Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LFN
ණය ගන්න බය වෙන්න එපා යැයිද ණය නොගෙවනවා නම් බය වෙන්නැයි ද එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබෙිවර්ධන මහතා පැවසීය. ගත් ණය නියමාකාරයට ආයෝජනය කළහොත් අවුරුදු 15 ක් 20 ක් යනවිට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කරන ආකාරයට ශ්‍රී ලංකාව පොහොසත් රටක් බවට පත්වෙන බවද අබෙිවර්ධන මහතා කීය . ගෙවී ගිය සිංහල, දෙමළ අලුත් අවුරුද්ද වසර 3ක ට පසු නැවතත් ජාතික උත්සවයක් ලෙස සමරන්නට ශ්‍රී ලංකික මහජනතාවට හැකි වීම වාසනාවක් බවද අබෙිවර්ධන මහතා කීය .නමුත් එය ඉබේ සිදුවුණා යැයි කවුහරුන් හෝ හිතනවා නම් එය වැරදි බවද සාර්ථකත්වයට ප්‍රධානම කාරණය රනිල් වික්‍රමසිංහ නැමැති ජාතික නායකත්වය රට බාරගැනීම යැයිද පිටකෝට්ටෙි සිරිකොත එජාප…
උත්තර පත්‍ර පරීක්ෂා කිරීමේ කටයුතු සඳහා විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ද හැකි ඉක්මණින් අවතීර්ණ වනු ඇතැයි තමන් විශ්වාස කරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා පවසයි. කොළඹ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඔහු වැඩිදුටත් පවසා සිටියේ, මේ වනවිට මහාචාර්යවරුන්ට උත්තරපත්‍ර පරීක්ෂාව සඳහා 90%කට වඩා වැඩි ප්‍රමාණයකින් දීමනා වැඩිකර ඇති බවය. මේ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා, “ගුරු සංගම් එක්ක සාකච්ඡා කරලා, මීට මාස 2කට කලින් ඒ අයගේ දීමනා වැඩිකරන්න. සංයුක්ත දීමනාව වැඩි කළා අපි රු 2000කින් ඒ අයට කිලෝ මීටර් 80කට වැඩි අයට රු 2,900කින් වැඩි කළා. විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ටත් මහාචාර්යවරුන්ටත් උත්තර පත්‍ර පරීක්ෂා කරන කටයුත්තේ දී ඒ අයට ලැබුණු සංඛ්‍යාවට වඩා 90%කට වැඩි…
අවුරුදු නෑගම් ගොස් යළි නිවස කරා පැමිණෙමින් සිටි එකම පවුලේ පිරිසක් රැගත් ත්‍රීරෝද රථයක් හෝමාගම ගොඩගම හංදිය ආසන්නයේදී අනතුරට ලක්වීමෙන් අවුරුදු තුන හමාරක් වයසැති දරුවෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ. අද (18) අලුයම 1.30ට පමණ අදාළ ත්‍රීරෝද රථය ඉදිරියෙන් ගමන්ගත් ත්‍රීරෝද රථයකට ඉස්සර කිරීමට යෑමේ දී විරුද්ධ දිශාවෙන් පැමිණි තවත් ත්‍රීරෝද රථයක ගැටී පෙරළී යෑමෙන් අනතුර සිදුව ඇත. අනතුරින් මියගොස් ඇත්තේ, මාදුලාව ප්‍රදේශයේ පදිංචිව සිටි අබිරු කේසර නමැති කුඩා දරුවෙකි. මියගිය දරුවාගේ මව, පියා සහ සහෝදරයෙකු බරපතළ තුවාල ලබා හෝමාගම මූලික රෝහල වෙත ඇතුළත් කර ඇත. ජීවිතක්ෂයට පත්වූ දරුවා සිය මව්පියන් සමග කිරුපන ප්‍රදේශයේ ඥාති නිවසකට අවුරුදු නෑගම් ගොස් යළි නිවස බලා…
