Author: LFN

ගාලු පාර කළුතර ප්‍රදේශයේ හෝටලයක තරුණයෙකු සමඟ පැමිණි 16 හැවිරිදි දැරියකගේ නිරුවත් මළ සිරුර හෝටලය පිටුපස දුම්රිය මාර්ගයේ වැටී තිබියදී සොයාගෙන තිබෙනවා. කළුතර දකුණ පොලීසිය කියා සිටියේ මෙලෙස අභිරහස් ලෙස මියගොස් ඇත්තේ කළුතර නාගොඩ ප්‍රදේශයේ පදිංචි 16 හැවිරිදි දැරියෙකි. මියගිය දැරියගේ තවත් කාන්තාවන් හා පිරිමි පුද්ගලයන් දෙදෙනෙක් සමඟ ඊයේ (06) සවස පස්මහල් හෝටලයට පැමිණ කාමර දෙකක් කුලියට ඉල්ලා ඇති බවයි මුලික පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ. ඒ අනුව හෝටලය විසින් තෙවන මහලේ කාමර දෙකක් කුලියට ලබාදී තිබෙනවා. පොලීසිය කියා සිටියේ සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට දැරිය සමග හෝටලයට පැමිණි බව කියන කාන්තාවක් සහ පිරිමි පුද්ගලයකු අත්අඩංගුවට ගෙන ඇති අතර දැරිය…

Read More

වවුනියාව දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතනවල හිටපු සභිකයින් පිරිසක් ඊයේ එක්සත් ජාතික පක්ෂයට එක්වුණා. වවුනියාව දකුණ ප්‍රාදේශීය සභාවට සමගි ජන බලවේගයේ තරග කරන කසුන් සුමතිපාලද ඒ අතරට අයතක් බවයි වාර්තාවන්නේ. ඔහු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් මීට පෙර තරගකර එම ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිවරයෙකු ලෙස කටයුතු කරනවා. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ වැඩපිළිවෙළ ශක්තිමත් කිරීම සදහා තමන් එලෙස එක්සත් ජාතික පක්ෂයට එක්වන බවයි එම පක්ෂයේ මහ ලේකම් පාලිත රංගේ බංඩාර වවුනියාව දිස්ත්‍රික්කයේ ඊයේ සිදුකළ සංචාරයකදී එම පිරිස පවසා ඇත්තේ. ඒ අතර වවුනියාව දිස්ත්‍රික්කයේ හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයෙකු වූ ප්‍රේමරත්න සුමතිපාලද එහිදි කියා සිටියේ තමන්ද ජනාධිපතිවරයාට සහය ලබා දෙන බවයි.

Read More

ජපානයේ ඔසාකා හිදී පැවැත්වෙන C ශ්‍රේණිගත මලල ක්‍රීඩා තරගාවලියේ ඊයේ (06) පැවති පිරිමි මීටර් 400 ධාවන ඉසව්වේදී සිය පුද්ගලික හොඳම දක්ෂතාව වාර්තා කිරීමට ශ්‍රී ලංකාවේ අරුණ දර්ශන සමත්විය. ඒ තත්පර 45.49ක දක්ෂතාවක් වාර්තා කරමිනි. ඔහුට එම ඉසව්වේදී හිමිවූයේ දෙවන ස්ථානයයි. මීට දින කිහිපයකට පෙර ජපානයේදී පැවති තරගයකදීම අරුණ දර්ශන තත්ත්පර 45.59ක කාලයක් වාර්තා කළේය. මේ අතර ඉන්දීය විවෘත පැරා ජාත්‍යන්තර මලල ක්‍රීඩා තරගවලියේ ටී 46 කාණ්ඩයේ කාන්තා මීටර් 100 ඉසව්වට එක්වූ ශ්‍රී ලංකාවේ ජනනි ධනංජනා එහි ප්‍රථම ස්ථානය දිනා ගත්තේය. ඒ තත්පර 13 .71ක දක්ෂතාවක් වාර්තා කරමිනි. T 35/42/47/62 කාණ්ඩයේ කාන්තා මීටර් 100 ඉසව්වට එක් වූ කුමුදිකා දයානී තත්පර 13.55ක…

