Author: LFN
නාරම්මල ප්රදේශයේදී වැටලීමක් සදහා ගිය පාරිභෝගික කටයුතු අධිකාරියේ කුරුණෑගල දිස්ත්රික් කාර්යාලයේ නිළධාරීන් පිරිසකට පහරදීමේ සිද්ධියට සම්බන්ධ පුද්ගලයින් සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය ප්රකාශ කළේ පහරදීමේ සිද්ධියට සම්බන්ධ පුද්ගලයින් තිදෙනෙකු ඊයේ රාත්රියේ අත්අඩංගුවට ගෙන තිබූ අතර එම පහරදීමට අදාළව සත්ත්ව ගොවිපොළේ හිමිකරුද අද පෙරවරුවේ අත්අඩංගුවට ගත් බවය. නාරම්මල ප්රදේශයේ සත්ත්ව ගොවිපළක බිත්තර තොග සගවාගෙන සිටින බවට ලද තොරතුරක් මත ඒ පිළිබඳ පරීක්ෂා කිරීමට ඊයේ පාරිභෝගික කටයුතු අධිකාරියේ කුරුණෑගල දිස්ත්රික් කාර්යාලයේ නිළධාරීන් පිරිසක් ගොස් තිබුණි. එහිදී එය වළක්වමින් එම ස්ථානයේ සිටි පිරිසක් පාරිභෝගික කටයුතු අධිකාරියේ නිළධාරීන්ට පහරදී තිබු අතර එහිදී නිළධාරීන් 05 දෙනෙකු තුවාල ලබා කුරුණෑගල රෝහලේ ප්රතිකාර ලබන බව පොලීසිය පැවසීය.
ඉසුරුමත් ශ්රී ලංකාවක් නැවත ගොඩනැගීම සඳහා බුදුන් වහන්සේගේ ඉගැන්වීමට අනුව සහයෝගයෙන් සහ එකමුතුකමින් පෙළ ගැසෙන ලෙස ජනාධිපතිවරයා සියලුදෙනාගෙන් ඉල්ලා සිටී. වෙසක් දිනය වෙනුවෙන් පණිවුඩයක් නිකුත් කරමින් ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා මේ බව පවසයි. ජනපතිගේ වෙසක් පණිවුඩය පහතින්. උපුටා ගැනීම, “ත්රිවිධ රත්නයේ ආශිර්වාදය ලත් වෙසක් පුන් පොහෝ දිනය බෞද්ධ දින දර්ශනයේ වඩාත් වැදගත් දිනයක් වන අතර එය පූජනීය වැදගත්කමකින් යුක්ත වේ. මෙම දිනය අසිරිමත් සිදුහත් උපත, ශ්රී සම්බුද්ධත්වය සහ සම්බුද්ධ පරිනිර්වාණය යන උතුම් මංගල්යයන් සිහිපත් කරන අතර මනුෂ්යත්වය පෙරදැරි කර ගනිමින් හා මෛත්රී සංකල්පයෙන් යුතුව දානමය පුණ්යකර්මයන් පවත්වමින් බුදුන් වහන්සේගේ ඉගැන්වීම්වලට ගෞරවය පුද කරන අවස්ථාවකි. පෙර නොවූ විරූ ආර්ථික අර්බුදයකට රට…
වෙසක් පුර පසළොස්වක පොහොය දිනය වෙනුවෙන් ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා විසින් සිරකරුවන් හට විශේෂ සමාවක් පිරිනමා තිබේ. බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවේ ආණ්ඩුක්රම ව්යවස්ථාවේ 34 වන වගන්තිය ප්රකාරව ජනාධිපතිවරයා වෙත පැවරී ඇති බලතල අනුව මෙම විශේෂ රාජ්ය සමාව ලබාදීමට නියමිත බවය. ඒ අනුව අපරාධමය වැරදි නොවන පිරිමි සිරකරුවන් 982 ක් සහ ගැහැණු සිරකාරියන් 06ක් ද ඇතුලුව පුද්ගලයින් 988 දෙනෙකු දිවයිනේ සෑම බන්ධනාගාර යක් ම ආවරණය වන පරිදි නිදහස් වීමට නියමිතව ඇත. ඊට අමතරව පොහෝ දිනය වෙනුවෙන් බන්ධනාගාරගත සිරකරුවන් හට අමුත්තන් බැලීම සඳහා විශේෂ අවස්ථාවක් ද ලබා දී තිබේ. ඒ අනුව බන්ධනාගාර දෙපාර්තමේන්තුව සදහන් කළේ අද සහ හෙට දින දෙක තුළ සිරකරුවන් සඳහා…
