Author: LFN
පාස්කු ප්රහාරය සම්බන්ධයෙන් සොයාබැලීම සඳහා පත්කළ ජනාධිපති කොමිසමේ සම්පූර්ණ වාර්තාව කතෝලික රදගුරු සමුළුවයට භාර දී තිබේ. ජනාධිපතිවරයාගේ අනුමැතිය සහිතව අමාත්ය ටිරාන් අලස් මහතා විසින් එම වාර්තාවේ පිටපතක් කතෝලික රදගුරු සමුළුවේ සභාපති, ගරු හැරල්ඩ් ඇන්තනී පෙරේරා පියතුමන් ට භාර දී ඇත.
ඉදිරි වසර 25 සඳහා වු ජාතික අධ්යාපන ප්රතිපත්තියක් සහ අදාළ ප්රතිසංස්කරණ යෝජනා සකස් කිරීමට අමාත්ය මණ්ඩල අනුකමිටුවක් පත්කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ. ජනාධිපතිවරයා, අගමැතිවරයා සහ අධ්යාපන අමාත්යවරයාගේ සහභාගීත්වයෙන් සාමාජිකයින් 10දෙනෙකුගෙන් සමන්විතව එම අනුකමිටුව පත්කිරීමට නියමිතය. ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කළ යෝජනාවක් අනුව කැබිනට් මණ්ඩලය විසින් එය අනුමත කර තිබේ. රටේ ආර්ථික ස්ථාවරත්වය ළඟා කර ගැනීමේ ක්රියාවලිය අතරතුර කඩිනමින් ප්රතිසංස්කරණ හඳුන්වා දිය යුතු ප්රධාන අංශයක් ලෙස රජය විසින් අධ්යාපන ක්ෂේත්රය හඳුනාගෙන ඇත. ඒ අනුව අදාළ සියලු පාර්ශවයන්ගේ දායකත්වයෙන් නව අධ්යාපන ප්රතිපත්ති රාමුවක් ක්රියාවට නැංවීමට අපේක්ෂා කෙරේ.
මැයි මස 1 වන දින සිට ක්රියාත්මක වන පරිදි නුවරඑළිය දිස්ත්රික්කයේ මහල් 4කට වැඩි නව ගොඩනැගිලි ඉදිකිරීම සීමා කර තිබේ. නාගරික සංවර්ධන අධිකාරි පනතේ විධිවිධාන අනුව රෙගුලාසි පැනවීමට ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කළ යෝජනා සඳහා අමාත්ය මණ්ඩල අනුමැතිය ලබාදෙමින් එම තීරණය ගෙන ඇත. නුවරඑළිය ප්රදේශයේ සිදුකෙරෙමින් පවතින අවිධිමත් සංවර්ධනය හේතුවෙන් නුවරඑළිය නගරයේ සුන්දරත්වය ක්රමයෙන් අඩුවෙමින් පවනිත අතර එමගින් සංචාරක කර්මාන්තයට විශාල බලපෑමක් සිදුව ඇති බව ජනාධිපතිවරයා පසුගිය දා පැවසීය. එම නිසා එම ප්රදේශයේ සංචාරක ව්යාපාරයේ වර්ධනයට අවශ්ය පරිසරයක් නිර්මාණය කෙරෙන පරිදි සවිස්තරාත්මක සංචාරක සංවර්ධන ප්රධාන සැලැස්මක් සකස් කිරීමේ අවශ්යතාව පැන නැගී ඇති බැවින් මෙම තීරණය ගෙන ඇත.
