Author: LFN

උෂ්ණාධික තත්ත්වයෙන් දරුවන්ට සිදුවන අහිතකර බලපෑමෙන් වළක්වා ගැනීම සඳහා දෙමව්පියන් අවධානය යොමු කළ යුතු බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පවසයි. ඔහු පවසන්නේ වැඩිපුර දියර භාවිතය මගින් උෂ්ණාධික කාලගුණයෙන් ඇති වන සංකූලතා අවම කර ගත හැකි බවය. එමෙන්ම මේ දිනවල චර්ම රෝගවල වැඩිවීමක් දක්නට ලැබෙන බව ද පැවසු වෛද්‍යවරයා, කුඩාම දරුවන් වුවත් දිනකට දෙසැරයක් නෑවිම සුදුසු බව ද පැවසීය. “රෝග ලක්ෂණ විදියට මහන්සිය, නිදිමත ගතිය, ඇඟපත රිදෙන එක, සමහර අයට වමනය යන්න එනවා ඒ වගේ රෝග ලක්ෂණ කිහිපයක් ඇති වෙනවා. ඊට අමතරව දරුවන් සහ අපි වැඩිපුර ජලය සහ ලවණ ගත්තේ නැත්නම් වැඩිපුර දාඩිය දැමීම නිසා තාප…

Read More

මෙවර යල කන්නයේ වී වගාව සඳහා බණ්ඩි පොහොර මිල රුපියල් 4,500කින් පහළ දැමීම කෙරෙහි රජයේ අවධානය යොමුව ඇති බව කෘෂිකර්ම අමාත්‍යංශය පවසයි. බණ්ඩි පොහොර කිලෝග්‍රෑම් 50ක මිටියක් රුපියල් 18,500ක පමණ මිලකට අලෙවි වන බැවින් එම මුදල ගොවි ජනතාවට දරා ගැනීමට අපහසු නිසා මිල අඩු කිරීමට තීරණය කළ බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කර ඇත. මේ පිළිබඳ අවසන් තීරණය ලබන සතියේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩ‍ල සාකච්ඡාවේ දී ගනු ඇති බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර තිබේ. මෙරටට පොහොර ආනයනය කරන සහ බෙදාහරින පොහොර සමාගම් සංඛ්‍යාව 12 දක්වා ඉහළ ගොස් ඇති බැවින් මෙම තරඟකාරීත්වයේ වාසිය ගොවි ජනතාවට ලබාදීමට කටයුතු කරන ලෙස මහින්ද…

Read More

අද (20) සිට බලපැවැත්වෙන පරිදි ජාතික පාසල්වල අතරමැදි පන්ති සඳහා සිසුන් ඇතුළත් කිරීමට අදාළව නව චක්‍රලේඛයක් නිකුත් කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි. ඒ අනුව අධ්‍යාපන අමාත්‍යාංශය විසින් අතරමැදි පන්ති සඳහා සිසුන් ඇතුළත් කිරීමේ ලිපි නිකුත් කිරීම අත්හිටුවා ඇති බව එම අමාත්‍යාංශය සඳහන් කළේය. එම නව චක්‍ර ලේඛයට අනුව අතරමැදි පන්ති සඳහා සිසුන් ඇතුළත් කරගැනීමේ බලය පාසලේ විදුහල්පතිවරයාට පැවරීමට තීරණය කර ඇති බව වාර්තා වේ.

Read More

අද (20) දින සූර්යග්‍රහණයක් සිදුවන අතර එය දෙමුහුන් සූර්යග්‍රහණයක් ලෙස හඳුන්වනු ලබන බව කොළඹ විශ්වවිද්‍යාලයයේ තාරකා විද්‍යා සහ අභාවකාශ විද්‍යා ඒකකයේ අධ්‍යක්‍ෂ මහාචාර්ය චන්දන ජයරත්න පවසයි. එයට හේතුව එකම සූර්ය ග්‍රහණය තුළ එය පූර්ණ සූර්යග්‍රහණයක සිට වළයාකාර සූර්යග්‍රහණයක් දක්වා මාරු වීම බව ද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය. සූර්යග්‍රහණයේ ගමන් මාර්ගයේ ලොව සමහර ස්ථානවල සිටින නරඹන්නන් පූර්ණ සූර්යග්‍රහණයක් දකින අතර අනෙක් කොටස්වල සිටින අය වළයාකාර සූර්යග්‍රහණයක් දකිනු ඇත. අවස්ථා දෙකේදීම චන්ද්‍රයා, පෘථිවිය සහ සූර්යයා අතරින් ගමන් කරන අතර අමාවක දිනකදී පෘථිවිය සහ සූර්යයා අතරට චන්ද්‍රයා පැමිණි විට චන්ද්‍රයාගේ සෙවනැල්ල පෘතුවිය මත වැටෙන ප්‍රදේශවලට සූර්ය ග්‍රහණයක් ඇතිවේ. පෘථිවිය වටා චන්ද්‍රයාගේ කක්ෂය…

