Author: LFN
රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමේ වැඩපිළිවෙළට සමගාමීව අඩු ආදායම්ලාභී ජනතාව නඟාසිටුවීම සඳහා රජය සුවිශේෂී අවධානයක් යොමු කර ඇති බවත්, ඒ සඳහා සමාජ ආරක්ෂණ වැඩපිළිවෙළක් ක්රියාවට නැංවීමට රජය සැලසුම් කර ඇති බවත් ජනාධිපති ජ්යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්රධානී සාගල රත්නායක පවසනවා. යාපනය, වෙලනෙයි ප්රාදේශීය ලේකම් කාර්යාල ශ්රවණාගාරයේ පැවති අඩු ආදායම්ලාභී ජනතාවට නොමිළේ සහල් බෙදාදීමේ දෙවන අදියරේ සමාරම්භක අවස්ථාවට එක් වෙමින් මෙම අදහස් පළ කළා. 2022/2023 මහ කන්නයේ රජයේ වී මිලදී ගැනීමේ හා වී තොග බැහැර කිරීමේ වැඩසටහනට සමගාමීව මෙය ක්රියාත්මක වුණා. එය යාපනය තෙලිප්පලෛ සහ වෙලනෙයි ප්රදේශ කේන්ද්ර කර ගනිමින් ක්රියාත්මක වූ බවයි ජනාධිපති මාධ්ය අංශය පැවසුවේ. ශ්රී ලංකා යුද…
ලුණුගම්වෙහෙර කුඩා ගම්මාන 01, ස්පීල්යාය ප්රදේශයේදී පුද්ගලයෙකුව වෙඩිතබා ඝාතනය කර තිබේ. පොලීසිය පැවසුවේ මියගිය පුද්ගලයා සිය නිවසේ සිටියදී මෙලෙස වෙඩිතබා ඇති බවය. මියගොස් ඇත්තේ 37 හැවිරිදි කුඩා ගම්මාන 01 ස්පීල්යාය ප්රදේශයේ පදිංචිකරුවෙකි. මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ පිටතින් පැමිණි පුද්ගලයෙකු නිවසේ ජනේලයක් තිබෙන ස්ථානයක සිට, නිවසේ සිටි මෙම පුද්ගලයාට වෙඩිතබා පළාගොස් ඇති බවය. සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා ලුණුගම්වෙහෙර පොලීසිය විමර්ශන ආරම්භ කර තිබේ.
ශ්රී ලංකාව සහ අයර්ලන්තය අතර ගාල්ල ජාත්යන්තර ක්රීඩාංගණයේ පැවැති දෙවැනි ටෙස්ට් තරගය ඉනිමකින් සහ ලකුණු 10කින් ජය ගැනීමට ශ්රී ලංකා කණ්ඩායම සමත් විය. ඒ අනුව තරග 2කින් සමන්විත තරගාවලිය 2-0ක් ලෙස ජයගැනීමට ශ්රී ලංකා කණ්ඩායම සමත්විය. තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් අයර්ලන්තය සිය පළමු ඉනිම සඳහා ලකුණු 492ක් රැස් කළේය. ඊට පිළිතුරු ලෙස ශ්රී ලංකා කණ්ඩායම සිය පළමු ඉනිම සඳහා කඩුලු 3ක් දැවී ලකුණු 704ක් රැස් කළේය. එහිදී කුසල් මෙන්ඩිස් (245), නිශාන් මධුෂ්ක (205) ද්විත්ව ශතක රැස් කිරීම විශේෂත්වයකි. ඉනිමක පරාජයෙන් බේරීම සඳහා ලකුණු 211ක් හඹා ගිය අයර්ලන්ත කණ්ඩායම සිය දෙවැනි ඉනිම සඳහා ලකුණු 202කට දැවී ගියේය. ඒ…
අද (29) පෙ.ව.11.00 සිට එදින රාත්රී 9.00 දක්වා පැය 10ක කාලයක් සඳහා ප්රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලය පවසයි. ඒ, කොළොන්නාව පොම්පාගාරයේ අත්යවශ්ය නඩත්තු කටයුත්තක් හේතුවෙනි. ජල සැපයුම අත්හිටුවන ප්රදේශ පහතින්, කොළොන්නාව නගර සභා බලප්රදේශය, මොරගස්මුල්ල, රාජගිරිය, ඔබේසේකරපුර, බණ්ඩාරනායකපුර, ඇතුල්කෝට්ටේ, නාවල, කොස්වත්ත සහ රාජගිරිය සිට නාවල විවෘත විශ්වවිද්යාලය දක්වා ප්රධාන මාර්ගය සහ ඊට සම්බන්ධිත සියලු අතුරු මාර්ග.
කොළඹ පාරිභෝගික මිල දර්ශකයට අනුව අප්රේල් මාසයේ උද්ධමනය සියයට 35.3ක් දක්වා අඩුවී ඇති බව ජනලේඛන හා සංඛ්යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි. එම දර්ශකයට අනුව මාර්තු මාසයේ උද්ධමනය සියයට 50.3ක් ලෙස වාර්තා වී තිබුණි. මාර්තු මාසයේ දී සියයට 50.3ක් වූ ආහාර කාණ්ඩයේ උද්ධමනය අප්රේල් මාසයේ දී සියයට 30.6ක් දක්වා අඩුවී තිබේ. ආහාර නොවන කාණ්ඩයේ සියයට 51.7ක් වූ මාර්තු මාසයේ උද්ධමනය අප්රේල් මාසයේ දී සියයට 37.6ක් දක්වා අඩුවී ඇති බව ජනලේඛන හා සංඛ්යාලේඛන දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.
