Author: LFN

ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත සමාලෝචනය සඳහා පත්කළ නීති විශාරද කමිටුව විසින් එහි ඇතැම් වගන්ති හරහා මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වන බවට නිරීක්ෂණය කර ඇති බව ශ්‍රී ලංකා නීතිඥ සංගමය පවසයි. එම සංගමය නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර ඇත. එම පනත අධ්‍යයනය සඳහා මාර්තු 22 වනදා ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින් නීති විශාරදයින්ගෙන් සමන්විත විශේෂ කමිටුවක් පත්කළේය. ඒ අනුව එහිදී අනාවරණය වී ඇත්තේ පනත් කෙටුම්පතේ 3,4,10,11,13,14,15,16,28,30,31,36,82,83, 84,85, සහ 86 යන වගන්ති අපරාධ නීති සංග්‍රහයේ මූලධර්ම උල්ලංඝනය කරන බවය. එසේම එම වගන්ති හරහා කතා කිරීමේ නිදහස, රැස්වීම, සංගමය, රැකියාවක් සිදුකිරීම සහ සංචරණ නිදහස වැනි මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වන බවටද නිරීක්ෂණය වී…

Read More

බේරුවල චීන කොටුව නලින් හාජියාර් මාවත ප්‍රදේශයේ පුද්ගලයෙකු මැලේරියා රෝගය වැළඳී පසුගිය 15 වැනිදා ජීවිතක්ෂයට පත්ව තිබේ. සෞඛ්‍ය අංශ පවසන්නේ අදාළ පුද්ගලයා විදෙස් සංචාරයක නිරතව සිට පැමිණ ඇති බවය. ශ්‍රී ලංකාව සැලකෙන්නේ මැලේරියාව තුරන් කළ රටක් ලෙසය. මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වයස අවුරුදු 37ක පිරිමි පුද්ගලයෙකි. සෞඛ්‍ය අංශ පවසන්නේ එම තරුණයාට වැළඳී ඇඇත්තේ දරුණු ගණයේ මැලේරියා රෝගී තත්ත්වයක් බවය.

Read More

දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස 2.00න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 75ට වැඩි තරමක තද වැසි ද ඇතිවිය හැකි බවය. නැගෙනහිර පළාතේත් දකුණු පළාතේ වෙරළබඩ ප්‍රදේශවලත් උදෑසන කාලයේදී ද වැසි ඇති විය හැකිය. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

Read More

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඇතුළු අනෙකුත් පාර්ශවවලින් ඩොලර් බිලියන 07ක මුදලක් ඉදිරි වසර කිහිපය තුළ ශ්‍රී ලංකාවට ලැබීමට නියමිත බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ශ්‍රී ලංකාව එළඹි ගිවිසුම පිළිබඳ පාර්ලිමේන්තුවේ විවාදය අද (26) ආරම්භ කරමින් ජනාධිපතිවරයා ඉල්ලා සිටියේ එය සම්මත කරගැනීම සඳහා සියලුදෙනාගේ සහයෝගය ලබාදෙන ලෙසය. “ආර්ථික ප්‍රශ්නයත්, මුල්‍ය ප්‍රශ්නයත් IMF ගිවිසුම විස්තර කරලා දෙන්නම්. විදේශ ණය හිමියන් ඒ පියවර ගත්ත නිසා තමයි අපිට මූල්‍යකරණ සහතිකය ලැබුණේ. මූල්‍යකරණ සහතිකය නිසා තමයි විශේෂයෙන්ම එක් ලබාදුන්න පැරිස් සමාජය හා ඉන්දියාව පොදුවේ ක්‍රියාකරලා ඒක අපිට ලබලා දුන්නා. ඉන්දියාව ඉස්සෙල්ලාම මේක ප්‍රකාශ කළේ, ඒකට ස්තූතිවෙනවා. චීනය වෙනම ක්‍රියාකරන්න බලාපොරොත්තු වෙනවා.…

Read More

මෙරට සිල්ලර ඉන්ධන අලෙවිය සඳහා වූ ගිවිසුම්වලට එළඹීමට සහ මෙහෙයුම් ආරම්භ කිරීමේ කටයුතු සඳහා Sinopec නිලධාරීන් පිරිසක් ශ්‍රී ලංකාවට පැමිණ තිබේ. විදුලි බල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ එම කණ්ඩායමේ තාක්ෂණික විශේෂඥ කණ්ඩායමක් ද සිටින බවය. එම කණ්ඩායම සහ අමාත්‍යවරයා අතර විශේෂ සාකච්ඡාවක් ඊයේ එම අමාත්‍යාංශයේදී සිදුව ඇත. එහිදී එම ගිවිසුමට අදාළ කාලසටහන්, ගිවිසුමේ කොන්දේසි සහ ඊට අදාළ අනෙකුත් ගැටළු පිළිබඳව සාකච්ඡා සිදුකර තිබේ. මේ අතර එළඹෙන මැයි මාසයේදී ඊට අදාළ ගිවිසුම්වලට අත්සන් කිරීමටත් දින 45 ක් ඇතුළත මෙහෙයුම් කටයුතු ආරම්භ කිරීමට එකඟ වූ බවත් අමාත්‍යවරයා සිය ට්විටර් පණිවුඩයෙන් වැඩිදුරටත් පෙන්වා දෙයි.

Read More

සංචාරක ව්‍යාපාරය දියුණු කිරීම සදහා දුම්රිය ස්ථාන ආශ්‍රිතව පාපැදි කුලී පදනම මත ලබා දීමේ ව්‍යාපෘතියක් ආරම්භ කිරීම පිළිබදව බලශක්තිය සහ ප්‍රවාහනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදි අවධානය යොමුවිය. මෙම කාරක සභාව ඊයේ (25) පාර්ලිමේන්තුවේදි රැස්විය. ඒ අනුව අනුරාධපුර දුම්රිය ස්ථානයෙන් මෙය නියමු ව්‍යාපෘතියක් ලෙස ආරම්භ කිරීමට පියවර ගන්නා ලෙස ප්‍රවාහන ලේකම්වරයාට කාරක සභාව උපදෙස් දුන්නේය.

