Author: LFN

උතුරු – නැගෙනහිර අර්බුදය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සමඟ සාකච්ඡාවකට දෙමළ ජාතික සන්ධානය කැඳවා තිබේ. අද (09) දිනය තුළ ඒ සඳහා දෙමළ ජාතික සන්ධානයට ආරාධනා ලැබී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ සුමන්තිරන් මහතා පැවසුවේය. ඒ සම්බන්ධයෙන් පූර්ව සාකච්ඡාවක් ඊයේ (08) පස්වරුවේ දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් මහතාගේ නිවසේ පවත්වා තිබේ. ඒ සඳහා දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් වන සිවඥානම් ශ්‍රීධරන්, ශානක්‍යන් රාසමානික්කම් ඇතුළු පිරිසක් සහභාගී වූ බව එම්.ඒ සුමන්තිරන් මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය.

Read More

රජයේ රෝහල්වල ගෙවන වාට්ටු පහසුකම හඳුන්වා දීම සඳහා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ. ශ්‍රී ලාංකික පුරවැසියන්ට මෙන්ම විදේශීකයින්ට ද රජයේ රෝහල්වල ගෙවන වාට්ටු පහසුකම් සැලසීම සඳහා අවශ්‍ය පියවර ගැනීමට සෞඛ්‍ය අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇත. අද (09) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව අමතමින් කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා මේ බව ප්‍රකාශ කළේය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා පැවසුවේ අදාළ ගෙවීම් සම්බන්ධයෙන් යම් යම් සංශෝධන සිදුකිරීමට නියමිත බවය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් 2023 වර්ෂය සඳහා අයවැය ඉදිරිපත් කරමින් දීපව්‍යාප්තව රජයේ රෝහල් තුළ ගෙවන වාට්ටු පහසුකම් පුළුල් කිරීම සම්බන්ධයෙන් ඉදිරිපත් කරන ලද යෝජනාව…

Read More

අභිරහස් ලෙස මිය ගිය කළුතර පාසල් සිසුවියගේ මරණය සම්බන්ධයෙන් ප්‍රධාන සැකකරු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ, කළුතර ඉසුරු උයනේ පදිංචි ධනුෂ්ක ගයාන් සහබන්දු නමැති 29 හැවිරිදි පුද්ගලයෙකි. සැකකරු ගාල්ල ප්‍රදේශයේ සැඟව සිටින බවට කළුතර මූලස්ථාන පොලිස් පරීක්ෂක රුවන් විජේසිංහ මහතාට ලද තොරතුරක් මත අපරාධ අංශ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ධම්ම්ක සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් අපරාධ අංශ නිලධාරීන් පිරිසක් හික්කඩුව ප්‍රදේශයේ දී වැටලීම කර තිබේ. ඒ අනුව සැකකරුව අත්අඩංගුවට ගැනීමට හැකිව තිබෙන අතර, කළුතර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර රැඳවුම් නියෝග ලබාගැනීමට නියමිත බව වාර්තා වේ. මියගිය පාසල් සිසුවිය තවත් තරුණයින් දෙදෙනකු සහ තරුණියක් සමඟ ප්‍රදේශයේ හෝටලයකට පසුගිය 06 වනදා…

Read More

රටේ උද්ධමනය සියයට 50.3% සිට 35.3% තෙක් අඩු වී තිබෙන නමුත් ආණ්ඩුව දෙන සහන ඒ විදියටම ජනතාව අතරට නොයන්නේ වෙළෙඳ මාෆියාව නිසා බවද නවීන් දිසානායක මහතා කීය. “ආහාර උද්ධමනය සියයට 43 සිට 32% දක්වා අඩුවෙලා තිබෙනවා. ජනතාව අපෙන් අහන්නට පුළුවන් ,මේ ලැබෙන ප්‍රතිලාභ නිසි විදිහට ජනතාවට ලැබෙන්නේ නැත්තේ ඇයි කියලා. පාරිභෝගික සේවා අධිකාරියේ සෑහෙන දුර්වලතාවයක් අපට පෙනෙන්නට තිබෙනවා. පක්ෂයක් විදිහට අපි පාරිභෝගික සේවා අධිකාරිය මීට වඩා මෙහෙයක් මේ මොහොතේ සිදු කළ යුතු යැයි අපේක්ෂා කරනවා. පාරිභෝගික සේවා අධිකාරිය වැටලීම් වල ප්‍රමාණය ඉහළ දැමීම සහ වැටලීම් සිදුකරන ආකාරය සම්බන්ධව එතරම් පැහැදීමක් අප⁣ට වගේම රටේ ජනතාවට නැහැ යනුවෙන් ද දිසානායක මහතා පැවසීය.

