Author: LFN

මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුට අයත් බවට අනාවරණය වූ පෞද්ගලික බැංකු දෙකක පවත්වාගෙන ගිය ගිණුම් නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය විසින් තහනම් කර තිබේ. මෙලෙස බැංකු ගිණුම් අත්හිටුවා ඇත්තේ ගුණරත්න සුජිත් සිල්වා නොහොත් “හික්කඩුවේ ඉස්සෝ සුජි” නම් අන්වර්ථ නාමයෙන් හඳුන්වන පුද්ගලයෙකුගේ ගිණුම් දෙකකි. එම කොට්ඨාසය වැඩිදුරටත් පැවසුවේ අදාළ ගිණුම්වල රුපියල් කෝටි 05කට අධික මුදලක් තැන්පත් කර තිබූ බවය. විමර්ශනවලදී වැඩිදුරටත් අනාවරණය වී ඇත්තේ 2021 අප්‍රේල් මාසයේ සිට අගෝස්තු මාසය දක්වා මාස 4ක් වැනි ඉතා කෙටි කාලයකදී එම මුදල් බැංකු ගතව ඇති බවය. පොලීසිය පැවසුවේ අදාළ ගිණුම්, මත්ද්‍රව්‍ය චෝදනාවකට මේ වන විට ගාල්ල බන්ධනාගාරයේ රඳවා සිටින පානදුර නල්ලූරුව ප්‍රදේශයේ පදිංචි 50 හැවිරිදි පුද්ගලයෙකුගේ…

Read More

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ දකුණු පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. උතුරු පළාතේ වැසි වාර කිහිපයක් ඇතිවේ. දිවයිනේ සෙසු ප්‍රදේශවල විශේෂයෙන් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව දන්වා ඇත. බස්නාහිර සහ දකුණු වෙරළබඩ ප්‍රදේශවලත් මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම්වලත් විටින් විට හමන පැ.කි.මී. (40-45) ක පමණ තද සුළං ඇතිවිය හැක. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටි.

Read More

ගෙවුණු මැයි මුල සතියේ ඩෙංගු රෝගීන් 1,896 ක් මෙරටින් වාර්තා වී තිබේ. ඉන් වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී තිබුණේ බස්නාහිර පළාතෙන් වන අතර එය සමස්ථ රෝගීන්ගෙන් ප්‍රතිශතයක් ලෙස ගත් කළ සියයට 49 කි. ඩෙංගු රෝගීන් වාර්තා වූ දිස්ත්‍රික්ක දෙස අවධානය යොමු කිරිමේදී කොළඹ දිස්ත්‍රික්කයෙන් අප්‍රේල් අවසන් සතියේ රෝගීන් 329 දෙනෙකු වාර්තා වෙද්දී මැයි මස මුල් සතියේ රෝගීන් 405 ක් වාර්තා වී තිබේ. ගම්පහ දිස්ත්‍රික්කයෙන් අප්‍රේල් අවසන් සතියේ රෝගීන් 468 ක් වාර්තා වී ඇති අතර මැයිමුල් සතියේ ඩෙංගු රෝගීන් 394 ක් වාර්තා වී ඇත. කළුතර දිස්ත්‍රික්කයෙන්ද පෙර සතියට වඩා ගෙවුණු සතියේදී වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව ඉහළ ගොස් ඇති බව…

