Close Menu
Lanka Focus News
    What's Hot

    ඥානසාර හිමි උදෙසා කොළඹට පැමිණි පාගමන ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට

    October 15, 2026

    අදත් හවසට තද වැසි

    October 15, 2026

    මාරක අනතුරු කිහිපයක් – ජීවිත 5ක් අහිමි වෙයි

    October 14, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ඉන්ධන සංචිත ගැන අලුත් ආරංචියක් එළියට
    Featured

    ඉන්ධන සංචිත ගැන අලුත් ආරංචියක් එළියට

    By LFNNovember 30, 2022No Comments2 Mins Read223 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    විනිමය හා ආර්ථික අර්බුදය හමුවේ දුර්වලව පැවැති මෙරට ඉන්ධන සංචිත මේ වනවිට ස්ථාවර මට්ටමකට පැමිණ ඇති බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි.

    එම සංස්ථාව සදහන් කළේ පසුගිය පෙබරවාරි මාසයෙන් පසුව ඉන්ධන සංචිත ශක්තිමත් තත්ත්වයකට පැමිණ ඇති අතර රටේ මූලික අවශ්‍යතා සම්පූර්ණ කළ හැකි ඉන්ධන සංචිත ප්‍රමාණයක් මේ වනවිට පවතින බවය.

    ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ දත්තවලට අනුව අද දිනය වන විට ඔටෝ ඩීසල් මෙට්‍රික් ටොන් 83,236ක්, සුපර් ඩීසල් මෙට්‍රික් ටොන් 9955ක්, ඔක්ටෙන් 92 පෙට්‍රල් මෙට්‍රික් ටොන් 20,640ක් සහ ඔක්ටෙන් 95 පෙට්‍රල් මෙට්‍රික් ටොන් 18,354ක් සංචිත ලෙස පවතින බව සඳහන් වෙයි.

    එමෙන්ම ගුවන් යානා ඉන්ධන මෙට්‍රික් ටොන් 10,022ක් අද දිනය වන විට මෙරට සංචිත තුළ පවතින අතර තවත් ගුවන් යානා ඉන්ධන නෞකා කිහිපයක් සඳහා ඇණවුම් ලබා දී ඇති බවද ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සදහන් කළේය.

    රටේ පැවැති අර්බුදකාරී වතාවරණය තුළ මිලදි ගන්නා සම්පූර්ණ ඉන්ධන ප්‍රමාණයම වෙළෙඳපොළට නිකුත් කිරීමට සිදුවීම තුළ ඉන්ධන සංචිත ශක්තිමත්ව පවත්වාගෙන යාමේ ක්‍රියාවලියට බාධා එල්ල විය.

    ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව වැඩිදුරටත් පවසන්නේ QR ක්‍රමවේදය ක්‍රියාවට නැංවීමෙන් පසු ඉන්ධන නිකුත් කිරීම යම් සීමාවන්ට අනුගත වෙමින් සිදුකිරීම හේතුවෙන් ඉන්ධන සැපයුම් ජාලය නිසි කළමණාකරණයකට යටත් වී ඇති බවය.

    මේ වන විට අඛණ්ඩ ඉන්ධන මිලදී ගැනීම් සඳහා මීට පෙර සිදුකළ ආකාරයට යොමුවීමේ අවශ්‍යතාවක් නොපවතින අතර යම් යම් කාලානුරූපී නීර්ණයන් ඔස්සේ ඉදිරි මිලදී ගැනීම් සිදුකරන බවද එම සංස්ථාව වැඩිදුරටත් සදහන් කළේය.

    ඉන්ධන අර්බුදයත් සමග හඳුන්වාදුන් QR ක්‍රමවේදය තවදුරටත් අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පසුගියදා ප්‍රකාශ කර තිබුණි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ඥානසාර හිමි උදෙසා කොළඹට පැමිණි පාගමන ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට

    October 15, 2026

    අදත් හවසට තද වැසි

    October 15, 2026

    මාරක අනතුරු කිහිපයක් – ජීවිත 5ක් අහිමි වෙයි

    October 14, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,480 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,429 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,629 Views
    Don't Miss

    ඥානසාර හිමි උදෙසා කොළඹට පැමිණි පාගමන ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට

    October 15, 2026010 Views

    බන්ධනාගාරගතව සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් සහ භික්ෂූන් වහන්සේලාගේ ආගමික අයිතිවාසිකම් වෙනුවෙන් මහා සංඝරත්නයේ…

    අදත් හවසට තද වැසි

    October 15, 2026

    මාරක අනතුරු කිහිපයක් – ජීවිත 5ක් අහිමි වෙයි

    October 14, 2026

    ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද

    October 12, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.