කටුනායක ගුවන්තොටුපොළ අවට ප්රදේශයට ඊයේ (28) පස්වරු 04.00 සිට ඇදහැලෙන තද වැසි සහ අකුණු ගැසීම් සහිත අයහපත් කාළගුණික තත්ත්වය හේතුවෙන්, කටුනායක ගුවන්තොටුපොළ වෙත ගොඩ බැස්සවීමට පැමිණි ගුවන්යානයක් මත්තල ගුවන්තොටුපොළ වෙත යොමුකිරීමට බලධාරීන් පියවර ගෙන තිබුණි. ඉන්දියාවේ චෙන්නායි සිට පස්වරු 04.10 ට කටුනායක ගුවන්තොටුපොළ වෙත ගොඩබැස්සවීමට පැමිණෙමින් තිබූ ෆිට්ස් එයා ගුවන් සේවයේ 8 ඩී 834 දරන ගුවන්යානය, මත්තල ගුවන්තොටුපොළ වෙත යොමුකිරීමට ඒ අනූව පියවර ගෙන තිබේ. එහි මගීන් 143 දෙනෙකු සහ කාර්යය මණ්ඩලය 15 දෙනෙකු සිටි අතර ඔවුන් රැගත් මෙම ගුවන් යානය පස්වරු 05.00 ට පමණ මත්තල ගුවන්තොටුපොළ වෙත ගොඩ බැස්සවූ බව එම ගුවන්තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා සනාථ කළේය. කටුනායක ගුවන්තොටුපොළ…
ගැටුම් හමුවේ සුඩානයෙන් ඉවත් කරගත් දෙවන ශ්රී ලාංකික කණ්ඩායම ජෙඩා වෙත පැමිණ තිබේ. ජෙඩා හී වැඩබලන ශ්රී ලංකා කොන්සල් ජනරාල් පවසා ඇත්තේ ඊට ශ්රී ලාංකිකයින් 06 දෙනෙකු ඇතුළත් බවය.
ශ්රීලන්කන් ගුවන් සමාගමේ සමුච්චිත අලාභය මෙරට සමස්ත ජනගහනයෙන් බෙදූවිට එක් පුද්ගලයෙකුට රුපියල් 32,000 ක ණය මුදලක් දැරීමට සිදුවන බව පොදු ව්යාපාර පිළිබඳ කාරක සභාවේ දී හෙළිවිය. ඒ ශ්රීලන්කන් ගුවන් සමාගම එම කාරක සභාව හමුවට කැඳවූ අවස්ථාවේදීය. ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ පොදු ව්යාපාර පිළිබඳ කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්රී මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා, “පසුගිය වසර දෙකක කාලය තුළ මෙහෙයුම් ලාභයක් ශ්රීලන්කන් ගුවන් සමාගම වෙත ලබාගෙන තිබෙනවා. ඒ වගේම එහි වර්ධනයකුත් තියෙනවා. නමුත් අවාසනාවකට සමුච්චිත අලාභය සීඝ්රයෙන් වර්ධනය වෙමින් පවතිනවා. බිලියන 1.2ක අලාභයක් එකතුවෙලා තියෙනවා. අපි ගණනය කරලා බැලුවා.. ඒක පුද්ගල ශ්රී ලාංකික ණය උරුමය කීයද කියලා. ශ්රීලන්කන් ගුවන් සමාගමේ සමස්ථ අලාභය…
ශ්රී ලංකාවේ ඉතිහාසය අධ්යයනය කිරීම සඳහා නව ආයතනයක් කඩිනමින් ස්ථාපිත කරන බව ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා පැවසීය. ජාතික කෞතුකාගාරය, ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුව, පුරාවිද්යා දෙපාර්තමේන්තුව මෙන්ම සංස්කෘතික ත්රිකෝණය, විශ්වවිද්යාල සහ රාජකීය ආසියාතික සංගමය සම්බන්ධ කරගනිමින් එම ආයතනය ස්ථාපිත කරන බවත් අදාළ නීති කෙටුම්පත කඩිනමින් අවසන් කිරීමට පියවර ගන්නා බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය. ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා මෙම අදහස් පළ කළේ, මහවැලි කේන්ද්රයේදී (27) පැවැති රාජකීය ආසියාතික සංගමයේ 178 වන සැමරුමට එක්වෙමිනි. ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා වෙත රාජකීය ආසියාතික සංගමයේ ප්රකාශන කිහිපයක මුල් කෘති පිරිනැමීම ද මෙහිදී සිදු කෙරිණි.
අපරභාගයේදී ඇතිවන ගිගුරුම් සහිත වැසි තත්ත්වයේ සැලකිය යුතු වැඩිවීමක් අපේක්ෂා කරන බව කාලගුණවිද්යා දෙපාර්තමේන්තුව පවසයි. දිවයිනේ බොහෝ ප්රදේශවල සවස 2.00 න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. බස්නාහිර, සබරගමුව, මධ්යම, වයඹ සහ දකුණු පළාත්වල ඇතැම් ස්ථාන වලට මි.මී. 100 ට වැඩි තද වැසි ද ඇතිවිය හැක. නැගෙනහිර පළාතේ සහ මුලතිවු සහ හම්බන්තොට දිස්ත්රික්කවල උදෑසන කාලයේදී ද වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව දන්වා ඇත. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.