Author: LFN

හිටපු මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා වෙත පවා පණවා තිබෙන විදේශ ගමන් තහනම දෙසැම්බර් මස 15 වනදා දක්වා දීර්ඝ කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කර තිබේ. අදාළ පුද්ගලික පැමිණිල්ල අද (24) කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී සැකකාර අජිත් නිවාඩ් කබ්රාල් මහතා අධිකරණය හමුවේ පෙනී සිටියේය. එම අවස්ථාවේදී අජිත් නිවාඩ් කබ්රාල් මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු මෙම නඩුකරය පවත්වාගෙන යාමට නොහැකි බව සඳහන් කරමින් මූලික විරෝධතා මතු කළේය. එම මූලික විරෝධතාවලට අදාළ ලිඛිත දේශන දෙසැම්බර් මස 15 වනදා ඉදිරිපත් කරන ලෙස කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් හර්ෂණ කැකුණවල මහතා පැමිණිලිකාර පාර්ශවයේ නීතිඥවරයාට නියෝග කළේය. දකුණු පළාත් හිටපු ආණ්ඩුකාර කීර්ති තෙන්නකෝන්…

Read More

ගුරු වෘත්තීය සඳහා මින් ඉදිරියට බඳවා ගැනීමේ ක්‍රමවේදයේ යම් වෙනසක් සිදුකරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා පවසයි. අද (24) පාර්ලිමේන්තුවේ දී පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා විසින් අසන ලද පැනයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේය. ඒ අනුව ජාතික අධ්‍යාපන විශ්වවිද්‍යාලයක් ස්ථාපිත කරන බව ද අමාත්‍යවරයා සඳහන් කළේය. “අපිට පිරිසක් මේ ක්ෂේත්‍රයට ගේන්න ඕනේ, අවසන් වතාවට මේ විභාගය තියලා ගන්නේ. ඉන් පස්සේ අපි ගුරු වෘත්තියට බඳවා ගන්නේ, පීඨ 19 එකතු කරලා නිර්මාණය කරනවා National University of Education එකක්. මේකේ අවුරුදු 4ක උපාධිය හා ගුරු පුහුණුවෙන් පස්සේ තමා පන්තියට යවන්නේ. ගුණාත්මකභාවයෙන් යුත් ගුරුවරයෙක් මෙතැනින් වසර 4කට පසුව.” දෙසැම්බර් මාසයේ…

Read More

ආණ්ඩුව ලබන වසරේදී කෝටි ලක්ෂ පහක ණය ගැනීමට බලාපොරොත්තුවන බව ජාතික ජන බලවේගය පක්ෂයේ මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී පාර්ලිමේන්තුවේදී අද (22) පැවසීය. අද රටේ සිදුවන්නේ ප්‍රභාෂ්වර වලව්වට ආ නාස්තිකාර පුත්‍රයා එහි භව භෝග විනාශ කරමින් කළ විනාශයට සමාන විනාශයක් බවද ඔහු සඳහන් කළේය. දිසානායක මහතා මෙසේ පැවසුවේ අයවැය විසර්ජන පනත් කෙටුම්පත පිළිබඳ දෙවන වර කියවීමේ විවාදයේදී ය.

Read More

සාරිය හා ඔසරිය වෙනුවට වෙනත් ඇඳුම්වලින් සැරසී පාසල් පැමිණි ගුරුවරියන් සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය විනය පියවරක් ගත යුතු බව වැඩබලන ජනමාධ්‍ය අමාත්‍ය සහ කැබිනට් ප්‍රකාශක ශාන්ත බණ්ඩාර මහතා පැවසීය. ගුරුවරියන්ගේ ඇඳුම වෙනස් නොකරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැහැදිලිව ප්‍රකාශ කර තිබියදී පිරිසක් වෙනත් ඇඳුම්වලින් සැරසී පැමිණීම ගැන අධ්‍යාපන අමාත්‍යාංශය සොයාබැලිය යුතු බවත්, ඒ ගැන අධ්‍යාපන අමාත්‍යවරයා සමඟ සාකච්ඡා කරන බවත් වැඩබලන ඇමතිවරයා කීවේය. ශාන්ත බණ්ඩාර මහතා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී අද (22) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අදහස් දක්වමිනි.

