Author: LFN

සිය ද්විපාර්ශ්වික වෙළෙඳාමේදී රියාල් සහ රුපියල වැඩි වශයෙන් භාවිත කරන ලෙස ඉරානය, ඉන්දියාවෙන් ඉල්ලා ඇතැයි වාර්තා වෙයි. ඉන්දියාවේ ජාතික ආරක්ෂක උපදේශක සහ ඉරානයේ උත්තරීතර ජාතික ආරක්ෂක කවුන්සිලයේ ලේකම් අතර පැවැති හමුවකදී එම ඉල්ලීම සිදුකර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ද්විපාර්ශ්වික වෙළෙඳාමේදී දේශීය මුදල් ඒකක භාවිත කිරීමෙන් දෙරටේ ඒකාබද්ධ ආර්ථික අරමුණු කරා ළඟාවීමට උපකාර වනු ඇති බව ඉරානයේ යෝජනාවය. මේ අතර ඉන්දියාව සමග දේශපාලන සහ ආරක්ෂක ගැටළු මෙන්ම වඩාත් වැදගත් කලාපීය සහ ජාත්‍යන්තර වර්ධනයන් පිළිබඳව සාකච්ඡා කළ බව ඉරාන මාධ්‍ය වාර්තා සඳහන් කර තිබේ.

Read More

යෝජිත නව විදුලිබල ප්‍රතිසංස්කරණ පනත හරහා මෙරට ජල විදුලි බලාගාර පෞද්ගලික සමාගම්වලට ලබාදීමට සැලසුම් කර ඇතැයි මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක මහතා පවසයි. ඊයේ (02) මාධ්‍ය හමුවක් පවත්වමින් ඔහු ඒ පිළිබඳ කරුණු අනාවරණ කළේය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක මහතා, “නව යෝජිත විදුලිබල ප්‍රතිසංස්කරණ පනත 2023” අපිට සැලැස්ම හම්බවුණා. මේක ඉතාම රහසිගත ලියවිල්ලක්.. මේ මගින් බලපොරොත්තු වෙනවා නව විදුලිබල පනතක් ඉදිරිපත් කරන්න. ජලවිදුලි බලාගාරවල අයිතිය සමාගම්වලට පවරන්න යන්නේ. නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරය.. ඒක සමාගම් අඥා පනතේ තියෙන ආයතනයකට පැවරීමෙන් ඇතිවෙන තත්ත්වය අපිට තක්සේරු කරන්න බැරි වෙනවා. අලුතෙන් එන මේ පනතේ තියෙනවා.. ඉදිරියේදී…

Read More

මෙරට අමෙරිකානු තානාපති ජුලි චන්ග් මහත්මියගේ ක්‍රියාකලාපයෙන් තම මූලික අයිතිවාසිකම් උල්ලංගණය වූ බව පවසමින් ඊට එරෙහිව නෛතික ක්‍රියාමාර්ග ගන්නා බව හිටපු නාවික හමුදාපති අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ මහතා පවසයි. ඒ, මෙරට අමෙරිකානු තානාපතිනිය වෙත ලිපියක් යොමු කරමිනි. අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව තමා සහ තම බිරිඳ අමෙරිකාවට ඇතුළුවීමට සුදුසුකම් නොලබන පුද්ගලයන් ලෙස නම්කළ සිද්ධියේදී එය විදේශ අමාත්‍යවරයා වෙත කල් තියා දැනුම්දීමට අමෙරිකානු තානාපතිනිය ගත් ක්‍රියාමාර්ගය පිළිබඳව අප්‍රසාදය පළ කරමින් කරන්නාගොඩ මහතා මේ ලිපිය යොමු කර ඇත. තමාට එවැනි තහනමක් පනවා ඇත්තේ නිසි නීතිමය ක්‍රියාමාර්ග අනුගමනය නොකර බවත්, කිසිදු චෝදනාවක් පිළිබඳව අමෙරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුව තමාගෙන් විමසීමක් කර නොමැති බවත් ඔහු යැවූ…

