Author: LFN

නව සීමා නිර්ණ වාර්තාවට අනුව පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් රජයේ අවධානය යොමුවී ඇති බව වාර්තා වෙයි. නව සීමා නිර්ණ වාර්තාවට අනුව පළාත් පාලන සභික සංඛ්‍යාව 4,714ක් දක්වා අඩු කිරීමට යෝජනා වී තිබේ. එම සීමා නීර්ණ වාර්තාවට අනුව පළාත් පාලන මැතිවරණය පැවැත්වෙන්නේ නම් ඒ සඳහා යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කරගත යුතුය. කෙසේවෙතත් මේ වන විට ඒ සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂය තුළ සාකච්ඡා ආරම්භ වී ඇති බව වාර්තා වෙයි. ඒ අනුව පළාත් පාලන මැතිවරණය සඳහා කැඳවා ඇති නාමයෝජනා අහෝසි කිරීම සම්බන්ධයෙන් ද අවධානය යොමුව තිබේ. මේ සම්බන්ධයෙන් ඊයේ අකුරැස්ස ප්‍රදේශයේ පැවති උත්සවයකදී පාර්ලිමේන්තු මන්ත්‍රී චමල් රාජපක්ෂ මහතා, “මේ අපේක්ෂකයන්ට ලොකු ප්‍රශ්නයක්…

Read More

මැයි මස 01 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි පාසල් ළමුන් ප්‍රවාහන ගාස්තුව පහළ දැමීමට බලාපොරොත්තු වන බව සමස්ත ලංකා අන්තර් දිස්ත්‍රික් පාසල් ළමුන් ප්‍රවාහන සංගමය පවසයි. එහි සභාපති එන්. එම්. කේ හරිස්චන්ද්‍ර පද්මසිරි මහතා සඳහන් කළේ 5% – 8% අතර අගයකින් ගාස්තු පහළ දැමීමට සැලසුම් කර ඇති බවය.

Read More

උතුරු කොරියානු බැලස්ටික් මිසයිලයක් බිම හෙලීමට සූදානම් වන ලෙස ජපානය අද එරට හමුදාවට නියෝග කර තිබෙනවා. විදෙස් මාධ්‍ය පැවසුවේ උතුරු කොරියාව සිය පළමු හමුදා ඔත්තු චන්ද්‍රිකාව දියත් කිරීමට සූදානම් බව ප්‍රකාශ කිරීමත් සමග ජපාන රජය හමුදාවට මෙම නියෝගය නිකුත් කර ඇති බවයි. ඒ අනුව උතුරු කොරියාවට එරෙහිව SM 3 වර්ගයේ මිසයිල නාශක අවි භාවිත කරන ලෙස ජපාන රජය එරට හමුදාවට නියෝග ලබා දී ඇති බවයි පැවසෙන්නේ. SM 3 යනු කෙටි සහ මධ්‍ය පරාසයක දුරක් ඉලක්ක කෙරෙන බැලස්ටික් මිසයිල විනාශ කිරීමට අමෙරිකානු නාවික හමුදාව භාවිතා කරන ආරක්ෂක අවි විශේෂයක් බව ද විදෙස් මාධ්‍ය වාර්තා කළා. උතුරු කොරියාව මෙලෙස හමුදා ඔත්තු චන්ද්‍රිකාව…

Read More

ඊයේ (22) පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ සභා රැස්වීම කිසිසේත් නීත්‍යානුකූල නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පවසයි. නිවේදනයක් නිකුත් කරමින් මන්ත්‍රීවරයා සඳහන් කරන්නේ, එම රැස්වීමේ ගන්නා ලද සියලු තීරණ ශුන්‍ය හා ක්‍රියාවිරහිත වන අතර, ඒවාට කිසිම වලංගු භාවයක් අයත් නොවන බවය. මේ අතර එම තීරණ නීතිවිරෝධී බවට ප්‍රකාශ කිරීම සඳහා සුදුසු අධිකරණ ක්‍රියාමාර්ගවලට අවතීරණ වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා වැඩිදුරටත් සඳහන් කරයි.