ආරක්ෂක හේතූන් මත කොළඹ කොටුව ජනාධිපති මන්දිරය සහ ජනාධිපති ලේකම් කාර්යාලය කෝට්ටේ ශ්රී ජයවර්ධනපුර පාර්ලිමේන්තුව ආසන්නයට රැගෙන යාමේ සැලසුමක් සම්බන්ධයෙන් රජයේ අවධානය මේ වන විට යොමු වී ඇතැයි අභ්යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි. මාදිවෙල ජාතික සඳුන් උයන පිහිටි අක්කර 9 ක භූමි භාගය ජනාධිපති කාර්යාලය ඉදිකිරීමටත් මාදිවෙල කුරුලු උයන සංකීර්ණය ඉදිකිරීමට යෝජිත අක්කර 38 ක භූමිය ජනාධිපති මන්දිරය ඉදිකිරීමට අවධානය යොමු වී ඇත. තලංගම පොලිස් වසමේ පිහිටි ජාතික සඳුන් උයන පිහිටි ඉඩම පහළවෙළ ග්රාම සේවා වසම ට අයත් වන අතර මිරිහාන පොලිස් බල ප්රදේශයට අයත් කුරුලු උයන ඉදිකිරීමට යෝජිත භූමිය මිරිහාන උතුර, මාදිවෙල, ප්රගතිපුර, හා උඩහමුල්ල ග්රාම සේවා වසම් වලට…
දෙමළ ජාතික සන්ධානය ඇතුළු උතුරු නැගෙනහිර දේශපාලන පක්ෂ එක්ව අද (25) උතුරු නැගෙනහිර පළාත් දෙක තුළ හර්තාල් ව්යාපාරයක් ක්රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ. පාර්ලිමේන්තු මන්ත්රී ශානක්කියන් රාසමානික්කම් මහතා සඳහන් කළේ, ත්රස්ත විරෝධී පනත ඇතුළු දෙමළ ජනතාව මුහුණදෙන ගැටලු කිහිපයක් මුල් කරගනිමින් එම හර්තාල් ව්යාපාරය පැවැත්වීමට සැලසුම් කර ඇති බවය. උතුරු – නැගෙනහිර හර්තාල් ව්යාපාරය හේතුවෙන් එම ප්රදේශවල පෞද්ගලික බස්රථ ධාවනයට ද බාධා එල්ල වන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා සඳහන් කළේය.
උසස් පෙළ විභාගයේ උත්තර පත්ර පරීක්ෂා කිරීම සම්බන්ධයෙන් ගනු ලබන ඉදිරි ක්රියාමාර්ග පිළිබඳ තීරණයක් ගැනීම සඳහා විශේෂ සාකච්ඡාවක් අද (25) පස්වරුවේ පැවැත්වෙන බව විශ්වවිද්යාල ආචාර්ය සමිති සම්මේලනය පවසයි. එහි මාධ්ය ප්රකාශක ජ්යෙෂ්ඨ කථිකාචාර්ය චාරුදත්ත ඉලංගසිංහ මහතා සඳහන් කළේ, සිය ගැටලුව සම්බන්ධයෙන් කඩිනම් විසඳුමක් ලබාදීමට ආණ්ඩුව මැදිහත් විය යුතු බවය. මේ අතර විශ්වවිද්යාල අචාර්යවරුන් නොමැතිව ඇතැම් විෂයන්වල උත්තර පත්ර පරීක්ෂා කිරීමට ආණ්ඩුව කටයුතු කිරීම ගැටලු සහගත බව ලංකා ගුරු සංගමයේ ප්රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා සඳහන් කළේය. මේ සම්බන්ධයෙන් ඊයේ (24) පස්වරුවේ පැවති ආණ්ඩු පක්ෂ රැස්වීමේදී විශේෂ අවධානයක් යොමුකළ බව පාර්ලිමේන්තු මන්ත්රී ජගත් කුමාර මහතා ප්රකාශ කළේය.
