Author: LFN
දිවුලපිටිය පාසලක පළමු වන ශේණියේ පන්තිවලට උගන්වන ගුරුවරියක සාරියක් වෙනුවට වෙනත් ඇඳුමකින් සැරසී පාසලට පැමිණීමට විරෝධය පළ කරමින් මවුපියන් පිරිසක් හූ හඬ නගා අසභ්ය වචනයෙන් බැන වැදුණැයි කියමින් එම ගුරුවරිය පැමිණිල්ලක් කළ බව දිවුලපිටිය පොලිසිය පවසයි. මවුපියන් පිරිසක් මෙවැන්නක් කළේ විදුහල්පතිවරයාගේ කීම මත බවට එම ගුරුවරිය කළ පැමිණිල්ලේ සඳහන් වන්නේ යැයි පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය. හු හඬ තබමින් එම මව්පියන් උද්ඝෝෂණය කළ බව ද එම පැමිණිල්ලේ සඳහන් කර ඇතැයි පොලිසිය පවසයි. මෙම ගුරුවරිය පසුගිය 21 වෙනිදා සාරිය වෙනුවට වෙනත් ඇඳුමකින් සැරසී පාසලට පැමිණ ඇතැයි කියති.
ලබන වසරේ (2023) සිට උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසුන් පාසල් පැවැත්වෙන දින ගණනින් සියයට 80ක් වත් පාසලට පැමිණිම අනිවාර්ය වන බව අධ්යාපන අමාත්ය ආචාර්ය සුසිල් ප්රේමජයන්ත මහතා පවසයි. පාසල් පැවැත්වෙන දින ගණනින් සියයට 80 නොපැමිණෙන සිසුනට අධ්යාපන පොදු සහතික පත්ර උසස් පෙළ විභාගයට පෙනී සිටිමට අවස්ථාව නොලැබෙන බව ද අධ්යාපන ඇමැති කීය. එහෙත් 2022 වසරේ උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසුන්ට එම නීතිය බල නොපානා බව ද ඔහු කීය.
මෙවර අපොස සාමාන්ය පෙළ විභාගයේ ඒ සමාර්ථ නමයක් සමඟ විභාගය සමත් වූ බෙරවඩ්ස් විදුහලේ සිසුවකුගේ සිරුරට භූමිතෙල් ඉස ගිනි තැබීම නිසා එම සිසුවා බරපතළ තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි මහනුවර මූලස්ථාන පොලීසිය කියයි. තමා ලැබූ ජයග්රහණය සිය මිත්තණියට පවසා ආපසු පියා සමග ආපසු එමින් සිටියදී එම සිද්ධියට මුහුණ දී ඇති බව පොලීසිය කියයි. අම්පිටිය පල්ලේගම ප්රදේශයේ පදිංචිකරුවකු වන එම සිසුවා මුහුණ දුන් බිහිසුණු සිදුවීමෙන් ඔහුගේ හිස ප්රදේශයෙන් පහළ ප්රදේශයට බරපතළ තුවාල සිදුවී ඇති බවත් ඔහුට සැත්කමක්ද සිදුකර ඇති බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි. අම්පිටිය ප්රදේශයේ කාලයක සිට ක්රියාත්මක මැර කල්ලියක් මෙම බිහිසුණු ක්රියාව සිදුකොට ඇති බවට චෝදනා කරන…
තමන් තවදුරටත් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ප්රධාන ලේකම් තනතුරේ කටයුතු කරන බව අමාත්ය මහින්ද අමරවීර මහතා මැතිවරණ කොමිසම වෙත දැනුම්දී තිබේ. ලිපියක් නිකුත් කරමින් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ තමන් ඉවත්කොට තිලංග සුමතිපාල නැමැත්තෙක් ඒ සඳහා පත්කර ඇති බවට ජනමාධ්ය හරහා තමන් දැනුවත් වුවද එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සෙසු පක්ෂ එම වෙනස්කිරීම පිළිබඳව දැනුවත් වී නොමැති බවය. එබැවින් එම කටයුත්ත ව්යවස්ථා විරෝධී, නීතිවිරෝධී කටයුත්තක් බවද අමාත්යවරයා වැඩිදුරටත් ප්රකාශ කර සිටී. මේ හේතුවෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ප්රධාන ලේකම් තනතුරේ වෙනස්වීමක් පිලිබඳ යම් දැනුම්දීමක් කොමිසම වෙත ලැබී ඇත්නම් ඒ සඳහා ක්රියාකිරීමෙන් වළකින ලෙසටද අමාත්යවරයා අදාළ ලිපියෙන් මැතිවරණ කොමිසමට දැනුම්දී තිබේ.