Read More

දිවයින පුරා දැනට පවතින වැසි තත්ත්වය ඉදිරි දින කිහිපයේදීත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද (03) පස්වරු 1.00න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවය. බස්නාහිර සහ දකුණු පළාත්වලත් යාපනය, කිලිනොච්චි, මන්නාරම සහ පුත්තලම දිස්ත්‍රික්කවලත් වෙරළබඩ ප්‍රදේශවල උදෑසන කාලයේදී ද වැසි ඇති වේ. නැගෙනහිර සහ ඌව පළාත්වලත් පොළොන්නරුව දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට මි.මී. 100ක පමණ තරමක් තද වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. දිවයිනේ සෙසු ප්‍රදේශවලද ඇතැම් ස්ථානවලට මි.මී. 75ට වැඩි තරමක් තද වැසි ඇතිවේ. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු…

Read More

පවතින වැසි සහිත කාලගුණය සමග ඩෙංගු රෝගය යළි හිස එසවීමේ අවදානමක් මතුවී තිබේ. මේ වසරේ ගෙවුණු මාස 04ක කාලය තුළ ඩෙංගු රෝගීන් 29,000ක් වාර්තා වී ඇතැයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි. එහි දත්තවලට අනුව එම කාලය තුළ ඩෙංගු වැළඳීමෙන් මිය ගොස් ඇති පුද්ගලයින් ගණන 15කි. ශ්‍රී ලංකාවේ දැනට මදුරු වර්ග 140ක් පමණ සිටින අතර ඉන් ඩෙංගු රෝග කාරක වෛරසය සංසරණය කිරීම සඳහා දායක වන්නේ ඊඩිස් ඊජිප්ටයි හා ඊඩිස් ඇල්බොපික්ටස් යන මදුරු විශේෂ දෙකය. ඩෙංගු වෛරස් කාණ්ඩ 4ක් දැනට සොයාගෙන ඇති අතර ඒවා හැඳින්වෙන්නේ ඩෙංගු වන් (DEN 1), ඩෙංගු ටූ (DEN 2), ඩෙංගු ත්‍රී (DEN 3) සහ ඩෙංගු ෆෝ (DEN 4)…

Read More

ප්‍රදේශ තුනක සිදුවූ රිය අනතුරුවලින් දැරියක් සහ කාන්තාවන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. පොලීසිය ප්‍රකාශ කළේ වෙන්නප්පුව දුම්මලදෙණිය ප්‍රදේශයේදී වෑන් රථයක් මාර්ගයෙන් ඉවතට පැන මාර්ගය අසල සරුවත් විකුණමින් සිටි දැරියන් දෙදෙනෙකුගේ සහ කාන්තාවකගේ ගැටී අනතුරක් සිදුව ඇති බවය. අනතුරින් බරපතළ තුවාල ලැබූ ඔවුන් තිදෙනා මාරවිල රෝහලට ඇතුළත් කිරීමේදී 16 හැවිරිදි වෙන්නප්පුව වෙරළපාර ප්‍රදේශයේ පදිංචිව සිටි පාසල් දැරියක් මියගොස් තිබේ. මේ අතර දේවාලේගම ඇදුරාපොත ස්ථාල හන්දිය අසලදී කාන්තාවක් ධාවනය වෙමින් තිබූ ලංගම බස් රථයක ගැටී තවත් කාන්තාවක් මියගොස් ඇත. මියගොස් ඇත්තේ 82 හැවිරිදි දේවාලේගම උරුලෑදෙණිය ප්‍රදේශයේ පදිංචිව සිටි කාන්තාවක බව සඳහන්ය. එමෙන්ම මීගමුව කට්ටුව ප්‍රදේශයේදී ද ධාවනය වෙමින් තිබූ මෝටර් රථයක ගැටී…

