Author: LFN
විශ්වවිද්‍යාල අධ්‍යාපනය සඳහා පිවිසෙන ඇතැම් භික්ෂූන් වහන්සේලා අවසානයේ ගිහියන් හැටියට ඉන් පිටවන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. අද පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් ජනාධිපතිවරයා මේ බව පැවසීය. එසේම පැවිද්දෙකු ලෙස විශ්වවිද්‍යාලයට පිවිසුණහොත් උපාධිය නැවත මාරුකිරීමක් සිදුනොකිරීම සම්බන්ධයෙන්ද ජනාධිපතිවරයා එහිදී අදහස් දැක්වීය.
ගාලු මුවදොර “ගෝඨා ගෝ ගම” අරගලයට පහර දීමේ සිද්ධිය අදාළ නඩුකරයේ සැකකරුවකු වශයෙන් බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා නම් කොට ඔහු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමේ රිට් ආඥාවක් නිකුත් කළ ලෙස ඉල්ලා අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ඉදිරිපත් කර තිබේ. අරගලයට සහය දැක්වූ නීතිඥවරයෙකු වන රාමලිංගම් රන්ජන් මහතා විසින් එම පෙත්සම ඉදිරිපත් කර ඇත. එහි වගඋත්තරකරුවන් ලෙස නීතිපතිවරයා, පොලිස්පතිවරයා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා සහ බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් නම් කර තිබේ. පෙත්සම්කරු කියා සිටින්නේ, ඉකුත් මැයි මස 9 වන දා ගාලු මුවදොර ප්‍රදේශයේ පැවති “ගෝඨා ගෝ ගම” අරගලයට පහරදීමේ සිද්ධියේ සැකකරුවකු වශයෙන් බස්නාහිර පළාත…
චාමර වීරසිංහ පැමිණෙන බව පවසමින් ජනතාව මුලා කර පැවැත්වීමට ගිය සංගීත සංදර්ශනයක් පිළිබඳව තොරතුරු වාර්තා වෙනවා. මෙම සංගීත සංදර්ශනයට තමන්ට අරාධනා කර නොමැති බවත් තමන් පැමිණෙන්නේ නැති බවත් සඳහන් කරමින් ඔහු සිය Facebook ගිණුමේ තබා තිබූ සටහන පහතින්. මෙවැනි සිදුවීම් පිලිබඳව පසුගිය කාලය පුරාම තොරතුරු වාර්තා වුනා
පානදුර ප්‍රදේශයට අයිස් මත්ද්‍රව්‍ය බෙදාහරින මොහොමඩ් කයිරුස් මෙහෙමෙඩ් ඉම්රාන් නමැති සැකකරු පොලීසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 10 යි මිලි ග්‍රෑම් 200 ක්ද සමඟයි. පානදුර කෙසෙල්වත්ත පොලිස් ස්ථානයේ නිලධාරීන් ලද තොරතුරක් අනුව සිදුකළ වැටලීමකදී එම සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා. අයිස් ඇතුලු විෂ මත්ද්‍රව්‍ය ලඟ තබාගන්නා පුද්ගලයින්ට මරණ දඬුවම හෝ ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කරමින් නව නීතිය සම්මත කිරීමෙන් පසු අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 05 කට වඩා වැඩි ප්‍රමාණයක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගැණුනු පළමු අවස්ථාව මෙය වනවා.
හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඇතුළු විත්තිකරුවන් තිදෙනෙකුට එරෙහිව ගොනුකර ඇති අල්ලස් නඩුවක් ජනවාරි මස 19 වනදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියම කර තිබේ. එම නඩුව අද (29) කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා මහතා ඉදිරියෙහි කැඳවනු ලැබීය. එහිදී නඩුවට අදාළ ඇතැම් ලේඛන තමන්ට ලැබී ඇති බව විත්තිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු අධිකරණයට දන්වා සිටියේය. අදාළ ලේඛන විත්තිය වෙත ලබාදීමට පියවර ගන්නා ලෙස අල්ලස් කොමිසමට දැනුම් දුන් මහාධිකරණ විනිසුරුවරයා නඩුව නැවත ජනවාරි මස 19 වනදා කැඳවීමට නියම කළේය. වෙළෙඳ අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී ස.තො.ස ආයතනය සේවකයින් ඔවුන්ගේ නිල රාජකාරිවලින් ඉවත් කර දේශපාලන ක්‍රියාවල යෙදවීම තුළින් අල්ලස් පනත යටතේ දූෂණය…