ලංකා විදුලිබල මණ්ඩලය ප්රතිව්යුහගත කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ. ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් විදුලිබල හා බලශක්ති අමාත්ය කංචන විජේසේකර මහතා මේ බව පැවසීය. අමාත්යවරයා වැඩිදුරටත් එමගින් සඳහන් කර ඇත්තේ ලංකා විදුලිබල මණ්ඩලය ප්රතිව්යුහගත කිරීමට අදාළව පත්කරන ලද කමිටුව විසින් ඉදිරිපත් කළ නිර්දේශ සඳහා මෙලෙස අනුමැතිය හිමිවූ බවය.
වික්ටෝරියා ජලාශයට පැන තරුණියක් සියදිවි හානිකරගෙන තිබේ. මෙලෙස සියදිවි හානිකරගෙන ඇත්තේ තෙල්දෙණිය රංගල ප්රදේශයේ පදිංචි 22හැවිරිදි වියේ පසුවූ තරුණියකි. ප්රේම සම්බන්ධතාවයක් මුල් කරගෙන තරුණිය සියදිවි හානිකරගන්නට ඇති බවට පොලීසිය සැකපළ කරයි. අතුරුදන් වූ තරුණියගේ සිරුර සොයා මේ වනවිට නාවික හමුදාව විසින් සෝදිසි මෙහෙයුමක් ආරම්භ කර තිබේ.
පාලකයන් මහා සංඝරත්නය සිවුරු හැඳගත් බට්ටන් ලෙස ආමන්ත්රණය කිරීම නුසුදුසු බව විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී අද (29) පැවැසීය. මහා සංඝරත්නයට අපහාස කරන අයට පරාභව සූත්රය කියවා ගන්න ආරාධනා කරනවා යැයිද ඔහු සඳහන් කළේය. ඔහු මෙසේ පැවසුවේ ජනමාධ්ය විදේශ කටයුතු සහ ප්රවාහන අමාත්යාංශවල වැය ශීර්ෂ පිළිබඳ අයවැය කාරක සභා අවස්ථාවේ විවාදයේදීය.
විදෙස් ගත ශ්රී ලාංකිකයන්ගේ සහ ලාංකික සම්භවයක් සහිත විදේශ පුරවැසියන්ගේ උදව් රටට ලබා ගැනීම සඳහා සුවිශේෂී කාර්යාලයක් ලංකාවේ පිහිටුවන බව විදේශ කටයුතු රාජ්ය අමාත්ය තාරක බාලසූරිය මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය. ජනාධිපති කාර්යාලය සමඟ එක්ව මෙම වැඩසටහන ක්රියාත්මක කරන බවද බාලසූරිය මහතා සඳහන් කළේය. ලක්ෂ 50ක් පමණ ලාංකිකයන් විදෙස් රට වල ජීවත් වෙන අතර ලංකාව ඔවුන්ගෙන් හරි ප්රයෝජනයක් ගන්නවදැයි සිතා බැලිය යුතු බව ද රාජ්ය අමාත්යවරයා කීය.
ටයිම්ස් සඟරාව මගින් 2022 වසරේ හොඳම ඡායාරූප 100 අතරට ඉකුත් ජූලි 15 වැනිදා අරගලකරුවන් ඇතුළු වී විනාශ කරන ලද එවකට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නිල නිවසේ පිහිටි කාර්යාලයේ ඡායාරූපයද එක් කොට තිබේ. ටයිම්ස් සඟරාවේ ඡායාරූප කතෘවරුන් 8 දෙනෙකු විසින් මෙම ඡායාරූප 100 තෝරාගනු ලැබ ඇත.මෙම ඡායාරූප 100 තෝරාගැනීමේ අරමුණ මෙම වසර වෙනස් සිදුවීම් වලින් පිරි වසරක් බව පෙන්වීම යැයි ටයිම්ස් සඟරාව ප්රකාශ කළේය.
වැලිගම පොලිස් වසමේ වැලිගම වෙරළ තීරයේදී සංවිධානය කර තිබූ ෆේස්බුක් සාදයක් වටලා මත්ද්රව්ය සහ මත්පෙති ළඟ තබාගෙන සිටි සැකකරුවන් 08දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ. වැලිගම පොලිස් ස්ථානයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව ඊයේ (27) අලුයම එම වැටලීම සිදුකර ඇත. අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 20ත් 30ත් අතර වයස්වල පසුවන වැලිගම, රනාල, තිස්සමහාරාමය, කනංකෙ, තෙලිජ්ජවිල, වංචාවල සහ බෙලිඅත්ත ප්රදේශවල පදිංචිකරුවන්ය. සැකකරුවන් ඊයේ මාතර මහෙස්ත්රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරව ඇප මත මුදාහැර ඇත. සිද්ධිය සම්බන්ධයෙන් වැලිගම පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.