Author: LFN

ආරක්ෂක හේතූන් මත කොළඹ කොටුව ජනාධිපති මන්දිරය සහ ජනාධිපති ලේකම් කාර්යාලය කෝට්ටේ ශ්‍රී ජයවර්ධනපුර පාර්ලිමේන්තුව ආසන්නයට රැගෙන යාමේ සැලසුමක් සම්බන්ධයෙන් රජයේ අවධානය මේ වන විට යොමු වී ඇතැයි අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි. මාදිවෙල ජාතික සඳුන් උයන පිහිටි අක්කර 9 ක භූමි භාගය ජනාධිපති කාර්යාලය ඉදිකිරීමටත් මාදිවෙල කුරුලු උයන සංකීර්ණය ඉදිකිරීමට යෝජිත අක්කර 38 ක භූමිය ජනාධිපති මන්දිරය ඉදිකිරීමට අවධානය යොමු වී ඇත. තලංගම පොලිස් වසමේ පිහිටි ජාතික සඳුන් උයන පිහිටි ඉඩම පහළවෙළ ග්‍රාම සේවා වසම ට අයත් වන අතර මිරිහාන පොලිස් බල ප්‍රදේශයට අයත් කුරුලු උයන ඉදිකිරීමට යෝජිත භූමිය මිරිහාන උතුර, මාදිවෙල, ප්‍රගතිපුර, හා උඩහමුල්ල ග්‍රාම සේවා වසම් වලට…

Read More

දෙමළ ජාතික සන්ධානය ඇතුළු උතුරු නැගෙනහිර දේශපාලන පක්ෂ එක්ව අද (25) උතුරු නැගෙනහිර පළාත් දෙක තුළ හර්තාල් ව්‍යාපාරයක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ. පාර්ලිමේන්තු මන්ත්‍රී ශානක්කියන් රාසමානික්‍කම් මහතා සඳහන් කළේ, ත්‍රස්ත විරෝධී පනත ඇතුළු දෙමළ ජනතාව මුහුණදෙන ගැටලු කිහිපයක් මුල් කරගනිමින් එම හර්තාල් ව්‍යාපාරය පැවැත්වීමට සැලසුම් කර ඇති බවය. උතුරු – නැගෙනහිර හර්තාල් ව්‍යාපාරය හේතුවෙන් එම ප්‍රදේශවල පෞද්ගලික බස්රථ ධාවනයට ද බාධා එල්ල වන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා සඳහන් කළේය.

Read More

උසස් පෙළ විභාගයේ උත්තර පත්‍ර පරීක්ෂා කිරීම සම්බන්ධයෙන් ගනු ලබන ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ තීරණයක් ගැනීම සඳහා විශේෂ සාකච්ඡාවක් අද (25) පස්වරුවේ පැවැත්වෙන බව විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය පවසයි. එහි මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය චාරුදත්ත ඉලංගසිංහ මහතා සඳහන් කළේ, සිය ගැටලුව සම්බන්ධයෙන් කඩිනම් විසඳුමක් ලබාදීමට ආණ්ඩුව මැදිහත් විය යුතු බවය. මේ අතර විශ්වවිද්‍යාල අචාර්යවරුන් නොමැතිව ඇතැම් විෂයන්වල උත්තර පත්‍ර පරීක්ෂා කිරීමට ආණ්ඩුව කටයුතු කිරීම ගැටලු සහගත බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා සඳහන් කළේය. මේ සම්බන්ධයෙන් ඊයේ (24) පස්වරුවේ පැවති ආණ්ඩු පක්ෂ රැස්වීමේදී විශේෂ අවධානයක් යොමුකළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර මහතා ප්‍රකාශ කළේය.

