Author: LFN

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඇතුළු අනෙකුත් පාර්ශවවලින් ඩොලර් බිලියන 07ක මුදලක් ඉදිරි වසර කිහිපය තුළ ශ්‍රී ලංකාවට ලැබීමට නියමිත බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ශ්‍රී ලංකාව එළඹි ගිවිසුම පිළිබඳ පාර්ලිමේන්තුවේ විවාදය අද (26) ආරම්භ කරමින් ජනාධිපතිවරයා ඉල්ලා සිටියේ එය සම්මත කරගැනීම සඳහා සියලුදෙනාගේ සහයෝගය ලබාදෙන ලෙසය. “ආර්ථික ප්‍රශ්නයත්, මුල්‍ය ප්‍රශ්නයත් IMF ගිවිසුම විස්තර කරලා දෙන්නම්. විදේශ ණය හිමියන් ඒ පියවර ගත්ත නිසා තමයි අපිට මූල්‍යකරණ සහතිකය ලැබුණේ. මූල්‍යකරණ සහතිකය නිසා තමයි විශේෂයෙන්ම එක් ලබාදුන්න පැරිස් සමාජය හා ඉන්දියාව පොදුවේ ක්‍රියාකරලා ඒක අපිට ලබලා දුන්නා. ඉන්දියාව ඉස්සෙල්ලාම මේක ප්‍රකාශ කළේ, ඒකට ස්තූතිවෙනවා. චීනය වෙනම ක්‍රියාකරන්න බලාපොරොත්තු වෙනවා.…

Read More

මෙරට සිල්ලර ඉන්ධන අලෙවිය සඳහා වූ ගිවිසුම්වලට එළඹීමට සහ මෙහෙයුම් ආරම්භ කිරීමේ කටයුතු සඳහා Sinopec නිලධාරීන් පිරිසක් ශ්‍රී ලංකාවට පැමිණ තිබේ. විදුලි බල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ එම කණ්ඩායමේ තාක්ෂණික විශේෂඥ කණ්ඩායමක් ද සිටින බවය. එම කණ්ඩායම සහ අමාත්‍යවරයා අතර විශේෂ සාකච්ඡාවක් ඊයේ එම අමාත්‍යාංශයේදී සිදුව ඇත. එහිදී එම ගිවිසුමට අදාළ කාලසටහන්, ගිවිසුමේ කොන්දේසි සහ ඊට අදාළ අනෙකුත් ගැටළු පිළිබඳව සාකච්ඡා සිදුකර තිබේ. මේ අතර එළඹෙන මැයි මාසයේදී ඊට අදාළ ගිවිසුම්වලට අත්සන් කිරීමටත් දින 45 ක් ඇතුළත මෙහෙයුම් කටයුතු ආරම්භ කිරීමට එකඟ වූ බවත් අමාත්‍යවරයා සිය ට්විටර් පණිවුඩයෙන් වැඩිදුරටත් පෙන්වා දෙයි.

Read More

සංචාරක ව්‍යාපාරය දියුණු කිරීම සදහා දුම්රිය ස්ථාන ආශ්‍රිතව පාපැදි කුලී පදනම මත ලබා දීමේ ව්‍යාපෘතියක් ආරම්භ කිරීම පිළිබදව බලශක්තිය සහ ප්‍රවාහනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදි අවධානය යොමුවිය. මෙම කාරක සභාව ඊයේ (25) පාර්ලිමේන්තුවේදි රැස්විය. ඒ අනුව අනුරාධපුර දුම්රිය ස්ථානයෙන් මෙය නියමු ව්‍යාපෘතියක් ලෙස ආරම්භ කිරීමට පියවර ගන්නා ලෙස ප්‍රවාහන ලේකම්වරයාට කාරක සභාව උපදෙස් දුන්නේය.

Read More

ඉන්දියාවෙන් ආනයනය කරන ලද බිත්තර වෙළෙඳපොළට නිකුත් කිරීම සඳහා වන සහතික ලබාදීම සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව තවදුරටත් ප්‍රමාද කිරීම හේතුවෙන් ගැටලු රුසක් නිර්මාණය වී ඇති බව රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව පවසයි. එහි සභාපති ආසිරි වලිසුන්දර මහතා පැවසුවේ, මේ හේතුවෙන් සැලසුම් කල පරිදි බිත්තර වෙළෙඳපොළට නිකුත් කිරීමට නොහැකි වී ඇති බවය. “මේ වෙනකොට අපි අසීරුතාවයකට පත්වෙලා තියෙනවා බිත්තර වෙළෙඳපොළට නිකුත් කිරීම සම්බන්ධයෙන්. මොකද 19 වනදා ලංකාවට ආපු බිත්තර නැවේ සාපම්පල අපි භාරදීලා තියෙනවා. එහි සාම්පල වාර්තාව අපි බලාපොරාත්තු වුණා සඳුදා දිනයේ ලැබෙයි කියලා. නමුත් අපි සත්ත්ව නිෂ්පාදන දෙපාර්තමේන්තුවෙන් හොයලා බලද්දි ඔවුන් අපිට කියා සිටියා එම වාර්තාවන් අපිට ලබාදීමට හැකියාව…

Read More

එකම වට්ස්ඇප් ගිණුම දුරකථන හතරක් දක්වා භාවිතා කිරීමේ හැකියාව මෙටා සමාගම විසින් පරිශීලකයින්ට ලබාදීමට තීරණය කර ති‌‌බේ. ඒ අනුව, වට්ස්ඇප් භාවිතා කරන්නන් තවදුරටත් ඔවුන්ගේ ගිණුම තනි දුරකථනයකින් භාවිතා කිරීමට පමණක් සීමා නොවේ. ඉදිරියේ දී එම නවමු අත්දැකීම විඳගැනීමට සුදානමින් සිටින ලෙස මෙටා සමාගම සිය පරිශීලකයින්ට දැනුම් දී ඇතැයි බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මෙටා සමාගමේ ප්‍රධාන විධායක මාර්ක් සකර්බර්ග් සිය නිල ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් මෙසේ පවසා තිබේ.

