Author: LFN

එළඹෙන උත්සවය සමය වෙනුවෙන් ඉන්ධන කෝටාව ඉහළ දැමීමට රජය තීරණය කර තිබේ. ඒ අනුව ත්‍රිරෝද රථ සඳහා පෙට්‍රල් ලීටර් 8ක් දක්වා ද යතුරුපැදි සඳහා පෙට්‍රල් ලීටර් 7ක් දක්වා ද ඉහළ දමා ඇත. එසේම මීට පෙර බස් රථ සඳහා ඉන්ධන ලීටර් 40ක් ලබාදුන් අතර එය ඉන්ධන ලීටර් 60ක් දක්වා ද ඉහළ දමා තිබේ. මෝටර් රථ සඳහා නිකුත් කළ ඉන්ධන ප්‍රමාණය ලීටර් 30 දක්වා ඉහළ දමා තිබේ. ඉඩම් වාහන සඳහා නිකුත් කළ ඉන්ධන ප්‍රමාණය ලීටර් 25ක් දක්වා ඉහළ දැමීමට තීරණය කර ඇත. මේ අතර ලොරි රථ සඳහා නිකුත් කළ ඉන්ධන ප්‍රමාණය ද ලීටර් 75ක් දක්වා ඉහළ දැමීමට තීරණය කර තිබේ. එසේම විශේෂ…

Read More

කොත්තු රොටි, බත් පාර්සල් සහ ෆ්‍රයිඩ් රයිස් මිළ හෙට (5) සිට අඩු කරන බව සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් මහතා පැවසීය. එම මිළ ගණන් හෙට දිනයේ ප්‍රකාශයට පත් කරන බවත් ඔහු තවදුරටත් කීවේය.

Read More

මහ කන්නයේ වී මිලදී ගැනීමේ වැඩපිළිවෙළ සඳහා තවත් රුපියල් බිලියන 03 ක මුදල් වෙන් කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. රජය මගින් වි මිලදී ගැනීමේ වැඩපිළිවෙල සඳහා මීට පෙර රුපියල් බිලියන 10ක මුදලක් වෙන් කර තිබූ අතර ඊයේ දිනය වනවිට එම සම්පූර්ණ මුදලෙන්ම වී මිලදී ගෙන අවසන් වූ බවයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පැවසුවේ. ඒ අනුව ඊයේ පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අතිරේක රුපියල් බිලියන 03 ක මුදලක් වී මිලදී ගැනීම සඳහා ලබාදීමට ජනාධිපතිවරයා පියවර ගත් බව ද කෘෂිකර්ම අමාත්‍යවරයා පැවසුවා. මෙවර මහ කන්නයේ වී මිලදී ගැනීමේ කටයුතු වී අලෙවි මණ්ඩලය මගින් වෙනුවට දිස්ත්‍රික් ලේකම්වරුන් හා ප්‍රාදේශීය ලේකම්වරුන් මගින් ක්‍රියාත්මක කිරීමට අමාත්‍ය…

Read More

විගමනික ශ්‍රමිකයින් වසරක කාලයක් තුළ මෙරටට එවූ විදෙස් ප්‍රේෂණ ප්‍රමාණය මත පදනම්වෙමින් ඔවුන්ට අතිරේක තීරුබදු දීමනාවක් ලබාදීමට රජය තීරණය කර තිබේ. විෂයභාර අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා සඳහන් කළේ, මෙම වසරේ පළමු මාස දෙක තුළ විගමනික ශ්‍රමික ප්‍රේෂණ කැපී පෙනෙන වර්ධනයක් පෙන්නුම් කරන බවය. “2023 වසරේ මේ මාස දෙකට විතරක් ඩොලර් මිලියන 844ක් ඇවිත් තියෙනවා. ජනවාරි පෙබරවාරි මාස දෙකේ ගිය අවුරුද්දේ ඩොලර් මිලියන 464 හම්බෙන්නේ. ඒ කියන්නේ ආසන්න වශයෙන් දෙගුණවීමක් වෙලා තියෙනවා.” විගමනික ශ්‍රමිකයින් 2022 වසරේ මැයි මස පළමුවැනිදා සිට වසරක කාලයක් තුළ මෙරටට එවන ලද ප්‍රේෂණවල වටිනාකම පදනම් කර ගනිමින් අතිරේක තීරුබදු දීමනාවක් ඔවුන්ට ලබාදීමට තීරණය කර තිබේ. ඒ අනුව…

