Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    බෙල්ලන්විල වෙඩි තැබීමට සම්බන්ධ දෙදෙනෙකු අත්අඩංගුවට

    July 26, 2026

    වත්තල වෙඩි තැබීමට සම්බන්ධ බවට සැක දෙදෙනෙක් ඉන්දියාවේදී අත්අඩංගුවට

    July 25, 2026

    වත්තල, පල්ලියවත්තේ වෙඩිතැබීමේ තවත් තොරතුරු එළියට

    July 24, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Hot News»මූල්‍ය අරමුදලේ විසඳුම් වේදනාකාරි විය හැකියි -ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි
    Hot News

    මූල්‍ය අරමුදලේ විසඳුම් වේදනාකාරි විය හැකියි -ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි

    By LFNNovember 30, 2022Updated:November 30, 2022No Comments1 Min Read220 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබාගැනීම වෛද්‍යවරයෙකුට හමුවට යෑම හා සමාන බව හිටපු මහ බැංකු අධිපති ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා පවසයි.

    ඔහු පවසන්නේ එමගින් ලබා දෙන විසඳුම් ඇතැම් විට අප්‍රසන්න විය හැකි බවය.

    කොළඹ පැවැති උත්සවයකට එක්වෙමින් ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපති ආචාර්ය ඉන්ද්‍රිජිත් කුමාරස්වාමි මහතා මේ බව කියා සිටියේය.

    එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු මහ බැංකු අධිපතිවරයා පැවසුවේ, රාජ්‍ය මූල්‍ය එකඟතාවය පවත්වා ගැනීම අත්‍යාවශ්‍ය කරුණක් වන අතර ඒ සඳහා ව්‍යවස්ථාමය ප්‍රතිපාදන ආදී නීතිමය සාධක මඟින් මූල්‍ය කළමනාකරණයට සහාය විය යුතු බව ද ඔහු පවසයි.

    ශ්‍රී ලංකා මහ බැංකුව සංවර්ධන බැංකුවක් ලෙස නොසැලකිය යුතු අතර එහි ස්වාධීනත්වය ආරක්ෂා කිරීමට වගබලා ගත යුතු බව ඔහු පෙන්වා දෙයි.

    ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ සහාය ලැබුණ ද නොලැබුණ ද ආර්ථිකය ස්ථාවර කිරීමට ගත යුතු ක්‍රියාමාර්ග ගත යුතු බව ද ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා පවසයි.

    එමෙන්ම ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වු සහනාධාර වැඩපිළීවෙලවල් ආර්ථික අර්බුදය වර්ධනය කිරීමට එක් හේතුවක් වූ මෙම සහනාධාර වැඩපිළිවෙල සඳහා අධික මුදලක් වැයකිරීම හේතුවෙන් අයවැය හිඟය තව තවත් ඉහළ නැංවුණු බව හිටපු මහ බැංකු අධිපතිවරයා පෙන්වා දෙයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    වත්තල වෙඩි තැබීමට සම්බන්ධ බවට සැක දෙදෙනෙක් ඉන්දියාවේදී අත්අඩංගුවට

    July 25, 2026

    අධිකරණ ඇමතිට එරෙහි විශ්වාසභංග යෝජනාව අද පාර්ලිමේන්තුවට

    July 21, 2026

    රියැදුරන් ඉලක්ක කරන මූල්‍ය වංචාවක්

    June 2, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,451 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,410 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,612 Views
    Don't Miss

    බෙල්ලන්විල වෙඩි තැබීමට සම්බන්ධ දෙදෙනෙකු අත්අඩංගුවට

    July 26, 202606 Views

    බෙල්ලන්විල ප්‍රදේශයේදී ඊයේ (25) රාත්‍රියේ සිදුකළ වෙඩි තැබීමට සම්බන්ධව සැකකරුවන් දෙදෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන…

    වත්තල වෙඩි තැබීමට සම්බන්ධ බවට සැක දෙදෙනෙක් ඉන්දියාවේදී අත්අඩංගුවට

    July 25, 2026

    වත්තල, පල්ලියවත්තේ වෙඩිතැබීමේ තවත් තොරතුරු එළියට

    July 24, 2026

    ජාලිය වික්‍රමසූරියට යළි වරෙන්තු

    July 22, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.