Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    වාර්තාගත කඳු නගින්නන් සංඛ්‍යාවක් එවරස්ට් තරණය කරයි

    May 21, 2026

    ශ්‍රී ලංකා ක්‍රිකට් නව තේරීම් කමිටුව පත් කෙරේ

    May 21, 2026

    විෂ මත්ද්‍රව්‍ය විරෝධී තරුණ සමුළුවක් ජුනි 26

    May 21, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»බාලවයස්කාර සැකකරුවන් භාරව සිටි බන්ධනාගාර නිලධාරීන් තිදෙනාගේ වැඩතහනම්
    Featured

    බාලවයස්කාර සැකකරුවන් භාරව සිටි බන්ධනාගාර නිලධාරීන් තිදෙනාගේ වැඩතහනම්

    By LFNApril 24, 2023No Comments2 Mins Read157 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ඝාතන සිදුවීමකට අදාළව අධිකරණ නියෝග මත මාකොළ ළමා නිවාසයේ රඳවා සිටි සැකකාර දරුවන් තිදෙනෙකු භාරව සිටි බන්ධනාගාර නිලධාරීන් තිදෙනෙකුගේ වැඩතහනම් කර තිබේ.

    නිවේදනයක් නිකුත් කරමින් බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, අතිරේක බන්ධනාගාර කොමසාරිස් ජනරාල් චන්දන ඒකනායක මහතා පවසා සිටියේ බන්ධනාගාර බුද්ධි අංශය වෙත ලද වීඩියෝවකට අදාළව එම නිලධාරීන් තිදෙනාගෙන් ප්‍රකාශ ලබාගැනීමෙන් අනතුරුව විනය පරීක්ෂණයකට යටත්ව එම තීරණය ගත් බවය.

    අප්‍රේල් 18 වනදා නඩු කටයුත්තකින් අනතුරුව යළි රැඳවුම් මධ්‍යස්ථානයකට සැකකාර සිසුන් තිදෙනෙක් රැගෙන යමින් තිබූ වෑන් රථයක් මහමඟ නවතා, ඔවුන්ට බඩු භාණ්ඩ ලබාදීමට පිරිසක් කටයුතු කළ බවට බන්ධනාගාර බුද්ධි අංශය වෙත පැමිණිල්ලක් ඉදිරිපත්ව තිබුණි.

    ඒ සම්බන්ධයෙන් බන්ධනාගාර දෙපාර්තමේන්තුව මේ වන විට පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇතැයි ද චන්දන ඒකනායක මහතා අදාළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර තිබේ.

    ඒ අනුව ඉදිරියේදී විමර්ශන කටයුතු අවසන් වීමෙන් පසු වැඩතහනම් කළ නිලධාරීන් සම්බන්ධයෙන් දැඩි විනය පියවර ගැනීමට බලාපොරොත්තු වන බව ද ඒ මහතා සඳහන් කර තිබේ.

    වැලිපැන්න, ගල්මත්ත ප්‍රදේශයේ පටු මාර්ගයක අධික වේගයෙන් යතුරුපැදි ධාවනය කළ පාසැල් වියේ පසුවන ළමුන් තිදෙනකුට එය නවත්වන්නැයි අවවාද කළ 34 හැවිරිදි පුද්ගලයෙකුට යතුරුපැදි හෙල්මට්වලින් පහරදී ඝාතනය කෙරුණේ පසුගිය පෙබරවාරි 14 වනදාය.

    සිද්ධියෙන් අවාසනාවන්ත ලෙස මියගියේ රංග විරාජ් නම් එක්දරු පියෙකි.

    රංගට දිවි අහිමි කළ බාලවයස්කාර ළමුන් තිදෙනා මතුගම මහෙස්ත්‍රාත් අධිකරණයේ නියෝගයකට අනුව මාකොළ ළමා රැඳවුම් මධ්‍යස්ථානයට යොමුකෙරුණි.