Read More

අලුත් අවුරුද්දෙන් පසුව පළමුවරට පාර්ලිමේන්තුව අද (25) පෙරවරු 09.30ට රැස්වීමට නියමිතය. අපරාධ නඩු විධාන සංග්‍රහය පනත යටතේ 2023 ජනවාරි මස 30 දිනැති අංක 2217/28 ගැසට් පත්‍රයේ පළකළ නියමය අද විවාදයට ගැනීමට නියමිතය. මේ අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ අරමුදල් පහසුකම යටතේ වූ සැකසුම ක්‍රියාත්මක කිරීම සඳහා වන යෝජනාව පිළිබඳ පාර්ලිමේන්තු විවාදය හෙට (26) සිට ආරම්භ වේ. ඒ අනුව හෙට සිට ලබන 28 වන දින දක්වා දින තුනක් තුළ විවාදය පැවැත්වීමට නියමිත බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා සඳහන් කළේය. මේ අතර මේ සතියේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබූ ප්‍රතිත්‍රස්ත පනත ඉදිරිපත් කිරීම තවත් සති කිහිපයක් ප්‍රමාද කිරීමට කටයුතු කළ…

Read More

සබරගමුව, මධ්‍යම, උතුරු-මැද, ඌව සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය සහ මුලතිවු දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන අතර ඇතැම් ස්ථානවලට මි. මී. 50ට වැඩි තරමක තද වැසි ද ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. සෙසු පළාත්වල ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වල උදෑසන කාලයේදී ද වැසි ඇති විය හැකිය. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

Read More

මහේන්ද්‍ර සිං ධෝනි ශ්‍රී ලංකා ක්‍රිකට් දියුණු කිරීමට සහායක් ලබාදෙන බව පෙනීයන බව ප්‍රවීණ ක්‍රිකට් විචාරක ටොම් මූඩි පවසයි. ඔහු එසේ පවසා ඇත්තේ 2023 IPL තරගාවලියේදී චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කරන මතීෂ පතිරණ ට ධෝනි ලබාදෙන සහාය සම්බන්ධයෙන් අදහස් දක්වමිනි. 20 හැවිරිදි මතීෂ ව ඉනිමක ඉතා අපහසුම අවස්ථා වල පන්දු යැවීමට කැඳවීම මගින් ධෝනි ඔහුට සිය ආත්ම ශක්තිය සහ විශ්වාසය වර්ධනය කරගැනීමට අවස්ථාව ලබාදීම ඉතා විශිෂ්ට බව ටොම් මූඩි පවසයි.

Read More

උෂ්ණාධික කාලගුණ තත්ත්වය පහව යනතුරු ත්‍රිවිධ හමුදා ඇතුළු අත්‍යවශ්‍ය රාජකාරීවල නිරතවන්නන්ගේ සේවාමුර පිළිබඳ ආයතන ප්‍රධානීන් අවධානය යොමුකළ යුතු බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය වින්‍යා ආරියරත්න මහතා පවසයි. ඔහු පෙන්වාදෙන්නේ උෂ්ණාධික අවදානම් කාලසීමා තුළ අදාළ පාර්ශවවල සේවා මුරවල සංශෝධනය කිරීමේ හැකියාව සම්බන්ධයෙන් සොයාබැලීම යෝග්‍ය බවය. ඊයේ (24) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය. එමෙන්ම ඔහු පැවසුවේ අත්‍යවශ්‍ය රාජකාරී සිදුකරන පිරිස් එම සේවා සිදුකරන ස්ථානවලදී, ලබාදී ඇති මාර්ගෝපදේශ ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පහසුකම් සැපයීමට ද ආයතන ප්‍රධානීන් වගබලාගත යුතු බවය. “ඉදිරි සති කිහිපය තුළ උෂ්ණත්වය පහළ යනකම් ආයතන ප්‍රධානීන්ට ලොකු වගකීමක් තියෙනවා ඔවුන්ගේ සේවක සේවිකාවන්…

