Author: LFN
ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ තවත් උණුසුම් තරගයක් ඊයේ පෘතුගාලය සහ ඝානාව අතර පැවැත්විණි. එම උණුසුම් තරගයෙන් ලොව සුපිරි පාපන්දු ක්‍රීඩක රොනාල්ඩෝ ප්‍රමුඛ පෘතුගාල කණ්ඩායම 3ට 2ක් ලෙස විශිෂ්ට ජයක් ලබාගැනීමට සමත්විය. එහිදී සිය කණ්ඩායම ජයග්‍රාහී මාවතට අවතීර්ණ කරමින් සුපිරි ක්‍රීඩක රොනාල්ඩෝ ප්‍රථම ගෝලය වාර්තා කළේය. ඒ තරගයේ 65 වන මිනිත්තුවේදී දඬුවම් පහරක් සාර්ථක කරගැනීමත් සමගය. එම ගෝලයත් සමඟ ලෝක කුසලාන පාපන්දු තරගාවලි 5කදී ගෝල වාර්තා කළ ලොව එකම පාපන්දු ක්‍රීඩකයා ලෙස ඔහු වාර්තා පොත් අතරට එක්විය. කෙසේ වෙතත් පහසුවෙන් පරාජය භාරගැනීමට අකමැති වූ ප්‍රවේගකාරී ඝානා කණ්ඩායම තරගයේ 73 වන මිනිත්තුවේදී සිය ප්‍රථම ගෝලය වාර්තා කළේය. André Ayew විසින් එම ගෝලය…
මානව හිමිකම්වලට මුවාවී ප්‍රචණ්ඩත්වය සහ අරාජිකත්වය ඇති කිරීමට කිසිවිටෙකත් ඉඩනොදෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කරයි. කිසියම් පාර්ශ්වයක් එවන් උත්සාහයක නිරත වන්නේ නම් ආරක්ෂක හමුදාව යොදවා එය සම්පූර්ණයෙන් ද මැඩපවත්වන බවද ජනාධිපතිවරයා පැවසීය. එවන් තත්ත්වයකදී තම වගකීම ඉටු කිරීමට හමුදාවේ පහළ නිලධාරියාගේ සිට ෆීල්ඩ් මාර්ෂල් දක්වා සියලු දෙනා බැඳීසිටින බවද ජනාධිපතිවරයා අවධාරණය කළේය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ ඊයේ (24) පාර්ලිමේන්තුවේ දී අදහස් දක්වමිනි. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා, “මම මේ විෂය ගැන කතා කරන්න කලින් ඊයේ පාර්ලිමේන්තුවේ දී සඳහන් කළ කරුණු දෙකක් ගැනත් විශේෂයෙන්ම සිහිපත් කළ යුතුයි. මුජිබර් රහුමාන් මන්ත්‍රිතුමා ප්‍රකාශ කළා…
ජනප්‍රිය වෙරළ තීරයක නිරුවතින් රැඳී සිටීමට ලැබුණු අවසරයක් පිළිබඳව පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. මෙම පුවත වාර්තා වන්නේ ඔස්ට්‍රේලියාවෙනි. එරට අතිශය ජනප්‍රිය වෙරළ තීරයක් වන සිඩ්නි නුවර Bondi Beach මෙම සති අන්තයේදී නිරුවත් වෙරළ තීරයක් කිරීම සඳහා මෙම අවසරය හිමිව ඇත. විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ මෙලෙස නිල වශයෙන් එරට වෙරළ තීරයක් නිරුවත් වෙරළ තීරයක් බවට පත්වන්නේ ඉතිහාසයේ ප්‍රථමවරට බවය. ලෝ ප්‍රකට ඡායාරූප ශිල්පියෙකු වන Spencer Tunick විසින් සංවිධානය කර ඇති ඡායාරූප ගැනීමේ ඉසව්වක් වෙනුවෙන් මෙම සුවිශේෂී අවසරය හිමිව ඇත. විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙන්නේ ඒ සඳහා Waverley නගර කවුන්සිලය අවසර ලබා දී ඇති බවය. එරට වාර්ෂිකව මියයන චර්ම…
