Author: LFN

විදේශගත ශ්‍රමිකයින් නැවත ලංකාවට පැමිණීමේදී ගුවන්තොටුපොළේදී ලබාදෙන තීරු බදු සහනය මැයි 1 වනදා සිට ඉහළ නැංවීමට තීරණය කර තිබේ. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද (27) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා වැඩිදුරටත් සඳහන් කර සිටියේ, ඒ සඳහා වන චක්‍රලේඛය නිකුත් කර ඇති බවය. ගුවන්තොටුපොළේ දී මේ වන විට ලබාදෙන තීරුබදු සහනට අමතර විශේෂ තීරු බදු සහන විදේශ ගත ශ්‍රමිකයින්ට ලබාදෙන ලෙසට වන කැබිනට් පත්‍රිකාවක් කම්කරු සහ විදේශ රැකියා අමාත්‍යවරයා විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර තිබූ අතර එයට කැබිනට් අනුමැතිය හිමිවුණි. ඒ අනුව කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය විසින් එම චක්‍රෙල්ඛය නිකුත් කර තිබේ. එම චක්‍රෙල්ඛය අනුව නීත්‍යානුකූලව බැංකු ක්‍රමය…

Read More

කොළොන්නාව පොම්පාගාරයේ ප්‍රධාන පැනලයේ අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් අප්‍රේල් මස 29 වන දින පැය 10ක ජල කප්පාදුවක් සිදුකිරීමට නියමිත බව ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලය පවසයි. ජල කප්පාදුව එදින පෙ.ව 11 සිට එදින රාත්‍රී 9.00 දක්වා සිදුකිරීමට නියමිතය. ඒ අනුව කොළොන්නාව නගර සභා බල ප්‍රදේශය, මොරගස්මුල්ල , රාජගිරිය, ඔබේසේකරපුර, බණ්ඩාරනායකපුර,ඇතුල්කෝට්ටේ, නාවල, කොස්වත්ත සහ රාජගිරිය සිට නාවල විවෘත විශ්වවිද්‍යාලය දක්වා ප්‍රධාන මාර්ගය සහ ඊට සම්බන්ධිත සියලු මාර්ගවල ජල සැපයුම අත්හිටවනු ලැබේ.

Read More

අයර්ලන්ත කණ්ඩායමට එරෙහිව සිය පළමු ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු නිශාන් මධුෂ්ක ද්විත්ව ශතකයක් රැස්කරගැනීමට සමත්විය. තම මංගල ශතකය ද්විත්ව ශතකයක් බවට පත්කළ දෙවන ශ්‍රී ලාංකික ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයා වන්නේ නිශාන් මධුෂ්කයි. මීට පෙර 1987 වර්ෂයේදී හිටපු ශ්‍රී ලංකා ක්‍රීඩක බ්‍රෙන්ඩන් කුරුප්පු සිය මංගල ටෙස්ට් ශතකය ද්විත්ව ශතකයක් බවට පත්කිරීමට සමත්විය. එහිදී ඔහු නවසීලන්තය ට එරෙහිව නොදැවී ලකුණු 201ක් රැස්කරගැනීමට සමත්විය. නිෂාන් මදුෂ්ක වාර්තා අතරට එක්වූයේ ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් ද්විත්ව ශතකයක් රැස් කළ 12වන ක්‍රීඩකයා ලෙසය. සංචාරක අයර්ලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන සහ අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිවුවන දිනය…

Read More

මේ වනවිට රජයේ රෝහල් භාවිත කරනු ලබන ඖෂධ වර්ගවලින් වර්ග 112ක හිඟයක් පවතින බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි. අද (27) පාර්ලිමේන්තුවේ ප්‍රකාශයක් සිදුකරමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේය. මේ වනවිට ලංකාවේ රෝහල්වල ඖෂධ වර්ග 1,347ක් භාවිත කරන අතර, එයින් වර්ග 150ක හිඟතාවයක් පැවති බවද අමාත්‍යවරයා පැවසීය. “ශ්‍රී ලංකාවට අවශ්‍ය ඖෂධ ආනයනය කිරීම සඳහා රජය විසින් වාර්ෂිකව රු බිලියන 50ක මුදලක් වැය කරනු ලබන අතර, එය එක්සත් ජනපද ඩොලර් මිලියන 13.6ක අගයකි. මීට අමතරව කැබිනට් මණ්ඩලයේ ඉල්ලීමක් වශයෙන් සලකා මුදල් අමාත්‍යාංශය 1%ක බජට් කට් එකක් ලෙස තවත් මිලියන 40ක පමණ මුලක් වෙන් කරලා තියෙනවා ඊට අමතරව.”

