Author: LFN
ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ 73 වන උපසම්පදා විනය කර්ම මහෝත්සවය සඳහා පූර්ණ රාජ්‍ය අනුග්‍රහය ලබා දෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ ඊයේ ජනාධිපති කාර්යාලයේ දී පැවැති සාකච්ඡාවේදීය. රජයක් ලෙස බුදු දහම සුරක්ෂිත කිරීමට බැඳී සිටින බවත් ඒ සඳහා මහා සංඝරත්නය ප්‍රමුඛ සියලු නිකායයන් ශක්තිමත් කිරීමට කටයුතු කරන බවත් ජනාධිපතිවරයා එහිදී සඳහන් කර සිටියේය. වසර දෙකකට වරක් පැවැත්වෙන මෙම උපසම්පදා විනය කර්ම මහෝත්සවය එළැඹෙන ජූලි 21 වනදා සිට 27 දක්වා මාතලේ, පුරිජ්ජල ශ්‍රී සංඝබෝධි පිරිවෙන කේන්ද්‍ර කර ගනිමින් මහවැලි ගංගාවට අනුබද්ධ සුදු ගඟ උදකුක්ඛේප සීමා මාලකයේ දී පැවැත්වීමට නියමිතය. එහිදී සාමණේරයන් වහන්සේ 200 නමක්…
ඉන්දුනීසියාවේ සුමාත්‍රා දූපත් ආශ්‍රිතව රික්ටර් පරිමාණ ඒකකයේ 7.3ක ප්‍රබලතාවයකින් යුතු භූකම්පනයක් හටගෙන තිබේ. අද (25) අලුයම ගැඹුරු මුහුදේ කිලෝ මීටර් 84ක් පමණ පොළොව අභ්‍යන්තරයෙන් භූකම්පනය හටගෙන ඇති අතර පසු කම්පන කිහිපයක් ද වාර්තා වී ඇති බව ඉන්දුනීසියානු භූ විද්‍යා ඒජන්සිය සඳහන් කළේය. මේ හේතුවෙන් සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් කර බටහිර සුමාත්‍රාවේ වෙරළ ආශ්‍රිත ජනතාව ඉවත් කිරීමට ද පියවර ගෙන තිබුණි. කෙසේවුව ද භූකම්පනය හේතුවෙන් මෙරටට කිසිදු බලපෑමක් නොමැති බව ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය ප්‍රකාශ කළේය.
කොළඹ ප්‍රදේශ කිහිපයකට විදුලිබලය ඇනහිට ඇති බව වාර්තා වෙයි. කොලොන්නාව උප විදුලි බලාගාරයේ ඇතිවී ඇති දෝෂයක් හේතුවෙන් එය සිදුව ඇති බව ඒ සම්බන්ධයෙන් කළ විමසීමකදී විදුලිබල අමාත්‍යාංශය නිලධාරියෙක් පැවසීය. ඒ අනුව වැඩිදුරටත් තොරතුරු වාර්තා වන්නේ මේ හේතුවෙන් කොළඹ 04,05,07,08,10 සහ 12 යන ප්‍රදේශවලට මෙලෙස විදුලිය ඇනහිට ඇති බවය.
සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් නව සන්ධානයක් පිහිටුවීමට අද පැවති සාකච්ඡාවකදී විපක්ෂයේ සියලු පක්ෂ එකඟ වූ බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල පවසයි. අද පාර්ලිමේන්තු පරිශ්‍රයේ පැවති අදාළ සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මේ බව පැවසීය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා, “විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ සියලු පක්ෂවල නායකයින් සමඟ අද සාකච්ඡාවක් පැවැත්වූවා. ඉදිරියේදී එන මර්ධනකාරී පනත්වලට විරුද්ධවෙන්න ඒ පනත් හකුළාගැනීම සඳහා වැඩ කටයුත්තක් සංවිධානය කිරීමට එකඟතාවය ඇතිකෙරුවා. දැවැන්ත විපක්ෂ ඒකාබද්ධ සන්ධානයක් ගැන සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් අද අපි සාකච්ඡා කළා. විපක්ෂයේ ඉන්න සියලු දේශපාලන පක්ෂ…
මාළු මිලදී ගනිමින් සිටින අවස්ථාවේ දී ලොරි රථයකට යටවී තරුණියක් ජීවිතක්ෂයට පත්ව ඇති අතර ඇගේ පෙම්වතා බරපතළ තුවාල ලබා රෝහල් ගතකර ඇතැයි කළුතර දකුණ පොලීසිය පවසයි. අනතුරෙන් මියගොස් ඇත්තේ කළුතර, වෙන්දේසිවත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි ඉමාෂා කරුණාතිලක නම් 23 හැවිරිදි තරුණියකි. එම තරුණ යුවළ මෑතකදී විවාහවීමට බලාපොරොත්තුවෙන් සිට ඇති බවට තොරතුරු ලැබී ඇතැයි පොලීසිය පැවසීය. ඔවුන් ඊයේ (23) රාත්‍රී කළුතර දෙස සිට මතුගම දෙසට යතුරුපැදියෙන් යමින් සිට ගල්අස්හේන හන්දියේ නවතා මාළු මිලදී ගනිමින් සිට ඇත. එහිදී කළුතර දෙස සිට මතුගම දෙසට ධාවනවූ ලොරි රථයක් මොවුන්ගේ ගැටී අනතුර සිදුව ඇත. අදාළ අනතුරින් බරපතළ තුවාල ලබා සිටි දෙදෙනා කළුතර ශීක්ෂණ රෝහලට ඇතුළත් කර…
හම්බන්තොට වෙරළට කිලෝමීටර් 25.8ක් ඔබ්බෙන් වූ මුහුදු ප්‍රෙද්ශයේ රික්ටර් මාපකයේ ඒකක 4.4ක සුළු භූකම්පනයක් අද (24) අලුයම හටගෙන තිබේ. කෙසේ වෙතත් මේ හේතුවෙන් කිසිදු සුනාමි අවදානමක් නොමැති බව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය පැවසුවේය. එම භූ කම්පනය හම්බන්තොට මිරිජ්ජවිල, ගොඩවාය, ඩිපෝ හංදිය, දෙහිලන්ද සහ අම්බලන්තොට ප්‍රදේශවලට දැනුණු බව එම ප්‍රදේශවල ජනතාව සඳහන් කළේය. “ඉස්සෙල්ලා ගොරවනවා වගේ සද්දයක් ඇහුණා. මම හිතුවා අහස ගොරවනවා කියලා. නමුත් ඒ එක්කම පොළොව හෙළවෙනවා මට දැනුනා. ඇඳ ගැස්සෙනවා වගේ. සාමාන්‍යයෙන් තත්ත්පර 15ක් වගේ තිබුණා.” “පාන්දර 12.45ට වගේ යාන්තම් ඇඳ හෙළවුණා.” “වැඩිවෙලා තිබුණේ නෑ. තත්ත්පර ගාණකින් ඉවරවුණා.” කෙසේ වෙතත් මේ පිළිබඳව සිදුකළ විමසීමකදී භූ විද්‍යා සමීක්ෂණ…
මිරිහාන පොලිස් වසමේ ගල්වල පාර ප්‍රදේශයේ දී පිහියකින් ඇන පුද්ගලයෙකු ඝාතනය කර පළාගොස් සිටි සැකකරුව අත්අඩංගුවට ගෙන තිබේ. ඔහු ඊයේ (23) මත්තේගොඩ පාරේ දී මිරිහාන කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබුණි. අත්අඩංගුවට ගත් සැකකරු පානදුර ආරච්චිගේ වාසනා විපුල පෙරේරා නැමති 54 හැවිරිදි ගල්වල පාර, මිරිහාන ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. මිරිහාන ගල්වල පාර ප්‍රදේශයේදී ඊයේ (23) අලුයම පුද්ගලයෙකුට පිහියෙන් ඇන ඝාතනය කර තිබුණි. පොලීසිය පැවසුවේ මත්පැන් පානය කරමින් සිටි පිරිසක් අතර ඇතිවූ බහින්බස්වීමක් දුරදිග යාමෙන් එම පිහිඇනුම සිදුකර ඇති බවය. සිද්ධියෙන් මියගියේ සජිත් මධුසංක නම් 34 හැවිරිදි තරුණයෙකි. එම සිදුවීමේදී තවත් පුද්ගලයෙකුට බරපතළ තුවාල සිදුව ඇති අතර ඔහු දකුණු කොළඹ…
