Author: LFN

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය පහසුකම පිළිබඳ එකඟතාවයට අදාළ පාර්ලිමේන්තු විවාදයේ ඡන්ද විමසීම ඊයේ (28) පස්වරුවේ පැවැත්වුණි. ඒ අනුව ඊට පක්ෂව ඡන්ද 120 ක් සහ විරුද්ධව ඡන්ද 25ක් හිමිවිය. ඉන් අනතුරුව කථානායකවරයා පාර්ලිමේන්තුවට දැනුම්දුන්නේ අදාළ යෝජනාව සම්මත වූ බවය.

Read More

යාපනය ඩෙල්ෆ් පොලිස් වසමේ පංච පුද්ගල ඝාතන සිද්ධියෙන් බරපතල තුවාල ලබා ප්‍රතිකාර ලබමින් සිටි වයෝවෘද කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව තිබේ. මෙලෙස මියගොස් ඇත්තේ 100 හැවිරිදි වියේ පසුවූ රසාවින් තෝට්ටම් පාර ප්‍රදේශයේ පදිංචි කාන්තාවකි. ඒ අනුව එම සිද්ධියෙන් මේ වනවිට මියගොස් ඇති සංඛ්‍යාව 6කි. සිද්ධිය වූ දිනයේම කාන්තාවන් තිදෙනෙකු සහ පිරිමි පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්විය. ඝාතනයට සම්බන්ධ ප්‍රධාන සැකකරු යාපනය කොට්ඨාස අපරාධ විමර්ශන අංශය විසින් පසුගිය 22වනදා අත්අඩංගුවට ගනු ලැබීය. පුංකුඩුතිව් ප්‍රදේශයේ නිවසක සිටිය දී අදාළ සැකකරුව පොලීසිය විසින් සොයාගෙන ඇත. ජර්මනියේ සිට මෙරටට පැමිණ සිටි සැකකරු රත්‍රං ඇතුළු වටිනා භාණ්ඩ මංකොල්ලාකෑමේ අරමුණින් එම ඝාතන සිදුකර ඇති බවට පොලීසිය සැක පළකරයි. එම…

Read More

ජාතික වෙසක් උත්සවය මෙවර පැවැත්වෙන්නේ හලාවතදීය. එම උත්සවය හලාවත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් කැබැල්ලෑවල ශ්‍රී රතනසිරි පිරිවෙන් විහාරස්ථානය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට නියමිතය. බුද්ධ ශාසන, ආගමික කටයුතු හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශ ලේකම් සෝමරත්න විදානපතිරණ මහතා මේ බව පවසයි. ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේ මැයි මස 2 වනදා සිට 08 වනදා දක්වා වු වෙසක් සතිය නිමිත්තෙන් දිවයින පුරා ආගමික වැඩසටහන් රැසක් සංවිධානය කර ඇති බවය.

Read More

නවීන තොරතුරු තාක්ෂණය භාවිතා කර කාර්යක්ෂම සේවාවක් ලබා දීම සඳහා වූ ඉදිරි වැඩපිළිවෙල මාසයක් තුළදී ඉදිරිපත් කරන ලෙස රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව පොලිස් දෙපාර්තමේන්තුව වෙත දැනුම් දී තිබේ. පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේ වර්තමාන කාර්ය සාධනය පිළිබඳ පරීක්ෂාව සඳහා ශ්‍රී ලංකා පොලීසිය රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවට කැඳවූ අවස්ථාවේ එහි සභාපති ලසන්ත අලගියවන්න මහතා විසින් මෙම දැනුම්දීම සිදුකළ බවය. ඒ සඳහා ‍මහජන ආරක්ෂාව පිළිබද අමාත්‍යාංශයේ ලේකම්වරයා, පොලිස්පතිවරයා ඇතුළු ජ්‍යේෂ්ඨ පොලිස් නිලධාරීන් රැසක් රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවට අවස්ථාවට කැඳවා තිබුණි. වැඩිදුරටත් වාර්තා වන්නේ පොලිස් දෙපාර්තමේන්තුව මීට පෙර 2016 වසරේදී කෝපා කමිටුව හමුවට කැඳවා තිබූ අවස්ථාවේදී මේ සම්බන්ධ නිර්දේශයක් ලබා…