අලුත් අවුරුද්දෙන් පසුව පළමුවරට පාර්ලිමේන්තුව අද (25) පෙරවරු 09.30ට රැස්වීමට නියමිතය. අපරාධ නඩු විධාන සංග්රහය පනත යටතේ 2023 ජනවාරි මස 30 දිනැති අංක 2217/28 ගැසට් පත්රයේ පළකළ නියමය අද විවාදයට ගැනීමට නියමිතය. මේ අතර ජාත්යන්තර මූල්ය අරමුදලේ විස්තීර්ණ අරමුදල් පහසුකම යටතේ වූ සැකසුම ක්රියාත්මක කිරීම සඳහා වන යෝජනාව පිළිබඳ පාර්ලිමේන්තු විවාදය හෙට (26) සිට ආරම්භ වේ. ඒ අනුව හෙට සිට ලබන 28 වන දින දක්වා දින තුනක් තුළ විවාදය පැවැත්වීමට නියමිත බව මුදල් රාජ්ය අමාත්ය රංජිත් සියඹලාපිටිය මහතා සඳහන් කළේය. මේ අතර මේ සතියේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබූ ප්රතිත්රස්ත පනත ඉදිරිපත් කිරීම තවත් සති කිහිපයක් ප්රමාද කිරීමට කටයුතු කළ…
සබරගමුව, මධ්යම, උතුරු-මැද, ඌව සහ වයඹ පළාත්වලත් ත්රිකුණාමලය සහ මුලතිවු දිස්ත්රික්කවල සවස් කාලයේදී හෝ රාත්රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන අතර ඇතැම් ස්ථානවලට මි. මී. 50ට වැඩි තරමක තද වැසි ද ඇතිවිය හැකි බව කාලගුණවිද්යා දෙපාර්තමේන්තුව පවසයි. සෙසු පළාත්වල ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. ගාල්ල සහ මාතර දිස්ත්රික්ක වල උදෑසන කාලයේදී ද වැසි ඇති විය හැකිය. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්ය පියවර ගන්නා ලෙස එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.
මහේන්ද්ර සිං ධෝනි ශ්රී ලංකා ක්රිකට් දියුණු කිරීමට සහායක් ලබාදෙන බව පෙනීයන බව ප්රවීණ ක්රිකට් විචාරක ටොම් මූඩි පවසයි. ඔහු එසේ පවසා ඇත්තේ 2023 IPL තරගාවලියේදී චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම වෙනුවෙන් ක්රීඩා කරන මතීෂ පතිරණ ට ධෝනි ලබාදෙන සහාය සම්බන්ධයෙන් අදහස් දක්වමිනි. 20 හැවිරිදි මතීෂ ව ඉනිමක ඉතා අපහසුම අවස්ථා වල පන්දු යැවීමට කැඳවීම මගින් ධෝනි ඔහුට සිය ආත්ම ශක්තිය සහ විශ්වාසය වර්ධනය කරගැනීමට අවස්ථාව ලබාදීම ඉතා විශිෂ්ට බව ටොම් මූඩි පවසයි.
උෂ්ණාධික කාලගුණ තත්ත්වය පහව යනතුරු ත්රිවිධ හමුදා ඇතුළු අත්යවශ්ය රාජකාරීවල නිරතවන්නන්ගේ සේවාමුර පිළිබඳ ආයතන ප්රධානීන් අවධානය යොමුකළ යුතු බව ශ්රී ලංකා වෛද්ය සංගමයේ සභාපති විශේෂඥ වෛද්ය වින්යා ආරියරත්න මහතා පවසයි. ඔහු පෙන්වාදෙන්නේ උෂ්ණාධික අවදානම් කාලසීමා තුළ අදාළ පාර්ශවවල සේවා මුරවල සංශෝධනය කිරීමේ හැකියාව සම්බන්ධයෙන් සොයාබැලීම යෝග්ය බවය. ඊයේ (24) කොළඹ පැවති මාධ්ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය. එමෙන්ම ඔහු පැවසුවේ අත්යවශ්ය රාජකාරී සිදුකරන පිරිස් එම සේවා සිදුකරන ස්ථානවලදී, ලබාදී ඇති මාර්ගෝපදේශ ක්රියාත්මක කිරීමට අවශ්ය පහසුකම් සැපයීමට ද ආයතන ප්රධානීන් වගබලාගත යුතු බවය. “ඉදිරි සති කිහිපය තුළ උෂ්ණත්වය පහළ යනකම් ආයතන ප්රධානීන්ට ලොකු වගකීමක් තියෙනවා ඔවුන්ගේ සේවක සේවිකාවන්…