Author: LFN
ප්රවීණ රංගන ශිල්පී ඥාණාංග ගුණවර්ධන මහතා කොළඹ ජාතික රෝහලේ ප්රතිකාර ලබමින් සිටියදී ඊයේ (04) අභාවප්රාප්තවී තිබේ. මියයන විට ඔහුගේ වයස අවුරුදු 78කි. පරාක්රම ද සිල්වාගේ ‘හෙවනැලි ඇද මිනිස්සු’ චිත්රපටයෙන් සිනමාවට පිවිසි ඒ මහතා චිත්රපට හා ටෙලිනාට්ය රැසකට සිය රංගන දායකත්වය ලබාදී තිබුණි. ඒ මහතාගේ දේහය (5) පෙරවරු 8.30 සිට බොරැල්ලේ පෞද්ගලික මල්ශාලාවක තැන්පත් කර තිබෙන අතර අවසන් කටයුතු බොරැල්ල සුසාන භූමියේදී සෙනසුරාදා (06) පස්වරු 3.00 ට සිදුකිරීමට නියමිතය.
‘ඩෙංගු ත්රී’ වෛරස් ප්රභේදයේ රෝගීන් වාර්තාවීමේ ශීඝ්ර වර්ධනයක් මේ වනවිට දක්නට ලැබෙන අතර ඩෙංගු වළක්වා ගැනීමේ පූර්ව ආරක්ෂණ පියවර වෙත යොමුවීම වැදගත් බව අසාත්මිකතා, ප්රතිශක්ති විද්යා, සෛල ජෛව විද්යා ආයතනයේ මහාචාර්ය චන්දිම ජීවන්දර මහතා පවසයි. මේ අතර රජයේ ආයුර්වේද වෛද්ය නිලධාරීන්ගේ සංගමය පෙන්වා දෙන්නේ ප්රතිශක්තිය වර්ධනය කරගැනීමට කටයුතු කිරීම ඩෙංගු ආසාදනය වළක්වාගැනීම සඳහා ඉවහල් වන බවය. ඩෙංගු වන්, ටූ, ත්රී සහ ෆෝ යන කාණ්ඩ හතරෙන් මේ වන විට වැඩි ව්යාප්තියට බලපා තිබෙන්නේ ‘ඩෙංගු ත්රී’ නම් වෛරස් කාණ්ඩයේය. එහි ව්යාප්තියේ ප්රතිඵලයක් ලෙස 2023 වසරේ අද දිනය දක්වා වාර්තා වී තිබෙන ඩෙංගු රෝගීන් ගණන 30,772 කි. පසුගිය වසරේ අප්රේල් මාසය තුළදී පමණක්…
නැගෙනහිර, මධ්යම සහ ඌව පළාත්වලත් මුලතිව් සහ පොළොන්නරුව දිස්ත්රික්කවලත් විශේෂයෙන්ම සවස් කාලයේදී හෝ රාත්රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණවිද්යා දෙපාර්තමේන්තුව පවසයි. අද (05) දිනයේ කාලගුණ නිවේදනය නිකුත් කරමින් එමම දෙපාර්තමේන්තුව මේ බව පවසයි. මේ අතර බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත්වලත් යාපනය සහ පුත්තලම දිස්ත්රික්කවලත් වසිවර කිහිපයක් ඇතිවිය හැකිය. බස්නාහිර සහ දකුණු වෙරළබඩ ප්රදේශවල විටින් විට පැයට කිලෝමීටර් 40ත් 50ත් අතර තද සුළං ඇතිවිය හැකි බවද කාලගුණවිද්යා දෙපාර්තමේන්තුව පවසයි. මේ අතර ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං සහ අකුණු මගින් සිදුවිය හැකි අනතුරු අවම කරගැනීමට අවශ්ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් වැඩිදුරටත් ඉල්ලා…