Read More

මෙවර වෙසක් උත්සවය නිමිත්තෙන් දිවයිනේ සියලුම මත්පැන්හල් දින තුනක් වසා දැමීමට තීරණය කර තිබේ. සුරාබදු දෙපාර්තමේන්තුව පැවසුවේ ඒ අනුව මැයි මස 04, 05 සහ 06 යන දිනයන්හි දී දිවයින පුරා පිහිටි සිල්ලරට මත්පැන් විකිණීම සදහා වූ සියලුම සුරාබදු බලපත්‍ර ලත් ස්ථාන වසා තැබෙන බවය. එසේ කිරීමට අපොහොසත්වන සුරාබදු බලපත්‍ර ලත් ස්ථාන සම්බන්ධයෙන් දැඩිව නීතිය ක්‍රියාත්මක කරන ලෙසට දිවයිනේ සියලුම සුරාබදු ස්ථානාධිපතිවරුන් වෙත අවශ්‍ය උපදෙස් ලබා දී ඇති බවද එම දෙපාර්තමේන්තුව සදහන් කළේය.

Read More

ෆේස්බුක් සමාගමේ මීළඟ සේවක කප්පාදුව නුදුරේදීම සිදුකරන බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. මෙටා සමාගමේ හිමිකරු වන මාර්ක් සකර්බර්ග් ගේ විශේෂ සටහනක් උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය මේ බව සඳහන් කර ඇත. ඒ අනුව ෆේස්බුක් සමාගමේ සේවක කප්පාදුවක් මෙවර සිදුවන්නේ තුන්වන වරටය. මීට පෙර දෙවතාවක් එහි සේවක කප්පාදුවක් සිදුවූ අතර එමගින් ලොව පුරා සේවකයින් 21,000ක් පමණ සේවයෙන් ඉවත්කෙරුණි. මෙවර සේවක කප්පාදුව මැයි මාසයේ සිදුවන බව අදාළ සටහන මගින් මාර්ක් සකර්බර්ග් පවසා තිබේ. ඔහු පවසන්නේ ඒ හරහා දක්ෂයින් පමණක් ෆේස්බුක් සේවයට ඉතිරිවනු ඇති බවය. මේ අතර නුදුරේදීම ෆේස්බුක් වෙත නව අත්දැකීම් රැසක් එක්කරන බවද ඔහු අදාළ නිවේදනයෙන් වැඩිදුරටත් සඳහන් කර තිබේ.

Read More

උසස් පෙළ විභාගයේ විෂයන් 12කට අදාළව පිළිතුරු පත්‍ර ඇගයීම් කටයුතු සඳහා විභාග පරීක්ෂකවරුන් බඳවා ගැනීම වෙනුවෙන් යළි අයදුම්පත් කැඳවීමට විභාග දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ. භෞතික විද්‍යාව, රසායන විද්‍යාව, ගණිතය, කෘෂි විද්‍යාව, ජීව විද්‍යාව, සංයුක්ත ගණිතය, සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය, ව්‍යාපාර අධ්‍යයනය, ඉංජිනේරු තාක්ෂණවේදය, ජෛව පද්ධති තාක්ෂණවේදය, තාක්ෂණවේදය හා විද්‍යාව සහ ඉංග්‍රීසි යන විෂයන්වලට අදාළව මෙම අයදුම්පත් කැඳවීම සිදුකර ඇති බව විභාග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසයි. ඒ අනුව මෙතෙක් පිළිතුරු පත්‍ර ඇගයීම් කටයුතු සඳහා අයදුම් නොකළ ගුරුවරුන්ට මෙන්ම 2022 වසරේ දෙසැම්බර් මස 31 දිනට පසු විශ්‍රාම ගිය ගුරුවරුන්ට ද අද සිට මැයි මස 02 වැනිදා දක්වා මාර්ගත ක්‍රමය ඔස්සේ පිළිතුරු පත්‍ර පරීක්ෂාව…

