Author: LFN

හවායි හි පිහිටි ලොව විශාලතම සක්‍රීය ගිනිකන්ද වන මවුනා ලෝවා “Mauna Loa” ගිනි කන්ද පුපුරා ගොස් තිබේ. වසර 40 කට පමණ පසු පළමු වරට මෙලෙස මෙම ගිනිකන්ද විධාරණය වී ඇති බව විදෙස් මාධ්‍ය පවසයි. ගිනිකන්ද පිහිටි ප්‍රදේශය අවට සිට ජනතාවට අනතුරු අඟවා ඇති අතර අළුවැටීමේ අවදානමක් ඇති බවද දන්වා ඇත. එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණය ආයතනය දන්වා ඇත්තේ ගිනිකන්දේ ස්වභාවය ක්ෂණිකයෙන් වෙනස්විය හැකි බවය. ගිනිකන්දේ තත්ත්වය “ඉතා අවධානම්” තත්ත්වය දක්වා ඉහළ දමා ඇති බවද විදෙස් මාධ්‍ය පවසයි. මෙම මවුනා ලෝවා ගිනිකන්ද හවායි හි ගිනිකඳු ජාතික වනෝද්‍යානය තුළ පිහිටා ඇති අතර එය හවායි දූපතේ වැඩි භූමි ප්‍රමාණයක පිහිටයි. ගිනිකන්ද මුහුදු මට්ටමේ…

Read More

දෙවිනුවර සිංහාසන පාරේ පිහිටි ආපනශාලාවක් ඉදිරිපිට ඊයේ (28) රාත්‍රී 8.45ට පමණ වෙඩිතැබීමක් සිදුව ඇති බව ගන්දර පොලීසිය පවසයි. යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් වෙඩි තැබීම සිදුකර පළා ගිය බවට ගන්දර පොලිස් ස්ථානයට ලද දුරකථන ඇමතුමකට අනුව පොලිස් නිලධාරීන් එම ස්ථානයට ගොස් තිබේ. පසුව සිදුකළ පරීක්ෂාවේ දී හෝටලට ඉදිරිපිට ටී 56 වර්ගයේ ජීව උණ්ඩ 3ක් සහ හිස් උණ්ඩ කොපුවක් තිබී සොයා ගෙන ඇත. වෙඩි තැබීමෙන් කිසිවෙකුටත් හානියක් සිදුව නොමැති අතර ගන්දර පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.

Read More

මහවෙල පොලිස් වසමේ මානින්ගමුව ප්‍රදේශයේ දී කාන්තාවක් ඝාතනය කර තිබීම සම්බන්ධයෙන් පුද්ගලයෙක් සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ, මහවෙල පොලිස් ස්ථානයට ලද පණිවුඩයක් අනුව අදාළ විමර්ශන සිදුකළ බවය. සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදුකර සැකපිට මොරගොල්ලාගම, කැකිරාව ප්‍රදේශයේ පදිංචි 34 හැවිරිදි පුද්ගලයෙක් ඊයේ (28) සවස මහවෙල පොලීසියේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත. සැකකරු අද (29) නාඋල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය. පොළොස් ගෙඩියක් කැඩීමට පොල් වත්තට ගිය අවිවාහක කාන්තාවකගේ සිරුර පල්ලේපොළ, මානින්ගමුව ප්‍රදේශයේ පාළු පොල් වත්තක පොහොර බෑගයක දමා තිබියදී පසුගිය 27 වනදා උදෑසන සොයාගනු ලැබීය. මෙසේ මියගොස් ඇත්තේ පල්ලේපොළ, මානින්ගමුව ප්‍රදේශයේ පදිංචි ආර්.ජී. රත්නාවතී නම් 55 හැවිරිදි…

Read More

ගාලු මුවදොර පිටියේ කොඩි කණුව අසල තිබී පිරිමි මළ සිරුරක් හමුව තිබේ. පොලීසිය පවැසුවේ එම මියගොස් සිටින පුද්ගලයා අවුරුදු 45 වු ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවය. මෙම පුද්ගලයා කලක සිට දියවැඩියා රෝගයට ප්‍රතිකාර ලබාගත් තැනැත්තෙකි. ඔහු පසුගිය 27 වැනිදා කොළඹ ජාතික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබාගෙන සිට නිවසට පැමිණ ඇති අතර ඊයේ (28) උදෑසන නිවසින් පිටව ගොස් ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබේ. පොලීසිය පැවසුවේ මරණකරුගේ ඥාතීන් විසින් මෘත ශරීරය හඳුනාගෙන ඇති බවය. කොටුව පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Read More

අරලියගහ මන්දිර පරිශ්‍රයට ඇතුළු වී කලහකාරි ලෙස හැසිරුණු බව කියන කාන්තාවක සහ පිරිමි පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව කොළඹ දකුණු කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය කියයි. අරලියගහ මන්දිරය වෙත ඉකුත් ජූලි මස 9 වැනි දින ඇතුළු වී දේපළවලට හානි සිදුකිරීම සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවලදී සැකකරු සහ සැකකාරිය අත්අඩංගුවට ගෙන තිබිණි. සැකකරු බොරලස්ගමුව තල්ගස් වස්ත ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 44 ක පුද්ගලයකු වන අතර සැකකාරිය වයස අවුරුදු 34 වන වත්තල හේකිත්ත පදිංචිකාරියකි. සැකකාරිය අත්අඩංගුවට ගෙන ඇත්තේ වත්තල හේකිත්ත ප්‍රදේශයේදී හා සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ බොරලස්ගමුව ප්‍රදේශයේදීය.

