Author: LFN
2022 ට වඩා දරුණු අර්බුදයක් 2026 යේදී ඇති වන බවට තමා අනතුරු අඟවන බව පොදුජන පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පැවසීය. දේශීය ආර්ථිකය සවිමත් කිරීමට මේ ආණ්ඩුව අතගහල වත් නැතැයි ද මේ ණය බෝම්බය 2026 දී පිපිරෙන බවද ගම්මන්පිල මහතා සඳහන් කළේය. “මේ විවාදය අසම්පූර්ණයි. විවාදයට අවශ්‍ය සම්පූර්ණ ලේඛන පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකර මේ විවාදය පැවැත්වෙනවා.අයි.එම්.එෆ් වැඩසටහනට ගියේ රුපියල් නැති නිසා නොව ඩොලර් නැති නිසයි .මේ ගිවිසුම පුරාම තිබෙන්නේ රුපියල් අර්බුදයට විසඳුම් පමණයි. ඩොලර් අර්බුදයට විසඳුම් නැහැ. ඩොලර් බිලියන 22 ක් වසරකට ආනයන වියදම යනවා.ණය ගෙවීම සඳහා ඩොලර් බිලියන හතක් අවශ්‍ය වෙනවා.තව තවත් ණය වීම හැර ඩොලර් අර්බුදයට කිසිම…
අයි.එම්.එෆ් එක කෙවිට ගත්ත එක රටට වටින බව බදුල්ල දිස්ත්‍රික් මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. එහෙම කෙවිට ගත්තේ නැතිනම් ශ්‍රී ලංකාව දාසය වතාවක් කළ දේ දාහත් වෙනි වතාවේදී ද කරන බව දසනායක මහතා සඳහන් කළේය. දැන්වත් රට ගැන සිතා වැඩ කරන්න පුළුවන් වාතාවරණයක් හදා දිය යුතු බවද දසනායක මහතා කීය. “සමහරු නුවරඑළිය මහනුවර ජනාධිපති මන්දිර විකුණා ආර්ථිකය හදන්න කතා කළා.ඉම්රාන් ඛාන් පත්වෙලා හරක් ටික වික්ක කියලා පකිස්තානයේ ආර්ථිකය හැදුණේ නැහැ. සමහර නෝනලා ඉන්නවා මාසෙට විසිදාහක් ගෙදරට දුන්නොත් විසිදාහෙන් කන්න පුරුදු වෙනවා. ලක්ෂ එකහමාරක් දුන්නත් ඒකත් මදි වෙන සමහර නෝනලා ඉන්නවා.
එක්සත් ජාතික පක්ෂයේ කම්කරු දින සැමරුම් උළෙල කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගනයේදී “ජයගමු” යන තේමාවෙන් පවත්වන බව එක්සත් ජාතික පක්ෂයේ උප නායක අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය. එක්සත් ජාතික පක්ෂයේ ජාතික සේවක සංගමය,තරුණ බලවේගය සහ පක්ෂයේ සියලු දෙනා එක්ව වැඩකරන ජනතාවගේ මැයි දිනය ලෙස මෙවර කම්කරු දිනය සමරන බව ද එජාප උප නායකවරයා සඳහන් කළේ ය. අර්බුදයෙන් රට ගොඩ ගෙන නව මාවතකට ගෙන ඒමට මූලික වූ පක්ෂයක් ලෙස මෙවර එජාපය අභිමානවත් ලෙස මැයි දිනය සමරන බව ද එජාප උප නායකවරයා සඳහන් කළේ ය. පක්ෂ නායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිර්පාක්ෂික ජනාධිපතිවරයකු ලෙස ක්‍රියා කරන හෙයින් මෙවර එජාප මැයි දිනයට සහභාගී නොවනු…
ගම්පොළ, උඩවැල්ල ප්‍රදේශයේ හත් හැවිරිදි දැරියක් මියයාමේ සිද්ධියක් සම්බන්ධයෙන් මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය විසින් විමර්ශණයක් ආරම්භ කර තිබෙනවා. උණ රෝගයක් වැළඳීම හේතුවෙන් රජයේ රෝහලකින් නිකුත් කළ පැරසිටමෝල් අධි මාත්‍රාවක් හේතුවෙන් එම දැරිය මියගොස් ඇති බවටයි වාර්තා වන්නේ. උණ රෝගය වැළඳී ඇති එම දැරිය මව්පියන් විසින් කුරුඳුවත්ත ප්‍රාදේශීය රෝහල වෙත රැගෙන ගොස් තිබුණා. රෝහලේ වෛද්‍යවරයා නිර්දේශ කළ ඖෂධ එම රෝහලේ ඖෂාධාගාරයෙන්ම ලබාගෙන දැරියට ලබාදුන්නද රෝගයෙහි අඩුවක් දක්නට නොලැබූ බව ඥාතීන් පවසනවා. ඉන් අනතුරුව දැරිය ගම්පොළ රෝහල වෙත මව්පියන් විසින් රැගෙන ගොස් ඇති අතර එහිදී කුරුඳුවත්ත ප්‍රාදේශීය රෝහලන් නිකුත් කළ ඖෂධ පරීක්ෂා කර තිබෙනවා. එහිදී අනාවරණයවී ඇත්තේ එම රෝහලෙන් ඖෂධ…
සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවෙන් අනුමැතිය ලබාදුනහොත් ආනයනික බිත්තර පාරිභෝගික ජනතාව වෙත අලෙවි කිරීමට කටයුතු කරන බව රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව පවසයි. එහි සභාපති ආසිරි වලිසුන්දර මහතා සඳහන් කළේ, ඒ සඳහා මේ වන විටත් අදාළ දෙපාර්තමේන්තුවෙන් ඉල්ලීමක් කර ඇති බවය. මෙරට පවතින බිත්තර හිඟය සහ අධික මිල හේතුවෙන් ඉන්දියාවෙන් බිත්තර ආනයනය කිරීමට රජය පියවර ගනු ලැබීය. කෙසේවෙතත් එම බිත්තර බස්නාහිර පළාත තුළ බේකරි නිෂ්පාදන හා හෝටල් කර්මාන්ත සඳහා පමණක් අලෙවි කිරීමට මෙතෙක් අවසර ලබාදී ඇති බව ආසිරි වලිසුන්දර මහතා පැවසුවේය. මේ අතර තවත් බිත්තර මිලියනක් රැගත් නෞකාවක් ඊයේ (26) රාත්‍රී දිවයිනට පැමිණ තිබේ. එම බිත්තර තොගයේ සාම්පල අද (27)…