Read More

සුඩානයේ රැඳී සිටින ශ්‍රී ලාංකිකයින් පෝට් සුඩාන් නගරයේ ක්‍රියාත්මක සෞදි අරාබියානු රජයේ මෙහෙයුම් මැදිරිය වෙත වාර්තා කරන ලෙස විදේශ කටයුතු අමාත්‍යාංශය දැනුම්දීමක් සිදුකර තිබේ. සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා පෙන්වා දෙන්නේ, සෞදි අරාබියානු රජය විසින් පෝට් සූඩාන් නගරය තුළ විශේෂ ආරක්ෂිත හෝටලයක එම මෙහෙයුම් මැදිරිය ක්‍රියාත්මක කර ඇති බවය. සූඩානයේ රැඳී සිටින ශ්‍රී ලාංකිකයින්ට එම ස්ථානයට පැමිණ සූඩානයෙන් පිටවීම සඳහා අවස්ථාව සැලසීමට කටයුතු යොදා ඇති බව විදේශ කටයුතු අමාත්‍යවරයා පවසයි. මේ අතර සූඩානයේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයින් 13දෙනෙකු ඉවත් කරගැනීමට හැකි වූ බව විදේශ කටයුතු අමාත්‍යාංශය ඊයේ (26) සඳහන් කළේය. එහි රැඳී සිටින සියලු…

Read More

කළුතර උතුර ප්‍රදේශයේ නිවසක් පිටුපස ගෙල කපා ඝාතනය කර සිටි දෙදරු මවකගේ සිරුරක් සොයාගත් බව කළුතර උතුර පොලීසිය පවසයි. මෙසේ ඝාතනයට ලක්ව ඇත්තේ කළුතර උතුර කැලිඩෝ පාරේ පදිංචිව සිටී වික්‍රමාරච්චිගේ ප්‍රේමවතී නැමැති කාන්තාවක් බව පොලිසිය සඳහන් කළේය. අද (27) අලුයම නිවස පිටුපස ගෙලෙහි කැපුම් තුවාල සහිතව එම කාන්තාව වැටී සිටින අයුරු දැක පුද්ගලයෙක් විසින් පොලීසිය දැනුවත් කර ඇත. කළුතර අපරාධ ස්ථාන පරීක්ෂණාගාර නිලධාරීන් සහ විශේෂ පොලිස් කණ්ඩායම් කිහිපයක් පරීක්ෂණ ආරම්භ කර ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.

Read More

කම්කරු දිනය නිමිත්තෙන් විශේෂ මැයි දින රැස්වීමක් පැවැත්වීමට සැලසුම් කර ඇති බව වෘත්තිකයින්ගේ සමිති සන්ධානය පවසයි. කොළඹ දී මාධ්‍ය හමුවක් කැඳවමින් එම සමිති සන්ධානයේ නියෝජිතයින් සඳහන් කළේ, බදු පැනවීම ඇතුළු සිය ඉල්ලීම් සම්බන්ධයෙන් රජය මෙතෙක් පිළිගත හැකි විසඳුම් ලබා දී නොමැති බවය. රාජ්‍ය සේවකයින්ගේ ගැටලු විසඳීමට රජය සෘජු මැදිහත් වීමක් මෙතෙක් සිදුකර නොමැති බව ද එම මාධ්‍යට එක්වෙමින් ලංකා විදුලිබල මණ්ඩල ඉංජිනේරු සංගමයේ සභාපති ඉංජිනේරු නිහාල් වීරරත්න මහතා ප්‍රකාශ කළේය. ලංකා බැංකු සේවක සංගමයේ ප්‍රධාන ලේකම් රංජන් සේනානායක මහතා ද එම මාධ්‍ය හමුවට එක්ව තිබුණි.

Read More

අම්බලන්ගොඩ පොලිස් වසමේ හිරේවත්ත ප්‍රදේශයේ දී තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙක් ඝාතනය කර තිබේ. ඊයේ (26) රාත්‍රීයේ පහරදීමෙන් බරපතළ තුවාල ලැබූ පුද්ගලයා බලපිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇත. එලෙස මියගොස් ඇත්තේ 42 හැවිරිදි අම්බලන්ගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. මියගිය පුද්ගලයා තවත් පුද්ගලයින් දෙදෙනෙකු සමග හිරේවත්ත වෙරළ ආසන්නයේ මත්පැන් පානය කරමින් සිට ඇත. එම අවස්ථාවේ දී තවත් පුද්ගලයෙක් එම ස්ථානයට පැමිණ ඇති අතර ඔහු සමග ආරවුලක් ඇතිව තිබේ. පසුව එම ස්ථානයට පැමිණි පුද්ගලයා විසින් මත්පැන් පානය කරමින් සිටින පුද්ගලයෙකුට පිහියෙන් ඇන ඇති බවට මුලික විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

Read More

වයඹ පළාත් ආණ්ඩුකාර අද්මිරාල් ඔෆ් ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ මහතාට සිය රටට ඇතුළුවීම වළක්වාලමින් අමෙරිකා එක්සත් ජනපදය විසින් තහනමක් පනවා තිබේ. මානව හිමිකම් උල්ලංඝනය කිරීමේ චෝදනාව යටතේ වසන්ත කරන්නාගොඩ මහතාට එම තහනම පනවා ඇති බව අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව සඳහන් කළේය. නිවේදනයක් නිකුත් කරමින් අමෙරිකානු රාජ්‍ය ලේකම් ඇන්ටෝනි ජේ. බ්ලින්කන් පෙන්වා දෙන්නේ වසන්ත කරන්නාගොඩ මහතාට සහ ඔහුගේ බිරිඳ ශ්‍රීමතී අශෝකා කරන්නාගොඩ මහත්මියට එම තහනම පනවා ඇති බවය. යුද ගැටුම් පැවති සමයේ එවකට නාවික හමුදාපතිවරයා ලෙස කටයුතු කිරීමේ දී සිදුවූ මානව හිමිකම් උල්ලංඝනය කිරීමේ චෝදනාවක් හේතුවෙන් වසන්ත කරන්නාගොඩ මහතාට එම තහනම පැනවීමට තීරණය කර ඇති බව අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව පවසයි.

Read More