Author: LFN
ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිත ශ්‍රී ලංකා-අයර්ලන්ත දෙවැනි ටෙස්ට් තරගය සඳහා එක්වීමට ප්‍රබල ක්‍රීඩකයෙක් මෙරටට පැමිණ සිටී. ඒ අයර්ලන්ත කණ්ඩායමේ උප නායකයා ලෙස කටයුතු කරන පෝල් ස්ටර්ලින් ය. ඔහු පළමු ටෙස්ට් තරගය සඳහා විවේක ගන්වා සිටියේය. ඔහු සිය කණ්ඩායම සමග එක්වීම සඳහා (20) රාත්‍රී ශ්‍රී ලංකාවට පැමිණියේය.
යෝජිත ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත පිළිබඳව පැහැදිලි කිරීමක් සිදුකරමින් ත්‍රෛනිකායික මහනාහිමිවරුන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ලිපියක් යොමුකර තිබේ. එහි දැක්වෙන්නේ අදාළ පනතේ ඇතැම් වගන්ති මගින් ප්‍රජාතන්ත්‍රවාදයේ මූලික අංග වන රටවැසියා සතු ස්වාධීන අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය හා සාමකාමීව විරෝධතා දැක්වීමේ අයිතිය අහෝසිවීම හේතුවෙන් ඒ පිළිබඳව දැඩි විරෝධයක් ශ්‍රී ලාංකීය ජන සමාජය තුළ උද්ගතවී ඇති බවය. ඒ හේතුවෙන් විශේෂඥ මණ්ඩලයක් හරහා මෙම පනත් කෙටුම්පතෙහි නුසුදුසු වගන්ති ඉවත් කොට සකස් කිරීම සුදුසු බව ඉන් දන්වා තිබේ. අදාළ ලිපිය පහතින් දැක්වේ.
දකුණු ආසියාවේ විශාලතම වාණිජ සහ සැපයුම් මධ්‍යස්ථානය කොළඹ වරාය තුළ ස්ථාපනය කිරීම සඳහා අදාළ ව්‍යාපෘතියේ කටයුතු ආරම්භ කර තිබේ. එහි සම්පූර්ණ ආයෝජනය ඩොලර් මිලියන 392කි. එම ව්‍යාපෘතිය සඳහා චයිනා මර්චන්ස් පෝර්ට් හෝල්ඩිංස් සමාගම, ශ්‍රී ලංකා වරාය අධිකාරිය සහ ඇක්සෙස් ඉංජිනියරින් පී.එල්.සී. සමාගම ඊට අදාළ ගිවිසුමට එළඹ තිබේ. එහි කොටස්වලින් 70%ක් චීන සමාගමට හිමිවන අතර ඉතිරි 30% ශ්‍රී ලංකා වරාය අධිකාරිය සහ ඇක්සෙස් ඉංජිනියරින් පී.එල්.සී. සමාගම් අතර සමසේ බෙදී යයි. එය ගොඩනැගීමට නියමිතව ඇත්තේ කොළඹ වරාය නගරයට ආසන්නයේ ය.
දැනට පර්යන්තවල නවතා දමා ඇති ශ්‍රීලන්කන් ගුවන් සේවයේ ගුවන් යානා 05 සම්බන්ධයෙන් එම ආයතනය නිවේදනයක් නිකුත් කර තිබේ. එහි දැක්වෙන්නේ එයාර් බස් A320 NEO කාණ්ඩයට අයත් එම ගුවන්යානා අමතර කොටස් හිඟය නිසා එසේ නවතා දමා ඇති බවය. ලොව පුරා මතුව ඇති අර්බුදකාරී තත්ත්වය හේතුවෙන් අවශ්‍ය අමතර කොටස් සපයා ගැනීමට දීර්ඝ කාලයක් ගතවන බවට එහි තවදුරටත් සඳහන් වෙයි. මේ වනවිට මෙම අර්බුදය විසඳා ගැනීම සඳහා ශ්‍රීලන්කන් එයාර්ලයින් සමාගම සැපයුම්කරුවන් සමග කටයුතු කරමින් සිටින බවද එම නිවේදනයේ දැක්වෙයි. අදාළ නිවේදනයේ තවදුරටත් දැක්වෙන්නේ එම ගුවන්යානා නවතා දමා ඇත්තේ මූල්‍යමය අර්බුදයක් නිසා නොව අමතර කොටස් සපයා ගැනීමට ඇති දුෂ්කරතාවය නිසා බවය.
ශ්‍රී ලංකාවේ ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා වන ආර්ථික කළමනාකරණ ප්‍රතිපත්තිය ඉදිරි මාසය තුළ සකස් කර අවසන් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවාධරණය කළේය. එම ආර්ථික කළමනාකරණ ප්‍රතිපත්තිය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කරගැනීමට බලාපොරොත්තු වන බවද ජනාධිපතිවරයා පැවසීය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළ කළේ, විශිෂ්ටතම ව්‍යාපාරිකයන් 40 දෙනෙකු අගයමින් ජනාධිපති ලේකම් කාර්යාලයේදී පසුගිය (20) පැවති “බිස්නස් ටුඩේ” සම්මාන උළෙල අමතමිනි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද පැවසීය. “ස්ථාවර සහ වේගයෙන් වර්ධනය වන ආර්ථිකයක් ළඟා කරගැනීමට අපට තවත් බොහෝ දුර යා යුතුව තිබෙනවා. අපි දැන් මොනවද කරලා තියෙන්නේ? වොෂින්ටනයේ වසන්ත සැසිවාරයට සහභාගීවීමෙන් පසුව රාජ්‍ය අමාත්‍යවරයා, භාණ්ඩාගාර…
නැගෙනහිර, ඌව, උතුරු, උතුරු-මැද, සබරගමුව සහ මධ්‍යම පළාත්වල තැනින් තැන සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන අතර ඇතැම් ස්ථාන වලට මි. මී. 75ට වැඩි තරමක තද වැසි ද ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. සෙසු පළාත්වල ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. බස්නාහිර පළාතේ උදෑසන කාලයේදී ද වැසි ඇති විය හැක. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ඉල්ලා සිටියි.
