Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    පාකිස්තාන භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් අතුරුදන්

    July 8, 2026

    කොදෙව්වන්ට වසර තුනකට පසු ටෙස්ට් තරගාවලි ජයක්

    July 8, 2026

    අයිස් එක්ක මාට්ටු වූ ආච්චි

    July 1, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»බිත්තරේ අර්බුදය යළිත් කරළියට
    Featured

    බිත්තරේ අර්බුදය යළිත් කරළියට

    By LFNApril 26, 2023No Comments2 Mins Read169 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ඉන්දියාවෙන් ආනයනය කරන ලද බිත්තර වෙළෙඳපොළට නිකුත් කිරීම සඳහා වන සහතික ලබාදීම සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව තවදුරටත් ප්‍රමාද කිරීම හේතුවෙන් ගැටලු රුසක් නිර්මාණය වී ඇති බව රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව පවසයි.

    එහි සභාපති ආසිරි වලිසුන්දර මහතා පැවසුවේ, මේ හේතුවෙන් සැලසුම් කල පරිදි බිත්තර වෙළෙඳපොළට නිකුත් කිරීමට නොහැකි වී ඇති බවය.

    “මේ වෙනකොට අපි අසීරුතාවයකට පත්වෙලා තියෙනවා බිත්තර වෙළෙඳපොළට නිකුත් කිරීම සම්බන්ධයෙන්. මොකද 19 වනදා ලංකාවට ආපු බිත්තර නැවේ සාපම්පල අපි භාරදීලා තියෙනවා. එහි සාම්පල වාර්තාව අපි බලාපොරාත්තු වුණා සඳුදා දිනයේ ලැබෙයි කියලා. නමුත් අපි සත්ත්ව නිෂ්පාදන දෙපාර්තමේන්තුවෙන් හොයලා බලද්දි ඔවුන් අපිට කියා සිටියා එම වාර්තාවන් අපිට ලබාදීමට හැකියාව ලැබෙන්නේ සිකුරාදා දිනයේ බව. මේ අනුව අපට හැඟී ගිහින් තියෙනවා උපරිම වශයෙන් දින 10ක පමණ කාලයක් මොවුන් මේ සඳහා ලබාගන්නා බව. මේ එක්ක අපි දැඩි අපහසුතාවයට පත්වෙලා තියෙනවා වෙළෙඳපොළට නිකුත් කිරීම සම්බන්ධයෙන්.”

    ඉදිරියේදී තවත් මිලියන 05කට ආසන්න ප්‍රමාණයක් බිත්තර ආනයනය කිරීම සඳහා ඇනවුම් ලබා දී ඇති බවද ආසිරි වලිසුන්දර මහතා පැවසුවේය.

    මේ අතර බිත්තර වැඩි මිලට අලෙවි කළ පිළියන්දල ප්‍රදේශයේ වෙළෙඳසැලක් පාරිභෝගික අධිකාරියේ වැටලීම් අංශයේ නිලධාරීන් විසින් වටලා තිබේ.

    ගැසට් කර ඇති මිලට වඩා රුපියල් 9ක් වැඩි මිලකට එහිදී බිත්තර ඇලවිකර ඇති බව සඳහන්ය.

    වැටලීම සිදුකරන අවස්ථාවේ වෙළෙඳසැල තුළ තිබී බිත්තර 3,120 බැගින් වූ පෙට්ටි 12ක් තිබූ බව එම අධිකාරිය සඳහන් කළේය.

    පාරිභෝගික අධිකාරියේ නිලධාරීන් අදාළ බිත්තර තොගය රුපියල් 44ක පාලන මිලට පාරිභෝගිකයින්ට අලෙවි කරන ලෙස අදාළ වෙළෙඳ සැල්හිමියාට අවවාද කර තිබේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    පාකිස්තාන භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් අතුරුදන්

    July 8, 2026

    කොදෙව්වන්ට වසර තුනකට පසු ටෙස්ට් තරගාවලි ජයක්

    July 8, 2026

    අයිස් එක්ක මාට්ටු වූ ආච්චි

    July 1, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,451 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,409 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,610 Views
    Don't Miss

    පාකිස්තාන භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් අතුරුදන්

    July 8, 202607 Views

    පාකිස්තාන ලියාපදිංචි භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් අතුරුදන් වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එක්සත්…

    කොදෙව්වන්ට වසර තුනකට පසු ටෙස්ට් තරගාවලි ජයක්

    July 8, 2026

    අයිස් එක්ක මාට්ටු වූ ආච්චි

    July 1, 2026

    ඩො.මි 2.5 අස්ථානගතවීමේ සිද්ධියේ වාර්තාව ඉදිරි සතියේදී පාර්ලිමේන්තුවට

    June 30, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.