Author: LFN

ගම්පහ දිස්ත්‍රික්කය තුළ සිදුවන ඩෙංගු රෝග ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා විශේෂ කණ්ඩායමක් (08) දිනයේ එම දිස්ත්‍රික්කයට පිටත් කර හැරීමට සෞඛ්‍ය අමාත්‍යංශය තීරණය කර තිබේ. සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා සඳහන් කළේ, මේ වන විට ගම්පහ දිස්ත්‍රික්කය තුළ ඩෙංගු රෝගීන් වාර්තා වීම ඉහළ ගොස් ඇති බවය. එම තත්ත්වය පාලනය කිරීම සඳහා ගතයුතු ක්ෂණික ක්‍රියාමාර්ග තීරණය කිරීම සඳහා විශේෂ කණ්ඩායමක් යෙදවීමට තීරණය කර තිබේ. මීට අමතරව රට තුළ පවතින ඩෙංගු ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් විශේෂඥ කමිටුවක් ද පත්කර ඇති බව කෙහෙළිය රඹුක්වැල්ල අමාත්‍යවරයා සඳහන් කළේය. මේ අතර බස්නාහිර පළාත තුළ ඩෙංගු රෝග ව්‍යාප්තිය…

Read More

කීරි සම්බා උපරිම සිල්ලර මිල වෙනස් කර ඇති බවට පළ වන වාර්තා අසත්‍ය බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි. නිවේනදයක් නිකුත් කරමින් එම අධිකාරිය පවසන්නේ, පසුගිය 02 වනදා නිකුත් කර ඇති ඇති අංක 2278/02 දරන ගැසට් නිවේදනය අනුව කිරී සම්බා සඳහා පනවා ඇති උපරිම සිල්ලර මිල රුපියල් 260ක් බවය. එම උපරිම සිල්ලර මිල වෙනස් කර ඇති බවට පළවන වාර්තාවල කිසිදු සත්‍යතාවයක් නොමැති බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි. එමෙන්ම අසත්‍ය ප්‍රචාරණයන්ට නොරැවටෙන ලෙසත් කීරි සම්බා රුපියල් 260ක උපරිම සිල්ලර මිලට වඩා වැඩි මිලට අලෙවි නොකළ යුතු බවටත් සියලුම සහල් මෝල්හිමියන්ට සහ ව්‍යාපාරිකයින් වෙත පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය දැනුම් දී ඇත.…

Read More

කිසිදු හේතුවක් මත ලංකා ගමනාගමන මණ්ඩලය පෞද්ගලීකරණය නොකරන බව ප්‍රවාහන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි. ඔහු මේ බව කියා සිටියේ රත්නපුර දිස්ත්‍රික්කයේ ඩිපෝ කිහිපයකට නව බස් රථ බෙදා දීමට ඊයේ (07) එක්වෙමිනි. බස් රථ බෙදාදීම සම්බන්ධයෙන් එම අවස්ථාවේදී අමාත්‍යවරයා සහ රාජ්‍ය අමාත්‍ය ප්‍රේමලාල් ජයසේකර මහතා අතර වචන හුවමාරුවක් ද සිදුවුණි. රත්නපුර, ඇඹිලිපිටිය, ගොඩකවෙල, බලන්ගොඩ සහ කලවාන යන ඩිපෝ සඳහා නව ලංගම බස්රථ බෙදාදීමක් රත්නපුර නව නගරයේදී අද පැවැත්වුණි. ඒ, ප්‍රවාහන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙනි. රජයේ මැති ඇමතිවරු මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා ද එම අවස්ථාවට එක්ව සිටිනු දක්නට ලැබුණි. මෙහිදී බෙදාදුන් බස් රථ සංඛ්‍යාව 23කි. උත්සවයේ…

Read More

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ උතුරු පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (08) විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, නැගෙනහිර සහ ඌව පළාත්වලත් පොළොන්නරුව දිස්ත්‍රික්කයේත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. බස්නාහිර සහ දකුණු වෙරළබඩ ප්‍රදේශවලත් මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම්වලත් විටින් විට හමන පැ.කි.මී. (40-50) ක පමණ තද සුළං ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

Read More

ගිනිකොනදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ යාත්‍රා කරන බහුදින ධීවර යාත්‍රා සහ නාවික යාත්‍රා සඳහා අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් නිකුත් කර තිබේ. එම නිවේදනය හෙට (08) පස්වරු 3 දක්වා බලපැවැත්වේ. මේ වනවිට ගිනිකොනදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව වායුගෝලයේ කැලඹිලි ස්වභාවය වර්ධනය වී ඇත. එම තත්ත්වය ඉදිරි දින කිහිපයේ දී අඩු පීඩන කලාපයක් දක්වාත් පසුව සුළි කුණාටුවක් දක්වාත් වර්ධනය වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. එම නිසා උතුරු අක්ෂාංශ 5 – 10ත් අතර, නැගෙනහිර දේශාංශ 90 – 100ත් අතර සහ උතුරු අක්ෂාංශ 1 – 4ත් සහ නැගෙනහිර දේශාංශ 85 – 92ත් අතර මුහුදු ප්‍රදේශවලට ඉදිරි දින කිහිපයේ දී යාත්‍රා නොකරන ලෙස…