රටේ මූල්‍ය ස්ථාවරය ඇති කිරීම සඳහා බැංකු පද්ධතිය ශක්තිමත් කරමින් විධිමත් වැඩපිළිවෙළකට රජය අවතීරණය වී ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. ශ්‍රී ලංකාව හිඟාකන රටක් බවට පත් කිරීමට තමන් කිසිලෙසක සූදානම් නොමැති බව අවධාරණය කළ ජනාධිපතිවරයා ශ්‍රී ලාංකියන් ලෙස ස්ව උත්සාහයෙන් නැඟීසිටිය යුතු බවත් මෙවර අය වැයෙන් ඒ සඳහා අවශ්‍ය වැඩපිළිවෙළ ඉදිරිපත් කර ඇති බවත් සඳහන් කළේය. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ හිටපු අමාත්‍ය ලලිත් ඇතුලත්මුදලි මහතාගේ 86 වැනි ජන්ම දින සැමරුම වෙනුවෙන් බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවති උත්සවය අමතමිනි. ලලිත් ඇතුලත්මුදලි මහතාගේ සංකල්පය, ශ්‍රී ලංකාව ජාත්‍යන්තරයේ ඉහළටම ඔසවා තැබීම බව කී ජනාධිපතිවරයා පශ්චාත් උපාධි පාඨමාලා හැදෑරීමට හැකි…
රුසියානු බොරතෙල් බැරලයක විකුණුම් මිල පිළිබඳ සීමා පැනවීමට ජී7 සාමාජික රටවල් සාකච්ඡා කිරීමත් ඇමෙරිකා එක්සත් ජනපදයේ පෙට්‍රල් තොග විශ්ලේෂකයන් බලාපොරොත්තු වූවාට වඩා එක්රැස් වීමත් හේතුවෙන් ඊයේ (23) ලෝක බොරතෙල් වෙළඳපොලේ බොරතෙල් බැරලයක මිල සියයට 3 කින් පමණ පහත වැටුණු බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත. ලෝක බොරතෙල් වෙළඳපොලේ ඊයේ (23) බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක් ඇමෙරිකානු ඩොලර් 2.95 කින් සියයට 3.3 කින් පහත වැටෙමින් ඇමෙරිකානු ඩොලර් 85.41 ලෙස සටහන් වූ බවත් අතර ඩබ්ලිව්.ටී.අයි බොරතෙල් බැරලයක් ඇමෙරිකානු ඩොලර් 3.01 කින් සියයට 3.7 කින් පහත වැටෙමින් ඇමෙරිකානු ඩොලර් 77.94 ලෙස සටහන් වූ බවත් විදෙස් මාධ්‍ය පෙන්වා දී තිබේ. ලෝක බොරතෙල් වෙළඳපොලේ බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක්…
ලංකාව වගේ රටක හිට්ලර්ලාට අවස්ථාව ලැබෙන්නේ නැතැයි සමගි ජන බලවේගයේ පුත්තලම දිස්ත්‍රික් මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මහතා පාර්ලිමේන්තුවෙි දී පැවසීය. හමුදාවෙි සිටින ගොවි කම්කරුවන්ගේ දූ පුතුන් අතට තුවක්කුව දී බඩගින්නේ ඉන්න ජනතාවගේ ඔළුවට තියෙනැයි කීම සාධාරණ දැයි හෙක්ටර් අප්පුහාමි මහතා ප්‍රශ්න කළේය. හෙක්ටර් අප්පුහාමි මහතා මෙසේද කීය. ජනාධිපතිතුමා පාර්ලිමේන්තුවේ දී භයානක ප්‍රකාශයක් කළා. මිනිස්සු අයිතිවාසිකම් ඉල්ලා පාරට බැස්සොත් හදිසි නීතිය දමා හමුදාව යොදා ඒ අය මර්දනය කරන බව කිව්වා. එය මේ රටේ සමස්ත ජනතාවට කළ අපහාසයක්.මෙවැනි ප්‍රකාශයක් නොකළ යුතු බව අපේ හැඟීමයි. ජනතාව ආපු ගමන් හිට්ලර්ලාට ලංකාව වගේ රටක අවස්ථාව ලැබෙන්නේ නෑ. ගෝඨාභය පන්නා දැමුවේ ජනතාවට තිබූ ප්‍රශ්න නිසා.
