Author: LFN

ඉන්දුනීසියානු නාවික හමුදාවට අයත් ‘KRI Bima Suci’ පුහුණු නෞකාව සුහද සංචාරයක් සඳහා අද දින (2023 අප්‍රේල් 20) උදෑසන කොළඹ වරායට සේන්දු වූ අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව නාවික හමුදා සම්ප්‍රදායානුකුලව පිළිගැනීමට කටයුතු කෙරිණි. මෙලෙස කොළඹ වරායට සේන්දු වූ ‘KRI Bima Suci’ නෞකාව (Sailing Ship), දිගින් මීටර් 112.2 ක් හා නැව් මුළුව 95 ක ගෙන් සමත්විත වන අතර, එහි අණදෙන නිලධාරී ලෙස Commander M. Sati Lubis කටයුතු කරනු ලබයි. ‘KRI Bima Suci’ නෞකාවේ අණදෙන නිලධාරී සහ බටහිර නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් සුරේෂ් ද සිල්වා අතර නිල හමුවක් අද දින (2023 අප්‍රේල් 20) බටහිර නාවික විධාන මුලස්ථානයේ දී…

Read More

පාස්කු ප්‍රහාරයට සම්බන්ධ අය ගැන රජය තරාතිරම නොබලා විමර්ශනය කරන බව ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය මහතා පැවසීය. පාස්කු ප්‍රහාරය යනු රට බංකොලොත් වීමට වක්‍රාකාරයෙන් බලපෑ සංසිද්දියක් බවද එම ප්‍රහාරය මරණ 253 කට පමණක් ලඝු කළ හැකි කාරණයක් නොවන බවද රත්නප්‍රිය මහතා කීය. මෙහි වින්දිතයන්ට කවදා හෝ සාධාරණයක් ඉටුවිය යුතු අතර රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා යටතේ ඒ සාධාරණය ඉටු කිරීම රජයේ අපේක්ෂාව බව ද රත්නප්‍රිය මහතා සඳහන් කළේය.

Read More

නවතම ටෙස්ට් පිතිකරුවන් අතර ශ්‍රී ලංකා ක්‍රීඩකයින් කිහිප දෙනෙකු ඉදිරියට පැමිණ තිබෙනවා. ඒ අතරින් ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න ටෙස්ට් පිතිකරුවන් අතර නමවන ස්ථානයට පැමිණ සිටිනවා. දිනේෂ් චන්දිමාල් ස්ථාන 4ක් ඉදිරියට එමින් ටෙස්ට් පිතිකරුවන් අතර පසු වන්නේ 14වන ස්ථානයේයි. කුසල් මෙන්ඩිස් ස්ථාන 9ක් ඉදිරියට පැමිණ තිබෙනවා. නවතම ශ්‍රේණිගත කිරීමෙන් ඔහු පසු වන්නේ 42වන ස්ථානයේයි. නවක පිතිකරු සදීර සමරවික්‍රමද හොඳම ටෙස්ට් පිතිකරුවන් සිය දෙනා අතරට එක් වෙමින් 81වන ස්ථානකයට ශ්‍රේණිගත වී සිටිනවා. මෙම පිතිකරුවන් සිව් දෙනාම අයර්ලන්තයට එරෙහි පළමු ටෙස්ට් තරඟයේදී ශතක වාර්තා කළ අයයි. මේ අතර නවතම ටෙස්ට් පන්දු යවන්නන් අතර 19වන ස්ථානයට පැමිණීමට දඟ පන්දු යවන ක්‍රීඩක ප්‍රභාත් ජයසූරිය…

Read More

යේමනයේ සානා අගනුවර දී සිදුවු තෙරපීමකින් පුද්ගලයින් 85දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. රාමදාන් උත්සවය වෙනුවෙන් සානාහි ජනතාව වෙත ආධාර බෙදාහැරීමේ වැඩසටහනක් අතර තුර ඇති වූ තෙරපීමකින් එම මරණ වාර්තා වන බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. මියගිය අය අතර ළමුන් සහ කාන්තාවන් ද වන බව සඳහන්ය. තෙරපීමෙන් තවත් පුද්ගලයින් 322කට වැඩි පිරිසක් තුවාල ලබා රෝහල් ගත කර තිබේ.

Read More

විද්‍යුත් යතුරුපැදි බැටරි හුවමාරු කිරීම සඳහා මධ්‍යස්ථාන දෙකක් ස්ථාපනය කර එය පවත්වාගෙන යාම සඳහා USAID ආයතනයේ මෙරට බලශක්ති වැඩසටහන සහ Sling Mobility ආයතනය අතර ගිවිසුමකට අත්සන් තබා තිබේ. අමෙරිකානු තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් මේ බව පවසයි. ඒ අනුව මෙම ව්‍යාපෘතිය හරහා කොළඹ නගරයේ ඉදිකෙරෙන අදාළ මධ්‍යස්ථාන මගින් විද්‍යුත් යතුරුපැදි හිමියන් සතු ආරෝපණය බැසගිය පැරණි බැටරිය ආරෝපණය වනතුරු දිගු වේලාවක් රැඳී සිටීමකින් තොරව ආරෝපිත නව බැටරියක් ලබා ගැනීමට අවස්ථාව හිමිවනු ඇති. තානාපති කාර්යාලය වැඩිදුරටත් පවසන්නේ එහි නියමු ව්‍යාපෘතිය යටතේ ඊ යතුරුපැදි ධාවකයින් 20 දෙනෙකුටද අවස්ථාව හිමිවන අතර මෙමගින් රටපුරා විද්‍යුත් බැටරි ආරෝපණ මධ්‍යස්ථාන ව්‍යාප්ත කිරීමට සහායක් ලැබෙනු ඇති බවය. එම…

