Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    අගමැති හරිනි ලන්ඩනයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් හමුවෙයි

    May 21, 2026

    අයිස් කිලෝ 39ක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට

    May 21, 2026

    සිසිල් බීම වෙනුවට රත්වෙන පානයක් දෙන්න දන්සැල් සංවිධායකයින්ගෙන් ඉල්ලීමක්

    May 21, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Hot News»ඩෙංගු රෝගීන් නොසිතූ ලෙස ඉහළට
    Hot News

    ඩෙංගු රෝගීන් නොසිතූ ලෙස ඉහළට

    By LFNMay 9, 2023No Comments1 Min Read276 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ගෙවුණු මැයි මුල සතියේ ඩෙංගු රෝගීන් 1,896 ක් මෙරටින් වාර්තා වී තිබේ.

    ඉන් වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී තිබුණේ බස්නාහිර පළාතෙන් වන අතර එය සමස්ථ රෝගීන්ගෙන් ප්‍රතිශතයක් ලෙස ගත් කළ සියයට 49 කි.

    ඩෙංගු රෝගීන් වාර්තා වූ දිස්ත්‍රික්ක දෙස අවධානය යොමු කිරිමේදී කොළඹ දිස්ත්‍රික්කයෙන් අප්‍රේල් අවසන් සතියේ රෝගීන් 329 දෙනෙකු වාර්තා වෙද්දී මැයි මස මුල් සතියේ රෝගීන් 405 ක් වාර්තා වී තිබේ.

    ගම්පහ දිස්ත්‍රික්කයෙන් අප්‍රේල් අවසන් සතියේ රෝගීන් 468 ක් වාර්තා වී ඇති අතර මැයිමුල් සතියේ ඩෙංගු රෝගීන් 394 ක් වාර්තා වී ඇත.

    කළුතර දිස්ත්‍රික්කයෙන්ද පෙර සතියට වඩා ගෙවුණු සතියේදී වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේය

    දිවයිනේ සෙසු දිස්ත්‍රික්කවලින්ද වාර්තා වූ ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව අප්‍රේල් අග සතියට සාපේක්ෂව මැයි මුල් සතියේදී ඉහළ ගොස් ඇති ආකාරය දක්නට ලැබේ.

    සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසන්නේ ඩෙංගු මදුරු ව්‍යාප්තිය වැළැක්වීම සඳහා ජනතාව සිය නිවාස සහ රාජකාරී ආයතන පරිශ්‍ර පිරිසිදුව තබාගැනීමට වගබලා ගත යුතු බවය.

    ඩෙංගු අවදානම තවදුරටත් ඉහළ යමින් පවතින අතර විශේෂඥයින් දැනට අනාවරණ කරගෙන ඇති ආකාරයට මේ දිනවල වැඩිම රෝගීන් ප්‍රමාණයක් වාර්තා වන්නේ ඩෙංගු 2 සහ 3 යන ප්‍රභේදවලිනි.

    ඒ අතරින් ඩෙංගු 3 ප්‍රභේදයෙන් රෝගීන් වාර්තා වන්නේ වසර 14 කට පසුව බව සෞඛ්‍ය අමාත්‍යාංශය ඊයේ (08) අනාවරණ කළේය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ලොව සුප්‍රකට Mein Schiff 6 සුඛෝපභෝගී නෞකාව ප්‍රථම වරට ලංකාවට

    May 21, 2026

    සීදූවේ පාළු නිවසක ගමන් බෑගයක තිබූ කාන්තා නිරුවත් මළසිරුරක් සොයාගනී

    May 21, 2026

    ඉබෝලා වසංගතය ගැන සෞඛ්‍ය අමාත්‍යංශයෙන් විශේෂ නිවේදනයක්

    May 20, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,440 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,392 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,597 Views
    Don't Miss

    අගමැති හරිනි ලන්ඩනයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් හමුවෙයි

    May 21, 202601 Views

    අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය එක්සත් රාජධානියේ නිල සංචාරය අතරතුර ලන්ඩන් නුවරදී එරට වෙසෙන ශ්‍රී ලාංකිකයින්…

    අයිස් කිලෝ 39ක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට

    May 21, 2026

    සිසිල් බීම වෙනුවට රත්වෙන පානයක් දෙන්න දන්සැල් සංවිධායකයින්ගෙන් ඉල්ලීමක්

    May 21, 2026

    පදිංචියට සුදුසු රටවල් අතර ශ්‍රී ලංකාවට 4 වැනි ස්ථානය

    May 21, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.