ග්‍රන්ථයක් එළිදැක්වීම හරහා මෙරට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු සිදුකර ඇති චෝදනාවන් සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කරන බව මෙරට අමෙරිකානු තානාපතිනී ජූලි චන්ග් මහත්මිය පවසයි. සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ඒ මහත්මිය මේ බව ප්‍රකාශ කර තිබේ. එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් තානාපතිනිය පවසන්නේ “ප්‍රබන්ධ යැයි සැළකිය යුතු ග්‍රන්ථයක්” හරහා පදනම් විරහිත චෝදනා එල්ලකරමින් අසත්‍ය පතුරුවාහැරීම සම්බන්ධයෙන් තමන් කනගාටුවට පත්වන බවය. එසේම අමෙරිකාව වසර 75ක ඉතිහාසය පුරා ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය, ස්වෛරීභාවය සහ සමෘද්ධිය වෙනුවෙන් කළ කැපකිරීම් මෙන්ම ඉදිරියටද පවතවාගෙන යන බව සිය ට්විටර් පණිවුඩයෙන් ඇය වැඩිදුරටත් පවසා තිබේ.
දකුණු පළාත භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තනතුර දැරූ අජිත් රෝහණ මහතාව නැගෙනහිර පළාත වෙත මාරු නොකර පොලිස් මූලස්ථානය වෙත මාරු කිරීමට තීරණය කර ඇති බව ජාතික පොලිස් කොමිසමේ ආරංචි මාර්ග පවසයි. වැඩිදුරටත් වාර්තා වන්නේ මෙම තීරණය කොමිසමේ සභාපතිවරයා ඇතුළු සාමාජිකයන් ඒකමතිකව ගෙන ඇති බවය. එමෙන්ම ඔහුගේ ලිපියේ සඳහන් කර ඇති කරුණු සම්බන්ධයෙන් විමර්ශනයක් පැවැත්වීමට තීරණය කර ඇති බව ද එම ආරංචිමාර්ග පවසනවා. තමන්ට ලබාදී ඇති ස්ථාන මාරුවීම් සම්බන්ධයෙන් අද දිනයේදී ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් වන අජිත් රෝහණ සහ ප්‍රියන්ත වීරසූරිය යන මහත්වරුන් ජාතික පොලිස් කොමිසම වෙත පැමිණ පැමිණිලි ඉදිරිපත් කළේය. ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතියට යටත්ව සේවා අවශ්‍යතාව මත මහජන ආරක්ෂක…
ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත සමාලෝචනය සඳහා පත්කළ නීති විශාරද කමිටුව විසින් එහි ඇතැම් වගන්ති හරහා මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වන බවට නිරීක්ෂණය කර ඇති බව ශ්‍රී ලංකා නීතිඥ සංගමය පවසයි. එම සංගමය නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර ඇත. එම පනත අධ්‍යයනය සඳහා මාර්තු 22 වනදා ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින් නීති විශාරදයින්ගෙන් සමන්විත විශේෂ කමිටුවක් පත්කළේය. ඒ අනුව එහිදී අනාවරණය වී ඇත්තේ පනත් කෙටුම්පතේ 3,4,10,11,13,14,15,16,28,30,31,36,82,83, 84,85, සහ 86 යන වගන්ති අපරාධ නීති සංග්‍රහයේ මූලධර්ම උල්ලංඝනය කරන බවය. එසේම එම වගන්ති හරහා කතා කිරීමේ නිදහස, රැස්වීම, සංගමය, රැකියාවක් සිදුකිරීම සහ සංචරණ නිදහස වැනි මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වන බවටද නිරීක්ෂණය වී…
බේරුවල චීන කොටුව නලින් හාජියාර් මාවත ප්‍රදේශයේ පුද්ගලයෙකු මැලේරියා රෝගය වැළඳී පසුගිය 15 වැනිදා ජීවිතක්ෂයට පත්ව තිබේ. සෞඛ්‍ය අංශ පවසන්නේ අදාළ පුද්ගලයා විදෙස් සංචාරයක නිරතව සිට පැමිණ ඇති බවය. ශ්‍රී ලංකාව සැලකෙන්නේ මැලේරියාව තුරන් කළ රටක් ලෙසය. මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වයස අවුරුදු 37ක පිරිමි පුද්ගලයෙකි. සෞඛ්‍ය අංශ පවසන්නේ එම තරුණයාට වැළඳී ඇඇත්තේ දරුණු ගණයේ මැලේරියා රෝගී තත්ත්වයක් බවය.
දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස 2.00න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 75ට වැඩි තරමක තද වැසි ද ඇතිවිය හැකි බවය. නැගෙනහිර පළාතේත් දකුණු පළාතේ වෙරළබඩ ප්‍රදේශවලත් උදෑසන කාලයේදී ද වැසි ඇති විය හැකිය. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.