Close Menu
Lanka Focus News
    What's Hot

    ප්‍රදේශ කිහිපයකට මි.මී.100 ඉක්මවූ වැසි

    September 21, 2026

    අද මි.මී. 100ට වැඩි තද වැසි

    September 20, 2026

    දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල අද සිට වැසි වැඩි වෙයි

    September 19, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»International»සාමකාමී විරෝධතාකරුවන්ට ඇමෙරිකාවේ සහාය
    International

    සාමකාමී විරෝධතාකරුවන්ට ඇමෙරිකාවේ සහාය

    By LFNNovember 30, 2022No Comments2 Mins Read159 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    කොවිඩ් 19’ වයිරසය අඩපණ කිරීමට පැනැවූ සීමා සහ සෞඛ්‍ය නීතිරීතිවලට විරෝධය පළ කරමින්, චීන ජනාධිපති ෂී ජින්පින් සහ රජයට එරෙහිව පැවැත්වෙන විරෝධතා දිනෙන් දින උත්සන්න වෙයි.

    චීනය පුරා පැවැත්වෙන මෙම විරෝධතා මර්දනය කිරීමට චීන රජය පොලිසිය යොදවා ඇතැයි ද පැවැසෙයි. ඇමෙරිකාව පවසා ඇත්තේ සාමකාමී අයුරින් පවත්වන ඕනෑම විරෝධතාවකට තමන්ගේ සහාය හිමිවන බවය. විරෝධතාකරුවන් මර්දනයට චීන රජය දැඩි ක්‍රියා මාර්ග අනුගමනය කිරීම ඇමෙරිකාවේ විරෝධයට හේතුවක් වී ඇතැයි එරට මාධ්‍ය වාර්තා පෙන්වා දී ඇත.

    ෂැංග්හායි නුවර විරෝධතා වාර්තා කිරීමට ගොස් සිටි බිබීසී පුවත් සේවයේ මාධ්‍යවේදිනියක චීන පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුණි. බීබීසී පුවත් සේවය පමණක් නොව, බ්‍රිතාන්‍ය රජය ද මේ සම්බන්ධයෙන් චීනයට අප්‍රසාදය පළ කර තිබේ.

    දෛනිකව චීනයෙන් ‘කොවිඩ් 19’ ආසාදිතයන් 40,000 බැගින් වාර්තා වෙයි. ‘කොවිඩ් 19’ වයිරය ආරම්භ වූයේ චීනයේ හුබෙයි පළාතේ වූහාන් නගරයෙනි. ඒ, 2019 වසර අවසානයේය. 2020 වසරේ මුල් මාස කීපයේ චීනය දරුණු ලෙස වයිරසයෙන් බැට කෑවේය. ඉන්පසු ‘කොවිඩ් 19’ ගෝලීය වසංගත තත්ත්වයක් බවට පත් විය.ආරම්භයේ පටන් චීන සෞඛ්‍ය අංශ නිර්දේශ අනුව, චීන රජය දැඩි නීති පනවමින් වයිරස ව්‍යාප්තිය පාලනය කරයි. ආසාදිතයකු හමුවුණු සැණින්, පළාත් සහ නගර මුළුමනින්ම ලොක්ඩවුන් කර සියලු ආසාදිතයන් හඳුනා ගැනීම සහ ඔවුන් වෙන් කිරීම සිදු කරයි.

    දින ගණනක් තිස්සේ සිදුවන ලොක්ඩවුන් කිරීම් චීන වැසියන්ගේ දෛනික කටයුතු අවුල් කිරීමට හේතුවක් වී ඇති අතර විරෝධතා පැවැත්වෙන්නේ ඒ නිසාය. මේ වනවිට ලෝකයේ සෙසු රටවල් ‘කොවිඩ් 19’ සම්බන්ධයෙන් ලිහිල් ප්‍රතිපත්තියක් අනුගමනය කළත් චීනය පමණක් තවමත් දලදඩු සෞඛ්‍ය නිතී ක්‍රියාත්මක කිරීම චීන වැසියන්ගේ අප්‍රසාදයට හේතුවක් වී ඇත.

    ‘කොවිඩ්’ වයිරසය මර්දනය කිරීමට චීනය ප්‍රතිශක්තිකරණ එන්නත් වර්ග කීපයක් නිපදවා ඇති නමුත් ඒ කිසිදු එන්නතක් සාර්ථක නැතැයි බටහිර රටවල් පවසයි. ‘කොවිඩ්’ වයිරසය මර්දනය කිරීමට සාර්ථක වී ඇත්තේ ‘එම්ආර්එන්ඒ’ තාක්ෂණයෙන් නිපදවන එන්නත් වර්ග පමණි.

    ‘ෆයිසර්’ සහ ‘මොඩර්නා’ යනු ‘එම්ආර්එන්ඒ’ එන්නත්ය. චීනයේ ‘සිනොවැක්’ එන්නතට වඩා සියයට 90 ක ආරක්ෂාවක් ‘ෆයිසර්’ සහ ‘මොඩර්නා’ එන්නත්වලින් ලැබෙන බව වෛද්‍ය පර්යේෂකයන් පෙන්වා දී ඇත.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ඇපල් සමාගමෙන් තවත් පිම්මක් – iPhone නව මාදිලිය එළිදැක්වීම සැප්තැම්බර් 9 වැනිදා

    August 27, 2026

    පේරු රාජ්‍යයේ සංචාරක ගුවන් යානයක් කඩා වැටීමෙන් 13ක් ජීවිතක්ෂයට

    August 2, 2026

    අමෙරිකා – ඊශ්‍රායල තර්ජන හමුවේ ඉරානය චීනයෙන් දැවැන්ත මිසයිල මිලදී ගැනීමක්

    July 29, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,470 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,422 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,627 Views
    Don't Miss

    ප්‍රදේශ කිහිපයකට මි.මී.100 ඉක්මවූ වැසි

    September 21, 202605 Views

    දිවයිනට ඊශාන දෙසින් බෙංගාල බොක්කේ අන්දමන් මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව නිර්මාණය වී ඇති අඩු පීඩන කලාපය…

    අද මි.මී. 100ට වැඩි තද වැසි

    September 20, 2026

    දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල අද සිට වැසි වැඩි වෙයි

    September 19, 2026

    පාකිස්තාන රජයෙන් දැඩි වියදම් කප්පාදුවක්

    September 18, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.