Close Menu
Lanka Focus News
    What's Hot

    නව රාජ්‍ය තාන්ත්‍රිකයින් එකොළොස් දෙනෙකු ජනපතිට අක්තපත්‍ර භාර දෙති

    August 25, 2026

    ‘බස් ලලිත්’ CCIBයට රැගෙන යයි

    August 25, 2026

    තෙවැනි රන්දෝලි පෙරහැර අද – රථ වාහන සැලැස්ම මෙන්න

    August 25, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Uncategorized»කුරිරු ලෙස කාන්තාවක් ඝාතනය කිරීමේ සිද්ධියට සැකකරුවෙක් අත්අඩංගුවට
    Uncategorized

    කුරිරු ලෙස කාන්තාවක් ඝාතනය කිරීමේ සිද්ධියට සැකකරුවෙක් අත්අඩංගුවට

    By LFNNovember 29, 2022No Comments2 Mins Read261 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    මහවෙල පොලිස් වසමේ මානින්ගමුව ප්‍රදේශයේ දී කාන්තාවක් ඝාතනය කර තිබීම සම්බන්ධයෙන් පුද්ගලයෙක් සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.

    පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ, මහවෙල පොලිස් ස්ථානයට ලද පණිවුඩයක් අනුව අදාළ විමර්ශන සිදුකළ බවය.

    සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදුකර සැකපිට මොරගොල්ලාගම, කැකිරාව ප්‍රදේශයේ පදිංචි 34 හැවිරිදි පුද්ගලයෙක් ඊයේ (28) සවස මහවෙල පොලීසියේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

    සැකකරු අද (29) නාඋල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

    පොළොස් ගෙඩියක් කැඩීමට පොල් වත්තට ගිය අවිවාහක කාන්තාවකගේ සිරුර පල්ලේපොළ, මානින්ගමුව ප්‍රදේශයේ පාළු පොල් වත්තක පොහොර බෑගයක දමා තිබියදී පසුගිය 27 වනදා උදෑසන සොයාගනු ලැබීය.

    මෙසේ මියගොස් ඇත්තේ පල්ලේපොළ, මානින්ගමුව ප්‍රදේශයේ පදිංචි ආර්.ජී. රත්නාවතී නම් 55 හැවිරිදි අවිවාහක කාන්තාවක් බව පොලීසිය පවසයි.

    මෙම කාන්තාව මානින්ගමුව ප්‍රදේශයේ පොල් වත්තක් බලා ගෙන ඇති අතර, 26 වනදා හවස පොල්වත්ත පරීක්ෂාකොට පොළොස් ගෙඩියක් කඩා ගැනීම සඳහා ගොස් සිටිය දී මෙම අපරාධය සිදුවී ඇතැයි මියගිය කාන්තාවගේ සහෝදරයෙකු වූ ආර්. ජි. ගයාන් වික්‍රමපාල මහතා පොලීසියට ප්‍රකාශ කර තිබේ.

    අදාළ කාන්තාව පස්වරුවේ නිවසට නොපැමිණීම හේතුවෙන් නිවැසියන් සහ ප්‍රදේශ ප්‍රදේශවාසීන් රාත්‍රිය පුරාම කාන්තාව සෙවීමේ මෙහෙයුමක් දියත් කර ඇත.

    පසුව කාන්තාව සොයාගැනීමට නොහැකි වීම හේතුවෙන් ප්‍රදේශවාසීන් කණ්ඩායම් කිහිපයකට බෙදී අනෙකුත් පොල්වතු සහ කැලෑබඳ ප්‍රදේශ සෝදිසි කරන්න ගොස් තිබේ.

    එහිදී නීතිඥයෙකුට අයත් පොල් ඉඩමක අදාළ කාන්තාවගේ නිරුවත් මළ සිරුර පොහොර උරයක බහා තිබිය දී සොයාගත් බව මියගිය කාන්තාවගේ සහෝදරයා පොලීසියට පවසා ඇත.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    වත්තල, පල්ලියවත්තේ වෙඩිතැබීමේ තවත් තොරතුරු එළියට

    July 24, 2026

    ජාලිය වික්‍රමසූරියට යළි වරෙන්තු

    July 22, 2026

    අයහපත් කාලගුණයෙන් පුද්ගලයින් 28,000කට අධික පිරිසකට බලපෑම්

    May 24, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,463 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,418 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,618 Views
    Don't Miss

    නව රාජ්‍ය තාන්ත්‍රිකයින් එකොළොස් දෙනෙකු ජනපතිට අක්තපත්‍ර භාර දෙති

    August 25, 202602 Views

    මෙරටට අලුතින් පත්ව පැමිණි විදේශීය තානාපතිවරු 07දෙනෙකු සහ මහකොමසාරිස්වරු 04දෙනෙකු අද (25) පෙරවරුවේ ජනාධිපති ලේකම්…

    ‘බස් ලලිත්’ CCIBයට රැගෙන යයි

    August 25, 2026

    තෙවැනි රන්දෝලි පෙරහැර අද – රථ වාහන සැලැස්ම මෙන්න

    August 25, 2026

    සැප්තැම්බර් පස්වෙනිදා සිට ජනපතිගේ ප්‍රධානත්වයෙන් විශේෂ ජනරැලි මාලාවක්

    August 23, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.