Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LFN
ජනවරමක් නොමැති ජනතාව විසින් ප්‍රතික්ෂේප කළ වත්මන් ආණ්ඩුව සමග සමගි ජනබලවේගය කිසිදු අවස්තාවක එක් නොවන බැවින් ව්‍යාජ පුවත්වලට නොරැවටෙන ලෙස ජනතාවගෙන් ඉල්ලීමක් කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කොළඹ දී ඊයේ (18) ප්‍රකාශ කළේය. දෙවැනි ලෝක යුද සමයේ හිට්ලර් විසින් ගොබෙල්ස් උපයෝගී කර ගෙන මාධ්‍ය හරහා බොරුව ජනගත කලා සේ වත්මන් ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා විසින්ද බොරු ප්‍රචාර ජනගත කිරීමේ කූට උපක්‍රමයක නියැලෙන බවත් විපක්ෂ නායකවරයා පැවසීය. සැබෑ මාධ්‍යවේදීන්ට පවා අපහාස කරමින් මාධ්‍යවේදීන් යැයි හඳුන්වා ගන්නා පිරිසක් හරහා ඇත්ත බොරුව බවට පත් කිරීම හා බොරුව ඇත්ත බවට පත් කිරීමේ මහා ව්‍යාපාරයක් ක්‍රියාත්මක කරන බවත් කොළඹ දි මාධ්‍යයට විශේෂ ප්‍රකාශයක් සිදුකරමින්…
බස්නාහිර පළාතේ රථවාහන දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති තනතුරට වැඩබලන නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ලියනගේ පත් කර තිබෙනවා. මෙතෙක් ඔහු කටයුතු කළේ රත්නපුර දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙසයි. බස්නාහිර පළාතේ රථවාහන දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති තනතුරේ රාජකාරී කළ යූ පී ඒ ඩී කේ පී කරුණානායක රත්නපුර දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස පත් කර තිබෙනවා. පොලිස්පතිවරයා විසින් එම ස්ථාන මාරුවීම් ලබාදී ඇත්තේ ජාතික පොලිස් කොමිෂන් සභාවේ ආවරණ අනුමැතියට යටත්ව සේවා අවශ්‍යතාව මතයි.
සුඩානය තුළ පැය 24 ක සටන් විරාමයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ රජයේ හමුදාව සහ නිල නොවන සන්නද්ධ හමුදා කණ්ඩායම් යන දෙපාර්ශවයම සටන් විරාමය සඳහා කැමැත්ත පළ කර ඇති බවයි. ඒ අනුව එරට වේලාවෙන් අද පස්වරු 06 සිට බලපැවැත්වෙන පරිදි එම සටන් විරාමය ක්‍රියාත්මක බව ද විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන්. ඒ අනුව කාටුම් අගනුවර දකුණු ප්‍රදේශයේ ගැටුම් නතර වී ඇති නමුත් අගනුවර සෙසු ප්‍රදේශ කිහිපයක පවතින්නේ සතුටුදායක තත්ත්වයක් නොවන බවයි විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ. මේ අතර සුඩානයේ අගනුවර රෝහල්වල කටයුතු අඩපණ වී ඇති බව ද වාර්තා වනවා. ඊට හේතුව වන්නේ වෛද්‍යවරුන්ට සහ අනෙකුත් රෝහල් කාර්යය මණ්ඩල සඳහා…
ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත සකස් කළේ ආණ්ඩු හෝ ජනාධිපතිවරයා ආරක්ෂා කිරීමට නොව ජීවිතාරක්ෂාව ඉල්ලා සිටින ජනතාව වෙනුවෙන් බව අධිකරණ අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා පවසයි. ඔහු ඒ බව කියා සිටියේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී ඊයේ (18) විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමිනි. “ගොඩදෙනෙක් ඉන්නවා ත්‍රස්තවාදීන්ගේ අයිතීන් වෙනුවෙන් කතා කරන්න. හැබැයි ත්‍රස්තවාදයට විරුද්ධව අපේ ජීවිත රැකගන්න අවශ්‍යයි කියලා විශ්වාස කරන අසරණ ජනතාවගෙන් 90%කගේ අයිතිවාසිකම් වෙනුවෙන් ඒ අය කථා කරන්නේ නැහැ. සමහර වෙලාවට සමහර මාධ්‍යත් නිහඬ ප්‍රතිපත්තියක් අනුගමනය කරන්නේ. අපි නීති හදන්නනේ ආණ්ඩු රකින්නවත් අපිට රැකෙන්නවත් ජනාධිපති රකින්නවත් නෙමෙයි. මේ රටේ ජනතාවගේ ජීවිත ආරක්ෂා කරන්න.” “ත්‍රස්තවාදී ක්‍රියාවක් වෙනුවෙන් මාධ්‍ය පෙනී ඉන්නවා නම්, මාධ්‍ය ප්‍රචාරණය දෙනවා…
