Author: LFN

ඝාතන සිදුවීමකට අදාළව අධිකරණ නියෝග මත මාකොළ ළමා නිවාසයේ රඳවා සිටි සැකකාර දරුවන් තිදෙනෙකු භාරව සිටි බන්ධනාගාර නිලධාරීන් තිදෙනෙකුගේ වැඩතහනම් කර තිබේ. නිවේදනයක් නිකුත් කරමින් බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, අතිරේක බන්ධනාගාර කොමසාරිස් ජනරාල් චන්දන ඒකනායක මහතා පවසා සිටියේ බන්ධනාගාර බුද්ධි අංශය වෙත ලද වීඩියෝවකට අදාළව එම නිලධාරීන් තිදෙනාගෙන් ප්‍රකාශ ලබාගැනීමෙන් අනතුරුව විනය පරීක්ෂණයකට යටත්ව එම තීරණය ගත් බවය. අප්‍රේල් 18 වනදා නඩු කටයුත්තකින් අනතුරුව යළි රැඳවුම් මධ්‍යස්ථානයකට සැකකාර සිසුන් තිදෙනෙක් රැගෙන යමින් තිබූ වෑන් රථයක් මහමඟ නවතා, ඔවුන්ට බඩු භාණ්ඩ ලබාදීමට පිරිසක් කටයුතු කළ බවට බන්ධනාගාර බුද්ධි අංශය වෙත පැමිණිල්ලක් ඉදිරිපත්ව තිබුණි. ඒ සම්බන්ධයෙන් බන්ධනාගාර දෙපාර්තමේන්තුව මේ වන විට පුළුල් විමර්ශනයක්…

Read More

ලාභ නොලබන රාජ්‍ය ආයතන ප්‍රතිසංස්කරණය විය යුතු වුවත් ලාභ ලබන ආයතන පවා විකුණා දැමීමට වත්මන් රජය සැලසුම් සකස් කරමින් සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ගිවිසුම සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් විපක්ෂ නායකවරයා මේ අදහස් පළ කළේය. එහිදී ඔහු පැවසුවේ, වත්මන් රජය රට වෙන්දේසිලන්තයක් බවට පත් කර ඇති බවය. වැඩිදුරටත් අදහස් දැක්වූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා, “අවසාන මොහොතේ IMF වැඩසටහනකට යෑම තුළ රජය අපොහොසත් වුණා රටේ පැත්තෙන් ජනතාවගේ පැත්තෙන් රටට ලබා ගත හැකි හොඳම ගිවිසුම රටට ලබා ගන්න. ඉතා පැහැදිලියි ලාභ නොලබන රාජ්‍ය ආයතන ප්‍රතිසංස්කරණය විය යුතුමයි. බංකොළොත් රටකට අලාභ ලබන ආයතන නඩත්තු කිරීමේ හැකියාවක්…

Read More

පෙම්වතියගේ උපන්දින කෙක් ගෙඩිය කැපූ පිහියෙන්ම පෙම්වතා විසින් ඇගේ ගෙල කපා ඝාතනය කළ සංවේදී පුවතක් ඉන්දියාවේ බැංගලෝරයෙන් වාර්තා වේ. පසුගිය (21) එම ඝාතනය සිදුවී ඇති අතර පොලීසිය සිදුකළ පරීක්ෂණවලදී හෙළි වී ඇත්තේ සිය පෙම්වතියට වෙනත් සම්බන්ධතාවයක් තිබෙන බවට මතු වූ සැකය මත ඇති වූ බහින්බස්වීමකින් අනතුරුව පෙම්වතා විසින් මෙලෙස ඇගේ ගෙල කපා ඝාතනය කර ඇති බවය. වසර 6ක පුරා මොවුන් දෙදෙනා පෙම්වතුන් ලෙස සිට ඇති බවත් මොවුන්ගේ පවුල් අතර ඥාතිත්වයක් පවතින බවත් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. ඝාතනය සිදුකළ ප්‍රශාන්ත් පෞද්ගලික ආයතනයක සේවය කරන අතර ඔහුගේ පෙම්වතිය වන නව්‍යා පොලිස් සහායිකාවක් ලෙස සේවය කර ඇත. සිය පෙම්වතියට වෙනත් සබඳතාවයක් තිබෙන…