Read More

රුපියල් කෝටි 3ක පමණ වන රක්ෂණ වන්දිය ලබාගැනීම සඳහා තම 40 හැවිරිදි බිරිය ඝාතනය කළ 25 හැවිරිදි තරුණයා පිටිගල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය පැවසුවේ, අදාළ තරුණයා තම මිත්‍රයෙකු යොදවා රිය අනතුරක් සිදුකර එම කාන්තාව ඝාතනය කර ඇති බවය. පිටිගල මානම්පිට, තල්ගස්වල නියාගම ප්‍රාදේශීය සභාව අසල මාර්ගය අයිනේ රැඳීසිටි කාන්තාවක් පසුගිය 30වනදා සිදුවූ රිය අනතුරකින් ජීවිතක්ෂයට පත් විය. ජීප් රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුවී තිබූ අතර පසුව එය පැදවූ පුද්ගලයා ජීප් රථයත් සමග එම ස්ථානයෙන් පළාගොස් තිබුණි. අනතුරින් ජීවිතක්ෂයට පත් වුණේ 40 හැවිරිදි නිරෝෂා උදයංගනී නමැති කාන්තාවකි. මියගිය කාන්තාවගේ 25 හැවිරිදි සැමියා ඇය සමග අනතුර සිදුවූ ස්ථානයට යතුරුපැදියකින් පැමිණ…

Read More

තෙවැනි චාල්ස් රජුගේ රාජාභිෂේක මංගල්‍යය ඊයේ (06) එංගලන්තයේ ලන්ඩන් නුවරදී අති උත්කර්ෂවත් ලෙස පැවැත්විය. මෙහිදී බ්‍රිතාන්‍යයේ නව රැජින ලෙස අභිෂේක ලැබුවේ, ඩයනා කුමරියගේ දික්කසාදයෙන් පසු චාල්ස් කුමරු විවාහ කරගත් කැමිලා බෝල්ස් පාකර් ය. දෙවන එලිසබෙත් රැජිනගේ අභාවයත් සමග රාජ්‍යත්වයට පත්වූ තෙවන චාල්ස් රජු සහ රජ මෙහෙසිය කැමිලාගේ රාජාභිෂේක මංගල්‍යය අද පැවැත්විය. ඒ ලන්ඩන් නුවර වෙස්ට්මින්ස්ටර් ඇබේ දේවස්ථානයේදීය. වසර 70 කට පසු බ්‍රිතාන්‍යයේ පැවැත්වෙන පළමු රාජාභිෂේකය වන මෙය වසර 1,000ක පැරැණි චාරිත්‍ර විධි අනුගමනය කිරීම විශේෂත්වයකි. III චාල්ස් රජුගේ රාජාභිෂේක සැමරුම් විධිමත්ව ආරම්භ වුණේ බකිංහැම් මාළිගයේ සිට වෙස්ට්මින්ස්ටර් ඇබේ වෙත ගමන් කරනා පෙරහැරකිනි. ඒ අනුව එය ගමන් කරනා මඟ දෙපස පිහිටුවා…

Read More

දිවයින පුරා ඇති විශ්වවිද්‍යාලවල සිසුන්ට ආදර්ශයක් සපයමින් යාපනය සරසවි සිසුන් විසින් සරසවි භූමියේ සර්ව ආගමික මධ්‍යස්ථානයක් ඉදිකිරීමට කටයුතු කර තිබේ. එය මේ වනවිට විවෘත කිරීමට සූදානමින් ඇති බව වාර්තා විය. ඒ අනුව රජ සමයෙන් පසු යාපනය දිස්ත්‍රික්කයේ ඉදි වුණු ප්‍රථම බෞද්ධ විහාරස්ථානයද එය බව වාර්තා වෙයි. එය නම් කර ඇත්තේ සරසවි විහාරය නමිනි. ජාති, ආගම්, කුළ භේදයකින් තොරව යාපනය විශ්වවිද්‍යාලයේ සියලුම සිසුසිසුවියන් එකතුවී සම භූමි ප්‍රමාණයකින් යුක්තව මෙම ආගමික සිද්ධස්ථාන ඉදිකර තිබීම විශේෂත්වයකි. මේ සඳහා ඔවුන් මුදල් සොයාගෙන ඇත්තේ කැට ව්‍යාපාර සහ සමාජ මාධ්‍ය හරහා දැන්වීම් පළ කරමිනි.

Read More

බස්නාහිර, සබරගමුව, වයඹ සහ උතුරු පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. නැගෙනහිර සහ ඌව පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. බස්නාහිර සහ දකුණු වෙරළබඩ ප්‍රදේශවලත් මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම්වලත් විටින් විට හමන පැ.කි.මී. (40-50) ක පමණ තද සුළං ඇතිවිය හැක. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.