පාසල් නිවාඩුව අවසන් වීමෙන් පසු කාලය තුළ දරුවන් අතර පාචනය සුලබව දක්නට ලැබෙන බැවින් එමගින් ඇතිවන විජලනය වළක්වා ගැනීම සඳහා මව්පියන් අවධානයෙන් සිටිය යුතු බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි. මාධ්‍ය සමග අදහස් දක්වමින් කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා මේ බව අවධාරණය කළේය. එම රෝගී තත්ත්වයන්ගෙන් දරුවන් මුදවා ගැනීම සඳහා ස්වභාවික දියර වර්ග සහ පලතුරු යුෂ වැඩි වශයෙන් දරුවන්ට බීමට ලබා දෙන ලෙසට ද වෛද්‍යවරයා පැවසීය. “සෑම පාසල් නිවාඩුවක් අවසන් වෙනවාත් සමගම පාචනය තිබෙන දරුවන්ගේ වැඩි වීමක් දක්නට ලැබෙනවා. නිවාඩු කාලයේ තැන තැන ඇවිදින්න යනවා දකින දකින දේ කනවා. උණ, වමනය, බඩ රිදුම සහ බඩ එලියේ…
සුබසාධන ප්‍රතිලාභ පනතේ විධිවිධාන අනුව සුබසාධක ප්‍රතිලාභ ගෙවීම් යෝජනා ක්‍රමයක් පිළියෙල කර ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ. මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කළ මෙම යෝජනාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිවූ බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි. අද (18) කොළඹ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැම්දීමේ මාධ්‍ය හමුවේදී අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය. 2002 අංක 24 දරණ සුභසාධන ප්‍රතිලාභ පනතේ විධිවිධාන ප්‍රකාරව, *සුබසාධක ප්‍රතිලාභ ලබන්නන්ගේ මුළු සංඛ්‍යාව *ක්‍රියාත්මක කිරීම ආරම්භ වන දිනය *යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කිරීමට වැය වන පිරිවැය…යන කරුණු නිශ්චිතව සඳහන් කර ඒ සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබාගැනීමෙන් අනතුරුව, ගැසට් පත්‍රයේ…
කොළඹ ගෝල්ෆේස්හි මින් ඉදිරියට සංගීත සංදර්ශන සහ දේශපාලන රැස්වීම් පැවැත්වීමට අවසර නොදීමට කැබිනට් මණ්ඩලය අද(18) තීරණය කළා. ආගමික උත්සව පැවැත්වීම සදහා පමණක් අවසර දෙන බවයි අමාත්‍ය බන්දුල ගුණවර්ධන කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී පැවසුවේ. මේ අනුව ජනතාවට නිදහසේ කාලය ගත කිරීම සදහා පමණක් ගෝල්ෆේස් බිම වෙන් කරන්නටයි රජය තීරණය කර ඇත්තේ
අනුප්‍රාප්තික ජනාධිපතිවරයාට වසර හතරකින් පසුව ජනාධිපතිවරණයක් කැඳවීමට නොහැකි අතර එසේ කිරීමට නම් ඒ සඳහා යෝජනාවක් පාර්ලිමේන්තුවේ තුණෙන් දෙකක ඡන්දයකින් සම්මත විය යුතු බවත් වර්තමාන නීති යටතේ 2024 සැප්තැම්බර් 18 සිට ඔක්තෝබර් 18 යන කාල පරාසය තුළ ජනාධිපතිවරණයක් පැවැත්විය හැකි බවත් නිදහස් ජනතා සන්ධානයේ විධායක සභික, පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා ඊයේ (17) පැවසීය. ජනාධිපතිවරණයට පෙර පළාත් පාලන මැතිවරණය පැවැත්විය යුතු බව කී ඒ මහතා මැතිවරණ කොමිසන් සභාව නාමමාත්‍රික ස්වාධීන කොමිසන් සභාවක් බවට පත්වී ඇති බව ද සඳහන් කළේය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පටු දේශපාලන වාසි අනුව වෙනස් කිරීමට බලයක් නැති මෙන්ම ව්‍යවස්ථාව වෙනස් එසේ කරනවානම් මහජන අනුමැතියක් ලබාගත යුතු බවත් ඒකාධිපති…
