Author: LFN

ගෑස් මිල සම්බන්ධයෙන් ලාෆ්ස් ගෑස් සමාගම නිවේදනයක් නිකුත් කර තිබේ. ගෝලීය වෙළෙඳපොළේ ගෑස් මිල ඉහළ ගියද තම LP ගෑස් නිෂ්පාදනවල මිල වැඩි නොකරන බව එහි වැඩිදුරටත් දැක්වේ. සම්පූර්ණ නිවේදනය පහතින්,

Read More

පළාත් පාලන ඡන්ද විමසීම කල්දැමීමට එරෙහිව ජාතික ජන බලවේගය විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීම සඳහා ජුනි මස 09 වනදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියම කර තිබේ. එම පෙත්සම අද (03) බුවනෙක අලුවිහාරේ, ප්‍රියන්ත ජයවර්ධන, විජිත් මලල්ගොඩ සහ ගාමිණි අමරසේකර යන මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ කැඳවනු ලැබීය. එහිදී විනිසුරු මඩුල්ල නියම කළේ, අදාළ පෙත්සම සලකා බැලීම සඳහා ජුනි මස 09 වන දා කැඳවන ලෙසය. ඉකුත් මාර්තු මස 09 වන දා පැවැත්වීමට නියමිතව තිබූ පළාත් පාලන ඡන්ද විමසීම කල්දැමීම තුළින් ජනතාවගේ සර්ව ජන ඡන්ද අයිතිය ඇතුළු මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා ජාතික ජන…

Read More

ජනාධිපති ලේකම් කාර්යාලය විසින් කාර්ය සාධක බළකා හතක් යටතේ ආයෝජකයින්ට පහසුකම් සැලසීමේ සේවා සපයන ආයතන 54ක් ඇති කිරීමට සැලසුම් කර තිබේ. ජනාධිපති මාධ්‍ය ඒකකය නිවේදනය කළේ, රට තුළ ව්‍යාපාර හිතකාමී පරිසරයක් නිර්මාණය කිරීමේ අරමුණින් එම කටයුත්ත සිදුකරන බවය. කාර්යක්‍ෂමතාව වැඩිකිරීම සඳහා අදාළ ක්‍රියාවලි සරල කිරීම, ගතවන කාලය අඩු කිරීම සහ තොරතුරු පහසුවෙන් ලබා ගැනීමට හැකියාව සැලසීම එම ආයතනවල අරමුණ බව ද ජනාධිපති මාධ්‍ය ඒකකය වැඩිදුරටත් සඳහන් කර තිබේ.

Read More

දිස්ත්‍රික්ක 03ක් සඳහා තවදුරටත් නායයෑමේ අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි. කෑගල්ල, බදුල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ප්‍රදේශ කිහිපයක් සඳහා මෙලෙස නායයෑමේ අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කර ඇති බව එම සංවිධානය සඳහන් කළේය. බදුල්ල දිස්ත්‍රික්කයේ හල්දුමුල්ල සහ පස්සර ප්‍රාදේශීය ලේකම් කාර්යාල බලප්‍රදේශ, කෑගල්ල දිස්ත්‍රික්කයේ කෑගල්ල ප්‍රාදේශීය ලේකම් බලප්‍රදේශය සහ මාතර දිස්ත්‍රික්කයේ කොටපොල සහ පස්ගොඩ යන ප්‍රාදේශීය ලේකම් බලප්‍රදේශ සඳහා මෙලෙස නායයෑමේ නිවේදන නිකුත් කර තිබේ. එම අවදානම් නිවේදනය අද (03) සවස 4 දක්වා වලංගු වේ. ‍ මේ අතර දිවයින පුරා දැනට පවතින වැසි තත්ත්වය ඉදිරි දින කිහිපයේදීත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම…

Read More

අවශ්‍ය ඕනෑම අයෙකුට කොවිඩ් මර්දන සයිනොෆාම් එන්නත් රෝහල්වලින් සහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලවලින් ලබාගත හැකි බව සෞඛ්‍ය බලධාරීන් පවසයි. අවශ්‍ය කොවිඩ් එන්නත් මාත්‍රා ලබාගෙන නොමැති වයස අවුරුදු 18න් ඉහළ ඕනෑම අයෙකුට එය ලබාගත හැකි බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ, විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ මහතා පවසා තිබේ.

Read More

මඟ නැඟුම යටතේ ඇති සියලුම සමාගම් විසුරුවා හැරීමට තීරණය කර ඇති බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි. අද පැවති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කර සිටියේ එම ආයතන පවත්වාගෙන යෑමට අවශ්‍ය මුදල් ප්‍රතිපාදන නොමැති වීම හේතුවෙන් එම තීරණය ගත් බවය. “මඟ නැඟුම යටතේ තියෙන සියලු සමාගම් විසුරුවා හරිනවා. මොකද ඒවා පවත්වාගෙන යන්න පුළුවන් ආදායමක් නෑ. කරන්න වැඩක් නෑ. වැඩ කරන්න මුදල් නෑ. ඒ නිසා ඒ ආයතන පවත්වාගෙන යන්න බෑ. ඒ ටික රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ යටතේ විසුරුවා හරිනවා. මඟ නැඟුම හා එයට සම්බන්ධ සමාගම් 4ක්.”