Read More

රසායනික පොහොර තහනමට එරෙහිව ප්‍රකාශ කළ අවස්ථාවේ හිටපු ජනාධිපතිවරයා තමා අමාත්‍ය ධුරයෙන් ඉවත් කරන බවට තර්ජනය කළ බව එස් එම් චන්ද්‍රෙස්න මන්ත්‍රීවරයා පවසයි. ඊයේ පැවති මාධ්‍ය හමුවකදී ඔහු පැවසුවේ ඇතැම් පිරිස් ලබා දුන් වැරදි උපදේශ හේතුවෙන් වැරදී තීරණයන්ට එළඹුන බවය.

Read More

චයිනා මර්චන්ට් සමූහය කොළඹ ජාත්‍යන්තර බහලුම් පර්යන්තයේ සහ හම්බන්තොට ජාත්‍යන්තර වරාය හරහා දකුණු ආසියානු කලාපය තුළ තවදුරටත් ආයෝජන සිදුකිරීමට බලාපොරොත්තු වන බව එහි සභාපති මියාඕ ජියැන්මින් මහතා පවසයි. එහි සභාපති මියාඕ ජියැන්මින් මහතා හම්බන්තොට ජාත්‍යන්තර වරායේ සංචාරයක නිරත වෙමින් එහි ආයෝජන අවස්ථා සම්බන්ධයෙන් සොයාබැලීමක් සිදුකළ අතර එහිදී මේ බව පවසා තිබේ. හම්බන්තොට ජාත්‍යන්තර වරායේ ගබඩා පර්යන්තය, තෙල් ජැටිය, වාහන ප්‍රතිනැව්ගත කිරීමේ පර්යන්තය සහ අලුතෙන් විවෘත කරන ලද තීරුබදු රහිත සාප්පු සංකීර්ණය නැරඹීමේ අවස්ථාවටද මෙහිදී එක්වුණි. . හම්බන්තොට ජාත්‍යන්තර වරායේ ගෝලීය සහකරු ලෙස කටයුතු කරනු ලබන චයිනා මර්චන්ට් පෝර්ට් හෝල්ඩින්ග්ස් සමාගම රටවල් සහ කලාප 25ක් පුරා වරාය 42ක ජාලයක් සමග දකුණු…

Read More

හිටපු නාවික හමුදාපති අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ මහතාට එරෙහිව අමෙරිකාව පැනවූ තහනම සම්බන්ධයෙන් රුසියාවේ අප්‍රසාදය පළ කර තිබේ. ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති ලෙවාන් ජගාරියාන් මහතා කොළඹ පිහිටි සිය කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී ඒ සම්බන්ධයෙන් මෙලෙස සිය අප්‍රසාදය පළකර ඇත. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති ලෙවාන් ජගාරියාන් මහතා, “මට අද දැනගන්න ලැබුණා ඔවුන් මෙරට වයඹ පළාත් ආණ්ඩුකාර හිටපු නාවික හමුදාපතිවරයාට එරෙහිව සම්බාධක පනවලා කියලා. ඒ මානව හිමිකම් උල්ලංඝනය කළා කියන චෝදනාව යටතේ. ඉංග්‍රීසි කියමනක් තිබෙනවා. ඔබ ජීවත්වන්නේ වීදුරුවලින් සෑදු නිවසකනම් එහි සිට ගල් ගහන්න එපා කියලා. අපි බටහිර රටවල මානව හිමිකම් උල්ලංඝනය කිරීම් ගැන කතා කරමු.…

Read More