Read More

විදේශ කටයුතු අමාත්‍ය, ජනාධිපති නීතීඥ අලි සබි්‍ර අද අලුයම අමෙරිකාව බලා පිටත්ව ගොස් තිබෙනවා. ඒ, එරට රාජ්‍ය ලේකම් ඇන්තනී බ්ලින්කින්ගේ ආරාධනාවකට අනුවයි. අමාත්‍යවරයා සමඟ විදේශ කටයුතු අමාත්‍යාංශයේ තවත් උසස් නිලධාරීන් තිදෙනකු ද මෙම සංචාරය සදහා දිවයිනෙන් පිටත්ව ගොස් තිබෙනවා. අලුයම 03 යි 30 ට පමණ කටාර් ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් එම පිරිස කටුනායක ගුවන් තොටුපලේ සිට කටාර් රාජ්‍යයේ දෝහා බලා පිටත්ව ගොස් ඇති අතර එතැන් සිට අමෙරිකා එක්සත් ජනපදය බලා පිටත්ව යාමට නියමිත බව නෙත් නිවුස් ගුවන් තොටුපල වාර්තාකරු පැවසුවා. මෙම සංචාරය අතරතුර විදේශ කටයුතු අමාත්‍යවරයා ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිතායතනයේ ප්‍රධානී සමන්තා පවර් හමුවී සාකච්ඡා පැවැත්වීමට…

Read More

ලෝක කුසලාන පාපන්දු තරඟාවලියේ ඊයේ රාත්‍රී පැවති තරගයකදී ස්විස්ටර්ලන්තය ගෝල 1 ට බිංදුවක් ලෙස පරාජය කිරීමට ප්‍රභල බ්‍රසීල කණ්ඩායම සමත් වුණා. තරඟයේ 83 වන විනාඩියේදී ජයග්‍රාහී ගෝලය වාර්තා වුණා. ඒ අනුව මෙවර පාපන්දු ලෝක කුසලාන තරඟාවලියේ සිය දෙවැනි ජයග්‍රහණය වාර්තා කිරීමට බ්‍රසීල කණ්ඩායම සමත් වුණා. දකුණු කොරියාව සහ ඝානාව අතර පැවති තරඟයද උණුසුම් මුහුණුවරක් ගත් අතර ගෝල 03 ට දෙකක් ලෙස එම තරඟයේ ජය හිමිවුණේ ඝානාවටයි. මේ අතර උරුගුවේ කණ්ඩායමට එරෙහිව අද අලුයම පැවති තරඟය පෘතුගාලය ජයගත්තේ ගෝල 2 ට බිංදුවක් ලෙසයි.

Read More

සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ඌව සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර සහ නුවර එළිය දිස්ත්‍රික්කවලත් තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එමෙන්ම බස්නාහිර පළාතේත් නුවර දිස්ත්‍රික්කයේත් ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක. දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතී. සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වල සහ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල උදෑසන කාලයේ මිදුම් සහිත තත්ත්වයක් පැවතිය හැක. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටි.

Read More

කළුතර ඇතුළු ප්‍රදේශ රැසකට අද (29) පැය 12ක ජල කප්පාදුවක් සිදුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි. අද පෙරවරු 08.30 සිට රාත්‍රී 08.30 දක්වා කාලය තුළ එම ජල සැපයුම අත්හිටුවන බව එම මණ්ඩලය සඳහන් කළේය. ඒ අනුව කළුතර උතුර, කළුතර දකුණ, වාද්දූව, වස්කඩුව, පොතුපිටිය, මොරොන්තුඩුව, කටුකුරුන්ද, නාගොඩ, බෝම්බුවල සහ පිලමිනාවත්ත ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවීමට නියමිතය. කළුතර අල්විස් පෙදෙස ජල තටාකයේ අත්‍යාවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙම ජල කප්පාදුව සිදුකරන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කළේය.

Read More

අතිසුඛෝපභෝගී මගී ප්‍රවාහන නෞකාවක් අද (29) කොළඹ වරායට පැමිණීමට නියමිතව තිබේ. “මේන් ෂෙෆ් ෆයිව්” නම් එම නෞකාව ප්‍රථම වතාවට මෙරටට පැමිණෙන බව සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කළේය. අද පෙරවරු 06ට පමණ කොළඹ වරායට පැමිණීමට නියමිත නෞකාව වරායේ නැගෙනහිර බහාලුම් පර්යන්තයේ නැංගුරම්ලෑමට නියමිත බව වාර්තා වේ. නෞකාව එහි විශාලත්වය හේතුවෙන් කොළඹ වරායේ මගී පර්යන්තයේ නැංගුම් ලෑමට නොහැකි බව හරීන් ප්‍රනාන්දු මහතා සඳහන් කළේය. මගීන් 2030ක් සහ කාර්ය මණ්ඩලයේ සේවකයින් 945ක් නෞකාවේ සිටින අතර මගීන්ගෙන් බහුතරය යුරෝපීයන් බව වාර්තා වේ.

Read More