Author: LFN

වෙසක් පුර පසළොස්වක පොහොය දිනය වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් සිරකරුවන් හට විශේෂ සමාවක් පිරිනමා තිබේ. බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34 වන වගන්තිය ප්‍රකාරව ජනාධිපතිවරයා වෙත පැවරී ඇති බලතල අනුව මෙම විශේෂ රාජ්‍ය සමාව ලබාදීමට නියමිත බවය. ඒ අනුව අපරාධමය වැරදි නොවන පිරිමි සිරකරුවන් 982 ක් සහ ගැහැණු සිරකාරියන් 06ක් ද ඇතුලුව පුද්ගලයින් 988 දෙනෙකු දිවයිනේ සෑම බන්ධනාගාර යක් ම ආවරණය වන පරිදි නිදහස් වීමට නියමිතව ඇත. ඊට අමතරව පොහෝ දිනය වෙනුවෙන් බන්ධනාගාරගත සිරකරුවන් හට අමුත්තන් බැලීම සඳහා විශේෂ අවස්ථාවක් ද ලබා දී තිබේ. ඒ අනුව බන්ධනාගාර දෙපාර්තමේන්තුව සදහන් කළේ අද සහ හෙට දින දෙක තුළ සිරකරුවන් සඳහා…

Read More

දිවයිනේ සියලු වෙසක් කලාප ආශ්‍රිත ප්‍රදේශ සහ විශේෂ පුජනීය ස්ථාන ආවරණය වන පරිදි විශේෂ බස් රථ සේවාවක් අද සිට ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන ඇති බව ලංකා ගමනා ගමන මණ්ඩලය පවසයි. එහි සභාපති ලලිත් ද සිල්වා මහතා පැවසුවේ වෙසක් සතිය තුළ උදෑසන 6 සිට මධ්‍යම රාත්‍රී 12 දක්වා මෙම ප්‍රවාහන සේවාව ක්‍රියාත්මක බවය. එමෙන්ම වෙසක් පොහොය නිමිත්තෙන් විශේෂ දුම්රිය කිහිපයක් ද ධාවනයට එක් කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව සැළසුම් කර ඇති බව දුම්රිය නියෝජ්‍ය සාමානාධිකාරී එම්. ජේ ඉදිපොලගේ මහතා සඳහන් කළේය. වෙසක් උත්සවයට සමගාමීව විහාරස්ථාන, වෙසක් කලාප ඇතුළු විවිධ ආගමික වැඩසටහන් සිදුකරන ස්ථාන ආශ්‍රිතව විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව…

Read More

යාපනයේ කාබනික පොහොර ආශ්‍රයෙන් වගාකෙරුනු ඇඹුල් කෙසෙල් කිලෝ 25,000 ක් සතියකට වරක් ඩුබායි වෙතට යැවීමට පියවර ගෙන ඇතැයි කෘෂිකර්ම අමාත්‍යංශය විසින් පෙන්වා දෙයි. එහි පළමු පියවරට මෙම සතියේදී ඇඹුල් කෙසේ කිලෝ 10,000 ක් ඩුබායි වෙතට යැවීම සඳහා සූදානම් කිරීම මේ දිනවල යාපනය නිලාවරෙයි මංසන්ධියේ පිහිටි කෘෂිකර්ම අමාත්‍යංශයට අයත් කෘෂි නවීකරණ ව්‍යාපෘති කාර්යාලයේදී ආරම්‍භ කොට ඇත. මේ සඳහා යාපනයේ කෙසෙල් ගොවීන් 700 ක් පමණ සාමාජිකත්වය ලබාගෙන ඔවුන්ගේ කාබනික ඇඹුල් කෙසෙල් අස්වැන්න මෙම ව්‍යාපෘතිය සඳහා සම්බන්ධ වී රටට විදෙස් විනිමය ලබාගනු ඇතැයි අපේක්ෂා කෙරෙයි. මේ අනුව ඩුබායි වෙතට යැවීම සඳහා රාජාංගනය ප්‍රදේශයෙන්ද කාබනික ඇඹුල් කෙසෙල් ඩුබායි වෙතට යැවීමට පියවර ගෙන ඇති අතර…