දිවයිනේ සියලු වෙසක් කලාප ආශ්රිත ප්රදේශ සහ විශේෂ පුජනීය ස්ථාන ආවරණය වන පරිදි විශේෂ බස් රථ සේවාවක් අද සිට ක්රියාත්මක කිරීමට පියවර ගෙන ඇති බව ලංකා ගමනා ගමන මණ්ඩලය පවසයි. එහි සභාපති ලලිත් ද සිල්වා මහතා පැවසුවේ වෙසක් සතිය තුළ උදෑසන 6 සිට මධ්යම රාත්රී 12 දක්වා මෙම ප්රවාහන සේවාව ක්රියාත්මක බවය. එමෙන්ම වෙසක් පොහොය නිමිත්තෙන් විශේෂ දුම්රිය කිහිපයක් ද ධාවනයට එක් කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව සැළසුම් කර ඇති බව දුම්රිය නියෝජ්ය සාමානාධිකාරී එම්. ජේ ඉදිපොලගේ මහතා සඳහන් කළේය. වෙසක් උත්සවයට සමගාමීව විහාරස්ථාන, වෙසක් කලාප ඇතුළු විවිධ ආගමික වැඩසටහන් සිදුකරන ස්ථාන ආශ්රිතව විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ක්රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව…
යාපනයේ කාබනික පොහොර ආශ්රයෙන් වගාකෙරුනු ඇඹුල් කෙසෙල් කිලෝ 25,000 ක් සතියකට වරක් ඩුබායි වෙතට යැවීමට පියවර ගෙන ඇතැයි කෘෂිකර්ම අමාත්යංශය විසින් පෙන්වා දෙයි. එහි පළමු පියවරට මෙම සතියේදී ඇඹුල් කෙසේ කිලෝ 10,000 ක් ඩුබායි වෙතට යැවීම සඳහා සූදානම් කිරීම මේ දිනවල යාපනය නිලාවරෙයි මංසන්ධියේ පිහිටි කෘෂිකර්ම අමාත්යංශයට අයත් කෘෂි නවීකරණ ව්යාපෘති කාර්යාලයේදී ආරම්භ කොට ඇත. මේ සඳහා යාපනයේ කෙසෙල් ගොවීන් 700 ක් පමණ සාමාජිකත්වය ලබාගෙන ඔවුන්ගේ කාබනික ඇඹුල් කෙසෙල් අස්වැන්න මෙම ව්යාපෘතිය සඳහා සම්බන්ධ වී රටට විදෙස් විනිමය ලබාගනු ඇතැයි අපේක්ෂා කෙරෙයි. මේ අනුව ඩුබායි වෙතට යැවීම සඳහා රාජාංගනය ප්රදේශයෙන්ද කාබනික ඇඹුල් කෙසෙල් ඩුබායි වෙතට යැවීමට පියවර ගෙන ඇති අතර…
අයර්ලන්තයට එරෙහිව පැවති ටෙස්ට් තරගාවලියේදී දැක්වූ දක්ෂතා සමඟ ශ්රී ලංකා සුපිරි දඟ පන්දු යවන ක්රීඩක ප්රභාත් ජයසූරිය ICC ශ්රේණිගත කිරීම්වල ඉදිරියට පැමිණ තිබේ. ඒ අනුව ඔහුට ICC ටෙස්ට් පන්දු යවන්නන්ගේ ලැයිස්තුවේ 13 වන ස්ථානයට පත්ව තිබේ. ප්රසාද ලකුණු 721ක් ලබාගනිමින් ඔහු ස්ථාන 06ක් ඉදිරියට පැමිණීමට සමත්ව තිබේ. මේ අතර රමේෂ් මෙන්ඩිස් ද එහි ප්රසාද ලකුණු 626ක් හිමිකරගෙන ස්ථාන 10ක් ඉදිරියට පැමිණ 22 වන ස්ථානයේ රැඳී සිටී.