කොළඹ ජාතික රෝහලේ සායනවලට පැමිණෙන කාන්තාවන් මත්කර ඔවුන් සතු මුදල් සහ රන් ආභරණ සොරා ගන්නා සිද්ධියක් වාර්තාවී තිබේ. මරදාන පොලීසිය සඳහන් කළේ එම සිද්ධියට සම්බන්ධ කාන්තාවක් සහ පිරිමි පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බවය. එම සැකකරු සහ සැකකාරිය එක්වී එලෙස සොරාගෙන තිබූ රුපියල් ලක්ෂ 12ක් පමණ වටිනා රන් ආභරණ වැලිගම ප්‍රදේශයේ රන් භාණ්ඩ මිලදී ගන්නා ස්ථානයකට විකුණා තිබේ. පොලීසිය සඳහන් කළේ එම රන් භාණ්ඩ අදාළ ව්‍යාපාරිකයින් විසින් උණුකර තිබියදී සොයාගත් බවය. සායන ආසන්නයේ තබා තිබෙන පුටුවක් හෝ බංකුවක් මත රැඳී සිට එම සායනවලට සහභාගීවීමට පැමිණි වයෝවෘද්ධ සහ මැදිවියේ කාන්තාවන් ඉලක්ක කර මෙම ක්‍රියාව සිදුකර තිබේ. ඔවුන්ව උපක්‍රමශිලීව එම ස්ථානයෙන් පිටතට කැඳවාගෙන ගොස්…
සබරගමුව, බස්නාහිර, මධ්‍යම, වයඹ සහ උතුරු මැද පළාත්වලත් ගාල්ල, මාතර සහ මුලතිවු දිස්ත්‍රික්කවලත් තැනින් තැන අද (19) සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණික තත්ත්වයක් පවතින බවය. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.
හෙට්ටිපොල, මූණමල්දෙණිය – කටුපොත මාර්ගයේ අංගමුව ප්‍රදේශයේදී සිදුවූ අනතුරකින් පාසල් සිසුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. ඊයේ (18) එම අනතුර සිදුව ඇති බව පොලීසිය පවසයි. කටුපොත දෙස සිට මූණමල්දෙණිය දෙසට ධාවනය වූ ලංගම බස් රථයකින් පාසල නිමවී පැමිණි සිසුවෙකු බසයෙන් බැස පාර මාරුවීමට යාමේදී කටුපොත දෙසට ධාවනය වූ කුඩා ලොරි රථයක සිසුවා ගැටී එම අනතුර සිදුව ඇත. අනතුරින් තුවාල ලැබූ පාසල් සිසුවා කුලියාපිටිය රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් තිබේ. මියගිය සිසුවා 11 හැවිරිදි වලව්වත්ත, අනුක්කන්හේන ප්‍රදේශයේ පදිංචි 06 වැනි වසරේ ඉගනුම ලබන සිසුවෙකි. අනතුර සම්බන්ධයෙන් ලොරි රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර හෙට්ටිපොළ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
තවත් භාණ්ඩ රැසක ආනයන සීමා ඉදිරියේදී ලිහිල් කෙරෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ රේගුවේ අපේක්ෂිත ආදායම් ඉලක්කය සපුරා ගැනීම සඳහා එය ද පිටිවහලක් වනු ඇති බවය. රේගුවේ ආදායම් ඉලක්ක පිළිබඳ සමාලෝචන රැස්වීමකින් අනතුරුව මාධ්‍ය හමුවේ ඊයේ (18) අදහස් දක්වමින් ඔහු ඒ බව පැවසීය. රේගුව වෙත පළමු මාස 03 සඳහා ලබාදී ඇති ආදායම් ඉලක්කය රුපියල් බිලියන 270කි. නමුත් එම කාලය තුළ ලැබී ඇති ආදායම අපේක්ෂිත ආදායමට වඩා 12%ක අඩුවක් පෙන්නුම් කර තිබේ. 2021 වසරේ දී භාණ්ඩ 485ක් ද 2022 වසරේදී භාණ්ඩ 750ක් සඳහා ආනයන සීමා පැනවූ බවය. ඒ අනුව නුදුරේදීම අදාළ සීමා ලිහිල් කිරීමට කටයුතු…
පාස්කු ප්‍රහාරයේ විමර්ශනවලට අදාලව ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා හිටපු නීතිපති දප්පුල ද ලිවේරා හෙට(19) ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයට කැඳවා තිබෙන බව පොලිසිය පවසනවා.
ශ්‍රී ලංකාව සහ අයර්ලන්තය අතර පැවති පළමු ටෙස්ට් තරගය ඉනිමකින් සහ ලකුණු 280කින් ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද (18) සමත් වුණා. සිය පළමු ඉනිම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 6ක් දැවී ලකුණු 591ක් ලබාගත් අතර අයර්ලන්තය සිය පළමු ඉනිම සඳහා ලකුණු 143ක් ද දෙවන ඉනිම සඳහා ලකුණු 168ක් ද ලබා ගැනීමට සමත් වුණා. අයර්ලන්ත පළමු ඉනිමේදී කඩුලු 07ක් දවාගත් ප්‍රභාත් ජයසූරිය දෙවන ඉනිමේදී කඩුලු 03ක් ලබා ගැනීමට සමත්කම් දක්වනු ලැබුවා.