Read More

සිව්දරු මවක් ඩෙවෝන් දිය ඇල්ලෙන් පහළට පැන තිබේ. පවුල් ආරවුලක් හේතුවෙන් දිඹුල පතන පොලීසියට පැමිණිල්ලක් සිදුකිරීමට පැමිණි සිව්දරු මවක් ඊයේ (22) දින පොලීසිය ආසන්නයේ පිහිටි ඩෙවෝන් දිය ඇල්ලෙන් පහළට පැන ඇති බව වාර්තා වෙයි. ඇයගේ සිරුර සොයා දිඹුල පතන පොලීසිය මෙහෙයුමක් ආරම්භ කර තිබේ. මෙසේ ඩොවෝන් දිය ඇල්ලෙන් පැන අතුරුදහන් වී ඇත්තේ දිඹුල පතන පොලිස් වසමට අයත් බෝගහවත්ත ප්‍රදේශයේ පදිංචි ලෙච්චුමන් නිශාන්තනි නම් 34 හැවිරිදි සිව්දරු මවකි. පවුල් ආරවුලක් සම්බන්ධයෙන් පැමිණිල්ලක් සිදු කිරීමට දරුවන් දෙදෙනෙකු සමග දිඹුල පතන පොලීසියට පැමිණ ඇති ඇය එක් දරුවෙකු සමග දිය ඇල්ල අසලට ගොස් තමන්ට බීමට වතුර විදුරුවක් රැගෙනඑන ලෙස දරුවාට පවසා තිබේ. ඒ අනුව…

Read More

ගල්කිරියාගම පොලිස් වසමේ පලාගල, කුඩාහෙට්ටාව ප්‍රදේශයේ අවුරුදු උත්සවයක මැරතන් ධාවන තරගකරුවන්ගේ සහායට මාර්ගයේ දිවයමින් සිටි 10 හැවිරිදි පාසල් සිසුවෙකු ජීවිතක්ෂයට පත්වී තිබේ. පොලීසිය ප්‍රකාශ කළේ ඊයේ (22) පෙරවරුවේ පැවති මැරතන් ධාවන තරගය සඳහා සහභාගී වූ සිය වැඩිමහල් සහෝදරයාට සහාය දැක්වීමට පසුපසින් දිවගිය එම දරුවා මාර්ගයේ ඇද වැටී ඇති බවය. කඩිනමින් කලාවැව ග්‍රාමීය රෝහලට ඇතුළත් කර ඇති ඔහුව වැඩිදුර ප්‍රතිකාර සඳහා අනුරාධපුර රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් තිබේ. දරුවාගේ මරණයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර පශ්චාත් මරණ පරීක්ෂණය කැකිරාව රෝහලේදී සිදුකිරීමට නියමිතය. සිද්ධිය සම්බන්ධයෙන් ගල්කිරියාගම පොලීසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.

Read More

නැගෙනහිර, ඌව, උතුරු, උතුරු-මැද, සබරගමුව සහ මධ්‍යම පළාත්වල අද (23) සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, ඇතැම් ස්ථානවලට මි. මී. 50ට වැඩි තරමක තද වැසි ද ඇතිවිය හැකි බවය. සෙසු පළාත්වල ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. බස්නාහිර පළාතේ සහ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල උදෑසන කාලයේදී ද වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා…

