Author: LFN
ICC විස්සයි විස්ස ලෝක ශූරතාවය සඳහා ශ්රී ලංකාව නියෝජනය කරමින් සහභාගි වූ ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායමේ සහභාගීත්වය සහ එයට අදාළ සිදුවීම් සම්බන්ධව සොයාබැලීම සඳහා කමිටුවක් පත්කිරීමට බලධාරීන් පියවරගෙන තිබේ. ක්රීඩා හා යෞවන කටයුතු අමාත්ය රොෂාන් රණසිංහ මහතා විසින් අදාළ නිර්දේශය ලබාදී ඇති බව සඳහන් වෙයි. මීට අදාළ සිදුවීම් සම්බන්ධව විමර්ශනය කිරීම සඳහා 1973 අංක 25 දරන ක්රීඩා පනතේ 39(3) වගන්තිය ප්රකාරව අදාළ කමිටුව පත්කර තිබේ. එහි සභාපතිත්වය විශ්රාමික ශ්රේෂ්ඨාධිකරණ විනිසුරු කුසලා සරෝජනී වීරවර්ධන මහත්මිය ද අනෙක් සාමාජිකයින් ලෙස හිටපු අමාත්යංශ ලේකම් කිංස්ලි ප්රනාන්දු මහතා, විශ්රාමික නියෝජ්ය පොලිස්පති සුදත් නාගහමුල්ල මහතා, විශ්රාමික රියර් අද්මිරාල් ආනන්ද පීරිස් මහතා, හිටපු ක්රිකට් ක්රීඩක නලීන්…
එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය විසින් දිස්ත්රික්ක 8ක අඩු ආදායම්ලාභී ගොවි පවුල් සඳහා ලබාදුන් යූරියා මෙට්රික් ටොන් 9,000ක් සහිත නෞකාව අද (02) පෙරවරුවේ කොළඹ වරායට ළඟා විය. මේ වන විට එහි පොහොර ගොඩබෑමේ කටයුතු ආරම්භ කර ඇත. කෘෂිකර්ම අමාත්යාංශය පැවසුවේ බණ්ඩි පොහොර මෙට්රික් ටොන් 40,000ක් රැගත් නෞකාවක් ද අද රාත්රියේ කොළඹ වරායට ළඟාවීමට නියමිත බවය. එම බණ්ඩි පොහොර තොගය ගොඩබෑමේ කටයුතු හෙට (03) පස්වරුවේ ආරම්භකිරීමට නියමිත බව සඳහන් වේ. ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ කෘෂිකර්ම අමාත්ය මහින්ද අමරවීර මහතා, “05 වැනිදා වෙද්දි අදාළ ප්රදේශවලට බණ්ඩි පොහොර යවනවා. යූරියා ලැබෙන්නේ රුපියල් 10,000 ට. බණ්ඩි පොහොර රුපියල් 19,500 ක් වගේ වෙනවා. අවශ්ය…
විපක්ෂයේ සමහර මන්ත්රීවරුන්ගේ හැසිරීම ඉතාම අශෝභන බවත් ඔවුන් තේරුමක් නැති දේවල් කතා කිරීම නිසා සභාවේ වටිනා කාලය නිකරුණේ නාස්ති වන බවත් කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද (2) පැවසීය. “ඔබතුමාලා දන්නවා සමහරු බලහත්කාරයෙන් නැගිටලා කතාකරනවා. ඒක නවත්වන්න ඔබතුමාලා උත්සාහ කරන්නේ නෑ. ඒක ඉතා කනගාටුවට කාරණයක්. කණ්ඩායම පාලනය කිරීම මගේ වගකීම නොවෙයි ඔබේ වගකීම.” ඔහු එසේ පැවසුවේ විපක්ෂයේ ප්රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතාට ය. “ඉතාමත් අශෝභනයි විපක්ෂයේ සමහර මන්ත්රීවරුන් හැසිරෙන ආකාරය.”
2021 උසස්පෙළ විභාගයට අදාළව විශ්වවිද්යාල ප්රවේශය සඳහා වන කඩඉම් ලකුණු අද පස්වරුවේ නිකුත් කෙරෙන බව විශ්වවිද්යාල ප්රතිපාදන කොමිෂන් සභාව පවසයි. ඒ අනුව 2021 උසස්පෙළ විභාගයට පෙනී සිටි සිසුන්ට ඒ පිළිබඳව තොරතුරු WWW.ugc.ac.lk වෙබ් අඩවිය හරහා ලබාගැනීමේ හැකියාව පවතී.
ශ්රී ලංකාවට තවදුරටත් සහාය ලබා ගැනීම ගැන විදේශ අමාත්ය අලි සබ්රි හා ජාත්යන්තර සංවර්ධනය සඳහා වන අමෙරිකානු නියෝජිතායතනයේ ප්රධානී සමන්තා පවර් අතර සාකච්ඡාවක් පැවැත්වෙයි.
කොළඹ ප්රදේශ කිහිපයකට අද (02) පැය 15 ක ජල කප්පාදුවක් සිදුකෙරෙන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි. ඒ අනුව එම මණ්ඩලය සදහන් කළේ කොළඹ 11, 12, 13, 14 සහ 15 ප්රදේශවලට අද රාත්රී 10.00 සිට හෙට දහවල් 1.00 දක්වා මෙලෙස ජල සැපයුම අත්හිටුවන බවය. ජල කප්පාදුව සිදුවන බැවින් අවශ්ය ජලය කල්වේලා ඇතිව රැස්කර තබා ගන්නා ලෙස ජාතික ජල සම්පාදන හා ජලපවහන මණ්ඩලය ජනතාවට දැනුම්දී තිබේ. ජාතික ජල සම්පාදන හා ජලපවහන මණ්ඩලය වැඩිදුරටත් පවසන්නේ අඹතලේ බලශක්තිය වැඩිදියුණු කිරීමේ ව්යාපෘතියකට අදාළව නව සම්ප්රේෂණ නළ එළීමේ කටයුතු හේතුවෙන් මෙම ජල කප්පාදුව සිදු කරන බවය.