Read More

අද (04) දහවල් කොටුව දුම්රිය පොළ ඉදිරිපිට පැවැත්වීමට නියමිත විරෝධතාවයට සහභාගි වන්නන්ට ජනාධිපති මන්දීරය, ජනාධිපති ලේකම් කාර්යාලය සහ මුදල් අමාත්‍යාංශයට ඇතුළුවීම වළක්වාලමින් කොටුව මහෙස්ත්‍රාත්වරයා අද පෙරවරුවේ නියෝගයක් නිකුත් කළේය. ඒ අදාළ විරෝධතාවය සම්බන්ධයෙන් කොටුව පොලීසිය බී වාර්තාවක් යොමු කරමින් සිදුකළ ඉල්ලීම සැලකිල්ලට ගනිමිනි. විරෝධතාවයට සහභාගි වන්නන්ට පෙළපාලියකින් ගොස් එම ස්ථානයන්ට ඇතුළුවීම, රාජ්‍ය දේපළවලට හානි කිරීම සහ රජයේ නිලධාරින්ගේ රාජකාරිවලට බාධා කිරීම තහනම් කිරීමටද මහෙස්ත්‍රාත්වරයා නියෝග කළේය. අදාළ නියෝගය මේ සිදුවීම සම්බන්ධයෙන් වගඋත්තරකරුවන් ලෙස නම්කර සිටින වසන්ත සමරසිංහ, බන්දුල සමන් කුමාර, රවී කුමුදේශ් සහ උදේනි දිසානායක යන අය ඉදිරියේ කියවා භාර දෙන ලෙසද, නීතිවිරෝධි අන්දමින් කටයුතු කරන්නේ නම් පොලිස් ආඥා පනත,…

Read More

අද (04) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රිලෝග්‍රෑම් 12.5 ගෘහස්ත ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1,005කින් පහළ දැමෙන බව ලිට්‍රෝ සමාගම පවසයි. අද පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් එහි සභාපති මුදිත පීරිස් මහතා සඳහන් කළේ, රුපියල් 4,743ක් ව පැවති ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක නව මිල රුපියල් 3,738ක් වන බවය. එමෙන්ම කිලෝගෑම් 5 ගෑස් සිලින්ඩරයක මිල ද රුපියල් 402කින් පහත දමා තිබේ. ඒ අනුව 1,904ක් ව පැවති එම ගෑස් සිලින්ඩරයක නව මිල වන්නේ රුපියල් 1,502කි. කිලෝග්‍රෑම් 2.3ක ගෑස් සිලින්ඩරයක මිල ද රුපියල් 183කින් පහත දැමෙන අතර රුපියල් 883ක්ව පැවති එහි නව මිල රුපියල් 700ක් වේ. ලෝක වෙළෙඳපොළේ පවතින මිල උච්චාවචනයන්ට අනුව මෙම මිල…

Read More

ලාෆ්ස් ගෑස් මිල ද සංශෝධනය කිරීමට බලාපොරොත්තු වන බව එම සමාගමේ සභාපති ඩබ්ලිව්.කේ.එච් වෑගපිටිය මහතා පවසයි. ලිට්‍රෝ ගෑස්මිල සංශෝධනය කිරීමෙන් පසු සිය සමාගමේ ගෑස් මිල ගණන් ද සංශෝධනය කිරීමට නියමිත බව ලාෆ්ස් සමාගම සඳහන් කළේය. ලිට්‍රෝ ගෑස් මිල අද (04) මධ්‍යම රාත්‍රියේ සිට අඩු කිරීමට පියවර ගන්නා බව එම සමාගම පවසයි. ලිට්‍රෝ සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා සඳහන් කළේ, මාසික මිල සංශෝධනයට අනුව කිලෝ ග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1,000කින් හෝ ඊට ආසන්න මිලකින් අඩු කිරීමට බලාපොරොත්තු වන බවය. ඊට සමගාමිව කිලෝ ග්‍රෑම් 05 සහ කිලෝ ග්‍රෑම් 02.3 ගෑස් සිලින්ඩරවල මිල ද අද මධ්‍යම රාත්‍රියේ සිට අඩු කිරීමට…

