Author: LFN
රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මියගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහෝසි කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකළ පෙත්සමක් විභාගයට ගැනීමට අභියාචනාධිකරණය නියෝග කළේය. ඒ අනුව රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය ඇතුළු වගඋත්තරකරුවන්ට මේ සම්බන්ධයෙන් දෙසැම්බර් මස 12 වනදා අධිකරණය හමුවේ කරුණු දක්වන්නැයි දන්වා අභියාචනාධිකරණය විසින් නොතීසි ද නිකුත් කරනු ලැබීය. අභියාචනාධිකරණය විසින් ආගමන හා විගමන පාලකවරයා වෙත තවත් නියෝගයක් නිකුත් කරමින් සඳහන් කළේ වගඋත්තරකාර ඩයනා ගමගේ මහත්මියගේ පුරවැසිභාවය සම්බන්ධ සියලු ලේඛන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසය. සමාජ ක්‍රියාකාරිකයෙකු වන ඔෂල හේරත් මහතා විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සමක් විභාගයට ගැනීමට අවසර දෙමින් සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොල යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු…
ලබන වසරේ ජනවාරි මස සිට රියදුරු බලපත්‍රය සඳහා අකුසලතා ලකුණු ලබාදීමේ ක්‍රමවේදය ක්‍රියාත්මක කරන බව රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පවසයි. අද (28) පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් එම ක්‍රමවේදය පිළිබඳ ඒ මහතා වැඩිදුරටත් අදහස් දැක්විය. ගුණාත්මක රියදුරෙක් බිහිකිරීමේ අරමුණින් එම ක්‍රමවේදය හඳුන්වා දෙන බව ද පැවසු රාජ්‍ය අමාත්‍යවරයා, එම ක්‍රමවේදයට අනුමැතිය හිමිව තිබුණත් වසර 8ක කාලයක් පුරා ක්‍රියාත්මක වී නොමැති බව ද පැවසීය. ඒ අනුව රිය පැදවීමේ දී සිදුවන වැරදි 32කට අදාළව ලකුණු කැපීම සිදුවන බවත් ලකුණු 24ක් කැපී ගියහොත් අදාළ රියදුරාගේ රියදුරු බලපත්‍රය වසරක කාලයක් සඳහා අත්හිටුවන බවත් කියා සිටියේය. මේ අතර පරිවාස කාලය තුළ දී යම් රියදුරෙකුගෙන්…
අබලන්ව ඇති දුම්රිය මාර්ගය පිළිසකර කරන තෙක් මහව සිට යාපනය දක්වා දුම්රිය ධාවනය ජනවාරි මස 15 වැනිදා සිට මාස 5ක කාලයක් නවත්වන බව ප්‍රවාහන හා මහා මාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි. ඔහු මෙසේ අද (28) පැවසුවේ වන්නි දිස්ත්‍රික් මන්ත්‍රී සෙල්වම් අඩෙක්කලනාදන් මහතා මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී මතුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි. “මහව සිට යාපනය දක්වා දුම්රිය ජනවාරි 15 වැනිදා සිට මාස පහකට නතර කරන්න තියෙනවා. යාපනය දක්වා දුම්රිය දිගටම වැඩකළා. පිළිසකර කර නැති නිසා මහව ඉඳලා යන්නම බැරි තැනට ඇවිල්ල තියෙනවා. මාස 5ක් ඇතුළත ඒක නිමකරනවා.”
ගුරුවරියන් සම්බන්ධයෙන් ආණ්ඩුවේ කුපාඩි මිනිහකු කළ ප්‍රකාශය සම්බන්ධයෙන් ක්‍රියා මාර්ගයක් ගත යුතු බව සමගි ජන බලවේගය පක්ෂයේ මාතලේ දිස්ත්‍රික් මන්ත්‍රීනී රෝහිණි කුමාරි විජේරත්න මහත්මිය පාර්ලිමේන්තුවේදී පැවසුවාය. ඇය මෙසේ පැවසුවේ රාජ්‍ය පරිපාලන පළාත් සභා ස්වදේශ කටයුතු සහ පළාත් පාලන අමාත්‍යාංශයේ වැය ශීර්ෂ පිළිබඳ විවාදයේදීය. ගුරුවරියන් පහසු ඇඳුමක් ඉල්ලන්නේ දරුවන් රැගෙන පියවරුන් සමග යෑමට බවට ඒ කුපාඩි මිනිහා ප්‍රකාශ කර ඇති බව පැවසූ මන්ත්‍රීවරිය එම ප්‍රකාශය සමස්ත ගුරුවරියන්ට මෙන්ම පියවරුන්ටද කළ අපහාසයක් බව සඳහන් කළාය.
මුහුණු පොත හරහා ගුරුවරියන්ට කියන අසභ්‍ය දේවල් ගැන තමා කම්පා වන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. මෙවැනි දේවල් මෙතනට ආවේ සමහරුන් අනවශ්‍ය ප්‍රශ්නයක් ඇද ගත්තු නිසා යැයි පැවසූ අමාත්‍යවරයා තමාට පුළුවන් නම් ඒ අපහාස සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට යන බවද ප්‍රකාශ කළේය. ගුරුවර ගුරුවරියන් වෙනුවෙන් නිශ්චිත ආචාර ධර්ම පද්ධතියක් ඇති බවත් ඇඳුම ගැන එහි පැහැදිලිව සඳහන් වන බවත් අධ්‍යාපන අමාත්‍යවරයා කීවේය. සාරිය අඳින්න අවශ්‍යයි කියලා එහි නොකියන බවද ඔහු සඳහන් කළේය.