Read More

අයර්ලන්තයට එරෙහිව පැවති ටෙස්ට් තරගාවලියේදී දැක්වූ දක්ෂතා සමඟ ශ්‍රී ලංකා සුපිරි දඟ පන්දු යවන ක්‍රීඩක ප්‍රභාත් ජයසූරිය ICC ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියට පැමිණ තිබේ. ඒ අනුව ඔහුට ICC ටෙස්ට් පන්දු යවන්නන්ගේ ලැයිස්තුවේ 13 වන ස්ථානයට පත්ව තිබේ. ප්‍රසාද ලකුණු 721ක් ලබාගනිමින් ඔහු ස්ථාන 06ක් ඉදිරියට පැමිණීමට සමත්ව තිබේ. මේ අතර රමේෂ් මෙන්ඩිස් ද එහි ප්‍රසාද ලකුණු 626ක් හිමිකරගෙන ස්ථාන 10ක් ඉදිරියට පැමිණ 22 වන ස්ථානයේ රැඳී සිටී.

Read More

වෙසක් පුර පසළොස්වක පෝය අදට(05) යෙදී තිබෙනවා. ලොව්තුරු අමාමෑණි බුදු පියාණන් වහන්සේගේ තෙමඟුල අද වැනි වෙසක් පොහොය දිනක සිදුවීම ලෝකවාසි බෞද්ධ ජනතාව සමරන්නේ මහත් හරසරින්. ආමිෂ හා ප්‍රතිපත්ති පූජාවන්ට මුල්තැන දෙමින් බෞද්ධ ජනතාව වෙසක් දිනය සමරන්නේ මහත් බැතියෙන්. සිද්ධර්ථ කුමරුගේ උපත, බෝධිසත්වයන් වහන්සේගේ බුදුවීම හා පිරිනිවන් පෑම වෙසක් දින සිදු වූ සුවිශේෂී සිදුවීම ලෙස හදුන්වා දෙන්න පුලුවන්. බුදු හිමියෝ බුද්ධත්වයෙන් අටවන වර්ෂයේ මණිඅක්ඛිත නා රජුගේ ආරාධනයෙන් කැලණියට වැඩම කරවන ලද්දේ අදවන් වෙසක් ‍පොහෝ දිනක වීම විශේෂත්වයක්. එම ගමනේදී සමනළ කඳු මුදුනට වැඩම කළ බුදු හිමියෝ සිරිපා සටහන එහි තැබූ අතර එය සිහිපත් කරමින් කෙරෙන සිරිපා සමය නිමවන්නේ ද වෙසක් පුර…

Read More

ශ්‍රී ලංකා මහ බැංකු පනත් කෙටුම්පත දෙවනවර කියවීමේ විවාදය ලබන 11 වන බ්‍රහස්පතින්දා පැවැත්වීමට නියමිත බව පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා පැවසීය. පසුගියදා (28) කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී මේ බව තීරණය වී ඇත. මේ අනුව පාර්ලිමේන්තුව මැයි 9 සිට 12 වනදා දක්වා රැස්වීමට නියමිත අතර වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා මැයි 9 වනදා පමණක් පෙ.ව 9.30 – පෙ.ව 10.30 කාලය වෙන්කර තිබේ. මැයි 9 වන අඟහරුවාදා පෙ.ව 10.30 සිට ප.ව 5.00 දක්වා, අපනයන සංවර්ධන පනත යටතේ සෙස් බද්දට අදාළ නියෝග, වරාය සහ ගුවන් තොටුපොළ සංවර්ධන බදු පනත යටතේ නියෝගයක්, විශේෂ වෙළෙඳ…

Read More

මෙරට නිල විදේශ වත්කම් සංචිතය අප්‍රේල් මස අවසානයේදී අමෙරිකානු ඩොලර් බිලියන 2.75 දක්වා මාර්තු මාසයට සාපේක්ෂව 2.2%කින් වර්ධනය වී තිබේ. මාර්තු මාසයේ විදේශ මුදල් සංචිතය සටහන් වුයේ අමෙරිකානු ඩොලර් බිලියන 2.69ක් ලෙසය. මෙම වත්කම් සංචිතයට භාවිතය සඳහා චීන මහජන බැංකුව විසින් විනිමය හුවමාරු ක්‍රමයට ලබාදුන් ඩොලර් බිලියන 1.4ක්ද ඇතුළත් බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