Read More

පක්ෂයේ තීරණ වලට එරෙහිව කටයුතු කිරීම හේතුවෙන් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ. එච්. එම්. ෆවුසි මහතාගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමට එම පක්ෂය තීරණය කර තිබේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය පහසුකම ලබාදීම පිළිබඳ යෝජනාවට පක්ෂව ඡන්දය පාවිච්චි කිරිම ඇතුළු කරුණු මුල්කර ගනිමින් මන්ත්‍රීවරයාට එරෙහිව ඊයේ(8)පස්වරුවේ රැස්වූ සමගි ජන බලවේගය බලවේගයේ කෘත්‍යාධිකාරි මණ්ඩලය විසින් මෙම තීරණය ගනු ලැබීය. එමෙන්ම මේ සම්බන්ධයෙන් අවශ්‍ය කටයුතු කිරීමට පක්ෂයේ විනය මණ්ඩලයට පැවරීමටත් පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය තීරණය කෙරිණ. සමගි ජනබලවේගයේ කොළඹ නගරාධිපති අපේක්ෂක ලෙස ඉදිරිපත් වීම හේතුවෙන් මුජුබර් රහුමාන් මහතා සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉවත් වීමෙන් පුරප්පාඩු මන්ත්‍රි ධුරය සඳහා ෆවුසි මහතා තේරී පත් විය.

Read More

මෙරට විදුලිබල සහ බලශක්ති ක්ෂේත්‍රයේ ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙල වෙනුවෙන් අවශ්‍ය තාක්ෂණික සහය ලබාදීමට අමෙරිකාව එකඟතාව පළ කර තිබෙනවා. ඒ සඳහා එක්සත් ජනපද, ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිතායතනය එකඟතාව පළ කළ බවයි විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පැවසුවා. විදුලිබල මණ්ඩලයේ ප්‍රතිව්‍යුහගත කිරීමට අදාලව, නව පනත සම්මත කිරීමෙන් පසු එහි ඉදිරි වැඩපිළිවෙල සඳහා අවශ්‍ය මාර්ග සැලසුම සකස් කිරීමට සහ අවශ්‍ය තාක්ෂණික සහය ලබා දීම සදහා වූ කටයුතු ඉදිරි සති 8 තුල සිදු කරන බවයි එම නියෝජිත ආයතනය පවසා ඇත්තේ. ඒ, මෙරටට පැමිණ සිටින බලශක්ති උපදේශක අරින්දම් ගෝෂ් ඇතුළු එම නියෝජිත ආයතනයේ කණ්ඩායම සමග විදුලි බල හා බලශක්ති අමාත්‍යවරයා ඊයේ…

Read More

මෙම වසරේ තමන් සහභාගී වූ පළමු තරඟයේ ප්‍රථම ස්ථානය හිමි කර ගැනීමට ශ්‍රී ලංකා කෙටි දුර ධාවන ශූර යුපුන් අබේකෝන් සමත් වී තිබෙනවා. එම තරඟය පැවැත්වුණේ ඉතාලියේදීයි. එහිදී් ෆිරෙන්ස් ස්ප්‍රින්ට් ෆෙස්ටිවල් ජාත්‍යන්තර මළල ක්‍රීඩා උළෙලේ පිරිමි මීටර් 200 ඉසව්වේ පළමු ස්ථානය යුපුන් දිනාගනු ලැබුවා. එම ඉසව්වේදී ඔහු තරඟ වැදුනේ 5වන මන්තීරුවේයි. ආරම්භයේ සිටම සාර්ථක ධාවනයේ යෙදුණු යුපුන්ට ප්‍රථම ස්ථානය හිමි කර ගැනීමට ගත වූ කාලය තත්පර 20යි දශම 6යි 0ක්.

