු කළ බව මොරගහහේන පොලීසිය පැවසීය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ඥානසාර හිමි උදෙසා කොළඹට පැමිණි පාගමන ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට

    October 15, 2026

    අදත් හවසට තද වැසි

    October 15, 2026

    මාරක අනතුරු කිහිපයක් – ජීවිත 5ක් අහිමි වෙයි

    October 14, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,480 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,429 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,629 Views
    Don't Miss

    ඥානසාර හිමි උදෙසා කොළඹට පැමිණි පාගමන ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට

    October 15, 2026010 Views

    බන්ධනාගාරගතව සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් සහ භික්ෂූන් වහන්සේලාගේ ආගමික අයිතිවාසිකම් වෙනුවෙන් මහා සංඝරත්නයේ…

    අදත් හවසට තද වැසි

    October 15, 2026

    මාරක අනතුරු කිහිපයක් – ජීවිත 5ක් අහිමි වෙයි

    October 14, 2026

    ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද

    October 12, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.