Read More

ඩෙල්ෆ්ට් ජැටිය ආසන්නයේ නිවසක් තුළ කපා කොටා ඝාතනය කළ පුද්ගලයන් පස් දෙනෙකුගේ මළ සිරුරු අද (22) දහවල් සොයාගත් බව පොලිසිය පවසයි. මියගිය පිරිස අතර පිරිමි පුද්ගලයන් දෙදෙනකු සහ සහ කාන්තාවන් තිදෙනකු සිටින බවත්, ඔවුන් ඥාතීන් බවත් පොලිසිය කියයි. මෙම පිරිස අතර නිවසේ අඹු සැමි යුවළ ද සිටින බව පොලීසිය පවසයි. සිද්ධියෙන් තවත් කාන්තාවක් බරපතළ කැපුම් තුවාල ලබා යාපනය රෝහලේ ප්‍රතිකාර ලබමින් පසුවෙයි. මෙම ඝාතන ඊයේ (21) රාත්‍රියේ හෝ අද (22)සිදුකරන්නට ඇති බවට පොලීසිය සැකකරයි. ඝාතනයට ලක්වූ සියලු පිරිස වයස අවුරුදු 60 ට වැඩි පිරිසක් බවත්, ඝාතනයට ලක් වූ අඹුසැමි යුවළට අමතරව සෙසු පිරිස කෝවිලේ උත්සවයකට පැමිණ සිටි ඥාතීන් පිරිසක් වන…

Read More

පසුගිය වසර තුළ මෙරටින් පිළිකා රෝගීන් 38,772ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජාතික පිළිකා මර්ධන වැඩසටහන පවසයි. එහි ප්‍රජා වෛද්‍ය වි‍ශේෂඥ සුරාජ් පෙරේරා මහතා සඳහන් කළේ වසරකට පියයුරු පිළිකා රෝගීන් 5,200ක පමණ පිරිසක්ද වාර්තාවන බවය. “ගිය වසරේ ලංකාව පුරා පිහිටි රජයේ පිළිකා ප්‍රතිකාර එ්කකවලට අලුතින් රෝගීන් 38,772 ක් වාර්තා වෙලා තිබුණා. ඒ අතුරින් කාන්තාවන් තුළ බහුලවම ඇති පිළිකා රෝගය ලෙස වාර්තා වන්නේ පියයුරු පිළිකාව. අවුරුද්දකට අලුතින් පියයුරු පිළිකා රෝගීන් 5,200ක විතර කාන්තාවන් වාර්තා වෙනවා.” “දෙවනුවට තෛරොයිඩ් ග්‍රාන්ථි පිළිකාව. තෙවනුවට මහා අන්ත්‍ර හෝ ගුද මාර්ග පිළිකාව.. කාන්තාවන්ගේ.” “පිරිමින්ගේ පළවෙනියට තියෙන්නේ මුඛ පිළිකාව. 2,400ක් විතර අලුතින් හඳුන ගන්නවා අවුරුද්දකට. ඊට පස්සේ…

Read More

අවුරුදු උත්සව සඳහා යොදා ගන්නා ක්‍රිඩා ඉසව් ඉදිරියේදී නියාමනය කිරීමට බලාපොරොත්තු වන බව බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ විවිධ අවුරුදු උත්සවවල මෙරට සංස්කෘතියට නොගැලපෙන ආකාරයේ ක්‍රිඩා ඉසව් සංවිධානය කිරීම අනුමත නොකරන බවය. “විවිධ සෙල්ලම්, ජන ක්‍රීඩා ඔය වගේ දේවලුත් කෙරෙනවා. හැබැයි මේ අතරතුර යම් යම් අංග උපාංග තිබෙනවා අපේකමට අපේ සංස්කෘතියට නොගැලපෙන ආකාරයෙන්. අපේ රටේ උරුමයන්ට හා සංස්කෘතියට විරුද්ධව තමා මේවා ක්‍රියාත්මක වෙන්නේ. අපි බලාපොරොත්තු වෙනවා ඉදිරි කාලයේ දී මේ වගේ ක්‍රීඩා අංග අපේ ඊළඟ පරම්පරාවට ගෙනියනවාට වඩා එතනින්ම නැවතීමේ ලකුණක් තියලා කටයුතු කරනවා නම් වඩා හොඳයි කියලා.” “ඒ හින්දා නීතිය මගින්…

Read More