සිය දියණිය ළදරු පාසලට රැගෙන යමින් සිටි එක් දරු තරුණ මවක පොල්පිතිගම තල්පත්වැව ප්‍රදේශයේ දි ගෙල කපා මරාදමා ඇතැයි පොලිසිය කියයි. මෙසේ ඝාතනය ලක්ව ඇත්තේ පොල්පිතිගම වඩුපොළ යාය ප්‍රදේශයේ පදිංචි ජී.ජේ. දිනුෂිකා මධුවන්ති නමැති කාන්තාවකි. පා පැදියකින් සිය දරුවා ළදරු පාසලට රැගෙන යමින් සිටියදී යතුරු පැදියකින් පැමිණ මාර්ගය හරස් කර මෙම අපාරාධය සිදු කර ඇතැයි පොලිසිය පවසයි. සිද්ධිය සම්බන්ධයෙන් ඝාතනයට ලක් වූ කාන්තාවගේ සැමියා පොලිසිය සොයයයි.
මෙවර පාපන්දු ලෝක කුසලානයේ දින 4ක් ඉක්ම යාමටත් මත්තෙන් තරගාවලියේ දෙවන පෙරළිකාර ජය වාර්තා කිරීමට ජපාන කණ්ඩායම ඊයේ (23)සමත්වුණි. ඒ හිටපු ලෝක ශූරයන් වූ ප්‍රබල ජර්මන් කණ්ඩායම පරාජයට පත්කරමිනි. ජර්මනිය සහ ජපානය අතර තරගය පැවැත්වුණේ මූලික වටයේ ඊ කාණ්ඩයේ පළමු තරගය ලෙසය. පළමු අර්ධයේ 35වැනි මිනිත්තුවේදී ජර්මනියට හිමිවූ දඬුවම් පහරක් සාර්ථක කරගත් ඔවුන් තරගයේ පෙරමුණ ගැනීමට සමත්වුණි. එතැන් සිට 74 වැනි මිනිත්තුව දක්වාම ගෝල 1ට 0ක් ලෙස තරගයේ පෙරමුණ ගෙන සිටියේ ජර්මනියයි. නමුත් 75 වැනි මිනිත්තුවේදී ගෝලයක් වාර්තා කළ ජපානය ගෝල 1ට 1ක් ලෙස තරගය සමකිරීමට සමත්වුණි. ඉන් නොනැවතුණු ජපානය 85 වැනි මිනිත්තුවේදී තවත් ගෝලයක් රැස්කළේ කලීෆා ක්‍රීඩාංගණයට රැස්ව සිටි…
රාජ්‍ය ආයතන පෞද්ගලීකරණය කිරීමේ වැඩපිළිවෙල පිළිබඳව සිය පක්ෂය දැනුවත් කරන ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ රජයෙන් ඉල්ලීමක් කර තිබේ. අදාළ පෞද්ගලීකරණ වැඩපිළිවෙල සිදුකිරීමට පෙර ඒ සම්බන්ධයෙන් නිසි දැනුවත් කිරීමක් අවශ්‍ය බවට රජයට දැනුම් දී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණි ලොකුගේ මහතා සඳහන් කළේය. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට අනුබද්ධ ප්‍රගතිශීලි වෘත්තීය ශාඛා සංගමයේ සුබ සාධක වැඩපිළිවෙලේ ආරම්භක අවස්ථාවට එක්වෙමින් ගාමිණි ලොකුගේ මන්ත්‍රීවරයා එම අදහස් පළ කළේය. “අපේ ප්‍රතිපත්තිත් එයාලගේ ප්‍රතිපත්තිත් අතර පොඩි පොඩි මතගැටුමක් තියෙනවා. මොකද ජාතික සම්පත් පුද්ගලීකරණය පිළිබඳව අපි හැමදාම එකඟතාවයකට ආවේ නැහැ. නමුත් අද රටේ තිබෙන ආර්ථික තත්ත්වය අනුව සමහර දේවල් කරන්න සිදුවෙනවා. මේවා කරනකොට අපේ සාමාජිකයින් එක්ක…
භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනය සම්බන්ධයෙන් මරණීය දණ්ඩනය නියම වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතාට ජනාධිපති සමාව ප්‍රදානය කරමින් ඔහු නිදහස් කිරීමට ගත් තීරණය බලරහිත කරන ලෙස ඉල්ලා ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් සම්බන්ධව දෙසැම්බර් මස 16 වනදා කරුණු දක්වන ලෙස දන්වා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත නොතීසි නිකුත් කළේය. අදාළ පෙත්සම් අද (24) මුර්දු ප්‍රනාන්දු සහ යසන්ත කෝදාගොඩ යන මහත්ම මහත්මීන් ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදී එම නියෝගය නිකුත් කෙරුණි.