වෙසක් පුර පසළොස්වක පෝය අදට(05) යෙදී තිබෙනවා. ලොව්තුරු අමාමෑණි බුදු පියාණන් වහන්සේගේ තෙමඟුල අද වැනි වෙසක් පොහොය දිනක සිදුවීම ලෝකවාසි බෞද්ධ ජනතාව සමරන්නේ මහත් හරසරින්. ආමිෂ හා ප්රතිපත්ති පූජාවන්ට මුල්තැන දෙමින් බෞද්ධ ජනතාව වෙසක් දිනය සමරන්නේ මහත් බැතියෙන්. සිද්ධර්ථ කුමරුගේ උපත, බෝධිසත්වයන් වහන්සේගේ බුදුවීම හා පිරිනිවන් පෑම වෙසක් දින සිදු වූ සුවිශේෂී සිදුවීම ලෙස හදුන්වා දෙන්න පුලුවන්. බුදු හිමියෝ බුද්ධත්වයෙන් අටවන වර්ෂයේ මණිඅක්ඛිත නා රජුගේ ආරාධනයෙන් කැලණියට වැඩම කරවන ලද්දේ අදවන් වෙසක් පොහෝ දිනක වීම විශේෂත්වයක්. එම ගමනේදී සමනළ කඳු මුදුනට වැඩම කළ බුදු හිමියෝ සිරිපා සටහන එහි තැබූ අතර එය සිහිපත් කරමින් කෙරෙන සිරිපා සමය නිමවන්නේ ද වෙසක් පුර…
ශ්රී ලංකා මහ බැංකු පනත් කෙටුම්පත දෙවනවර කියවීමේ විවාදය ලබන 11 වන බ්රහස්පතින්දා පැවැත්වීමට නියමිත බව පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා පැවසීය. පසුගියදා (28) කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්රධානත්වයෙන් පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී මේ බව තීරණය වී ඇත. මේ අනුව පාර්ලිමේන්තුව මැයි 9 සිට 12 වනදා දක්වා රැස්වීමට නියමිත අතර වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්රශ්න සඳහා මැයි 9 වනදා පමණක් පෙ.ව 9.30 – පෙ.ව 10.30 කාලය වෙන්කර තිබේ. මැයි 9 වන අඟහරුවාදා පෙ.ව 10.30 සිට ප.ව 5.00 දක්වා, අපනයන සංවර්ධන පනත යටතේ සෙස් බද්දට අදාළ නියෝග, වරාය සහ ගුවන් තොටුපොළ සංවර්ධන බදු පනත යටතේ නියෝගයක්, විශේෂ වෙළෙඳ…
මෙරට නිල විදේශ වත්කම් සංචිතය අප්රේල් මස අවසානයේදී අමෙරිකානු ඩොලර් බිලියන 2.75 දක්වා මාර්තු මාසයට සාපේක්ෂව 2.2%කින් වර්ධනය වී තිබේ. මාර්තු මාසයේ විදේශ මුදල් සංචිතය සටහන් වුයේ අමෙරිකානු ඩොලර් බිලියන 2.69ක් ලෙසය. මෙම වත්කම් සංචිතයට භාවිතය සඳහා චීන මහජන බැංකුව විසින් විනිමය හුවමාරු ක්රමයට ලබාදුන් ඩොලර් බිලියන 1.4ක්ද ඇතුළත් බව ශ්රී ලංකා මහ බැංකුව පවසයි.
නිත්යානුකූල ලෙස අත්අඩංගුවට ගැනීමට නියමිත පුද්ගලයින් අධිකරණය හමුවට පැමිණ එය වළක්වා ගැනීම සඳහා ඉල්ලීම් ඉදිරිපත් කිරීම නව ප්රවණතාවයක් බවට පත්වී ඇති බවත් ඒ තුළින් අපරාධ විමර්ශන ක්රියාදාමයට බාධා එල්ලවී තිබෙන බවත් නීතිපතිවරයා අභියාචනාධිකරණය හමුවේ ප්රකාශ කර තිබේ. තමන්ව අත්අඩංගුවට ගැනීම සඳහා නිකුත් කර තිබෙන වරෙන්තුව බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ජාතික පශු සම්පත් මණ්ඩලයේ පොළොන්නරුව ගොවිපොළේ වැඩබලන කළමනාකාරවරයා විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සමක් සලකාබැලීම සඳහා කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්ය සොලිසිටර් ජනරාල් සුහර්ෂි හේරත් මහත්මිය මේ බව සඳහන් කර තිබුණි. අත්අඩංගුවට ගැනීමේ ක්රියාවලිය නීතිවිරෝධී නම් ඊට එරෙහිව ගත හැකි නීතිමය ප්රතිකර්ම රැසක් තිබෙන බවත් ඒවා අනුගමනය…