Read More

පාර්ලිමේන්තුවේ ඉදිරි කටයුතු පිළිබඳ තීරණය කිරීම සඳහා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව අද (20) රැස්වීමට නියමිතව තිබේ. කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේ දී අද පෙරවරුවේ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව රැස්වීමට නියමිත බව වාර්තා වේ. පාර්ලිමේන්තුවේ නියෝජනය කරන දේශපාලන පක්ෂ නායකයින් සහ එම පක්ෂවල නියෝජිතයින්ට මේ සඳහා ආරාධනා කර තිබේ. සිංහල දෙමළ අලුත් අවුරුද්දෙන් පසු පළමු වරට අප්‍රේල් 25 වන දින පාර්ලිමේන්තුව යළි රැස්වීමට නියමිතය. එළඹෙන පාර්ලිමේන්තු සැසියේ දී නව ත්‍රස්ත විරෝධි පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට සැලසුම් කර ඇති බව වාර්තා වේ. අද දිනයේ රැස්වන පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ දී පක්ෂ නායකයිනි විසින් ඒ සම්බන්ධයෙන්…

Read More

අධ්‍යාපන ක්ෂේත්‍රයේ පවතින වෘත්තිමය ගැටලු මඟහැර යෑමේ උපක්‍රමයක් ලෙස එය අත්‍යවශ්‍ය සේවාවක් බවට පත්කිරීම අනුමත නොකරන බව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය පවසයි. එහි සභාපති මහාචාර්ය ශ්‍යාම් බන්නැහැක මහතා සඳහන් කළේ, අධ්‍යාපන ක්ෂේත්‍රයේ පවතින ගැටලු විසඳීම සඳහා බලධාරීන් සාධනීය ලෙස කටයුතු කිරීම වැදගත් බවය. ජනාධිපති කාර්යාලයේ පැවති අධ්‍යාපන අමාත්‍යාංශයේ ප්‍රගති සමාලෝචන රැස්වීම අමතමින් ජනාධිපතිවරයා පවසා සිටියේ ලබන සතිය වන විට උසස් පෙළ පිළිතුරු පත්‍ර පරීක්ෂා කිරීමට ගුරුවරුන් යොමු නොවන්නේ නම් හදිසි නීතිය යටතේ අධ්‍යාපනය ද අත්‍යවශ්‍ය සේවාවක් බවට පත්කරන බවය. මේ සම්බන්ධයෙන් “මාධ්‍ය” කළ විමසීමකට පිළිතුරු දෙමින් විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ සභාපති මහාචාර්ය ශ්‍යාම් බන්නැහැක මහතා මෙසේ අදහස් පළ කළේය. “යම්කිසි…

Read More

මන්නාරම පොලිස් භෝජනාගාරයට අවශ්‍ය දර කඩා ගෙන ඒමට ඊ 19දහවල් කාලයේ මඩු කැලෑවට ටැක්ටර් රථයකින් ගිය පොලිස් කණ්ඩායමක් අතර සිටි පොලිස් සැරයන්වරයකු අතුරුදන් වී ඇතැයි පොලිසිය පවසයි. මෙසේ අතුරුදහන් වී ඇත්තේ මන්නාරම ප්‍රවර්තන අංශයේ රාජකාරි කරන පොලිස් සැරයන්වරයෙකි. මෙම පොලිස් සැරයන්වරයා මඩු කැලෑවේ අතරමං වී ඇති බව ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය. දර කඩා ගෙන ඒමට ගිය පොලිස් කණ්ඩායම භාරව සිටි පොලිස් සැරයෙන් සරත් 3339 මහතා විසින් මෙම සැරයන්වරයාගේ අතුරුදන් වීම වීම සම්බන්ධයෙන් මඩු පොලිස් ස්ථානාධිපතිවරයාට පැමිණිලි කර ඇත. කැලෑවේ අතරමං වූ පොලිස් සැරයන් වරයා ගැන පොලිස් කණ්ඩායම හොයා බලා ඔහු හමු නොවීම නිසා මෙසේ පැමිණිලි කර තිබේ. මඩු…

