Author: LFN
අභ්‍යවකාශයේ පාවෙමින් තිබූ අත්හැර දැමූ චන්ද්‍රිකාවක් අද (20) දිනයේදී පෘථිවියට කඩාවැටීමට නියමිත බව නාසා ආයතනය අනාවරණය කරයි. ඔවුන්ට අනුව රාත්තල් 600ක බරින් යුතු රෙසී චන්ද්‍රිකාව උදෑසන 7ට පමණ පෘථිවි කක්ෂය වෙත ඇතුළුවීමට නියමිත අතර එය ගිනි ගෙන දැවීමෙන් පසු එහි කොටස් පෘථිවියට පතිතවීමේ ඉඩකඩක් ඇතැයි ද විද්‍යාඥයින් පවසයි. කෙසේ නමුත් චන්ද්‍රිකාව කඩාවැටෙන නිශ්චිත ස්ථානය මෙතෙක් අනාවරණය වී නොමැත.
අද (20) දිනයේ උතුරු, උතුරුමැද, නැගෙනහිර සහ වයඹ පළාත්වලත් මොනරාගල සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් මිනිස් සිරුරට දැනෙන උණුසුම අවධානය යොමුකළ යුතු මට්ටමක පවතිනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. මේ හේතුවෙන් ප්‍රමාණවත් ලෙස ජලය පානය කිරීම සහ දැඩි අව් රශ්මියෙන් වැළැකීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස සෞඛ්‍ය අංශ ජනතාවට දැනුම්දෙයි. මේ දිනවල බොහෝ දිස්ත්‍රික්කවල වායුගෝලීය උෂ්ණත්ත්වය සෙල්සියස් අංශක 32ත් 36ත් අතර අගයක පවතින නමුත් ඊට වැඩි උෂ්ණත්වයක් මිනිස් සිරුරට දැනෙනු ඇත. උණුසුම් දර්ශකය අනුව එලෙස සිරුරට දැනෙන උෂ්ණත්වය සෙල්සියස් අංශක 39ත් 45ත් අතර අගයක් ගනු ලබන අතර එය සැලකෙන්නේ අවධානය යොමු කළ යුතු තත්ත්වයක් ලෙසය. මේ අතර බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ…
ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය පවසන්නේ, වන සතුන් සහ ශාක ආනයනය සහ අපනයනය අධීක්‍ෂණය කරන සහ කළමනාකරණය කරන ප්‍රධාන රජයේ දෙපාර්තමේන්තුව වන චීන ජාතික වන විද්‍යා හා තණබිම් පරිපාලනය, ශ්‍රී ලංකාවෙන් රිළවුන් 100,000ක් ආනයනය කරන ලෙස කරන ලද ඉල්ලීමක් පිළිබඳව තමන් නොදන්නා බවයි. තවද චීන පෞද්ගලික සමාගමක් එවැනි ඉල්ලීමක් සිදුකර තමන් වෙත කිසිදු අයදුම්පතක් යොමුකර නොමැති බවත් තානාපති කාර්‍යාලය නිවේදනය කරනවා.
මහනුවර අකුරණ නගරයට දැඩි පොලිස් ආරක්ෂාවක් යොදවා තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා සඳහන් කළේ ඊයේ රාත්‍රියේ සිට මෙලෙස අකුරණ නගරයේ ආරක්ෂාව තර කර ඇති බවයි. අද දිනය තුළ අකුරණ නගරයේ කිසියම් කඩාකප්පල්කාරී ක්‍රියාවක් සිදුවනු ඇති බවට ආරක්ෂක අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක වන 118 හදිසි ඇමතුම් අංකයට ඊයේ රාත්‍රී දුරකථන ඇමතුමක් ලැබී තිබෙනවා. ඒ අනුව වහාම ක්‍රියාත්මක වූ ආරක්ෂක අංශ මේ සම්බන්ධයෙන් අවධානය යොමුකර විශේෂ පොලිස් කණ්ඩායම් කිහිපයක් එම ප්‍රදේශයට පිටත් කර හැර ඇති බවයි සඳහන් වන්නේ.