Read More

ඉන්දියාවෙන් ආනයනය කරන ලද බිත්තර වෙළෙඳපොළට නිකුත් කිරීම සඳහා වන සහතික ලබාදීම සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව තවදුරටත් ප්‍රමාද කිරීම හේතුවෙන් ගැටලු රුසක් නිර්මාණය වී ඇති බව රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව පවසයි. එහි සභාපති ආසිරි වලිසුන්දර මහතා පැවසුවේ, මේ හේතුවෙන් සැලසුම් කල පරිදි බිත්තර වෙළෙඳපොළට නිකුත් කිරීමට නොහැකි වී ඇති බවය. “මේ වෙනකොට අපි අසීරුතාවයකට පත්වෙලා තියෙනවා බිත්තර වෙළෙඳපොළට නිකුත් කිරීම සම්බන්ධයෙන්. මොකද 19 වනදා ලංකාවට ආපු බිත්තර නැවේ සාපම්පල අපි භාරදීලා තියෙනවා. එහි සාම්පල වාර්තාව අපි බලාපොරාත්තු වුණා සඳුදා දිනයේ ලැබෙයි කියලා. නමුත් අපි සත්ත්ව නිෂ්පාදන දෙපාර්තමේන්තුවෙන් හොයලා බලද්දි ඔවුන් අපිට කියා සිටියා එම වාර්තාවන් අපිට ලබාදීමට හැකියාව…

Read More

එකම වට්ස්ඇප් ගිණුම දුරකථන හතරක් දක්වා භාවිතා කිරීමේ හැකියාව මෙටා සමාගම විසින් පරිශීලකයින්ට ලබාදීමට තීරණය කර ති‌‌බේ. ඒ අනුව, වට්ස්ඇප් භාවිතා කරන්නන් තවදුරටත් ඔවුන්ගේ ගිණුම තනි දුරකථනයකින් භාවිතා කිරීමට පමණක් සීමා නොවේ. ඉදිරියේ දී එම නවමු අත්දැකීම විඳගැනීමට සුදානමින් සිටින ලෙස මෙටා සමාගම සිය පරිශීලකයින්ට දැනුම් දී ඇතැයි බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මෙටා සමාගමේ ප්‍රධාන විධායක මාර්ක් සකර්බර්ග් සිය නිල ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් මෙසේ පවසා තිබේ.

Read More

ජනධිපතිවරයා සමඟ සාකච්ඡාවක් අවශ්‍ය බවට විශ්වවිද්‍යාල ආචාර්යවරු කර ඇති ඉල්ලීම සම්බන්ධයෙන් ජනාධිපති ලේකම්වරයා දෙනුවත් කර ඇති බව ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය මහතා පවසයි. ඔහු පවසන්නේ ජනාධිපතිවරයා සමඟ අවස්ථා තුනකදී සාකච්ඡා කර ඇති පසුබිමක විශ්වවිද්‍යාල ආචාර්යවරු යළි කොන්දේසි පනවමින් උසස් පෙළ පිළිතුරු පත්‍ර ඇගයීමේ කටයුතු මඟහරිමින් සිටින බවය. “විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය උසස් පෙළ දරුවන්ගේ ප්‍රශ්නපත්‍ර ඇගයීම් කරන්න සුදානම්. ඒ වගේම ජනාධිපතිතුමා සමග සාකච්ඡාවක් ඒ සඳහා ලබාදිය යුතුයි කියන කොන්දේසියක් දාලා තියෙනවා. ඒ පිළිබඳව අපි ජනාධිපති ලේකම්තුමාව දැනුවත් කළා. කොහොම වුණත් විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය අවස්ථා තුනක දී ජනාධිපතිතුමා කැඳවලා සාකච්ඡා කරලා, ඇයි බදු අයකෙරේ ? කෙටි කාලයක්…

Read More

දිවයින පුරා ඩෙංගු රෝගීන්ගේ වාර්තා වීම සීඝ්‍රයෙන් ඉහළ යමින් පවතින බව කීට විද්‍යා නිලධාරීන්ගේ සංගමය පවසයි. එහි සභාපති නිජිත් සුමනසේන මහතා සඳහන් කළේ, වැඩිම ඩෙංගු රෝගීන් ප්‍රමාණය බස්නාහිර පළාතෙන් වාර්ථා වන බවය. “මේ වනවිට ඩෙංගු රෝගීන් වාර්තාවීම ඉහළ යමින් පවතිනවා. රට පුරා වර්ෂාපතනය වැඩිවීම, උෂ්ණත්වය ඉහළ යෑම මේ තත්ත්වය තවත් වර්ධනය වීමට හේතුවෙනවා. බස්නාහිර පළාතේ විශේෂයෙන්ම රෝගීන් වැඩිවීමක් දක්නට ලැබෙනවා පසුගිය වසරට වඩා. 2017 දී තමා මෑත කාලයේ වැඩිම රෝගීන් වාර්තාවුණ වර්ෂය විදියට සටහන් වෙන්නේ. ඒ අනුව 2017 වසරෙන් පසුව 2023 වර්ෂය විශාල රෝගීන් ප්‍රමාණයක් වාර්තා වන බවට සංඛ්‍යා ලේඛන දත්ත අනුව අපිට කියන්න පුළුවන්. ඒ අනුව ඉදිරියේ දී මේ…

Read More