Read More

ජනධිපතිවරයා සමඟ සාකච්ඡාවක් අවශ්‍ය බවට විශ්වවිද්‍යාල ආචාර්යවරු කර ඇති ඉල්ලීම සම්බන්ධයෙන් ජනාධිපති ලේකම්වරයා දෙනුවත් කර ඇති බව ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය මහතා පවසයි. ඔහු පවසන්නේ ජනාධිපතිවරයා සමඟ අවස්ථා තුනකදී සාකච්ඡා කර ඇති පසුබිමක විශ්වවිද්‍යාල ආචාර්යවරු යළි කොන්දේසි පනවමින් උසස් පෙළ පිළිතුරු පත්‍ර ඇගයීමේ කටයුතු මඟහරිමින් සිටින බවය. “විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය උසස් පෙළ දරුවන්ගේ ප්‍රශ්නපත්‍ර ඇගයීම් කරන්න සුදානම්. ඒ වගේම ජනාධිපතිතුමා සමග සාකච්ඡාවක් ඒ සඳහා ලබාදිය යුතුයි කියන කොන්දේසියක් දාලා තියෙනවා. ඒ පිළිබඳව අපි ජනාධිපති ලේකම්තුමාව දැනුවත් කළා. කොහොම වුණත් විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය අවස්ථා තුනක දී ජනාධිපතිතුමා කැඳවලා සාකච්ඡා කරලා, ඇයි බදු අයකෙරේ ? කෙටි කාලයක්…

Read More

දිවයින පුරා ඩෙංගු රෝගීන්ගේ වාර්තා වීම සීඝ්‍රයෙන් ඉහළ යමින් පවතින බව කීට විද්‍යා නිලධාරීන්ගේ සංගමය පවසයි. එහි සභාපති නිජිත් සුමනසේන මහතා සඳහන් කළේ, වැඩිම ඩෙංගු රෝගීන් ප්‍රමාණය බස්නාහිර පළාතෙන් වාර්ථා වන බවය. “මේ වනවිට ඩෙංගු රෝගීන් වාර්තාවීම ඉහළ යමින් පවතිනවා. රට පුරා වර්ෂාපතනය වැඩිවීම, උෂ්ණත්වය ඉහළ යෑම මේ තත්ත්වය තවත් වර්ධනය වීමට හේතුවෙනවා. බස්නාහිර පළාතේ විශේෂයෙන්ම රෝගීන් වැඩිවීමක් දක්නට ලැබෙනවා පසුගිය වසරට වඩා. 2017 දී තමා මෑත කාලයේ වැඩිම රෝගීන් වාර්තාවුණ වර්ෂය විදියට සටහන් වෙන්නේ. ඒ අනුව 2017 වසරෙන් පසුව 2023 වර්ෂය විශාල රෝගීන් ප්‍රමාණයක් වාර්තා වන බවට සංඛ්‍යා ලේඛන දත්ත අනුව අපිට කියන්න පුළුවන්. ඒ අනුව ඉදිරියේ දී මේ…

Read More

බංගලාදේශ කාන්තා ක්‍රිකට් කණ්ඩායම ඊයේ (25) පස්වරුවේ දිවයිනට පැමිණ තිබේ. ඔවුන් විස්සයි විස්ස තරග තුනකට සහභාගීවීමට නියමිත අතර එම තරග SSC ක්‍රීඩා පිටියේ දී පැවැත්වීමට නියමිතය. මීට අමතරව එක්දින තරග තුනක් කොළඹ CCC ක්‍රීඩා පිටියේ දී පැවැත්වීමට නියමිතය. මෙම එක්දින තරග ලෝක කුසලාන තරග සඳහා ඍජුවම සුදුසුකම් ලැබීම සඳහා අදාළ වන අතර එම තරගාවලියේ කොටසක් ලෙස පවත්වනු ලබන තරග බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.

Read More

තමා නැවතත් අමෙරිකානු ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වන බව ජෝ බයිඩන් ඊ (25) නිල වශයෙන් ප්‍රකාශයට පත්කළේය. ඔහු එහිදී ජනතාවට පවසා ඇත්තේ “ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරගැනීම සඳහා” තමාව නැවතත් ජනාධිපති ලෙස පත්කරගන්නා ලෙසය.

Read More

ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස්වන විට රනිල් වික්‍රමසිංහ මහතාවද අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත් කළ යුතු බවට අමෙරිකාව සහ ඉන්දියාව තරයේ යෝජනා කර තිබූ බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පවසයි. ඔහු රචනා කළ, “නවය, සැඟවුණු කථාව” ග්‍රන්ථය එළිදැක්වීමේ උත්සවයේදී මේ බව පැවසීය. ගාලුමුවදොර අරගලයේ ඇතුළාන්තය පිළිබඳව පුළුල් අධ්‍යනයකින් පසු, ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා රචනා කළ “නවය, සැඟවුණු කථාව” නම් කෘතිය එළිදැක්වීම ඊයේ සිදුකෙරුණි. ඒ ශ්‍රී ලංකා පදනම් ආයතනයේදීය. උත්සවය අමතමින් අදහස් දැක්වූ ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා, “මම මේ පොතේ කියනවා ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා ඔහු ඉල්ලා අස්වෙන්න තීරණය කරපු අවස්ථාවේදී.. පළා…

Read More