Read More

උතුරු, උතුරු-මැද, නැගෙනහිර, ඌව, මධ්‍යම, සබරගමුව සහ වයඹ පළාත්වල අද (24) සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, ඇතැම් ස්ථානවලට මි. මී. 50ට වැඩි තරමක තද වැසි ද ඇතිවිය හැකි බවය. සෙසු පළාත්වල ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. බස්නාහිර පළාතේ සහ ගාල්ල, මාතර, යාපනය සහ මන්නාරම දිස්ත්‍රික්කවල උදෑසන කාලයේදී ද වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේනදය කරයි. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට…

Read More

හම්බන්තොට වෙරළට කිලෝමීටර් 25.8ක් ඔබ්බෙන් වූ අද (24) අලුයම 12.45ට පමණ භූකම්පනයක් හටගෙන තිබේ. භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යංශය පැවසුවේ, රික්ටර් මාපකයේ ඒකක 4.4ක ප්‍රබලත්වයක් සටහන් කළ එම භූකම්පනය හේතුවෙන් සුනාමි අවධානමක් නොමැති බවය.

Read More

අද (23) අලුයම මිරිහාන පොලිස් වසමේ ගල්වල පාර ප්‍රදේශයේ දී තියුණු ආයුධයකින් ඇන පුද්ගලයෙක් ඝාතනය කර තිබේ. පොලීසිය පැවසුවේ, එම පහරදීමෙන් තවත් පුද්ගලයෙකු තුවාල ලබා ඇති බවය. බරපතළ තුවාල ලැබීමෙන් මියගොස් ඇත්තේ, 34 හැවිරිදි සජිත් මධුසංක නැමති එම ප්‍රදේශයේම පදිංචිකරුවෙකි. තුවාල ලැබූ 53 හැවිරිදි මුරමුදලිගේ රත්නායක බන්දුල නැමති දෙනියාය ප්‍රදේශයේ පදිංචිකරු මියගිය පුද්ගලයාගේ ඥාතියෙක් වන බව පොලීසිය පැවසීය. සැකකරු එම අපරාධයෙන් පසු ප්‍රදේශයෙන් පළා ගොස් ඇති බව අනාවරණය වී තිබේ. කෙසේවෙතත් සැකකරු මරණකරුගේ ඥාතියෙක් බවත් දෙපාර්ශවය අතර ඇති වු බහින්බස් වීමක් හේතුවෙන් පිහි ඇනුම සිදුකර ඇති බවත් විමර්ශනවලදී හෙළිවී ඇත. පානදුර ආරච්චිගේ වාසනා විපුල පෙරේරා නැමති සැකකරුව අත්අඩංගුවට ගැනීමට මේ…

Read More

ජනාධිපතිවරණයේ ඡන්දය ප්‍රකාශ කිරීමේ අභිප්‍රාය අනුව දත්ත ඇතුලත් සමීක්ෂණ වාර්තාවක් නිකුත්වී තිබෙනවා. IHP සමීක්ෂණයට අනුව මේ අවස්ථාව වන විට ජනාධිපතිවරණයක් පැවැත්වුවහොත් ඡන්දදායකයන්ගෙන් 48%ක කැමැත්ත හිමිව ඇත්තේ අනුර දිසානායක මහතා වෙතයි. මනාප ලැබීමේ දෙවැනි තැන ඇත්තේ දැනටමත් විපක්ෂනායකවරයා වන සජිත් ප්‍රේමදාස මහතාටයි. ඔහු සම්බන්ධව මනාපය ඇත්තේ 37%ක ප්‍රමාණයක් බවයි වාර්තාවේ දැක්වෙන්නේ. මේ දෙදෙනාම වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහට වඩා ඉදිරියෙන් සිටීම විශේෂයක්. IHP සමීක්ෂණ වාර්තාව කියන්නේ වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහට 11%ක් සහ සාමාන්‍ය ඡන්ද ප්‍රමාණයක් හිමිවන බවයි. මේ සමීක්ෂණ වාර්තාවට අනුව පොහොට්ටුවට ජනාධිපතිවරණ අපේක්ෂකයෙකු නැහැ. එහෙත් පොහොට්ටුවේ කිනම් හෝ අපේක්ෂකයෙකු ජනාධිපතිවරණයකට ඉදිරිපත් කළත් ලැබෙනු ඇත්තේ 4%ක ඡන්ද ප්‍රමාණයක් බවයි සමීක්ෂණ වාර්තාවේ දැක්වෙන්නේ.…