Read More

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් මෙරටට සිදුවූ හානියට වන්දි අයකර ගැනීම වැළැක්වීම සදහා අල්ලස් ලබා ගත් පුද්ගලයෙකු සිටී නම් ඒ පිළිබඳව අනාවරණය කරන ලෙස ඉල්ලා සමගි ජනබලවේගය පක්ෂයේ මන්ත්‍රීවරුන් කණ්ඩායමක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කර තිබේ. මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉදුනිල් මහතා පැවසුවේ වන්දි අයකර ගැනීමේ නඩුව සිංගප්පූරුවේදී පැවරීමට තීරණය කළේ ඇයිද යන්න පිළිබදව කරුණු හෙළිකළ යුතු බවය. එසේම ශ්‍රී ලංකාව තුළ නඩු පවරමින් වැඩි වාසියක් ලබාගත හැකිව තිබියදී සිංගප්පූරුවේ නඩු පැවරීමට බලධාරීන් තීරණය කළේ මන්දැයි විශේෂඥයන් සැක මතුකරයි. එසේම නඩු පැවරීම හා වන්දි ලබාගැනීම අඩපණ කිරීමට මෙරට යම් බලධාරියෙකුට අමෙරිකානු ඩොලර් මිලියන 250 ක අල්ලසක් ලබා දී ඇති බවට අධිකරණ…

Read More

මැයි මාසයේ 3වන සතිය වනවිට පවතින දැඩි උණුසුම් තත්ත්වය පහව යනු ඇති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවේ අනාවැකිකරණ අංශයේ අධ්‍යක්ෂ ආචාර්ය ශිරෝමනී ජයවර්ධන මහත්මිය පවසයි. මේ සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් සිදුකරමින් ඇය පැවසුවේ එම කාලය වනවිට නිරිතදිග මෝසම් සුළං ශ්‍රී ලංකාව හරහා දේශගුණිකව ස්ථාපනය වීමට නියමිත බැවින් එලෙස උණුසුම් තත්ත්වය පහව යනු ඇති බවය. “දැන් අපි ඉන්නේ නිරිතදිග මෝසම පටන් ගන්න අතර කාලයේ.මේ කාලයේ ශ්‍රී ලංකාව හරහා නිෂ්චිත සුළං රටාවක් නෑ. සුළඟේ වේගය හුඟක්ම අඩුයි. ඒ නිසා අප අවට පරිසරය ජල වාෂ්ප වලින් ඉතාමත්ම ගහනයි. ඒ ජල වාෂ්ප ගහන වීම නිසා අපේ දහඩිය වාෂ්ප වීමක් සිද්ධ වෙන්නේ නෑ. ඒ නිසා අපේ සිරුරට පරිසර…

Read More

ඖෂධ හිඟයක් ඇති වීමට ප්‍රසම්පාදන ක්‍රියාවලිය දැඩිව බලපා ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි. එම සංගමය පවසන්නේ මෙරට සෞඛ්‍ය පද්ධතිය තුළ මේ වනවිට අත්‍යවශ්‍ය ඖෂධ 150ක සම්පූර්ණ හිඟයක් පවතින බවය. එසේම ශල්‍ය වෛද්‍ය උපකරණ, රසායනාගාර පරීක්ෂණවලට සහ විකිරණශිලී පරීක්ෂණ වලට අවශ්‍ය උපකරණ මෙන්ම රසායන ද්‍රව්‍යවල විශාල හිඟයක් පවතින බවද එම සංගමය පෙන්වා දෙයි. ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා, “හෙට මේ රටේ තියන සියලුම මුදල් ටික සෞඛ්‍ය අමාත්‍යාංශට දුන්නත්, මේ රටේ තියන සියලුම ඩොලර් ටික සෞඛ්‍ය අමාත්‍යාංශට දුන්නත් මේ ඖෂධ හිඟය විසඳන්න සෞඛ්‍ය අමාත්‍යාංශයට බෑ. ඊට හේතුවන ප්‍රධාන කාරණා කිහිපයක් අපි…

Read More