Read More

රාජ්‍ය සේවකයින් සඳහා අවසන් කාර්තුව තුළ වැටුප් වැඩිවීමක් සිදුකිරීමට රජය සැලසුම් කර ඇති බව එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් පාලිත රංගෙ බණ්ඩාර මහතා පවසයි. මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා පැවසුවේ, රජය බලාපොරොත්තු වන ඉලක්ක වෙත ළඟාවුවහොත් එහි වාසිය මහජනතාවට හිමි වන බවය. “අපි දැන් බංකොළොත්භාවයෙන් මිදිලා තියෙනවා. එහෙම කරනකොට මේ රටේ ජනතාවට තමයි ඒ සැහැල්ලුව වාසිය හම්බවෙලා තියෙන්නේ. බොහොම පැහැදිලිව ජනාධිපතිතුමා ප්‍රකාශ කළා රටේ ආර්ථිකය සකස් කරගෙන අවසාන කාර්තුව වන විට රජයේ සේවකයින් වැටුප් වර්ධකයක් ලබාදීමට බලාපොරොත්තු වන බව. ඒ නිසා තමයි මුදල් එකතුකර ගැනීම, ආදායම් වැඩිකරගැනීමට කටයුතු කරන්නේ. රජය බලාපොරොත්තු වන ඒ ඉල්ලක්කයට ගියොත් රාජ්‍ය සේවකයාටත් ඒ සැලකිල්ල කිරීමට…

Read More

‍කොළඹ වරාය හරහා සිදුවන අන්තරාළ වෙළෙඳාම මඟින් මෙරට කීර්ති නාමයට හානිවන ආකාරයේ ජාවාරමක් පිළිබඳව රේගු දෙපාර්තමේන්තුව විසින් විමර්ශන ආරම්භ කර තිබේ. රේගු දෙපාර්තමේන්තුවේ මධ්‍යම බුද්ධි අංශයේ නිලධාරීන් විසින් මේ පිළිබඳව විමර්ශන ආරම්භ කර ඇති බව වාර්තා වේ. වෙනත් රටක සිට භාණ්ඩ ආනයනය කර රේගු ගාස්තුවලින් තොරව වරාය තුළ රඳවා යළි තවත් රටකට අපනයනය කිරීම මෙම අන්තරාළ වෙළෙඳාම මඟින් සිදුකරනු ලබයි. ආනයනය කරන භාණ්ඩය තවත් රටකට අපනයනය කිරීමේදී එය ශ්‍රී ලංකාවේ සිට එවා ඇති බවට ලිඛිතව දැනුම්දීම සිදුවන අතර ශ්‍රී ලංකාවේ ලියාපදිංචි සමාගමක් හරහා අපනයනය සිදුවන බව වාර්තා වේ. කෙසේවෙතත් මේ වන විට මෙම අන්තරාළ වෙළෙඳාම ජාවාරම්කරුවන් පිරිසක් විසින් අවභාවිතා කිරීමේ…

Read More

පානදුර, වලාන මංසන්ධියේ අද (07) උදෑසන සිදුවූ රිය අනතුරකින් පුද්ගලයින් 10 දෙනෙකු සුළු තුවාල ලබා තිබේ. අප වාර්තාකරු සඳහන් කළේ කොළඹ වෙසක් තොරණ නැරඹීම සඳහා පැමිණි පිරිසක් යළි නිවෙස් වෙත යමින් සිටියදී මෙම අනතුර සිදුව ඇති බවය. අදාළ පිරිස රැගත් ජීප් රථයේ රියදුරුට නින්ද යාම හේතුවෙන් අද උදෑසන 5.30 ට පමණ ජීප් රථ මාර්ගයේ පෙරළී ගොස් අනතුර සිදුව තිබේ. කොළඹ සිට කළුතර දක්වා ගමන් කළ පිරිසක් එම ජීප් රථයේ සිට ඇති අතර අනතුරින් එම ස්ථානයේ තිබූ විදුලි කණුවකට සහ මාර්ගයේ යකඩ වැටකට ද හානි සිදුව ඇත. ජීප් රථය පෙරළීමෙන් තුවාල ලැබූ 10දෙනා පානදුර මූලික රෝහලට ඇතුළත් කර ඇති බව අප…

Read More

අද (07) රාත්‍රී 8.30 දක්වා වලංගු වන තද වැසි පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් නිකුත් කර තිබේ. ශ්‍රී ලංකාව ආශ්‍රිතව වායුගෝලයේ පවතින කැලඹිලි ස්වභාවය හේතුවෙන් දිවයින පුරා බොහෝ ස්ථානවල පවතින වැසිබර තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු වේ. කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ බස්නාහිර, සබරගමුව, දකුණ, මධ්‍යම සහ වයඹ පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී 75ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි බවය. සෙසු ප්‍රදේශවලද ඇතැම් ස්ථානවලට මි.මි 50ට වැඩි තරමක තද වැසි ඇති වේ.

Read More

ඉදිරි දින කිහිපය තුළ ආණ්ඩුකාර තනතුරෙන් ඉවත්වීමට සිදුවනු ඇති බව නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය පවසයි. ඊයේ (06) ත්‍රිකුණාමලය ප්‍රදේශයේ පැවති වෙසක් උත්සවයකදී ඇය මේ පිළිබඳව සඳහන් කළාය. අදාළ උත්සවය අමතමින් නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය පවසා ඇත්තේ නැගෙනහිර පළාත තුළ තමන් සිදුකරන අවසන් කතාව මෙයවනු ඇති බවය. පළාත් 04ක ආණ්ඩුකාරවරුන්ට සිය ධුරවලින් ඉල්ලා අස්වන ලෙසට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දැනුම් දී ඇත. සබරගමුව, ඌව, උතුරු සහ නැගෙනහිර පළාත්වල ආණ්ඩුකාරවරුන්ට මෙලෙස ඉල්ලා අස්වන ලෙස දැනුම් දී ඇති බව වාර්තා වේ. මේ අතර ඌව පළාත් ආණ්ඩුකාර ඒ.ජේ.එම් මුසම්මිල් මහතාගෙන් අද දෙරණ මේ සම්බන්ධයෙන් විමසීමක් කළේය. ඔහු සඳහන් කළේ මෙතෙක්…

Read More