Author: LFN

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ විධායක සභා රැස්වීම ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කාර්යාලයේදී ඊයේ පස්වරුවේ ආරම්භ විය. මේ අතර එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ශ්වකාර පක්ෂ කිහිපයක් ඊයේ කැඳවා ඇති විධායක සභා රැස්වීමට තම පක්ෂ සහභාගී නොවන බව දන්වමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ලිපි යොමු කර තිබුණි. එලෙස ලිපි යොමුකළ පක්ෂ වන්නේ මහජන එක්සත් පෙරමුණ, ජාතික කොංග්‍රසය, දේශ විමුක්ති ජනතා පක්ෂය සහ ඊලාම් ජනතා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයයි. ඊයේ පස්වරුවේ ආරම්භ වූ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ විධායක සභා රැස්වීමේදී අදහස් දැක්වූ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා, “මේ සන්ධානය සමඟ ඒකරාශීවෙලා හොඳ වැඩපිළිවෙලක් හදාගෙන අපි…

Read More

මෙරටට පැමිණි සුඛෝපභෝගී මගී ප්‍රවාහන නෞකාවේ සංචාරකයින් යාල වනෝද්‍යානය නැරඹීමට ද එක්ව සිටියා. සංචාරකයින් දෙදහසකට වැඩි පිරිසක් සමග (29) කොළඹ වරායට පැමිණි “මේන් ෂිෆ් 5” සුඛෝපභෝගී මගී ප්‍රවාහන නෞකාව ඊයේ පස්වරුවේ හම්බන්තොට වරාය වෙත ළඟා වී තිබේ. මෙහිදී සංචාරකයින්ට හම්බන්තොට නගරය හා ඒ ආශ්‍රිත ස්ථානවල සංචාරය කිරීමට අවස්ථාව හිමිවුණි. මෙලෙස යාල වනෝද්‍යානය නැරඹීමට පැමිණ ඇත්තේ ඒ අතරින් සංචාරකයින් 700කට ආසන්න පිරිසකි. කෙසේවෙතත් ප්‍රවේශපත්‍ර ලබාගැනීම සඳහා දිගු වේලාවක් පෝලිමේ රැඳී සිටීමට සිදුවීමෙන් ඇතැම් සංචාරකයින්ට වනෝද්‍යානය නැරඹීමට ප්‍රමාණවත් කාලයක් ලැබී නොමැත. මේ හේතුවෙන් ඔවුන්ට අමතර පැය එකහමාරක පමණ කාලයක් වනෝද්‍යානය නැරඹීමට අවස්ථාව ලබාදීමට වනජීවි හා වනසංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා ඉඩ ප්‍රස්ථාව…

Read More

ඇෆ්ගනිස්තානයට එරෙහිව පැවති තුන්වන සහ අවසන් එක්දින තරගය කඩුලු 4කින් ජයගැනීමට ශ්‍රී ලංකාව සමත්විය. අවසන් මොහොතේ පිටියට පිවිසි දුනිත් වෙල්ලාලගේ ප්‍රවේගකාරී ඉනිමක් දියත් කරමින් ලකුණු 31ක් රැස්කළේය. ශ්‍රී ලංකාව වෙනුවෙන් අගනා ඉනිමක් ක්‍රීඩා කළ චරිත් අසලංක ලකුණු 83ක් රැස්කරගැනීමට සමත්විය. ඔහුගේ ඉනිමට හයේ පහර 4ක් සහ හතරේ පහර 5ක් ඇතුළත් විය. කුසල් මෙන්ඩිස් ලකුණු 67ක් රැස්කළේ හයේ පහරක් සහ හතරේ පහර 8ක් සමඟිනි. දසුන් ශානක හතරේ පහර 5ක් සමඟ ලකුණු 43ක් රැස්කළේය. පන්දු යැවීමේදී ශ්‍රී ලංකාවට ප්‍රබල අභියෝගයක් එල්ලකරමින් රෂීඩ් ඛාන් කඩුලු 4ක් දවාගැනීමට සමත්විය. මොහොමඩ් නබී කඩුලු 2ක් දවාගැනීමට සමත්විය. තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ඇෆ්ගනිස්තානය නියමිත පන්දුවාර 50 අවසානයේ…

Read More

තිළිණි ප්‍රියමාලිගේ මූල්‍ය වංචා චෝදනාවක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයේ සිටි පූජ්‍ය බොරැල්ලේ සිරිසුමන හිමි සහ ඉසුරු බණ්ඩාර ඇපමත මුදාහැර තිබේ. එසේම තිළිණි ප්‍රියමාලි සහ ජානකී සිරිවර්ධන දෙසැම්බර් 13 වනදා දක්වා යළි රිමාන්ඩ් බන්ධනාගාර ගතකර තිබේ.