Read More

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනුශාසක හිටපු සභාපතිනි සහ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය, හිටපු ජ්‍යෙෂ්ඨ උපසභාපති නිමල් සිරිපාල ද සිල්වා මහතා ඇතුළු පක්ෂ ජ්‍යෙෂ්ඨ සාමාජිකයන් කිහිප දෙනෙකුගේ පක්ෂ සාමාජිකත්වය තාවකාලිකව අත්හිටුවීමට එහි මධ්‍යම කාරක සභාව තිරණය කර ඇත. ඒ අනුව පක්ෂ මතයට හා මධ්‍යම කාරක සභාවේ තීන්දුවලට පටහැනිව කටයුතු කළ පක්ෂයේ හිටපු ජ්‍යෙෂ්ඨ උපසභාපති මහින්ද අමරවීර, හිටපු උපලේකම් රංජිත් සියඹලාපිටිය, හිටපු ප්‍රචාරක ලේකම් ශාන්ත බණ්ඩාර, හිටපු භාණ්ඩාගාරික ලසන්ත අලගියවන්න, උපසභාපතිවරුන් වන සුරේන් රාඝවන්, චාමර සම්පත් දසනායක සහ ජගත් පුෂ්පකුමාර අතුළු පිරිසේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමට පක්ෂය තීරණය කර තිබේ. එම පක්ෂ මධ්‍යම කාරක සභාව පෙරේදා (21) සවස රැස් වූ අවස්ථාවේ…

Read More

ඔස්ට්‍රේලියාවේදී කාන්තාවකට ලිංගික අතවර කළ බවට ලැබුණු පැමිණිල්ලකට අදාළව අත්අඩංගුවට පත්වූ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක ඇප මත මුදාහැරීමෙන් අනතුරුව දැක්වෙන දර්ශන කිහිපයක් මේ වනවිට විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. එම දර්ශන පහතින්. ඔස්ට්‍රේලියාවේදී කාන්තාවකට ලිංගික අතවර කළ බවට ලැබුණු පැමිණිල්ලකට අදාළව අත්අඩංගුවට පත්වූ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක ඇප මත මුදාහැරීමට සිඩ්නිහි “ඩව්නිං සෙන්ටර්” අධිකරණය පසුගිය 17 වනදා නියෝග කළේය. ඒ අනුව ඔස්ට්‍රේලියානු ඩොලර් 150,000 මුදල් ඇපයක් මත මුදාහැරුණු ධනුෂ්ක ගුණතිලකට තවත් දැඩි ඇප කොන්දේසි රැසක් පනවා තිබුණි. එසේම ඔහුට තවත් ඔස්ට්‍රේලියානු ඩොලර් 50,000ක මුදලක් තැන්පත් කිරීමට නියෝගකර ඇති අතර ඇප කොන්දේසි උල්ලංඝනය කළහොත් එම මුදල අහිමිවෙයි.…