    එම සිද්ධියට අදාළ නඩුව පසුගිය අප්‍රේල් 18 වනදා මතුගම මහෙස්ත්‍රාත් අධිකරණයේදී යළි කැඳවූ අතර, නඩු කටයුතු අවසන් වීමෙන් පසු සැකකාර සිසුන් තිදෙනා යළි රැඳවුම් මධ්‍යස්ථානය වෙත වෑන් රථයකින් රැගෙන යාමට පියවර ගැනුණි.

    නමුත් අධිකරණය අසල අතුරු මාර්ගයකදී වෑන් රථය නවත්වා ඒ තුළට බඩු භාණ්ඩ ආදිය ලබාදීමට සැකකාර සිසුන්ගේ ඥාතීන් විසින් පියවර ගත් බවට දැක්වෙන වීඩීයෝවක් “අද දෙරණ”ට ද ලැබී තිබේ.

    ඒ සම්බන්ධයෙන් මියගිය රංගගේ වැඩිමහල් සහෝදරයා පළ කළේ මෙවන් අදහසක්,

    “අපි මේ ගැන දැඩි විමසිල්ලෙන් සිටියා. ඒ අතර අපට දැකිනන්ට ලැබුණා මේ අය දරුවන්ව රැගෙන විත් එක දරුවෙකුගේ මාමාගේ මෝටර් රථයක තිබූ බඩු පාර්සල් කිහිපයක් වෑන් රථයට දෙනවා. අපි ඒ අවස්ථාව ජංගම දුරකථනවලින් වීඩියෝ කළා. වීඩියෝ ගතකරලා ඊයේ දිනයේ බන්ධනාගාර බුද්ධි අංශය වෙත ලිඛිතව හා වීඩියෝව ලබාදී පැමිණිල්ලක් ඉදිරිපත් කළා. බන්ධනාගාර නිලධාරීන් උපදෙස් දුන්නේ ඊළඟ නඩු වාරයේදී නීතිඥවරයා මාර්ගයෙන් මෙම අකටයුත්ත අධිකරණය වෙත දැනුම් දෙන ලෙසයි. මොකද මේ බන්ධනාගාර නිලධාරීන් කරන අක්‍රමිකතාවය නිසා මේ දරුවන්ට යම් කිසි හානියක් සිදුවුණොත් අපි විරුද්ධ පාර්ශවය නිසා අපේ පැත්තට ඇඟිල්ල දිගුවන නිසා. අපි බලාපොරොත්තු වෙනවා ඊළඟ නඩුවාරයේදී මහෙස්ත්‍රාත්වරයා දැනුවත් කර මෙම සිදුවීම අධිකරණයට දන්වා සිටීමට.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    විෂ මත්ද්‍රව්‍ය විරෝධී තරුණ සමුළුවක් ජුනි 26

    May 21, 2026

    නොරොච්චෝලේ පාරිසරික බලපෑම් සොයන්න අනුකාරක සභාවක්

    May 21, 2026

    අගමැති හරිනි ලන්ඩනයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් හමුවෙයි

    May 21, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,440 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,392 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,597 Views
    Don't Miss

    වාර්තාගත කඳු නගින්නන් සංඛ්‍යාවක් එවරස්ට් තරණය කරයි

    May 21, 202600 Views

    කඳු නගින්නන් 274 දෙනෙකු අද (21) ලොව උසම කඳු මුදුන ලෙසින් සැලකෙන එවරස්ට් කන්ද තරණය…

    ශ්‍රී ලංකා ක්‍රිකට් නව තේරීම් කමිටුව පත් කෙරේ

    May 21, 2026

    විෂ මත්ද්‍රව්‍ය විරෝධී තරුණ සමුළුවක් ජුනි 26

    May 21, 2026

    නොරොච්චෝලේ පාරිසරික බලපෑම් සොයන්න අනුකාරක සභාවක්

    May 21, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.