Read More

වඳුරඹ ප්‍රදේශයේ ජනප්‍රිය පාසලක 10 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවෙකුට පහර දී කඩදාසි කපන පිහියකින් එම සිසුවාගේ කන කපා බරපතළ තුවාල සිදුකළ පාසල් සිසුන් 5ක් නාගොඩ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ එම ප්‍රදේශයේම පාසල් කිහිපයක 11 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුන් කිහිපදෙනෙකි. නාගොඩ, බෝවිටියමුල්ල හන්දියේ දී ඊයේ (03) දහවල් තුවාල ලැබු සිසුවාට තවත් පිරිසක් පහර දී තිබුණේ සවස 1.50ට පමණය. පුද්ගලික ආරවුලක් මත අදාළ පහරදීම සිදුව ඇති අතර, පහරදුන් පිරිස අතැති කඩදාසි කපනයකින් සිසුවාගේ කනට පහළින් කපා තිබුණි. පහරකෑමට ලක්වු සිසුවා ඉන් මිදීම සඳහා අසල ඇති කැලයකට රිංගා දිවි බේරාගෙන ඇතැයි ද වාර්තා වේ. කෙසේ වෙතත්…

Read More

‘ආටිමිස් 2’ චන්ද්‍ර මෙහෙයුම යටතේ, ලබන 2024 වසරේ දී, සඳට යන ගගනගාමීන් සිවුදෙනා ලොවට හඳුන්වා දීමට නාසා ආයතනය කටයුතු කළේය. ‘ආටිමිස් 2’ චන්ද්‍ර මෙහෙයුමට සම්බන්ධ වන ගගනගාමීන් අතර කාන්තා ගගනගාමියෙක්, කළු ජාතික ගගනගාමියෙක් සහ කැනඩා අභ්‍යවකාශ ඒජන්සිය නියෝජනය කරන කැනඩා ජාතික ගගනගාමියෙක් ද සිටිති. ඔවුන් රීඩ් වයිස්මන්, වික්ටර් ග්ලෝවර්, ක්‍රිස්ටිනා හැමෝක් කොෂ් සහ ජෙරමි හැන්සන්ය. ක්‍රිස්ටිනා හැමෝක් කොෂ් මෙහෙයුමට එක්වන කාන්තාවය. වික්ටර් ග්ලෝවර් මෙහෙයුමේ නියමුවා ලෙස කටයුතු කරයි. චන්ද්‍ර මෙහෙයුමකට එක් වන පළමු කළු ජාතික ගගනගාමියා වන්නේ ද මොහුය. රීඩ් වයිස්මන් ‘ආටිමිස් 2’ මෙහෙයුමට නායකත්වය දෙයි. ජෙරමි හැන්සන් කැනඩා අභ්‍යවකාශ ඒජන්සිය නියෝජනය කරයි. යළි සඳට ගොස් සඳ ගවේෂණය පමණක් නොව,…

Read More

මෙරට අපරාධ කල්ලි සාමාජිකයෙකු වූ මද්දුමගේ ලසන්ත චන්දන පෙරේරා හෙවත් ‘අංගොඩ ලොක්කා’ හෘදයාබාධයකින් මියගොස් ඇති බවට තහවුරු වී තිබේ. 2020 වසරේදී ඉන්දියාවේ කොයිම්බතූර්හි දී ‘අංගොඩ ලොක්කා’ මියගිය අතර ඔහුගේ මියයාම සම්බන්ධයෙන් ඉන්දීය අපරාධ අංශය විසින් පසුගියදා එරට අධිකරණයට වාර්තාවත් ඉදිරිපත් කර තිබුණි. එම වාර්තාවට අනුව ‘අංගොඩ ලොක්කා’ මියගොස් ඇත්තේ හදිසි හෘදයාබාධයකින් බවට තහවුරු කර ඇති අතර ඒ අනුව ඔහුගේ මියයාම සම්බන්ධයෙන් පැවති නඩුව අවසන් කිරීමට ද කොයිම්බතූර් අධිකරණය පියවර ගෙන තිබේ. ඉන්දියාවේ බලාජි නගරයේ කුලී නිවසක ජීවත් වූ ‘අංගොඩ ලොක්කා’ 2020 ජුලි මස 03 වන දින රාත්‍රියේ හදිසියේ අසනීප වීම හේතුවෙන් රෝහල්ගත කෙරුණි. රෝහල්ගතකිරීමෙන් අනතුරුව ඔහු මියගිය අතර මරණය සැකසහිත…

Read More