Read More

දරුවන්ගේ පෝෂණ තත්ත්වය සම්බන්ධයෙන් මුළු රටේම දත්ත මේ වනවිට විශ්ලේෂණය කර අවසන් බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය අද (30) මාධ්‍ය හමුවක් පවත්වමින් සඳහන් කළේය. එහිදී, පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ අධ්‍යක්ෂ, විශේෂඥ වෛද්‍ය චිත්‍රමාලි ද සිල්වා මහත්මිය සඳහන් කළේ, ” අපි මෙතනදී විශේෂයෙන්ම අවධානය යොමු කළේ වයස අවුරුදු 05ට අඩු දරුවන් පිළිබඳව. 95%ක දරුවන්ගේ ප්‍රතිශතයක් අපිට ආවරණය කරන්න හැකියාව ලැබුණා.” “මන්දපෝෂණ තත්ත්වයේ යම් වැඩිවීමක් දක්නට ලැබෙනවා. විශේෂයෙන්ම බර අඩු ප්‍රතිශතය 15%ක්. ඒක 3%ක වැඩිවීමක්. මිටිබව සහ කෘෂභාවය 2%ක වැඩිවීමක් පසුගිය වසරට සාපේක්ෂව මේ වසරේ දක්නට ලැබෙනවා.” “ආර්ථික අර්බුදයත් සමග මන්දපෝෂණ තත්ත්වයේ යම් වැඩිවීමක් දක්නට ලැබෙයි කියලා අපි බලාපොරොත්තු වුණා.” “ඒ අනුව මේ සම්බන්ධයෙන්…

Read More

විනිමය හා ආර්ථික අර්බුදය හමුවේ දුර්වලව පැවැති මෙරට ඉන්ධන සංචිත මේ වනවිට ස්ථාවර මට්ටමකට පැමිණ ඇති බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි. එම සංස්ථාව සදහන් කළේ පසුගිය පෙබරවාරි මාසයෙන් පසුව ඉන්ධන සංචිත ශක්තිමත් තත්ත්වයකට පැමිණ ඇති අතර රටේ මූලික අවශ්‍යතා සම්පූර්ණ කළ හැකි ඉන්ධන සංචිත ප්‍රමාණයක් මේ වනවිට පවතින බවය. ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ දත්තවලට අනුව අද දිනය වන විට ඔටෝ ඩීසල් මෙට්‍රික් ටොන් 83,236ක්, සුපර් ඩීසල් මෙට්‍රික් ටොන් 9955ක්, ඔක්ටෙන් 92 පෙට්‍රල් මෙට්‍රික් ටොන් 20,640ක් සහ ඔක්ටෙන් 95 පෙට්‍රල් මෙට්‍රික් ටොන් 18,354ක් සංචිත ලෙස පවතින බව සඳහන් වෙයි. එමෙන්ම ගුවන් යානා ඉන්ධන මෙට්‍රික් ටොන් 10,022ක් අද දිනය…

Read More

කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය පහළ ගොස් තිබේ. අද (30) නිකුත් කළ වාර්තාවක සඳහන් වන්නේ, නොවැම්බර් මාසයේ දී 61.0%ක් දක්වා එලෙස උද්ධමනය පහළ ගොස් ඇති බවය. එය 2022 ඔක්තෝබර් මාසයේ වාර්තා වූයේ 66.0%ක් ලෙසය. එම ප්‍රවණතාවම අනුගමනය කරමින්, ආහාර කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය ඔක්තෝබර් මාසයේ පැවති 85.6% සිට නොවැම්බර් මාසයේ දී 73.7% දක්වා පහළ ගොස් තිබේ. ආහාර නොවන කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය ඔක්තෝබර් මාසයේ පැවති 56.3% සිට නොවැම්බර් මාසයේ දී 54.5% දක්වා පහළ ගොස් ඇත. 2021 ඔක්තෝබර් මාසයේ සිට ඉහළ යෑමේ ප්‍රවණතාවක් අනුගමනය කරන ලද කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින්…