චීනය සමඟ එක්වී, ලෝක සාමය වෙනුවෙන් වැඩ කරමු යැයි චීන ජනාධිපති ෂී ජින්පින් උතුරු කොරියානු නායක කිම් ජොන් උන්ට පවසා තිබේ. චීන ජනාධිපතිවරයා මෙසේ පැවැසුවේ උතුරු කොරියාවේ පියොංයැං අගනුවර සංචාරය කරමින් නායක කිම් ජොන් උන් හමුවෙමිනි. චීන ජනාධිපති ෂී ජින් සහ නියෝජිත පිරිස උණුසුම් ලෙස පිළිගැනීමට උතුරු කොරියානු නායකයා කටයුතු කළේය. චීනය සමඟ එක්වී, ලෝක සාමය වෙනුවෙන් වැඩ කරමු යැයි චීන ජනාධිපති ෂී ජින්පින් කළ යෝජනාවට නායක කිම් ජොන් උන් එකපයින් කැමැත්ත පළ කළ බව උතුරු කොරියානු මාධ්‍ය වාර්තා කර තිබේ. පසුගිය කාලය පුරා උතුරු කොරියාව නොයෙක් ආකාරයේ දිගු දුර බැලැස්ටික මිසයිල අත්හදා බැලුවේය. එම මිසයිල අත්හදා බැලීම් අසල්වැසි දකුණු…
සමගි ජන බලවේගය පක්ෂ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ සී අලවතුවල මහතා එහි උප සභාපති ධූරයට එහි නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් පත් කරනු ලැබ සිටී. සජිත් ප්‍රේමදාස මහතා එහෙම පත් වීමේ ලිපිය අලවතුවල මහතාට පෙරේදා(25) බාර දුන්නේය. මෙයට අමතරව අලවතුවල මහතා පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ සාමාජිකයකු ලෙසද කටයුතු කරන්නේය. මේ නව තනතුර සම්බන්ධයෙන් අදහස් දක්වන පක්ෂයේ නායකයකු පැවසුවේ සමගි ජන බලවේගයේ දියුණුව වෙනුවෙන් දැක්වූ දායකත්වය සහ කැපවීම සැලකිල්ලට ගෙන ඔහුට මෙම තනතුර පිරිනැමූ බවයි. සමගි ජන බලවේගය පක්ෂය වටා රජයේ සේවකයන් සහ විශ්‍රාමිකයන් ගොනු කිරීම අලවතුවල මහතාට පවරා ඇති ප්‍රධාන කටයුත්ත බව හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය. ජේ.සී අලවතුවල…
විදේශ ගතව සිටින ශ්‍රී ලාංකිකයන් මෙරටට එවන මුදල් ප්‍රමාණය ඉකුත් වසරේ ඔක්තෝබර් මසට සාපේක්ෂව මෙම වසරේ ඔක්තෝබර් මාසයේදී ඉහළ ගොස් ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශ කළේය. ඉකුත් වසරේ ඔක්තෝබර් මස විදේශ ගතව සිටින ශ්‍රී ලාංකිකයන්ගෙන් මෙරටට ඇමෙරිකානු ඩොලර් මිලියන 317.4 ක මුදලක් ඒවා ඇති අතර මෙම වසරේ ඔක්තෝබර් මස එය ඇමෙරිකානු ඩොලර් මිලියන 355.4 ක් දක්වා වැඩි වී ඇත.
චීනය විසින් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කරන ලද ඩීසල් ලීටර් මිලියන 10.6ක් රැගත් “Super Eastern” නෞකාව ඊයේ (26) කොළඹ වරාය වෙත පැමිණ තිබේ. මෙරට චීන තානාපති කාර්යාලය පවසන්නේ එහි සාම්පල පරීක්ෂාවෙන් පසු ගොඩබෑම් ආරම්භ කිරීමට නියමිත බවය. එම නෞකාවේ ඇතුළත් ඩීසල් තොගය මෙරට පීඩාවට පත් ගොවීන් සහ ධීවරයින් වෙනුවෙන් ලබාදීමට නියමිතය.
මධ්‍යසාර භාවිතය අඩුවී ඇතත් පසුගිය මාස 10ක කාලය තුළ සුරාබදු ආදායම සියයට 20 කින් ඉහළ ගොස් ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. මධ්‍යසාර බෝතල් මත ආරක්ෂිත ස්ටිකරයක් ඇලවීමට ගත් තීරණය හේතුවෙන් මෙම සුරාබදු ආදායම ඉහළ ගොස් ඇති බව වාර්තා වෙයි. 2016 වසරේ අයවැය යෝජනාවක් අනුව හඳුන්වාදුන් මෙම ආරක්ෂිත ස්ටිකරය මගින් ව්‍යාජ මධ්‍යසාර භාවිතය දැඩි ලෙස වැළකි ඇති බව පෙන්වාදෙන රාජ්‍ය අමාත්‍යවරයා අදාළ ස්ටිකරය මත රහස් සලකුණු රැසක් සටහන් කර ඇති බවද පැවසීය. එම ස්ටිකරය ව්‍යාජ දැයි හදුනාගැනීම සඳහා වන උපකරණ සුරාබදු දෙපාර්තමේන්තුව සතු බවද අමාත්‍යවරයා සඳහන් කළේය.