Close Menu
Lanka Focus News
    What's Hot

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 2026

    මිලාද් උන් නබි උත්සවය අදයි

    August 26, 2026

    නව රාජ්‍ය තාන්ත්‍රිකයින් එකොළොස් දෙනෙකු ජනපතිට අක්තපත්‍ර භාර දෙති

    August 25, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ඩෙංගුවලින් බේරීමට උපදෙස්
    Featured

    ඩෙංගුවලින් බේරීමට උපදෙස්

    By LFNMay 5, 2023No Comments2 Mins Read176 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ‘ඩෙංගු ත්‍රී’ වෛරස් ප්‍රභේදයේ රෝගීන් වාර්තාවීමේ ශීඝ්‍ර වර්ධනයක් මේ වනවිට දක්නට ලැබෙන අතර ඩෙංගු වළක්වා ගැනීමේ පූර්ව ආරක්ෂණ පියවර වෙත යොමුවීම වැදගත් බව අසාත්මිකතා, ප්‍රතිශක්ති විද්‍යා, සෛල ජෛව විද්‍යා ආයතනයේ මහාචාර්ය චන්දිම ජීවන්දර මහතා පවසයි.

    මේ අතර රජයේ ආයුර්වේද වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පෙන්වා දෙන්නේ ප්‍රතිශක්තිය වර්ධනය කරගැනීමට කටයුතු කිරීම ඩෙංගු ආසාදනය වළක්වාගැනීම සඳහා ඉවහල් වන බවය.

    ඩෙංගු වන්, ටූ, ත්‍රී සහ ෆෝ යන කාණ්ඩ හතරෙන් මේ වන විට වැඩි ව්‍යාප්තියට බලපා තිබෙන්නේ ‘ඩෙංගු ත්‍රී’ නම් වෛරස් කාණ්ඩයේය.

    එහි ව්‍යාප්තියේ ප්‍රතිඵලයක් ලෙස 2023 වසරේ අද දිනය දක්වා වාර්තා වී තිබෙන ඩෙංගු රෝගීන් ගණන 30,772 කි.

    පසුගිය වසරේ අප්‍රේල් මාසය තුළදී පමණක් ඩෙංගු රෝගීන් 4,019ක් වාර්තා වී තිබූ අතර මේ වසරේදී අප්‍රේල් මාසයේදී වාර්තාවී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 7,617කි.

    එය පසුගිය වසරට සාපේක්ෂව 89% ක ඉහළයෑමකි.

    සමස්ත ඩෙංගු රෝගීන්ගෙන් සියයට 49කට අධික සංඛ්‍යාවක් වාර්තාවන්නේ බස්නාහිර පළාතෙනි.

    ඒ අනුව බස්නාහිර පළාතේ ඩෙංගු රෝගීන්ගේ වැඩිවීම පාලනය කිරීම සඳහා රාජ්‍ය ආයතනවල සහ මහජනතාවගේ සහයෝගය ඇතිව ඩෙංගු කාර්ය සාධක බලකාය සක්‍රීය කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් ලබාදී තිබේ.

    සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ වැඩිම රෝගීන් සංඛ්‍යාවක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තාවන අතර එම දිස්ත්‍රික්කයේ සෑම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යලයක්ම ඩෙංගු අවදානම් මට්ටමේ පවතින බවය.

    ඩෙංගු මදුරුවන් සාමාන්‍යෙයන් මිනිසුන්ගේ ලේ උරා බීම සිදුකරන්නේ උදෑසන සහ සවස් කාලයේය.

    එබැවින් මදුරු දෂ්ටනයෙන් වැළැකීමට නම් මදුරු විකර්ෂක භාවිත කරන ලෙස රජයේ ආයුර්වේද වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ජනතාවට දැනුම් දෙයි.

    එමෙන්ම ප්‍රතිශක්තිය වර්ධනය කෙරෙන සමබල ආහාර වේලක් ගැනීමේ අව්‍යශ්‍යතාවද වෛද්‍යවරුන් පෙන්වා දෙයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 2026

    මිලාද් උන් නබි උත්සවය අදයි

    August 26, 2026

    නව රාජ්‍ය තාන්ත්‍රිකයින් එකොළොස් දෙනෙකු ජනපතිට අක්තපත්‍ර භාර දෙති

    August 25, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,463 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,418 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,618 Views
    Don't Miss

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 202603 Views

    කන්කසන්තුරය සිට මන්නාරම හරහා පුත්තලම දක්වා සහ හම්බන්තොට සිට පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශ සඳහා…

    මිලාද් උන් නබි උත්සවය අදයි

    August 26, 2026

    නව රාජ්‍ය තාන්ත්‍රිකයින් එකොළොස් දෙනෙකු ජනපතිට අක්තපත්‍ර භාර දෙති

    August 25, 2026

    ‘බස් ලලිත්’ CCIBයට රැගෙන යයි

    August 25, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.