Read More

ජාතික රණවිරු සැමරුම් උත්සවය මෙවර අභිමානවත්ව පැවැත්වීමට සැළසුම් කර තිබේ. ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සහ ජනාධිපති කාර්යමණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් ඒ පිළිබඳ මූලික සාකච්ඡාවක් ඊයේ පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්වුණි. ඒ අනුව අදාළ උත්සවය මේ මස 19වන දා බත්තරමුල්ල රණවිරු ස්මාරකය අභියසදී පැවැත්වීමට නියමිතය. ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන ජාතික රණවිරු සැමරුම් උත්සවය සඳහා මැති ඇමතිවරුන්, ආරක්ෂක අංශ ප්‍රධානීන් මෙන්ම යුද්ධයේදී දිවි පිදූ රණවිරු පවුල්වල ඥාතීන් ඇතුළු පිරිසක් සහභාගී වන බවය.

Read More

එළැඹෙන ජනාධිපතිවරණය සඳහා සමගි ජන බලවේගය විසින් අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමට තීරණය කර තිබේ. එම පක්ෂයේ ඊයේ (08) පැවති කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී මෙම තීරණය ගෙන ඇත. එසේම ඔහුගේ ජයග්‍රහණය තහවුරු කිරීම සඳහා සමගි ජන බලවේගය ප්‍රමුඛ පුළුල් සන්ධානයක් ගොඩනැගීමටත් ඒ සඳහා විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාට බලය පැවරීමටත් එහිදී තීරණය කර තිබේ. මේ අතර පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල තීරණවලට එරෙහිව වන ඕනෑම අයෙකුට එරෙහිව වින ක්‍රියාමාර්ග ගැනීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට බලය පැවරීමට ද එහිදී තීරණය කර ඇත.

Read More

ශ්‍රීලන්කන් ගුවන් සේවයේ කොටස් විකිණීමට අදාළව ඉදිරි මාස කිහිපය තුළ අයදුම්පත් කැඳවන බව එක්සත් අරාබි එමීරයේ, කලීජ් ටයිම්ස් පුවත්පතට සම්මුඛ සාකච්ඡාවක් ලබාදෙමින් එහි ප්‍රධාන විධායක නිලධාරී රිචඩ් නටෝල් මහතා සඳහන් කර තිබේ. තෝරාගත් රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගතකරණ වැඩපිළිවෙළ යටතේ ශ්‍රීලන්කන් ගුවන් සේවයද ප්‍රතිව්‍යුහගතකරණය කෙරෙන බව රජය පසුගිය වසරේ නොවැම්බර් මසදී අනාවරණ කළේය. මෙහිදී ඉන්දියාවේ ටාටා සමූහය ශ්‍රීලන්කන් ගුවන් සේවයේ බහුතර කොටස් මිලදී ගැනීම පිළිබඳ උනන්දුවක් දක්වන බවට වාර්තා ලැබී ඇති බව කලීජ් ටයිම්ස් වාර්තාවේ සඳහන් වේ. ටාටා සමූහය ශ්‍රීලන්කන් ගුවන්සේවය මිලදී ගැනීමට උනන්දුවක් දක්වන බවට පළවන වාර්තා සම්බන්ධයෙන් අදහස් දැක්වූ රිචඩ් නටෝල් ප්‍රකාශ කළේ ශ්‍රී ලංකාවේ පිහිටීම සහ ගුවන් සේවය ඉන්දියාවට…

Read More