Author: LFN

බංග්ලාදේශය විසින් ශ්‍රී ලංකාවට ලබාදී ඇති ඩොලර් මිලියන 200ක ණය මුදල නැවත ගෙවීම ආරම්භ කිරීමට තවත් මාස 06ක් ලබාදීමට බංග්ලාදේශ රජය තීරණය කර තිබේ. ඒ අනුව,ශ්‍රී ලංකාව විසින් එම ණය මුදලේ පළමු වාරිකය අගෝස්තු මාසයේදීත් දෙවැනි වාරිකය සැප්තැම්බර් මාසයේදීත් බංග්ලාදේශයට ලබාදීය යුතුය.

Read More

සබරගමුව, බස්නාහිර, මධ්‍යම, දකුණු, වයඹ, ඌව සහ උතුරු-මැද පළාත්වල ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය. කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණික තත්ත්වයක් පවතින බවය. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

Read More

කෑගල්ල, අවිස්සාවේල්ල ප්‍රධාන මාර්ගයේ රුවන්වැල්ල, වැන්දල ප්‍රදේශයේ දී මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා ගමන්ගත් සුඛෝපභෝගී ජිප්රථය අනතුරකට ලක්ව තිබේ. අනතුර සිදුවන අවස්ථාවේ දී වාහනය තුළ රාජ්‍ය අමාත්‍යවරයා ඇතුළු පුද්ගලයින් 5 දෙනෙක් සිට ඇත. අප වාර්තාකරු පැවසුවේ අනතුරින් සියඹලාපිටිය මහතාගේ ආරක්ෂක නිලධාරියා තුවාල ලබා රෝහල් ගතකළ බවය. මේ අතර සුළු ආබාධ තත්ත්වයක් හේතුවෙන් රාජ්‍ය අමාත්‍යවරයා ද මේ වනවිට කරවනැල්ල මුලික රෝහලේ ප්‍රතිකාර ලබන බව වාර්තා වේ. රාජ්‍ය අමාත්‍යවරයාගේ නිවස ආසන්නයේ මාර්ගයෙන් ඉවතට පැන තාප්පයක ගැටී ජිප් රථය අනතුරට ලක්ව තිබේ.

Read More

උසස් පෙළ පිළිතුරු පත්‍ර ඇගයීම සම්බන්දයෙන් මේවන තෙක් කිසිදු අවසන් තීරණයක් ගෙන නොමැති බව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය පවසයි. එහි සභාපති මහාචාර්ය ශ්‍යාම බන්නැහැක මහතා පැවසුවේ අදාළ ගැටළුව සම්බන්ධයෙන් රජයේ ක්‍රියාකලාපය පිළිබඳ සැහීමකට පත් නොවන බවය. මේ අතර විශ්වවිද්‍යාල ආචාර්යවරුන් සමග සාකච්ඡා කර සාධනීය විසඳුම් ලබා දී ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි. පිළිතුරු පත්‍ර ඇගයීම සම්බන්ධයෙන් ගුරු වෘත්තීය සමිති ධනාත්මක ප්‍රතිචාරයක් දක්වා ඇති අතර විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ඇගයීම් ක්‍රියාවලිය කඩිනම් කිරීම සඳහා යහපත් ප්‍රතිචාර දක්වනු ඇතැයි අපේක්ෂා කරන බව සඳහන් කරමින් අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කර තිබුණි.

Read More

රාජ්‍ය ණය අර්බුදය මගහරවා ගැනීම සඳහා පාකිස්තානයට හදිසි විදේශ ණය අවශ්‍ය බව ලෝක බැංකුව පවසයි. ඒ අනුව, රාජ්‍ය ණය අර්බුදය වළක්වා ගැනීම සඳහා නව විදේශ ණය සොයා ගැනීමට පාකිස්තානය වහාම කටයුතු කළ යුතු බවට ලෝක බැංකුව පාකිස්තානයෙන් ඉල්ලා ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ලෝක බැංකුව පවසා ඇත්තේ පාකිස්තානයේ ආර්ථික අර්බුදය හේතුවෙන් මෙම මූල්‍ය වර්ෂයේදී පාකිස්තානුවන් මිලියන ගණනක් දරිද්‍රතාවයට තල්ලුවී ඇති බවය. ඒ හේතුවෙන් පාකිස්තාන රජය IMF වැඩසටහන් ප්‍රතිසංස්කරණ පවත්වා ගෙන යාමට අවශ්‍ය බවද ලෝක බැංකුව යෝජනා කරයි.

Read More

ටයිම් සඟරාව මගින් නිකුත් කරන ලොව බලගතුම පුද්ගලයින් 100දෙනාගේ ලැයිස්තුවේ මෙවර පෙරමුණ ගැනීමට සුපිරි බොලිවුඩ් නළු ෂාරුක් ඛාන් සමත්වී තිබේ. 2023 වසරට අදාළ එම ලැයිස්තුව ටයිම් සඟරාව විසින් ඊයේ (07) එළිදක්වා තිබුණි. නිදහස වෙනුවෙන් විරෝධතා දැක්වූ ඉරාන කාන්තාවන් එම ලැයිස්තුවේ දෙවන ස්ථානයට පත්වී ඇති අතර තෙවන ස්ථානය කොවිඩ් සමයේ ඉදිරි පෙළ කටයුතු කළ සෞඛ්‍ය සේවකයින්ට හිමිවී තිබේ. ටයිම් සඟරාව විසින් මෙවර නම් කළ ලොව වඩාත් බලගතු පුද්ගලයින්ගේ වාර්ෂික ලැයිස්තුවට අනුව බ්‍රිතාන්‍යයේ හැරී කුමරු සහ මේගන් මාකල් සිව්වන ස්ථානයටත්, සුපිරි පාපන්දු ක්‍රීඩක ලියොනල් මෙසී පස්වන ස්ථානයටත් පත්වී ඇති බව සඳහන් වෙයි.