පවතින උණුසුම් කාලගුණික තත්ත්වය හේතුවෙන් මානසික ආතතිය ඇතුළු මානසික රෝග ඉහළ යා හැකි බව විශේෂඥ මනෝ වෛද්‍ය රූමි රූබන් මහතා පවසයි. ඒ මහතා වැඩිදුරටත් පවසන්නේ මේ හේතුවෙන් මිනිසුන් ප්‍රචණ්ඩත්වයට ගොදුරු විය හැකි බවය. එමගින් මිනිසුන් විවිධ අපරාධවලට යොමු විය හැකි බවද පෙන්වා දෙන විශේෂඥ මනෝ වෛද්‍ය රූමි රූබන් මහතා පවසන්නේ මෙම කරුණු පිළිබඳව අවධානය යොමුකළ යුතු බවය. මේ අතර මානසික රෝගවලට බෙහෙත් බොන පුද්ගලයින්ගේ පිපාසය අඩු බවත් ඒ නිසා ඔවුන් විජලනයට ලක් විය හැකි බවත් විශේෂඥ මනෝ වෛද්‍ය රූමි රූබන් මහතා පවසයි. එසේම අධික උණුසුම් කාලගුණික තත්ත්වය හේතුවෙන් දරුවන්ගේ සිතීමේ හැකියාව අඩුවිය හැකි බවත් එමගින් දරුවන්ට අධ්‍යාපනික ගැටලු ඇතිවිය හැකි…
හිටපු නීතිපති දප්පුල ද ලිවේරා සාක්ෂිකරුවෙකුට වඩා චූදිතයෙකුගේ තත්ත්වයට ඇදදමා ඇති බව අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසයි. කාදිනල් හිමිපාණන් මේ බව පැවසුවේ අද පෙරවරුවේ කොච්චිකඩේ ශාන්ත අන්තෝනි සිද්ධස්ථාන පරිශ්‍රයේ පැවති සැමරුම් වැඩසටහනේදීය. ලක් ඉතිහාසයේ අඳුරුතම දිනයක් ලෙස සටහන් වූ ජීවිත 272ක් බිළිගත් පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර මාලාව සිදු වී අදට සිව් වසරක් සපිරෙයි. ඒ වෙනුවෙන් පැවැති ප්‍රධාන සැමරුම් වැඩසටහන අද කොච්චිකඩේ ශාන්ත අන්තෝනි සිද්ධස්ථානයේදි පැවැත්වුණි. ලොව පුරා කිතුනුවන් ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ උත්ථානය සැමරූ 2019 අප්‍රේල් මස 21 වැනිදා ස්ථාන 8කදී ප්‍රහාර 10ක් සිදුකළේ කිතුණු දේවස්ථාන 03ක් සහ අගනුවර තරු පන්තියේ හෝටල් 03ක් ප්‍රධාන ඉලක්ක කර ගනිමිනි. ඒ…
මෙරට ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන දෙමටගොඩ චමින්දගේ ප්‍රධාන ගෝලයෙකු පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. විශේෂ කාර්ය බළකායේ බුද්ධි අංශයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව සිදුකළ වැටලීමකදී සැකකරු අත්අඩංගුවට ගෙන ඇත. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ දෙමටගොඩ ප්‍රදේශයේ පදිංචි 58 හැවිරිදි වියේ පසුවූ පුද්ගලයෙකි. මොහු සංවිධානාත්මක අපරාධකරුවෙකු හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන සිරිනායක පතිරණගේ චමින්ද රවී ජයනාත් නොහොත් දෙමටගොඩ චමින්ද යන අයගේ පුත්‍රයා වන මලීෂ යන අයගේ මෙහෙයවීම මත මත්ද්‍රව්‍ය ජාවාරම් සිදු කරන බවට තොරතුරු අනාවරණය වී ඇත. එහිදී පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් සැකකරු සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 25 ක් අඩංගු පැකට් 400 ක් සොයාගෙන ඇත. සැකකරු සහ හෙරොයින් වැඩිදුර…
ආදායම් බදු ගෙවීමට බැඳීමක් ඇති සියලු දෙනාම තම ආදායම් බද්ද ගෙවීම සඳහා ලිපිගොනුවක් විවෘත කිරීම තමාගේ වගකීමක් බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව මහජනතාවට දැනුම් දෙයි. ව්‍යාපාරයක් තිබෙන, කුලී සහ පොලී වැනි ආයෝජන ආදායම් තිබෙන, එසේම රැකියාවක නියුක්තව සිටින යම් අයෙකුගේ වාර්ෂික මුළු ආදායම රුපියල් දොළොස් ලක්ෂය (1,200,000) ඉක්ම වන්නේ නම් ඒ සියලු දෙනා ආදායම් බදු ගෙවීමට බැඳී සිටින බව ද එම දෙපාර්තමේන්තුව පවසයි. වාර්ෂික මුළු ආදායම අනුව බදු ගෙවීමට බැඳියාවක් ඇති සියලු දෙනා වහාම ආදායම් බදු ලිපිගොනුවක් විවෘත කිරීමට කටයුතු කරන ලෙසත් එම ලිපි ගොනුව විවෘත කිරීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට පැමිණ හෝ දෙපාර්තමේන්තුවේ ඊ සේවාව මගින් සිදුකර ගත හැකි බවත් දේශීය…