Read More

රුහුණු මහා කතරගම දේවාලයේ සංවර්ධන කටයුතු වෙනුවෙන් බැතිමතුන් පූජා කරන පඬුරුවලින් රුපියලක් හෝ නොලැබෙන බව රුහුණු මහා කතරගම දේවාලයේ බස්නායක නිළමේ ඩිෂාන් ගුණසේකර මහතා පවසයි. එම පඬුරු සියල්ල කපුමහතුන්ගේ පෞද්ගලික පරිහරණය සඳහා යොදාගන්නා බව බස්නායක නිලමේවරයා චෝදනා කරයි. රුහුණු මහා කතරගම දේවාලයේ බස්නායක නිලමේ ඩිෂාන් ගුණසේකර මහතා, “ඉල් මහා පෙරහැර මංගල්‍ය දෙසැම්බර් 07 වෙනිදාට යෙදිලා තබෙනවා. මෙවර විශේෂත්වයක් තිබෙනවා ඇසල පෙරහැර මංගල්‍යය අවස්ථාවේදී කපු මහත්වරු විසින් බස්නායක නිලමේවරයා මාස බෙදලා කපු මහත්තවරුන්ට භාරදීපු ඒ ක්‍රමවේදයට පටහැනිව කපුමහත්වරු විසින් දේවාලයේ යතුර ඔවුන් භාරයේ තබාගෙන තිබෙනවා. ඒ නිසා මේ වනවිට දේවාලයට බැතිමතුන්‌ගෙන් ලැබෙන පූජා වට්ටියේ තිබෙන පඬුරු මුදල් සියල්ල කපු මත්තවරු ඔවුන්ගේ…

Read More

නිරිතදිග බෙංගාල බොක්ක ආශ්‍රිතව යාපනයට කිලෝමීටර් 540ක් පමණ ඊසාන දෙසින් 11.4N අක්ෂාංශ සහ දේශාංශ 84.6Eහි කේන්ද්‍රගතව පැවති පීඩන අවපාතය, ක්‍රමයෙන් දුර්වල වෙමින් වයඹ දෙසට ගමන් කරනු ඇති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම පද්ධතිය ඉදිරි පැය 24 තුළදී, තමිල්ණාඩු – පුදුචෙරි වෙරළ වෙත ළඟාවීමේ වැඩි හැකියාවක් පවතී. උතුරු, උතුරු-මැද සහ නැගෙනහිර පළාත්වල විටින් විට හමන පැ.කි.මී. 40-50ක පමණ තද සුළං ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. බස්නාහිර සහ දකුණු වෙරලබඩ ප්‍රදේශවලත් උතුරු පළාතේත් වැසි ස්වල්පයක් ඇති වේ. දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතී.

Read More

ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ පළමු තරගයේ ජය ඉක්වදෝරයට හිමිව තිබේ. ඒ අනුව, ලෝක කුසලානයේ සමාරම්භක තරගයේදී සත්කාරක කටාර් කණ්ඩායම පරාජය කරමින් ගෝල 2ට 0ක ජයක් ලැබීමට ඉක්වදෝරය සමත්වුණි. සත්කාරක රාජ්‍ය පාපන්දු ලෝක කුසලානයක සමාරම්භක තරගය පරාජය වූ පළමු අවස්ථාව ද මෙය වෙයි. මේ අතර මුළු ලෝකයේම ක්‍රීඩා ලෝලීන්ගේ අවධානය දිනූ ලෝක කුසලාන පාපන්දු තරගාවලිය කටාර් හිදී ඊයේ (20) ආරම්භ වුණි. කටාර් හි අගනගරය වන දෝහා නගරයේ ඇති අල් බයිට් ක්‍රීඩාංගණයේදී උත්කර්ෂවත් සමාරම්භක උළෙලකින් තරගාවලිය ආරම්භ කෙරුණි. ප්‍රේක්ෂකයින් විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් පැවති සමාරම්භක උළෙල සංස්කෘතිකාංග රැසකින් වර්ණවත් වුණි. අමෙරිකානු ප්‍රවීන රංග ශිල්පියෙකු වන මෝගන් ෆ්‍රීමන් විසින් බලාපොරොත්තුව, ඉවසීම සහ එකමුතුකම සම්බන්ධයෙන්…

Read More

2022 පාපන්දු ලෝක කුසලාන තරගාවලිය කටාර් රාජ්‍යයේදී අද ආරම්භ වනවා. උත්කර්ෂවත් සමාරම්භ උත්සවයකින් අනතුරුව පළමු තරඟය සදහා කටාර් සහ ඉක්වදෝර කණ්ඩායම් තරග වදිනු ඇති.

Read More