Read More

නිත්‍යානුකූල ලෙස අත්අඩංගුවට ගැනීමට නියමිත පුද්ගලයින් අධිකරණය හමුවට පැමිණ එය වළක්වා ගැනීම සඳහා ඉල්ලීම් ඉදිරිපත් කිරීම නව ප්‍රවණතාවයක් බවට පත්වී ඇති බවත් ඒ තුළින් අපරාධ විමර්ශන ක්‍රියාදාමයට බාධා එල්ලවී තිබෙන බවත් නීතිපතිවරයා අභියාචනාධිකරණය හමුවේ ප්‍රකාශ කර තිබේ. තමන්ව අත්අඩංගුවට ගැනීම සඳහා නිකුත් කර තිබෙන වරෙන්තුව බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ජාතික පශු සම්පත් මණ්ඩලයේ පොළොන්නරුව ගොවිපොළේ වැඩබලන කළමනාකාරවරයා විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සමක් සලකාබැලීම සඳහා කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් සුහර්ෂි හේරත් මහත්මිය මේ බව සඳහන් කර තිබුණි. අත්අඩංගුවට ගැනීමේ ක්‍රියාවලිය නීතිවිරෝධී නම් ඊට එරෙහිව ගත හැකි නීතිමය ප්‍රතිකර්ම රැසක් තිබෙන බවත් ඒවා අනුගමනය…

Read More

ප්‍රවීණ රංගන ශිල්පී ඥාණාංග ගුණවර්ධන මහතා කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ (04) අභාවප්‍රාප්තවී තිබේ. මියයන විට ඔහුගේ වයස අවුරුදු 78කි. පරාක්‍රම ද සිල්වාගේ ‘හෙවනැලි ඇද මිනිස්සු’ චිත්‍රපටයෙන් සිනමාවට පිවිසි ඒ මහතා චිත්‍රපට හා ටෙලිනාට්‍ය රැසකට සිය රංගන දායකත්වය ලබාදී තිබුණි. ඒ මහතාගේ දේහය (5) පෙරවරු 8.30 සිට බොරැල්ලේ පෞද්ගලික මල්ශාලාවක තැන්පත් කර තිබෙන අතර අවසන් කටයුතු බොරැල්ල සුසාන භූමියේදී සෙනසුරාදා (06) පස්වරු 3.00 ට සිදුකිරීමට නියමිතය.

Read More

‘ඩෙංගු ත්‍රී’ වෛරස් ප්‍රභේදයේ රෝගීන් වාර්තාවීමේ ශීඝ්‍ර වර්ධනයක් මේ වනවිට දක්නට ලැබෙන අතර ඩෙංගු වළක්වා ගැනීමේ පූර්ව ආරක්ෂණ පියවර වෙත යොමුවීම වැදගත් බව අසාත්මිකතා, ප්‍රතිශක්ති විද්‍යා, සෛල ජෛව විද්‍යා ආයතනයේ මහාචාර්ය චන්දිම ජීවන්දර මහතා පවසයි. මේ අතර රජයේ ආයුර්වේද වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පෙන්වා දෙන්නේ ප්‍රතිශක්තිය වර්ධනය කරගැනීමට කටයුතු කිරීම ඩෙංගු ආසාදනය වළක්වාගැනීම සඳහා ඉවහල් වන බවය. ඩෙංගු වන්, ටූ, ත්‍රී සහ ෆෝ යන කාණ්ඩ හතරෙන් මේ වන විට වැඩි ව්‍යාප්තියට බලපා තිබෙන්නේ ‘ඩෙංගු ත්‍රී’ නම් වෛරස් කාණ්ඩයේය. එහි ව්‍යාප්තියේ ප්‍රතිඵලයක් ලෙස 2023 වසරේ අද දිනය දක්වා වාර්තා වී තිබෙන ඩෙංගු රෝගීන් ගණන 30,772 කි. පසුගිය වසරේ අප්‍රේල් මාසය තුළදී පමණක්…

Read More