Read More

ජාතික අක්ෂි රෝහලේ සැත්කම් හෙට (24) සිට යළි ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි. අක්ෂි රෝහලේ සැත්කම්වලින් පසු රෝගීන් කිහිපදෙනෙකුට සංකූලතා ඇතිවීමේ සිද්ධියක් හේතුවෙන් එහි සැත්කම් කටයුතු තාවකාලිකව නතර කිරීමට පසුගියදා පියවර ගෙන තිබුණි. සංකූලතා ඇතිවීමට හේතුවූ ඖෂධය භාවිතයෙන් ඉවත් කොට ඇති අතර ඒ සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා සඳහන් කළේය. ඒ අනුව, තාවකාලිකව නතර කෙරුණු ජාතික අක්ෂි රෝහලේ සැත්කම් කටයුතු හෙට දිනයේ සිට යළි ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව කෙහෙළිය රඹුක්වැල්ල අමාත්‍යවරයා සඳහන් කළේය.

Read More

හෙට (24) සිට අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීමේ කටයුතු සඳහා ගුරුවරුන් සහභාගී වනු ඇති බව සමස්ත ලංකා එක්සත් ගුරු සංගමයේ සභාපති පූජ්‍ය යල්වෙල පඤ්ඤාසේකර හිමි පවසති. උන්වහන්සේ පෙන්වා දෙන්නේ ගුරුවරුන්ගේ ගැටලු විසඳීමට අධ්‍යාපන අමාත්‍යංශය විසින් මේ වන විටත් බොහෝ ක්‍රියාමාර්ග ගෙන ඇති බවය. ඒ අනුව පිළිතුරු පත්‍ර ඇගයීම් කටයුතු සඳහා සියලුදෙනා එක්ව කටයුතු කිරීම අත්‍යවශ්‍ය කරුණක් වී ඇති බව පූජ්‍ය යල්වෙල පඤ්ඤාසේකර හිමි සඳහන් කළහ.

Read More

අධිවේගී මාර්ගවල ධාවනය වන බස්රථ සඳහා නව මාර්ග බලපත්‍ර ලබාදීමේදී කෝටි ගණනක මුදල් වංචාවක් සිදුව ඇති බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසයි. එහි සභාපති ගැමුණු විජේරත්න මහතා සඳහන් කළේ පසුගිය දින කිහිපය තුළ බස් රථ 35ක් සඳහා තාවකාලික මාර්ග බලපත්‍ර ලබාදී ඇති බවය. එම බලපත්‍ර කිසිදු ටෙන්ඩර් කැඳවීමකින් තොරව ලබාදී ඇති අතර එමගින් රුපියල් කෝටි ගණනක පාඩුවක් රජයට සිදුව ඇති බව ගැමුණු විජේරත්න මහතා සඳහන් කළේය. මෙම මාර්ග බලපත්‍ර ලබාදී ඇත්තේ ආණ්ඩුව නියෝජනය කරන මැති ඇමතිවරුන්ගේ හිතවත්කම් මත බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා වැඩිදුරටත් පැවසීය.

Read More