උතුරු සහ නැගෙනහිර පළාත්වලත් හම්බන්තොට දිස්ත්රික්කයේත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණවිද්යා දෙපාර්තමේන්තුව පවසයි. මේ අතර දිවයිනේ සෙසු ප්රදේශවල සවස් කාලයේදී හෝ රාත්රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බවද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්. එසේම බස්නාහිර, සබරගමුව සහ මධ්යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75ට වැඩි තරමක වැසි ඇතිවිය හැකිය. මේ අතර ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවිය හැකි අනතුරු අවම කරගැනීමට අවශ්ය පියවර ගන්නා ලෙස එම දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටී.
එළඹෙන 2023 වසරේ දී ලක්ෂ 15 ක සංචාරකයින් ප්රමාණයක් ශ්රී ලංකාවට ගෙන්වා ගැනීමට කටයුතු කරන බවත් 2024 දී එම ඉලක්කය ලක්ෂ 30 ක් බවත් සංචාරක අමාත්ය හරීන් ප්රනාන්දු මහතා පවසයි. ඊයේ (01) පැවති මාධ්ය හමුවක දී අමාත්යවරයා මේ බව කියා සිටියේය. “මේ අවුරුද්ද අවසානය වෙද්දී අපේ ඉලක්කය තිබ්බේ ලක්ෂ 8ක සංචාරකයෝ ගෙන්න ගන්න.මම විශ්වාස කරනවා අද වෙනකොට දෙසැම්බර් පළවෙනිදා ලක්ෂ හත හමාරක් වෙන්න තව ලක්ෂයක්, එකයි විස්සක් විතර තව ඕන වෙනවා අපිට. හැබැයි මට විශ්වාසයි දෙසැම්බර් මාසය කියන්නේ ලංකාවේ පිටරට හිටපු අපේ ඩයස්පෝරාව, ඔවුන් අවුරුදු දෙක තුනකට ලංකාවට ඇවිත් නැහැ. මේ දෙසැම්බර් මාසයේ අපිට විශාල සංචාරකයෝ ප්රමාණයක් ලංකාවට එන මාසයක්…
ලබන වසරේ මාර්තු වන විට මේ වසරටත් වඩා භයානක විදුලි අර්බුදයක් ඇතිවීමේ අවදානමක් පවතින බව පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්රි නීතිඥ උදය ගම්මන්පිල මහතා කොළඹදී පැවසීය. ඒ අනුව ලබන මාර්තු මාසයේ දැවැන්ත විදුලි කප්පාදුවක් සිදු කරනු ඇතැයිද මන්ත්රීවරයා සඳහන් කළේය. තමන් පසුගිය වසරේත් විදුලි අර්බුදය පිළිබඳ අනතුරු ඇඟවූවත් ඒ පිළිබඳ ජනාධිපතිවරයා ප්රමුඛ රජය පියවර නෙගැනීමෙන් රට බරපතල තත්ත්වයකට පත් වූ බවත් කොලඹදී පැවති මාධ්ය හමුවකදී ඔහු පැවසීය. මාස දෙකකට ප්රමාණවත් ගල් අඟුරු තොගයක් නොමැති බව විදුලිබල මණ්ඩලය ප්රකාශ කර තිබියදී ඩෙලර් අර්බුදයත් සමග මේ වසරටත් වඩා භයානක විදුලි අර්බුදයක් ඇතිවීමේ අවදානමක් පවතින බවත් ඔහු සඳහන් කළේය.
එක්සත් ජාතික පක්ෂ ආසන සංවිධායකවරුන් තෝරා පත් කර ගැනීම වෙනුවෙන් වූ සම්මුඛ පරීක්ෂණ පිටකෝට්ටෙි සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ දී ඊයේ (1) ආරම්භ කෙරිණි. 2023 වසර වෙනුවෙන් ආසන සංවිධායකවරුන් පත් කිරීම වෙනුවෙන් මෙම සම්මුඛ පරීක්ෂණ පැවැත්වේ. ආසන සංවිධායක ධූර වෙනුවෙන් ඉල්ලුම්පත් දහස් ගණනක් ලැබී ඇති බැවින් එජාප නායකයන්ගේ ප්රධානත්වයෙන් වූ සම්මුඛ පරීක්ෂණ මණ්ඩලයක් මගින් සුදුසු සංවිධායකවරුන් තෝරා පත් කර ගැනීම සිදු කෙරෙන බව සිරිකොත පක්ෂ මූලස්ථානය පවසයි. එක්සත් ජාතික පක්ෂ නියෝජ්ය නායක රුවන් විජයවර්ධන සහ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර,සභාපති වජිර අබේවර්ධන,උප නායක අකිල විරාජ් කාරියවසම්, ජාතික සංවිධායක සාගල රත්නායක, නවීන් දිසානායක හා දයා ගමගේ මහත්වරුන් ඇතුළු එජාප නායකයයෝ රැසක් මෙම…