අධ්යයන පොදු සහතික පත්ර උසස් පෙළ විභාගයේ පිළිතුරු පත්ර ඇගයීම් කටයුතු සඳහා සහභාගීවීමට විශ්වවිද්යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය තීරණය කර තිබේ. අද (04) පැවති විධායක සභා රැස්වීමේදී එම තීරණය ගත් බව එහි සභාපති මහාචාර්ය ශ්යාම බන්නැහැක මහතා පැවසීය. උසස් පෙළ විභාගයේ පිළිතුරු පත්ර ඇගයීම් කටයුතු වර්ජනය කිරීමට විශ්වවිද්යාල ආචාර්යවරුන් ගත් තීරණය හේතුවෙන් මේ වනවිට එම කටයුතු මාස 02කට අධික කාලයක් ප්රමාදවී තිබේ. රජයේ බදු ප්රතිපත්තියට එරෙහිව වෘත්තීය සමිති ක්රියාමාර්ගයක් ආරම්භ කළ විශ්වවිද්යාල ආචාර්යවරුන්, විශ්වවිද්යාල අධ්යයන කටයුතු සඳහා සහභාගීවීමට මීට පෙර තීරණය කර තිබුණ ද උසස් පෙළ පිළිතුරු පත්ර ඇගයීම් කටයුතු තවදුරටත් වර්ජනය කිරීමට පියවර ගෙන තිබුණි. කෙසේවෙතත් එම ක්රියාමාර්ගය අත්හැර පිළිතුරු…
ශ්රී ලංකා ක්රිකට් ක්රීඩක ධනුෂ්ක ගුණතිලකගේ නඩු ගාස්තුව නිව් සවුත් වේල්ස් නීති බලධාරීන් විසින් ගෙවිය යුතු බවට අධිකරණයේ හමුවේ ඔහුගේ නීතිඥයා විසින් තර්කයක් ඉදිරිපත් කර තිබේ. එහිදී ධනුෂ්ක ගුණතිලකගේ නීතිඥයා පවසා ඇත්තේ නඩු විභාගය දිගින් දිගටම පමාද වීම හමුවේ මෙම නඩු ගාස්තු අදාළ බලධාරීන් විසින් ගෙවිය යුතු බවය. ඔස්ට්රේලියාවේ සිඩ්නි අධිකරණයකදී අද ඊට අදාළ නඩුව කැඳවූ අවස්ථාවේදී ධනුෂ්කගේ නීතිඥයින් මෙම තර්කය ඉදිරිපත් කර තිබේ. ධනුෂ්ක ගුණතිලක වෙනුවෙන් ඇප ඉල්ලීම තවත් සති දෙකක කාලයක් දක්වා කල්දැමීම හේතුවෙන් ඔහුගේ නීතිඥයින් මේ බව පවසා ඇත. එහිදී ඔහුගේ නීතිඥන් වැඩිදුරටත් පවසා ඇත්තේ ධනුෂ්ක ගුණතිලක විදෙස් ජාතිකයෙකු බවත් දීර්ඝ කාලයක් තිස්සේ එරට නඩු කටයුත්තකට සම්බන්ධ…
ජනාධිපති රනිල් වික්රමසිංහ මහතාගේ නිල විදේශ සංචාරය අතරතුර මුදල් අමාත්ය ධුරයේ රාජකාරී ඉටු කිරීම සඳහා, වැඩබලන මුදල් අමාත්යවරයා ලෙස රාජ්ය අමාත්ය ශෙහාන් සේමසිංහ මහතා දිවුරුම් දී තිබේ. ඒ, ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා විසින් සිදු කරන ලද පත් කිරීමට අනුවය. මෙම පත් කිරීමට අදාළ අක්ත පත්රය ජනාධිපතිතුමන් විසින් (03 වැනිදා) රාජ්ය අමාත්යවරයා වෙත නිල වශයෙන් ලබා දෙන ලදී. ආණ්ඩුක්රම ව්යවස්ථාවේ 50 වැනි ව්යවස්ථාවෙන් ගරු ජනාධිපතිතුමා වෙත පැවරී ඇති බලතල ප්රකාරව මෙම පත් කිරීම සිදු කොට තිබේ. ඒ අනුව, ජනාධිපතිතුමාගේ විදේශීය සංචාරයෙන් පසුව දිවයිනට පැමිණෙන තෙක්, 2023-05-04 දින සිට ක්රියාත්මක වන පරිදි මුදල්, ආර්ථික ස්ථායීකරණ හා ජාතික ප්රතිපත්ති අමාත්ය ධූරයේ වැඩ බැලීම,…
වැසි සහිත කාලගුණ තත්ත්වයක් සමග දිස්ත්රික්ක තුනක් සඳහා පනවා තිබූ නායයෑම් අනතුරු ඇඟවීමේ නිවේදනය තවදුරටත් දීර්ඝ කර තිබේ. බදුල්ල, කෑගල්ල, මාතර, යන දිස්තක්කවල ප්රදේශ කිහිපයක් සඳහා නායයැම් අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කර තිබුණි. ඊයේ පස්වරු 4.00 සිට අද පස්වරු 4.00 දක්වා කාලය සදහා එම අනතුරු ඇගවීමේ නිවේදනය දීර්ඝ කර ඇති බව ජාතික ගොඩනැගිලි පාර්යේෂණ සංවිධානය සදහන් කළේය.