Read More

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට සිව් වසරක් සපිරීම නිමිත්තෙන් කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානයේ සිට කොච්චිකඩේ ශාන්ත අන්තෝනි සිද්ධස්ථානය දක්වා මේ වනවිට පාගමනක් ආරම්භ කර තිබේ. මේ අතර පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ සිව්වන වර්ෂ පූර්ණය හෙට දිනයේ, ප්‍රහාරයෙන් මියගිය තැනැත්තන් සිහිකරමින් සහ වින්දිතයින්ට යුක්තිය ඉල්ලා සිටිමින් කොච්චිකඩේ ශාන්ත අන්තෝනි සිද්ධස්ථානයේ සිට කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානය දක්වා ජන පවුරක් නිර්මාණය කරන බව අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ප්‍රමුඛ කතෝලික සභාව පසුගියදා නිවේදනය කළා. ඊට සමගාමීව ඊයේ පස්වරුවේ කටුවාපිටිය දේවස්ථානයේදී විශේෂ දේව මෙහෙයක්ද පැවැත්වුණි.

Read More

බස්නාහිර, සබරගමුව, දකුණ, මධ්‍යම සහ උතුරු-මැද පළාත්වලත් මුලතිවු දිස්ත්‍රික්කයේත් අද දිනයේ තැනින් තැන වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. අද දිනයට අදාළ කාලගුණ වාර්තාව නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව මේ බව සඳහන් කර ඇත. මේ අතර බස්නාහිර සහ දකුණු වෙරළබඩ ප්‍රදේශවල උදෑසන කාලයේදීද වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තුව පවසයි. ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළං සහ අකුණු මගින් ඇතිවිය හැකි අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී. මේ අතර දිවයිනේ දිස්ත්‍රික්ක රැසක උෂ්ණත්වය අද දිනයේ අවධානය යොමුකළ යුතු මට්ටමක පවතිනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව පෙන්වාදෙන්නේ බස්නාහිර, වයඹ,…

Read More

පසුගිය අප්‍රේල් මස 11 වනදා ශ්‍රී ලංකා මහ බැංකු පරිශ්‍රයෙන් ලක්ෂ 50ක මුදලක් අතුරුදන් වීමේ සිද්ධියට අදාළව මහ බැංකුව විසින් නිවේදනයක් නිකුත් කර තිබේ. එම නිවේදනයේ සඳහන් වන්නේ එදින මෙහෙයුම් කටයුතු අතරතුරදී මෙම අඩුවීම වාර්තා වූ බවය. මෙලෙස අඩුවී ඇති බවට වාර්තා වී ඇත්තේ මහ බැංකු අභ්‍යන්තර සුරක්ෂිතාගාරයක තිබූ ලක්ෂ 50ක වටිනාකමකින් යුතු රුපියල් 5000‍ නෝට්ටු බණ්ඩලයක් බවද එම නිවේදනය සඳහන් ව ඇත. සිද්ධිය සම්බන්ධයෙන් අභ්‍යන්තය විමර්ශනයක් කඩිනමින් ආරම්භ කර ඇති බවද ශ්‍රී ලංකා මහ බැංකුව සිය නිවේදනයෙන් පෙන්වා දෙයි. මේ අතර එම සිදුවීම පිළිබඳව කොටුව පොලිස් ස්ථානය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බවත් පොලිස් විමර්ශන කටයුතු ක්‍රියාත්මක බවත් මහ…

Read More

ජූලි චන්ග් සහ අධිකරණ ඇමති හමුවී ප්‍රතිත්‍රස්ත පනත් කෙටුම්පත ගැන ගතු කියයි ශ්‍රී ලංකාවේ සිටින අමෙරිකානු තානාපතිනි ජූලි චන්ග් මහත්මිය සහ අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ අතර හමුවක් අද (20) කොළඹ දී පවත්වා තිබේ. සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් චන්ග් මහත්මිය ඒ බව පැවසුවාය. ඇය පවසන්නේ එහිදී ප්‍රතිත්‍රස්ත පනත් කෙටුම්පතේ කරුණු සම්බන්ධයෙන් සාකච්ඡා කළ බවය. “ජාත්‍යන්තර ප්‍රමිතියෙන් තොර ප්‍රතිත්‍රස්ත පනත් කෙටුම්පතේ කරුණු සම්බන්ධයෙන් අපි සාකච්ඡා කළා. එම පනත් කෙටුම්පතේ කරුණු සම්බන්ධයෙන් ජනතාව අතර සහ පාර්ලිමේන්තුව තුළ පුළුල් අදහස් හුවමාරුවක් අවශ්‍ය බව පැවසුවා..” ඇය පෙන්වා දෙන්නේ අදහස් ප්‍රකාශ කිරීමේ හෝ රැස්වීමේ නිදහස සීමා නොකර සිවිල් සමාජය, අධ්‍යාපනවේදීන් මෙන්ම මන්ත්‍රීවරුන්ගේ වැනි සියලුදෙනාගේ හඬට…

Read More

ශ්‍රී ලංකාව සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ අරමුදල් පහසුකම යටතේ වූ සැකසුම ක්‍රියාත්මක කිරීම සඳහා වූ යෝජනා සම්මත කරගැනීම සඳහා වූ පාලිමේන්තු විවාදයට දින නියම වී තිබේ. ඒ් අනුව අප්‍රේල් මස 26, 27 සහ 28 ‍යන දින තුන තුළ විවාදය පැවැත්වීමට අද (20) පෙරවරුවේ නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය කර ඇත. පාර්ලිමේන්තුව ලබන 25 සිට 28 දක්වා රැස්වේ.

Read More