Read More

නේපාල ජනාධිපතිවරයාව රෝගී තත්ත්වයක් හේතුවෙන් හදිසියේ ඉන්දියාවට රැගෙනවිත් තිබේ. විදෙස් මාධ්‍ය පැවසුවේ නේපාල ජනාධිපතිවරයාව ගුවන් මගින් නවදිල්ලිය වෙත රැගෙනවිත් ඇති බවය. නවදිල්ලියේ All India Institute of Medical Sciences (AIIMS) රෝහල වෙත ඔහුව රැගෙනවිත් ඇති බවද නේපාල බලධාරීන් තහවුරු කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණි. නේපාල ජනාධිපතිවරයා ට පෙනහළු ආශ්‍රිත ආසාදනයක් ඇති බව අනාවරණයවීමෙන් පසු ප්‍රතිකාර සඳහා ඔහුව එලෙස ඉන්දියාව වෙත රැගෙනවිත් තිබේ.

Read More

කැබිනට් අනුමැතිය හිමිවූ විදුලිබල මණ්ඩලයේ ප්‍රතිව්‍යුහගත කීරීමේ මාර්ග සිතියම සහ යෝජිත කාලරාමුව සම්බන්ධයෙන් සියලුම පාර්ශ්ව දැනුවත් කිරීමට, විෂය භාර අමාත්‍ය කංචන විජේසේකර මහතා පියවර ගෙන තිබේ. මේ සඳහා ප්‍රතිව්‍යුහගත කිරීමේ කමිටුවද එක්ව සිටින බව අමාත්‍යංශය සඳහන් කළේය. ඒ අනුව ඊයේ උදෑසන විදුලිබල මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ විදුලි ඉංජිනේරුවන්ගේ සංගමය, අමාත්‍යවරයා සහ කමිටුව අතර සාකච්ඡාවක් පවත්වා තිබේ. එහිදී මෙම යෝජිත ක්‍රියාවලිය වෙනුවෙන් ඔවුන්ගේ සම්පුර්ණ සහය ලබාදීමට කටයුතු කරන බව ජ්‍යෙෂ්ඨ විදුලි ඉංජිනේරුවන්ගේ සංගමය පවසා ඇති බව සඳහන්ය. එමෙන්ම එම ක්‍රියාවලිය වේගවත් කරන ලෙසට ද ඔවුන් ඉල්ලීමක් කර තිබේ. මීට අමතරව වර්තමාන සේවයේ යෙදීසිටින නිලධාරීන් ඔවුන්ගේ පාරිතෝෂික දීමනා, විශ්‍රාම වැටුප් පිළිබඳව, පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති…

Read More

කුමන තත්ත්වයක් යටතේ වුවද දරුවන්ගේ අධ්‍යාපනය ප්‍රාණ ඇපයට ගැනීමට ඉඩ නොතබන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. අධ්‍යාපන බලධාරීන් සමග පැවති සාකච්ඡාවකදී ජනාධිපතිවරයා මේ බව පැවසීය. එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ජනාධිපතිවරයා පවසා සිටියේ සතියක් තුළ එකඟතාවයකට පැමිණ විභාග පිළිතුරු පරීක්ෂා කිරීමට නොපැමිණෙන්නේ නම් අධ්‍යාපනය හදිසි නීතිය යටතේ අත්‍යවශ්‍ය සේවාවක් බවට පත්කිරීමට කටයුතු කරන බවය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා, “අධ්‍යාපනය, විශේෂයෙන් විභාග කටයුතු අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කිරීම පිළිබඳව මම කල්පනා කරමින් ඉන්නවා. සමහරු කෑගහන්න පුළුවන්. එහෙත් රටක් වශයෙන් එය ඉතා ජනප්‍රිය තීරණයක් වේවි. දෙවනුව අධ්‍යාපන පොදු සහතික පත්‍ර විභාග කමිටු. හදිසි නීතිය යටතේ ඒ දෙකම ගෙන…

Read More