මිනුවන්ගොඩ ප්‍රදේශයේ පෞද්ගලික පාසලක තරුණ ගුරුවරියකට ලිංගික අතරවර කිරීමේ චෝදනා මත එම විදුහලේම 60 හැවිරිදි විදුහල්පතිවරයාව අත්අඩංගුවට ගෙන තිබේ. අදාළ පෞද්ගලික විදුහල ඊයේ (17) දිනයේ නොපවත්වා ඇති නමුත් සැකකාර විදුහල්පතිවරයා විසින් 22 හැවිරිදි තරුණ ගුරුවරියට දැනුම් දී ඇත්තේ විශේෂ රාජකාරි කටයුත්තක් හේතුවෙන් පාසලට පැමිණෙන ලෙසටය. පසුව අදාළ දැනුම්දීම මත මෙම ගුරුවරිය ඊයේ පස්වරුවේ පාසලට පැමිණ තිබේ. පසුව ඇය ලවා පාසලේ යම් රාජකාරි කටයුත්තක් සිදුකර ගෙන ඇති බව පොලීසිය පවසයි. ඇයට භාරදුන් රාජකාරිය අවසන් කර ගුරුවරිය පිටව යාමට සුදානම් වු අවස්ථාවේ සැකකාර විදුහල්පතිවරයා විසින් මෙම ගුරුවරියව වැළඳගෙන ලිංගිකව අතවර කර ඇති බවට වාර්තා වේ. පසුව එම ස්ථානයෙන් මිදී පළා ආ ගුරුවරිය…
අර්ධ සුඛෝපභෝගි බස් රථ ලබන මාසයෙන් පසුව අහෝසි කරන බව ජාතික ගමනා ගමන කොමිෂන් සභාව පවසයි. එහි අධ්‍යක්‍ෂ ජනරාල් නිලාන් මිරැන්ඩා මහතා සඳහන් කළේ, අර්ධ සුඛෝපභෝගි බස් රථ සම්බන්ධයෙන් ලැබෙන පැමිණිලි සංඛ්‍යාව ද ඉහළ ගොස් ඇති බවය. “අපි ක්‍රියාමාර්ගයක් ගත්තා ප්‍රවාහන අමාත්‍යාංශයේ උපදෙස් පරිදි අර්ධ සුඛෝපභෝගි සේවාව සාමාන්‍ය සේවාවක් හා සුඛෝපභෝගි සේවාවක් බවට පත්කරන්න. ඒ අනුව සියලුම බස්හිමියන්ව දැනුවත් කරලා තියෙනවා තමන්ගේ බස්රථය සාමාන්‍ය සේවාවක් බවට හෝ සුඛෝපභෝගි සේවාවක් බවට පත්කරන්න කියලා. ඒ සඳහා අපි ගාස්තු අයකිරීමකින් තොරව සිදුකරනවා. මේ වනවිට බස්රථ 430ක් පමණ අර්ධ සුඛෝපභෝගී තියෙනවා. මේ වෙද්දි බස් 20ක් පමණ එවැනි සේවා සංශෝධනවලට ඉල්ලීම් ලැබිලා සිදුකරමින් පවතිනවා. දැනට…
බදුල්ල තල්දෙන මත්ද්‍රව්‍ය පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් පැනගිය රැඳවියන් 09 දෙනාගෙන් 06 දෙනෙකු බන්ධනාගාර නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය සහ බන්ධනාගාර නිලධාරීන් එක්ව සිදුකළ විශේෂ මෙහෙයුමේදී ඊයේ (17) පෙරවරුවේ රැඳවියන් දෙදෙනෙකු සොයාගත් අතර රාත්‍රී කාලයේදී තවත් සිව්දෙනෙකු අත්අඩංගුවට ගත් බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක මහතා පැවසුවේය. අත්අඩංගුවට ගත් සිව්දෙනා කන්දකැටිය වැල්ලවතැන්න ප්‍රදේශයේදී සැඟවී සිට ඇති අතර ඔවුන් අවුරුදු 23ත් 27ත් අතර වයස්වල පසුවන වැල්ලම්පිටිය, දෙමටගොඩ, මට්ටක්කුලිය සහ මාළිගාවත්ත ප්‍රදේශවල පදිංචිකරුවන් බව වාර්තා වේ. එම සැකකරුවන් අද (18) බදුල්ල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය. අදාළ රැඳවියන් 09දෙනා ඊයේ අලුයම එම පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් පැනගොස් තිබු අතර පළාගිය තවත් රැඳවියන් තිදෙනෙකු සොයා…