Read More

ගල්කිස්ස ප්‍රදේශයේදී ඊයේ (01) දහවල් ව්‍යාපාරිකයෙකුව කොල්ලකා තිබේ. එහිදී සැකකරුවන් විසින් අදාළ ව්‍යාපාරිකයා පැළැඳ සිටි පවුම් 28ක් බරැති රුපියල් ලක්ෂ 60කට ආසන්න රන් භාණ්ඩ තොගයක් සහ ලක්ෂ 02ක පමණ මුදලක් කොල්ලකා පළාගොස් ඇතැයි ගල්කිස්ස පොලීසිය කියයි. තියුණු ආයුධ සමග ගල්කිස්ස පීරිස් පාරේ වෙළෙඳසලකට ඇතුළුවී මෙම කොල්ලය සිදුකර තිබේ. පොලීසිය සඳහන් කළේ කොල්ලකා ඇති රන් භාණ්ඩ අතර පවුම් 5ක් සහ 7ක් බර අත් පළඳනා දෙකක්, පවුම් 12ක මාලයක්, පවුම් 1ක් සහ 1 1/2 බර පෙන්ඩන් දෙකක්, පවුම් 1ක් සහ පවුම් 1/2ක් බර සුර දෙකක් ද ඇති බවය. එම අවස්ථාවේදී වෙළෙඳසැලේ සේවකයින් 08 දෙනෙකු පමණ සිට ඇති අතර එකවරම වෙළෙඳසැල තුළට ඇතුළුවී…

Read More

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ විශ්‍රාමික එයාර් වයිස් මාෂල් සම්පත් සජීව තුයාකොන්ත මහතා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබේ. ඒ, තමන්ව අසාදු ලේඛනගත කිරීමට ගුවන් හමුදාපතිවරයා ගෙන තිබෙන තීරණය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලමිනි. ජාතික ජන බලවේගයේ දේශපාලන වේදිකාවෙහි සිය මතය ප්‍රකාශ කිරීමේ ප්‍රතිඵලයක් ලෙස මෙම අසාදු ලේඛනගත කිරීම සිදුවු බවට ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පාර්ලිමේන්තුවේදී සඳහන් කළ බව පෙන්වා දෙන පෙත්සම්කරු තමන් කිසිදු අවස්ථාවක ගුවන් හමුදාවේ ගෞරවය උල්ලංඝනය කර නොමැති බවත් සඳහන් කරයි. ඒ අනුව අදාළ පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස ගුවන් හමුදාපතිවරයා, ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරියා, ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර…

Read More

අනුරාධපුර ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී තරුණයකු කපාකොටා ඝාතනය කිරීමේ සිද්ධියට සැකපිට දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. ඒ, ඊට දින දෙකකට පෙර එම තරුණයාට පහරදී තුවාල සිදුකළ කාන්තාවක සහ පිරිමි පුද්ගලයකු බව කියන දෙදෙනෙකු බව මැදවච්චිය පොලීසිය පවසයි. මෙලෙස සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට පත්වී ඇත්තේ, ටෙලිකොම් පාර, මැදවච්චිය ප්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි පුද්ගලයකු සහ මැදවච්චිය ගොවිජන සේවා මධ්‍යස්ථාන පාරේ පදිංචි 23 හැවිරිදි කාන්තාවකි. මොවුන් දෙදෙනා අඹුසැමියන් බවද පොලීසිය පවසයි. ප්‍රේම සම්බන්ධයක් මුල් කරගනිමින් මැදවච්චියේ ප්‍රබල හෙරොයින් ජාවාරම්කරුවන් පිරිසක් අතර පසුගිය 26 වනදා ගැටුමක් හටගෙන තිබුණි. එහිදී මැදවච්චිය අංක 15 මන්නාරම් පාර ලිපිනයේ පදිංචි 24 හැවිරිදි රුවන් ගීත් උදිත නැමති තරුණයකු බරපතළ තුවාල…

Read More

කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ත ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 100කින් පමණ පහළ දමන බව ලිට්‍රෝ සමාගම පවසයි. එම මිල සංශෝධනය හෙට (03) දිනයේ නිල වශයෙන් නිවේදනය කිරීමට නියමිත බව එම සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා සඳහන් කළේය. “ගිය සැරේ රුපියල් 1005කින් ගෑස් මිල අඩු කළා. හෙට දිනයේ අපි බලාපොරොත්තු වෙනවා නැවත වතාවක් රුපියල් 100කින් පමණ ගෑස් සිලින්ඩරයක මිල අඩු කරන්න. ඒ ගැන නිල නිවේදනය අපි හෙට උදෑසන නිකුත් කරනවා. හෙට මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි මේක කරන්න තමා අපේ බලාපොරොත්තුව. පොඩි සිලින්ඩර දෙකේ මිලත් එයට සාපේක්ෂව අඩු කරන්න බලාපොරොත්තු වෙනවා.”

Read More