Read More

ලෝක සෞඛ්‍ය සංවිධානයේ දත්ත අනුව ලංකාවේ හතර දෙනකුගෙන් යුතු පවුලකට මාසයක් පෝෂදායී ආහාර වේලක් ගැනීමට රුපියල් ලක්ෂයක හෝ ලක්ෂ එකහමාරක වියදමක් යන බව ගණනය කර ඇතැයි ජාතික ජන බලවේගයේ පත්කළ මන්ත්‍රිනී හරිනි අමරසූරිය මෙනවිය පාර්ලිමේන්තුවේ දී පැවසුවාය. එවැනි ආදායම් තිබෙන පවුල් ඉන්නේ කීයෙන් කීයක්දැයි ප්‍රශ්න කළ අමරසූරිය මෙනෙවිය 100000 ක ආදායමක් තිබෙන පුද්ගලයන්ටත් බදු ගහන්න මෙවර අයවැයෙන් යෝජනා කර තිබෙන පසුබිමක් යටතේ තිබෙන තත්ත්වය ඉදිරියේ දී තවත් උග්‍ර වනු ඇතැයි කීය.

Read More

පොල් වගාව තුළ සුදු මැස්සා තදින්ම පැතිර යන හෙයින් හමුදාව සහ හෙලිකොප්ටර් යොදවා කඩිනමින් පාලනය කිරීමට කටයුතු කරන්නැයි කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී නීතිඥ අනුර ප්‍රියදර්ශන යාපා මහතා වැවිලි කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගෙන් පාර්ලිමේන්තුවේදී අද (30) ඉල්ලීමක් කළේය. “මේක සංග්‍රාමයක් විදිහට සලකන්න. නැතිනම් පොල්වගාව නැති වේවි” යැයිද ඔහු සඳහන් කළේය. අනුර ප්‍රියදර්ශන යාපා මහතා: පොල් වගාවේ සුදු මැස්සාගේ බලපෑම තදින්ම සිදුවෙනවා තවමත් ඒ සඳහා විසඳුමක් ලැබිලා නැහැ . මේ සඳහා ක්‍රමවේදයක් නිර්මාණය කරන්න. මේක සීඝ්‍රයෙන් පැතිරෙනවා. විශාල ප්‍රදේශයකට ස්ප්‍රේ කරන්න වෙන නිසා හමුදාව හරි දාලා කරන්න. මේක සංග්‍රාමයක් විදිහට සලකන්න. නැතිනම් පොල් වගාව නැති වෙනවා. වැවිලි කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ්…

Read More

මෑතකදී බිත්තර අලෙවිය සඳහා පාලන මිලක් නියම කරමින් පාරිභෝගික සේවා අධිකාරිය විසින් නිකුත් කළ ගැසට් නිවේදනය බලරහිත කරන ලෙස ඉල්ලා ගොනුකර ඇති පෙත්සම දෙසැම්බර් මස 14 වන දා විභාගයට ගැනීමට අභියාචනාධිකරණය නියම කර තිබේ. බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය විසින් පෙත්සම ගොනුකර තිබුණි. එම පෙත්සම අද ප්‍රසන්ත ද සිල්වා සහ කේ. කේ. ඒ. බී. ස්වර්ණාධිපති යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය. එහිදී වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් සුමති ධර්මවර්ධන මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් ආහාර සුරක්ෂිතතා කමිටුවෙන් බිත්තර පිළිබඳව යාවත්කාලීන කරන ලද තොරතුරු ලබාගෙන දැනට නිකුත් කර තිබෙන බිත්තර සඳහා වූ පාලන මිල පිළිබඳව නැවත කරුණු සලකා…

Read More