Read More

කළුතර ප්‍රදේශයේදී පාසල් සිසුවියක් අභිරහස් ලෙස මියගොස් සිටියදී සොයාගැනීමේ සිද්ධියට අදාළව පළාගොස් සිටින සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා පරීක්ෂණ කණ්ඩායම් කිහිපයක් මෙහෙයුම් ආරම්භ කර ඇති බව පොලීසිය පවසයි. අද පැවති මාධ්‍ය හමුවකදී එම සිදුවීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා මේ බව පැවසීය. එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා පැවසුවේ අදාළ සැකකරු මේ වනවිට හඳුනාගෙන ඇති බවය. එසේම අදාළ සැකකරු කළුතර ප්‍රදේශයේ පදිචි විවාහක අයෙකු බවත් අනාවරණය වී ඇති බව පොලීසිය වැඩිදුරටත් පවසයි. මේ අතර ඉදිරි අවශ්‍යතාවය අනුව සැකකරුට එරෙහිව විදෙස් ගමන් තහනමක් ලබාගැනීම සම්බන්ධයෙන් විමර්ශන නිලධාරීන් කටයුතු සිදුකරනු ඇති බවද ඒ මහතා වැඩිදුරටත්…

Read More

විදුලි ගාස්තුව සියයට 20කින් පහළ දැමිය යුතු බව ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසම පවසයි. එම කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා නිවේදනයක් නිකුත් කරමින් මේ බව පවසයි. එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ජනක රත්නායක මහතා පවසන්නේ ලංකා විදුලිබල මණ්ඩලය 2023 වසර සඳහා ඉදිරිපත් කළ විදුලි ඉල්ලුම පිළිබඳ දත්ත සත්‍ය ඉල්ලුමට වඩා අධි තක්සේරුගත ඇස්තමේන්තුවක් බවට ඔවුන් මේ වනවිට පිළිගෙන ඇති බවය. ඒ අනුව එම තක්සේරුව මුල්කරගනිමින් ලංකා විදුලිබල මණ්ඩලය පෙබරවාරි මාසයේදී ක්‍රියාවට නැංවූ සියයට 66ක විදුලි ගාස්තුව වැරදි තීරණයක් බවට එමගින් තහවුරු වී ඇති බව ද ජනක රත්නායක මහතා වැඩිදුරටත් පවසයි. අදාළ නිවේදනය පහතින්.

Read More

යුරෝපා සංගමයේ GSP+ තීරු බදු සහනයට අදාළ නව රෙගුලාසි හෙට (09) ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබේ. යුරෝපා සංගම් – ශ්‍රී ලංකා ඒකාබද්ධ කොමිසමේ 25වෙනි සැසි වාරයේදි නව රෙගුලාසි ප්‍රකාශයට පත් කිරීමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කළේය. එම සැසි වාරය හෙට විදේශ කටයුතු අමාත්‍යංශයේදී පැවැත්වේ. ඒ සඳහා යුරෝපා සංගමය නියෝජනය කරමින් එහි විදේශ ක්‍රියාකාරී සේවාවේ ආසියා පැසිෆික් කලාපීය නියෝජ්‍ය කළමණාකාර අධ්‍යක්ෂ පවෝලා පම්පලෝනි මහත්මිය සහභාගී වේ. විදේශ කටයුතු අමාත්‍යංශ ලේකම් අරුණි විජේතිලක මහත්මිය ශ්‍රී ලංකා නියෝජිත පිරිසේ ප්‍රධානත්වය දරණ බව අමාත්‍යංශය සඳහන් කළේය.

Read More

ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ 03න්වන ශ්‍රේණියට බඳවා ගැනීමට අදාළ තරග විභාගය සමත් අයදුම්කරුවන් සම්මුඛ පරීක්ෂණයට කැඳවන දින ප්‍රකාශ කර තිබෙනවා. ඒ අනුව, අදාළ සම්මුඛ පරීක්ෂණ මැයි 22 සිට ජුනි 01 දින දක්වා සිය අමාත්‍යංශයේදී පැවැත්වෙන බවයි අධ්‍යාපන අමාත්‍යංශය පැවසුවේ. ඒ පිළිබඳ වැඩිදුර තොරතුරු www.moe.gov.lk වෙබ් අඩවියේ ඇතුළත් බවද එම අමාත්‍යංශය සඳහන් කළා. ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ 03න් වන ශ්‍රේණියට බඳවා ගැනීමට අදාළ සීමිත තරග විභාගය 2019 පෙබරවාරි 10 වනදා පැවැත්වුණා.