Read More

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ හානි තක්සේරු කිරීම සඳහා නෞකාව අසලට යාමට හෝ තමන්ට ඉඩ ලබානොදුන් බව ඒ සඳහා එක්වූ විශේෂඥ කණ්ඩායම චෝදනා කරයි. මේ අතර මෙරට සාගර නීති ප්‍රවීණයන් පවසන්නේ නෞකාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව තුළ නඩු පැවරීමේ හැකියාව හොඳින්ම තිබියදී සිංගප්පූරුවේ නඩු පැවරීමට ගෙන ඇති තීරණය පිළිබඳ විමතියට පත්වන බවය. එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් සිදුවූ හානියට අදාළව වන්දිය ලබාගැනීමේ අවස්ථාව මෙරට බලධාරීන්ගේ අදූරදර්ශී ක්‍රියාකලාපය නිසා අහිමිව යෑමේ අවදානමක් ඇතැයි පාර්ශ්ව රැසක් අනතුරු අඟවමින් සිටී. පරිසරය පිළිබඳ පාර්ලිමේන්තු ආංශික අධීක්ෂණ කාරක සභාවේදී ද මේ පිළිබඳ පසුගියදා අවධානය යොමු වී තිබුණි. මේ අතර අද දෙරණ ‘බිග් ෆෝකස්’ වැඩසටහන තුළින් ඊයේ (07) මේ පිළිබඳ පුළුල්…

Read More

ඉන්දියාවෙන් ආනයනය කරන ලද ලක්ෂ 10ක් වූ දෙවන බිත්තර තොගය (08) නිදහස් කිරීමට හැකි බව රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව පවසයි. එහි සභාපති ආසිරි වලිසුන්දර මහතා පැවසුවේ එම බිත්තර සාම්පල පරීක්ෂණ වාර්තා සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව හෙට දිනයේ ලබාදීමට නියමිතව ඇති බවය. එවන් පසුබිමක ඉදිරියේදී බිත්තර මිල අඩු කිරීමට හැකිවනු ඇති බව සමස්ත ලංකා කුකුළු ව්‍යාපාරිකයින්ගේ සංගමය පවසයි. සමස්ත ලංකා කුකුළු ව්‍යාපාරිකයින්ගේ සංගමයේ සභාපති අජිත් ගුණසේකර මහතා, “සත්ත්ව ආහාර සඳහා අය කරන වැට් එක අයින් කළොත් බිත්තරයකින් රුපියල් 6ක් අඩු කරන්න පුළුවන්. එහෙම වුණොත් බිත්තර ආනයනය කිරීම කරන්න ඕනේ නැහැ. මොකද දේශීය බිත්තර රුපියල් 06කින් අඩු වෙනවා.”

Read More

බේරුවල ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු වන සමිත කවිරත්න මහතාගේ බිරිඳ පිහි ඇනුමකට ලක්වී රෝහල්ගත කර ඇතැයි වාර්තා වෙයි. බේරුවල හෙට්ට්මුල්ල ප්‍රදේශයේ ඇය විසින් පවත්වාගෙන යන අලෙවිසැලක් තුළදී එම සිදුවීම සිදුවී ඇත. සිද්ධියට සම්බන්ධ සැකකරුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර පහරදීමට යොදාගත් අඟල් 05ක් පමණ දිගැති පිහිය ද සොයාගෙන ඇත. අත්අඩංගුවට ගෙන ඇත්තේ බේරුවල හෙට්ට්මුල්ල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකි. පහරකැමට ලක්වූ කාන්තාව කළුතර ශික්ෂණ රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයට ඇතුළත්ව ප්‍රතිකාර ලබමින් පසුවෙයි. සිද්ධියට හේතුව පෞද්ගලික ආරවුලක් බව බේරුවල පොලීසිය සැක කරයි.

Read More

බස්නාහිර, සබරගමුව, දකුණු, ඌව, මධ්‍යම, වයඹ සහ උතුරු-මැද පළාත්වලත් මන්නාරම දිස්ත්‍රික්කයේත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඇතැම් ස්ථාන වලට මි. මී. 50 ට වැඩි තරමක් තද වැසිද ඇති විය හැක. බස්නාහිර සහ දකුණු පළාත්වල උදෑසන කාලයේදීත් වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටි. මේ අතර දෘශ්‍ය ලෙස සූර්යයා උතුරට ගමන් කිරීමේදී සූර්යයා, අප්‍රේල් මස 05 සිට 15 දක්වා දිනවලදී ශ්‍රී…

Read More