Read More

චීන රජය සතු ප්‍රධාන සමාගමක් විසින් ඇමෙරිකානු ඩොලර් බිලියන 02 ක ආයෝජනයක් සිදුකරමින් ශ්‍රී ලංකාවේ සේවා සැපයුම් මධ්‍යස්ථානයක් ඉදිකිරීමට සැලසුම් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටිනවා. චයිනා මර්චන්ට්ස් ගෲප් (CMG) සමාගම විසින් කොළඹ වරායේ විශාල සේවා සැපයුම් මධ්‍යස්ථාන සංකීර්ණයක ආයෝජනය කිරීමට කටයුතු කරනු ලබන අතර එහි ඇස්තමේන්තුගත ඉදිකිරීම් පිරිවැය පමණක් ඇමරිකානු ඩොලර් මිලියන 392 ක් ලෙස ගණන් බලා ඇත. පසුගිය වසරේ ඇතිවූ ආර්ථික අර්බුදයත් සමග විදෙස් ණය ගෙවීමේ කටයුතු පැහැර හැරීමෙන් පසු ශ්‍රී ලංකාවට හිමිවූ ප්‍රධාන විදේශ ආයෝජනය ලෙසයි මෙය සලකනු ලබන්නේ. සේවා සැපයුම් මධ්‍යස්ථාන ව්‍යාපෘතිය මගින් චයිනා මර්චන්ට්ස් ගෲප් මගින් ශ්‍රී ලංකාවේ සිදුකරනු ලබන ආයෝජනය ඇමරිකානු ඩොලර්…

Read More

සමගි ජනබලවේගයේ නුවරඑළිය දිස්ත්‍රික් මන්ත්‍රී වඩිවේල් සුරේෂ් මහතා තවදුරටත් සමගි ජනබලවේගයේ ඉන්නවාද? නැද්ද? යන කාරණය සම්බන්ධයෙන් තීන්දුවක් ගැනීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවේල් සුරේෂ් මහතා ලංකාදීපයට පැවසූයේ විශේෂ සාකච්ඡාවක් සඳහා ජනාධිපතිවරයාගේ පාර්ශවයෙන් මෙන්ම සජිත් ප්‍රේමදාස මහතාගේ පාර්ශවයෙන් හෙට ⁣ආරාධනා ලැබී තිබෙන බවත් එම සාකච්ඡා වලින් පසු තීරණයක් ගන්නා බවත් ය. ජනාධිපතිවරයා සමග කරන සාකච්ඡාවේදී වතු ජනතාවගේ පඩි වැඩිවීම සම්බන්ධයෙන් ද සාකච්ඡා පවත්වන බව වඩිවේල් සුරේෂ් මහතා කීය. නුවරඑළියේ මැයි දින රැළියකට සහභාගී වෙමින් වඩිවෙල් සුරේෂ් මහතා පසුගිය (1)පැවසූයේ “මගේ නායකයා යැයි කියන සජිත් ප්‍රේමදාස මහතා වතුකරයේ ජනතාව සිල්ලරට ගණන් ගත යුතු නැති බවත් සජිත් මීට…

Read More

රත්මලාන කුඩු අංජු නැමැත්තාට ප්‍රංශ වයින් නිෂ්පාදනය කිරීමේ කර්මාන්ත ශාලාවක් සහ ඩුබායි රටේ වතුර බෝතල් නිෂ්පාදනය කරන කර්මාන්ත ශාලාවක් ඇතුළු ව්‍යාපාර ගණනාවක් පවත්වා ගෙන යන අයකු බවට එම රටවලින් ලැබෙන විශ්වාස කටයුතු ආරංචි මාර්ගවලින් දැන ගැනීමට ඇත. කුඩු අංජු නැමැත්තා ප්‍රංශයේ සරණාගතයකු ලෙස ජීවත් වන නිසා වෙනත් අයකුගේ නමින් මෙම කර්මාන්ත ශාලාව පවත්වා ගෙන යන බවද එරටින් ලැබෙන ආරංචි මාර්ගවලින් වැඩිදුරටත් දැනගැනීමට ඇත. ඩුබායි රටේ මොහුට වතුර බෝතල් කර විකිණීමේ කර්මාන්ත ශාලාවක් ද, ශරීර සුවතා මධ්‍යස්ථානයක් ,සුපිරි ආපන ශාලාවක් සහ ගොඩනැගිලි සංකීර්ණයක්ද තිබෙන බව ද එම රටෙන් ලැබෙන විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරයි. මෙම ගොඩනැගිලි සංකීර්ණය ඔහු කුලියට ලබා…

Read More

ගම්පොල, අම්බුළුවාව රක්ෂිතයෙ දින තුනක කාලයක් තිස්සේ සිට නිරුවතින් කෑකෝ ගසමින් සිටියේ යැයි කියන කාන්තාවක් ගම්පොල මූලස්ථාන පොලිසිය විසින් ඊයේ සොයා ගනු ලැබුවාය. දින තුනක කාලයක් තිස්සේ සිට රක්ෂිත වනාන්තරය තුළින් කාන්තාවක් වරින් වර කෑකෝ ගසන හඬ ඇසුණු ප්‍රදේශවාසීන් පිරිසක් ඒ ගැන රක්ෂිත වනාන්තරය තුළට ගොස් විපරම් කර බලා ඇත. ඇඟේ නූල් පොටක් වත් නොමැති කාන්තාවක් සිටින අයුරු දුටු එම ප්‍රදේශවාසීන් පිරිස මේ බව බව ගම්පොල මූලස්ථාන පොලිසියට දැනුම් දී තිබේ. ගම්පොල මූලස්ථාන පොලීසියේ කාන්තා නිලධාරිනියන් කණ්ඩායමක් පැමිණ මෙම කාන්තාවට ඇඳුම් අන්දවා ඇය එම නිලධාරිනියන්ගේ බාරයට ගෙනඇත. පොලිස් නිලධාරිනියන්ගේ බාරයට ගත් කාන්තාව ගම්පොල රෝහලට ඇතුළත් කළ බව ප්‍රදේශයේ උසස් පොලිස්…

Read More