Read More

දීර්ඝ කාලයක සිට පොළොන්නරුව මහ රෝහලෙන් ඔක්සිජන් සිලින්ඩර සොරකම් කර අලෙවි කිරීමේ මහා පරිමාණ ජාවාරමක නිරතවු රෝහල් සේවකයෙකු ඇතුලු පිරිසක් අත්අඩංගුවට ගෙන තිබේ. එම රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා විසින් සිදුකළ පැමිණිල්ලකට අනුව පොළොන්නරුව අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් සිදුකළ දීර්ඝ විමර්ශනයකින් අනතුරුව අද (06) පෙරවරුවේ සැකකරුවන් 6 දෙනෙකු මෙලෙස අත්අඩංගුවට ගත් බව පොලීසිය පැවසීය. 2020 වසරේ සිට අදාළ සොරකම සිදුවී ඇති අතර ඔවුන් විසින් සොරකම් කර ඇති ඔක්සිජන් සිලින්ඩර සංඛ්‍යාව 210ක් බව සඳහන්ය. සොරාගත් ඔක්සිජන් සිලින්ඩරයක් රුපියල් 25,000ත් 40,000ත් අතර මුදලකට විවිධ පුද්ගලයින් වෙත අලෙවි කර ඇති බව පොලීසිය සිදුකළ විමර්ශනයේ දී අනාවරණය වී ඇත. අත්අඩංගුවට ගත් සැකකරුවන් පොළොන්නරුව මහෙස්ත්‍රාත් අධිකරණයට…

Read More

ඇල්පිටිය ප්‍රදේශයේ සිදු වූ රිය අනතුරකින් කාන්තාවක් මිය යාමේ සිද්ධිය ඝාතනයක් බවට පිටිගල පොලීසිය විසින් අනාවරණ කරගෙන තිබේ. පොලීසිය පවසන්නේ ඇයගේ රක්ෂණ වන්දිය ලබාගැනීම සඳහා සැමියා විසින් මෙම ඝාතනය සිදුකර ඇති බවට සැක කරන බවය. පිටිගල මානමිපිට, තල්ගස්වල නියාගම ප්‍රාදේශිය සභාව අසල මාර්ගය අයිනේ රැඳී සිටි කාන්තාවක් පසුගිය 30වනදා සිදුවූ රිය අනතුරකින් ජීවිතක්ෂයට පත් විය. ඒ සම්බන්ධයෙන් පොලීසිය සිදුකළ විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ එය ඝාතනයක් බවය. අනතුරුව සැකපිට අදාළ කාන්තාවගේ ස්වාමිපුරුෂයාව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. එහිදී අනාවරණ වී ඇත්තේ ඇයගේ රක්ෂණ වන්දිය ලබාගැනීම සඳහා මෙම ඝාතනය කර ඇති බවය. මියගිය කාන්තාව 40 හැවිරිදි වියෙහි පසුවන අතර ඇයගේ සැමියා 25…

Read More

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පොදුරාජ්‍ය මණ්ඩලීය රටවල නායක හමුවකට සහභාගීවී තිබේ. එංගලන්තයේ පිහිටි පොදුරාජ්‍ය මණ්ඩලීය මහ ලේකම් කාර්යාලයේදී ඊයේ (05) පස්වරුවේ මෙම හමුව සිදුවී ඇත. පොදුරාජ්‍ය මණ්ඩලීය රටවල් 56ක නායකයින් ඊට එක්වී තිබේ. එය පැවැත්වුණේ තුන්වන චාර්ල්ස් රජුගේ ප්‍රධානත්වයෙනි. ඊට බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා ද එක්වී තිබේ. මෙම වසර පොදුරාජ්‍ය මණ්ඩලීය තරුණයින්ගේ වසර ලෙස නම් කිරීමට ද මෙම සමුළුවේදී තීරණය කර තිබේ. එම රාජ්‍ය නායක හමුවේදී අදහස් දක්වමින් චාර්ල්ස් රජු ප්‍රකාශ කර ඇත්තේ පොදුරාජ්‍ය මණ්ඩලය තම ජීවිතයේ ප්‍රමුඛස්ථානයක පවතින අතර එම රටවල සාරධර්ම සහ ජනතාවගේ අභිවෘද්ධිය සඳහා උපරිම සහයෝගය ලබා දෙන බවය. මේ අතර ජනාධිපති මාධ්‍ය ඒකකය සඳහන් කළේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ…

Read More