Author: LFN
පසුගිය 19 වනදා ඉන්දියාවෙන් ආනයනය කරන ලද බිත්තර මිලියනයක තොගයේ සම්පල අද (22) ලබාගැනීමට නියමිත බව රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව පවසයි. එහි සභාපති ආසිරි වලිසුන්දර මහතා පැවසුවේ පසුගිය 14 වනදා දිවයිනට රැගෙන ආ බිත්තර මිලියනයක තොගයේ සාම්පල, පරීක්ෂණ කටයුතු සඳහා සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව වෙත ලබාදී ඇති බවය. එම බිත්තර තොගය ලබන 24 වනදා නිදහස් කිරීමට හැකිවන බව ද ඔහු පවසයි. එමෙන්ම සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ, කොළඹ දිස්ත්‍රික්කයේ බේකරි කර්මාන්තකරුවන් සඳහා පමණක් මේ දක්වා බෙදාහැරීම සිදුවන ආනයනික බිත්තර සෙසු දිස්ත්‍රික්ක සඳහා ද බෙදාහැරීමට සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව මේ වනතෙක් අවසර ලබා දී නොමැති බවය. මේ වන විට…
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පෞද්ගලික නිවසට 2022.07.09 වනදා ගිනිතැබීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව විසින් පවත්වන පරීක්ෂණය සඳහා ඊයේ (21) ත්‍රිවිධ හමුදාවේ පාර්ශ්වයන් කැඳවා තිබුණි. ඒ අනුව, ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාව මෙම පරීක්ෂණයට පැමිණ කරුණු දැක්වීම සිදුකළ ද ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් එම කරුණු දැක්වීම සිදු නොකළ බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව පවසයි. නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව පැවසුවේ අදාළ කරුණු දැක්වීම සඳහා ඉදිරි දිනයක් ලබා දෙන ලෙසට ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් ලිඛිතව ඉල්ලීමක් සිදුකළ බවය. ඒ අනුව, එම ඉල්ලීම සැලකිල්ලට ගනිමින් ඉදිරි දිනයක දී…
අම්පාර මායාදුන්න ප්‍රදේශයේදී පාසල් සිසුවෙකු වෙඩි තබාගෙන සියදිවි හානිකර ගෙන තිබේ. එසේ සියදිවි හානිකරගෙන ඇත්තේ 15 හැවිරිදි මායාදුන්න ප්‍රදේශයේ පදිංචි දරුවෙක් බව පොලීසිය පැවසුවේය. මුලික විමර්ශන වලදී අනාවරණය වී ඇත්තේ පාසල නිමවී නිවසට පැමිණීමෙන් අනතුරුව මෙම සිසුවා නිවස පිටුපස පිහිටි ස්ථානයකට ගොස් වෙඩි තබාගෙන ඇති බවය. නිවසේ තිබූ බලපත්‍රයක් නොමැති බෝර12 ගිනිඅවියකින් මෙම වෙඩි තැබීම සිදුකරගෙන ඇති අතර වෙඩි තබා ගැනීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බව පොලීසිය සඳහන් කළේය. වෙඩි තබා ගැනීමෙන් බරපතළ තුවාල ලැබූ පාසැල් සිසුවා අම්පාර රෝහලට ඇතුළු කිරීමෙන් අනතුරුව මියගොස් තිබේ.
හමුදාව සහ සන්නද්ධ කණ්ඩායම් අතර ගැටුම් ඇවිලී තිබෙන සුඩානයේ සිරවී සිටින ඉන්දියානුවන් සමග රජය අඛණ්ඩව සම්බන්ධවී සිටින බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයිශංකර් පවසයි. ගැටුම් මධ්‍යයේ ඉන්දියානුවන් රැසක් සුඩානය තුළ සිටින බවද විදේශ අමාත්‍යවරයා සඳහන් කරයි. ඒ අනුව මෙම අවස්ථාවේදී කටයුතු කළයුතු ආකාරය සම්බන්ධයෙන ඔවුන්ට උපදෙස් ලබාදෙන බවද ඉන්දියාව පවසයි.
පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේම්නාත් සී. දොලවත්ත මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ “දණ්ඩ නීති සංග්‍රහය” (සංශෝධන) පනත් කෙටුම්පතේ ව්‍යවස්ථානුකූලභාවය පිළිබඳ විභාගයක් පැවැත් වූ ශ්‍රේෂ්ඨාධිකරණය එහි රහසිගත තීන්දුව කථානායකවරයා වෙත යොමු කරන බව නිවේදනය කර තිබේ. එම පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනු කළ පෙත්සමක් සහ ඊට අදාළව ගොනුකළ අතරමැදි පෙත්සම් කිහිපයක් සම්බන්ධයෙන් විභාගය අවසන් කිරීමෙන් අනතුරුව අධිකරණය මේ බව නිවේදනය කළේය. අග විනිසුරු ජයන්ත ජයසූරිය, විජිත් මලල්ගොඩ සහ අර්ජුන ඔබේසේකර යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ මෙම පෙත්සම් විභාගය පැවැත්වුණි. ඊයේ දින ආරම්භ වූ අදාළ පෙත්සම් විභාගය අද අවසන් කෙරුණු අතර පෙත්සම් සම්බන්ධයෙන් වන ලිඛිත දේශන ලබන 24 වැනිදා හෝ ඊට…
රජය තම ඉල්ලීම් කෙරෙහි යම්කිසි හෝ නම්‍යශීලී භාවයක් දක්වන්නේ නම් අද (22) සිට හෝ උසස් පෙළ ප්‍රශ්නපත්‍ර ඇගයීම් කටයුතු සඳහා සහභාගී වන බව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමයේ සභාපති මහාචාර්ය ශ්‍යාම බන්නහැක පවසයි. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඊයේ (21) දින පැවැති මාධ්‍ය හමුවකදී මහාචාර්යවරයා මේ බව සඳහන් කළේය. මෙහිදී තවදුරටත් අදහස් පළ කළ මහාචාර්යවරයා සඳහන් කළේ, “අධ්‍යාපන අමාත්‍යවරයා ආචාර්යවරුන්ගේ ගැටලුව සම්බන්ධයෙන් නම්‍යශීලීව යම්කිසි විසඳුමක් කරා පැමිණීමට උත්සාහ කරන අවස්ථාවේ ජනාධිපතිවරයා අත්තනෝමතිකව මැදිහත්වී ආචාර්යවරුන්ට තර්ජනය කිරීම අපි හෙළාදකිනවා.” “අධ්‍යාපනය අත්‍යවශ්‍ය සේවාවක් කිරීම කෙරේ අපේ කිසිදු ගැටලුවක් නෑ. නමුත් අධ්‍යාපනයට අවශ්‍ය කිසිදු පහසුකමක් ලබානොදී දේශපාලන න්‍යාය පත්‍රයක් මත පමණක්ම ක්‍රියාත්මක වෙමින් මේ ආකාරයෙන් අපට තර්ජනය කිරීම…
මැයි මස 15 වනදා වනවිට සියලුම පාසල් සිසුන් සඳහා පෙළ පොත් බෙදා අවසන් කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි. නිවේදනයක් නිකුත් කරමින් අධ්‍යාපන අමාත්‍යාංශය පැවසුවේ මේ වන විට 80%ක ප්‍රමාණයක් සඳහා පෙළ පොත් ලබා දී අවසන් බවය. එමෙන්ම පාසල් නිල ඇඳුම්වලින් ද මේ වන විට 85%ක ප්‍රතිශතයක් ලබා දී අවසන් අතර මැයි මස 15 වනදා වන විට සියලුම ශිෂ්‍ය ශිෂ්‍යාවන් සඳහා නිල ඇඳුම් ද ලබා දී අවසන් කරන බව එම නිවේදනයෙන් දැනුම් දී තිබේ.
සිව්දරු මවක ඝාතනය කර ඇයගේ ගෙල බැඳි රන් මාලය සහ කරාබු ජෝඩුව පැහැරගෙන ගොස් ඇති බව පොලීසිය පවසයි. ළිඳුල පොලිස් වසමට අයත් වොල්ට්‍රිම් වතුයායේ තම දියණියගේ නිවසේ රැදි සිටි සිව්දරු මවක්ව ඊයේ (21) එසේ ඝාතනය කර ඇති බව ළිඳුල පොලීසිය පැවසිය. මෙසේ ඝාතනය කර ඇත්තේ වෙන්ගඩාසලම් සත්‍යභාමා නැමති 68 හැවිරිදි සිව්දරු මවකි. අද උදෑසන දියණිය සහ බැණා රැකියාව සඳහා පිටත්ව යාමෙන් අනතුරුව නිවසේ රැඳී සිටි මිණිබිරියද නිවසින් බැහැරව ගිය අවස්ථාවේදී නිවසට ඇතුළු වූ කිසියම් පුද්ගලයෙකු තියුණු ආයුධයකින් පහර දි ඇය ඝාතනය කර ඇති බව පොලීසිය පැවසීය.
හිටපු නීතිපති දප්පුල ද ලිවේරා මහතාට ලබන 24 වනදා ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය හමුවේ පෙනීසිටින ලෙසට දැනුම් දීමට තීරණය කර තිබේ. ඊයේ (21) දිනයේත් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයට පැමිණෙන ලෙසට දැනුම් දී තිබුණත් හිටපු නීතිපතිවරයා අදත් එහි පැමිණ නොතිබුණි. ඒ අනුව ලබන 24 වනදා ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය හමුවේ පෙනී නොසිටියහොත් ඒ පිළිබඳව අධිකරණයට දැනුම් දෙන බවට හිටපු නීතිපතිවරයාට දැනුම් දී ඇතැයි වාර්තා වෙයි. පාස්කු ඉරුදින විමර්ශනවලට අදාළව ප්‍රකාශයක් ගැනීමට පසුගිය 19 වනදා ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයට කැඳවා තිබුණත් දප්පුල ද ලිවේරා මහතා එදින එම කොට්ඨාසය හමුවේ පෙනීසිට නොතිබුණි. කෙසේවෙතත් නීතිඥවරයෙකු මාර්ගයෙන් නෛතික විරෝධතාවයක් ගොනු කිරීමට හිටපු නීතිපතිවරයා එදින කටයුතු කර තිබුණි.