හවායි හි පිහිටි ලොව විශාලතම සක්‍රීය ගිනිකන්ද වන මවුනා ලෝවා “Mauna Loa” ගිනි කන්ද පුපුරා ගොස් තිබේ. වසර 40 කට පමණ පසු පළමු වරට මෙලෙස මෙම ගිනිකන්ද විධාරණය වී ඇති බව විදෙස් මාධ්‍ය පවසයි. ගිනිකන්ද පිහිටි ප්‍රදේශය අවට සිට ජනතාවට අනතුරු අඟවා ඇති අතර අළුවැටීමේ අවදානමක් ඇති බවද දන්වා ඇත. එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණය ආයතනය දන්වා ඇත්තේ ගිනිකන්දේ ස්වභාවය ක්ෂණිකයෙන් වෙනස්විය හැකි බවය. ගිනිකන්දේ තත්ත්වය “ඉතා අවධානම්” තත්ත්වය දක්වා ඉහළ දමා ඇති බවද විදෙස් මාධ්‍ය පවසයි. මෙම මවුනා ලෝවා ගිනිකන්ද හවායි හි ගිනිකඳු ජාතික වනෝද්‍යානය තුළ පිහිටා ඇති අතර එය හවායි දූපතේ වැඩි භූමි ප්‍රමාණයක පිහිටයි. ගිනිකන්ද මුහුදු මට්ටමේ…
දෙවිනුවර සිංහාසන පාරේ පිහිටි ආපනශාලාවක් ඉදිරිපිට ඊයේ (28) රාත්‍රී 8.45ට පමණ වෙඩිතැබීමක් සිදුව ඇති බව ගන්දර පොලීසිය පවසයි. යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් වෙඩි තැබීම සිදුකර පළා ගිය බවට ගන්දර පොලිස් ස්ථානයට ලද දුරකථන ඇමතුමකට අනුව පොලිස් නිලධාරීන් එම ස්ථානයට ගොස් තිබේ. පසුව සිදුකළ පරීක්ෂාවේ දී හෝටලට ඉදිරිපිට ටී 56 වර්ගයේ ජීව උණ්ඩ 3ක් සහ හිස් උණ්ඩ කොපුවක් තිබී සොයා ගෙන ඇත. වෙඩි තැබීමෙන් කිසිවෙකුටත් හානියක් සිදුව නොමැති අතර ගන්දර පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.
මහවෙල පොලිස් වසමේ මානින්ගමුව ප්‍රදේශයේ දී කාන්තාවක් ඝාතනය කර තිබීම සම්බන්ධයෙන් පුද්ගලයෙක් සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ, මහවෙල පොලිස් ස්ථානයට ලද පණිවුඩයක් අනුව අදාළ විමර්ශන සිදුකළ බවය. සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදුකර සැකපිට මොරගොල්ලාගම, කැකිරාව ප්‍රදේශයේ පදිංචි 34 හැවිරිදි පුද්ගලයෙක් ඊයේ (28) සවස මහවෙල පොලීසියේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත. සැකකරු අද (29) නාඋල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය. පොළොස් ගෙඩියක් කැඩීමට පොල් වත්තට ගිය අවිවාහක කාන්තාවකගේ සිරුර පල්ලේපොළ, මානින්ගමුව ප්‍රදේශයේ පාළු පොල් වත්තක පොහොර බෑගයක දමා තිබියදී පසුගිය 27 වනදා උදෑසන සොයාගනු ලැබීය. මෙසේ මියගොස් ඇත්තේ පල්ලේපොළ, මානින්ගමුව ප්‍රදේශයේ පදිංචි ආර්.ජී. රත්නාවතී නම් 55 හැවිරිදි…
ගාලු මුවදොර පිටියේ කොඩි කණුව අසල තිබී පිරිමි මළ සිරුරක් හමුව තිබේ. පොලීසිය පවැසුවේ එම මියගොස් සිටින පුද්ගලයා අවුරුදු 45 වු ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවය. මෙම පුද්ගලයා කලක සිට දියවැඩියා රෝගයට ප්‍රතිකාර ලබාගත් තැනැත්තෙකි. ඔහු පසුගිය 27 වැනිදා කොළඹ ජාතික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබාගෙන සිට නිවසට පැමිණ ඇති අතර ඊයේ (28) උදෑසන නිවසින් පිටව ගොස් ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබේ. පොලීසිය පැවසුවේ මරණකරුගේ ඥාතීන් විසින් මෘත ශරීරය හඳුනාගෙන ඇති බවය. කොටුව පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
අරලියගහ මන්දිර පරිශ්‍රයට ඇතුළු වී කලහකාරි ලෙස හැසිරුණු බව කියන කාන්තාවක සහ පිරිමි පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව කොළඹ දකුණු කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය කියයි. අරලියගහ මන්දිරය වෙත ඉකුත් ජූලි මස 9 වැනි දින ඇතුළු වී දේපළවලට හානි සිදුකිරීම සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවලදී සැකකරු සහ සැකකාරිය අත්අඩංගුවට ගෙන තිබිණි. සැකකරු බොරලස්ගමුව තල්ගස් වස්ත ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 44 ක පුද්ගලයකු වන අතර සැකකාරිය වයස අවුරුදු 34 වන වත්තල හේකිත්ත පදිංචිකාරියකි. සැකකාරිය අත්අඩංගුවට ගෙන ඇත්තේ වත්තල හේකිත්ත ප්‍රදේශයේදී හා සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ බොරලස්ගමුව ප්‍රදේශයේදීය.