සංචාරක අයර්ලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය අද (24) පැවැත්වීමට නියමිතව තිබේ. ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ දී පෙරවරු 10.00ට තරගය පැවැත්වීමට නියමිතය. දෙරට අතර පැවති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය ඉනිමකින් සහ ලකුණු 280කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වුණි. පළමු ටෙස්ට් තරගයට ක්‍රීඩා කළ කණ්ඩායමම අද තරගයට ක්‍රීඩා කරනවා ද ? එසේත් නොමැතිනම් එක් වෙනසක් සමගින් දඟ පන්දු යවන්නෙකු අද තරගයට කැඳවනවා ද ? නැද්ද යන්න සම්බන්ධයෙන් තණතීරුව පරීක්ෂා කිරීමෙන් අනතුරුව තීරණය කෙරෙනු ඇත. මේ අතර අයර්ලන්තය සමග අද පැවැත්වෙන සමග ශ්‍රී ලංකා කණ්ඩායම ජයගතහොත් එය ශ්‍රී ලංකා කණ්ඩායම ටෙස්ට් පිටියේ වාර්තා කරන ලද සිය වන…
පාස්කු ප්‍රහාර සිද්ධියේ විමර්ශනයට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා හිටපු නීතිපති දප්පුල ද ලිවේරා මහතා යළිත් අද (24) දිනයේ ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය වෙත කැඳවා තිබේ. පසුගිය 19 වැනිදා සහ 21 වැනිදා ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය හමුවට හිටපු නීතිපතිවරයා කැඳවා තිබුණ ද ඔහු ඒ සඳහා පැමිණියේ නැත. ඒ වෙනුවට නීතීඥවරුන් මාර්ගයෙන් හිටපු නීතිපතිවරයා කරුණු ඉදිරිපත් කර තිබුණි. කෙසේවෙතත් මෙවර යළිත් වරක් නීතිපතිවරයා ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයට කැඳවීමට පියවර ගෙන තිබේ. මෙවර ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය හමුවේ හිටපු නීතිපතිවරයා පෙනී නොසිටියහොත් ඒ සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කිරීමට ද ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය පියවර ගෙන ඇති බව වාර්තා වේ.
පළාත් සභා මැතිවරණ පනත සංශෝධනය කිරීම සඳහා වන පනත් කෙටුම්පත ලබන අඟහරුවාදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්තිරන් මහතා තීරණය කර තිබේ. පෞද්ගලික මන්ත්‍රී පනත් කෙටුම්පතක් ලෙස අදාළ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා වේ. 2019 ඔක්තෝබර් මස 11 වන දින පළාත් සභා මැතිවරණ පනත සංශෝධනය කිරීම සඳහා වු පනත් කෙටුම්පත පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස ගැසට් කර තිබේ. ඒ අනුව අදාළ යෝජනාව පළමු වර කියවීම ලබන 25 වැනිදා සිදුකිරීමට නියමිත බව පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්තිරන් මහතා සඳහන් කළේය. එම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුව විසින් සම්මත කළහොත් පෙර පැවති ඡන්ද ක්‍රමය යටතේ පළාත් සභා මැතිවරණය පැවැත්වීමේ හැකියාව පවතී.