තෙවන චාල්ස් රජුගේ රාජාභිෂේක උළෙලට සහභාගී වීම සඳහා ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා අද (4)පෙරවරුවේ මහා බ්රිතාන්ය බලා පිටව ගියේය. තෙවන චාල්ස් රජුගේ රාජාභිෂේක උත්සවය ලන්ඩන් නුවර වෙස්ට්මිනිස්ටර් ඇබී හිදී ලබන 6 වැනිදා පැවැත්වෙයි. බ්රිතාන්ය රජ පවුලේ ආරාධනයකට අනුව ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා මෙම රාජාභිෂේක උත්සවයට සහභාගී වෙයි. රාජාභිෂේක උත්සවයෙන් අනතුරුව ජනාධිපතිවරයා ලබන 8 වෙනි දා පෙරවරුවේ නැවත දිවයිනට පැමිණීමට නියමිතය.
රුසියානු ජනාධිපති පුටින් ඝාතන තැතක් ව්යර්ථ කළ බව ක්රෙම්ලිනය පවසයි. ඩ්රෝන යානා උපයෝගී කරගනිමින් මෙම ඝාතන තැත ක්රියාත්මක වූ බව ක්රෙම්ලිනය වැඩිදුරටත් පවසා තිබේ. ක්රෙම්ලින් මන්දිරය ආසන්නයටම පැමිණ තිබූ ප්රහාරක ඩ්රෝන යානා දෙකක් බිම හෙළීමට රුසියාව සමත්ව ඇති බව විදෙස් මාධ්ය වාර්තා කර ඇත. රුසියානු බලධාරීන් පවසන්නේ විද්යුත් රේඩාර් පද්ධතිය උපයෝගී කරගනිමින් එම යානා බිම හෙලූ බවය. එම ප්රහාරක ඩ්රෝන යානාවල කොටස් ක්රෙම්ලිනය අවට ප්රදේශවලට වැටී ඇතිබවද විදෙස් මාධ්ය වාර්තා වැඩිදුරටත් පවසයි. විදෙස් මාධ්ය වාර්තා පවසන්නේ කෙසේ වෙතත් එම සුන්බුන් හේතුවෙන් කිසිදු ගොඩනැගිල්ලටකට හෝ හානියක් සිදුව නොමැති බවය. එසේම සිද්ධිය වන අවස්ථාවේ රුසියානු ජනාධිපති පුටින් ක්රෙම්ලිනය තුළ සිට නොමැති බවද…
උසස් අධ්යාපනය සහ සප්ත වාර්ෂික නිවාඩු මත විදේශගතව යළි නොපැමිණි විශ්වවිද්යාල ආචාර්යවරුන්ගෙන් රුපියල් කෝටි 200කට ආසන්න හිඟ මුදලක් රජයට අය වියයුතුව ඇති බව හෙළිවී තිබේ. ඒ කෝප් කමිටුව හමුවේදීය. එහිදී අනාවරණ වූයේ විදෙස්ගතවූ ආචාර්යවරුන් 617 දෙනෙකුගෙන් අදාළ මුදල් පියවීම් සිදුකර ඇත්තේ 84 දෙනෙක් පමණක් බවය. විශ්වවිද්යාල ප්රතිපාදන කොමිෂන් සභාව පසුගියදා කෝප් කමිටුව හමුවට කැඳවා තිබුණි. ඒ අනුව ගෙවීම් නොකළ ආචාර්යවරුන්ගේ ඇපකරුවන්ගෙන් හෝ මෙම මුදල අය කරගැනීමට ක්රියා කළ යුතු බවත් මීට අදාළව ගන්නා ක්රියාමාර්ග පිළිබඳ මසක් තුළ කෝප් කමිටුවට දැනුම්දෙන ලෙසත් කමිටුව නිර්දේශ කර තිබේ. විශ්වවිද්යාල ආචාර්යවරුන් උසස් පෙළ පිළිතුරු පත්ර පරීක්ෂාවට එක් නොවීම ඇතුළු කරුණු ගණනාවක් පිළිබඳ එහිදී අවධානය…