Read More

මැතිවරණ කොමිෂන් සභාව ඇතුළු අනෙකුත් ස්වාධීන කොමිෂන් සභා හතර සඳහා නව සාමාජිකයන් ඉදිරි දින කිහිපයේදී පත්කර අවසන් කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාව බලාපොරොත්තුවෙන් සිටින බව පාර්ලිමේන්තු ආරංචි මාර්වලින් පැවසේ. මේ සම්බන්ධයෙන් අවසාන තීරණය ගැනීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාවේ විශේෂ රැස්වීමක් කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී හෙට ( 9) දහවල් 12.00 ට පැවැත්වීමට නියමිතය. කොමිෂන් සභා පත් කිරීම සම්බන්ධයෙන් අප කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ මැතිවරණ කොමිෂන් සභාව ඇතුළු සෙසු කොමිෂන් සභා පත් කිරීම ප්‍රමාද කිරීම නිශ්ඵල ක්‍රියාවක් බවයි. එම කොමිෂන් සභා හැකි ඉක්මනින් පත්කර අවසන් කිරීමට බලාපොරොත්තු වන බවද හෙතෙම සඳහන් කළේය. ස්වාධීන කොමිෂන්…

Read More

“ඔබට ගෙයක් – රටට හෙටක්” නිවාස ආධාර ව්‍යාපෘතියේ වැඩ අවසන් නොවූ නිවාසවල වැඩ යළි ආරම්භ කිරීමට මහා භාණ්ඩාගාරය විසින් ජාතික නිවාස සංවර්ධන අධිකාරියට රුපියල් මිලියන 751ක මුදලක් ලබාදී තිබේ. ප්‍රමාණවත් මූල්‍ය ප්‍රතිපාදන නොමැතිකමින් එම නිවාස ව්‍යාපෘතිය මාස හතරකට ආසන්න කාලයක් නතරවී තිබුණි. නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා රජයෙන් කළ ඉල්ලීමකට අනුව මහා භාණ්ඩාගාරය විසින් එම මුලද ලබාදී දුන් බව අමාත්‍යවරයාගේ මාධ්‍ය ඒකකය නිවේදනය කරයි. ජාතික නිවාස සංවර්ධන අධිකාරිය පවසන්නේ අදාළ මුදලින් “ඔබට ගෙයක් – රටට හෙටක්” නිවාස ආධාර ව්‍යාපෘතිය යටතේ වැඩ ආරම්භ කර මේ වනවිට නතරවී ඇති නිවාස 2,265ක ඉදිකිරීම් කටයුතු කඩිනමින් ආරම්භ කිරීමට කටයුතු කරන බවය.…

Read More

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීමේ කටයුතු මෙම සතිය තුළ සාමාන්‍ය තත්වයට පත්වනු ඇති බව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය පවසයි. එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ, එක් එක් විෂයන් හි පිළිතුරු පත්‍ර ඇගයීමේ කටයුතු සඳහා අවශ්‍ය විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ට විභාග දෙපාර්තමේන්තුව විසින් අදාළ දැනුම්දීම් මේ වන විට සිදුකර ඇති බවය. එම අචාර්යවරුන්ගේ අන්‍යතාව හෙළි නොකිරීම සාමාන්‍ය සම්ප්‍රදාය වන බැවින් ඒ සඳහා සහභාගී වන්නන් හෝ ඒ පිළිබඳ තොරතුරු ප්‍රකාශයට පත් නොකරන බව එම ප්‍රකාශකයා සඳහන් කළේය. කෙසේවෙතත් අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීමේ කාර්යයට අවශ්‍ය වන විශ්වවිද්‍යාල ගුරුවරුන් විභාග දෙපාර්තමේන්තුවේ සම්බන්ධීකරණය හරහා අදාළ කටයුතු මේ වන…

Read More