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තමාට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමේ බලය ඇත්තේ අධිකරණයට හෝ අගවිනිසුරුට මිස කාදිනල් හිමියන්ට නොවන බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (19) පෙරවරුවේ මහනුවරට පැමිණ ඓතිහාසික ශ්‍රී දළදා මාළිගය වැඳ පුදා ගත්තේය. එම අවස්ථාවට එම මහත්මිය ඇතුළු පිරිසක් එක්ව සිටියහ. හිටපු ජනාධිපතිවරයා එහිදි පැමිණ සිටි ජනතාව සමග ද සුහඳ පිළිසඳරක නිරත වුණි. මාධ්‍ය වෙත අදහස් දැක්වු හිටපු ජනපතිවරයා, ප්‍රශ්නය – ඔබතුමා මැතිවරණයට ඉදිරිපත් වෙනවා කියනවා ? “ඕවා ඉතින් කවදා වෙයිද දන්නේ නෑ. හුළඟේ යන දේවල් නේ. අපි දන්නේ නෑ මැතිවරණයක් කවදාද තියෙන්නේ, මොන මැතිවරණ ද තියෙන්නේ ? විශේෂයෙන් ජනාධිපතිතුමා සහ මැතිවරණ…
අප්‍රේල් මස 22 වනදා ජනාධිපති ලේකම් කාර්යාලය විසින් සංවිධානය කිරීමට නියමිත අවුරුදු උත්සවය සඳහා සහභාගිවීම වර්ජනය කරමින් වෘත්තීය ක්‍රියා මාර්ගයක නිරත වන බව සමෘද්ධි වෘත්තීය සමිති එකමුතුව පවසයි. සමස්ථ ලංකා සමෘද්ධි කළමණාකරුවන්ගේ සංගමයේ සභාපති පී. කේ. රනුග්ගේ මහතා සඳහන් කළේ ජනතාව පීඩාවට පත්ව ඇති අවස්ථාවක එම අවුරුදු උත්සවය සඳහා විශාල මුදලක් වැයකිරීමට රජය පියවර ගෙන ඇති බවය. “සමෘද්ධි දෙපාර්තමේන්තුවේ පරිපාලනය විසින් යම් යම් බලපෑම් කරමින් කළමණාකරුවන් බිය වද්දමින් තමන්ගේ ලක්ෂ 816ක් වියදම් කිරීමේ වැඩසටහන කලින් ක්‍රියාත්මක කරන තත්ත්වයකට පත්කරලා තියෙනවා. සමෘද්ධි කළමණාකරුවන් ඔය බියගුලු වැඩවලට බයවෙන්නේ නැහැ. ඇතැම් දේශපාලන ඇම්බැට්ටයින් යොදාගෙන කළමණාකරුවන් බිය වැද්දීම්, මාරුකරන බවට තර්ජනය කිරීම් කරමින් ලක්ෂ…
සැලසුම් කර තිබූ පරිදි අප්‍රේල් 25 වනදා පළාත් පාලන ඡන්ද විමසීම කළ නොහැකි බවට දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීන් විසින් ගැසට් නිවේදන මගින් දන්වා තිබේ. අදාළ ගැසට් නිවේදන අප්‍රේල් 11 වනදා නිකුත්කර තිබුණි.
ජනවරමක් නොමැති ජනතාව විසින් ප්‍රතික්ෂේප කළ වත්මන් ආණ්ඩුව සමග සමගි ජනබලවේගය කිසිදු අවස්තාවක එක් නොවන බැවින් ව්‍යාජ පුවත්වලට නොරැවටෙන ලෙස ජනතාවගෙන් ඉල්ලීමක් කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කොළඹ දී ඊයේ (18) ප්‍රකාශ කළේය. දෙවැනි ලෝක යුද සමයේ හිට්ලර් විසින් ගොබෙල්ස් උපයෝගී කර ගෙන මාධ්‍ය හරහා බොරුව ජනගත කලා සේ වත්මන් ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා විසින්ද බොරු ප්‍රචාර ජනගත කිරීමේ කූට උපක්‍රමයක නියැලෙන බවත් විපක්ෂ නායකවරයා පැවසීය. සැබෑ මාධ්‍යවේදීන්ට පවා අපහාස කරමින් මාධ්‍යවේදීන් යැයි හඳුන්වා ගන්නා පිරිසක් හරහා ඇත්ත බොරුව බවට පත් කිරීම හා බොරුව ඇත්ත බවට පත් කිරීමේ මහා ව්‍යාපාරයක් ක්‍රියාත්මක කරන බවත් කොළඹ දි මාධ්‍යයට විශේෂ ප්‍රකාශයක් සිදුකරමින්…
බස්නාහිර පළාතේ රථවාහන දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති තනතුරට වැඩබලන නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ලියනගේ පත් කර තිබෙනවා. මෙතෙක් ඔහු කටයුතු කළේ රත්නපුර දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙසයි. බස්නාහිර පළාතේ රථවාහන දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති තනතුරේ රාජකාරී කළ යූ පී ඒ ඩී කේ පී කරුණානායක රත්නපුර දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස පත් කර තිබෙනවා. පොලිස්පතිවරයා විසින් එම ස්ථාන මාරුවීම් ලබාදී ඇත්තේ ජාතික පොලිස් කොමිෂන් සභාවේ ආවරණ අනුමැතියට යටත්ව සේවා අවශ්‍යතාව මතයි.
සුඩානය තුළ පැය 24 ක සටන් විරාමයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ රජයේ හමුදාව සහ නිල නොවන සන්නද්ධ හමුදා කණ්ඩායම් යන දෙපාර්ශවයම සටන් විරාමය සඳහා කැමැත්ත පළ කර ඇති බවයි. ඒ අනුව එරට වේලාවෙන් අද පස්වරු 06 සිට බලපැවැත්වෙන පරිදි එම සටන් විරාමය ක්‍රියාත්මක බව ද විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන්. ඒ අනුව කාටුම් අගනුවර දකුණු ප්‍රදේශයේ ගැටුම් නතර වී ඇති නමුත් අගනුවර සෙසු ප්‍රදේශ කිහිපයක පවතින්නේ සතුටුදායක තත්ත්වයක් නොවන බවයි විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ. මේ අතර සුඩානයේ අගනුවර රෝහල්වල කටයුතු අඩපණ වී ඇති බව ද වාර්තා වනවා. ඊට හේතුව වන්නේ වෛද්‍යවරුන්ට සහ අනෙකුත් රෝහල් කාර්යය මණ්ඩල සඳහා…