Author: LFN

පසුගිය අප්‍රේල් මස 11 වනදා ශ්‍රී ලංකා මහ බැංකු පරිශ්‍රයෙන් ලක්ෂ 50ක මුදලක් අතුරුදන් වීමේ සිද්ධියට අදාළව මහ බැංකුව විසින් නිවේදනයක් නිකුත් කර තිබේ. එම නිවේදනයේ සඳහන් වන්නේ එදින මෙහෙයුම් කටයුතු අතරතුරදී මෙම අඩුවීම වාර්තා වූ බවය. මෙලෙස අඩුවී ඇති බවට වාර්තා වී ඇත්තේ මහ බැංකු අභ්‍යන්තර සුරක්ෂිතාගාරයක තිබූ ලක්ෂ 50ක වටිනාකමකින් යුතු රුපියල් 5000‍ නෝට්ටු බණ්ඩලයක් බවද එම නිවේදනය සඳහන් ව ඇත. සිද්ධිය සම්බන්ධයෙන් අභ්‍යන්තය විමර්ශනයක් කඩිනමින් ආරම්භ කර ඇති බවද ශ්‍රී ලංකා මහ බැංකුව සිය නිවේදනයෙන් පෙන්වා දෙයි. මේ අතර එම සිදුවීම පිළිබඳව කොටුව පොලිස් ස්ථානය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බවත් පොලිස් විමර්ශන කටයුතු ක්‍රියාත්මක බවත් මහ…

Read More

ජූලි චන්ග් සහ අධිකරණ ඇමති හමුවී ප්‍රතිත්‍රස්ත පනත් කෙටුම්පත ගැන ගතු කියයි ශ්‍රී ලංකාවේ සිටින අමෙරිකානු තානාපතිනි ජූලි චන්ග් මහත්මිය සහ අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ අතර හමුවක් අද (20) කොළඹ දී පවත්වා තිබේ. සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් චන්ග් මහත්මිය ඒ බව පැවසුවාය. ඇය පවසන්නේ එහිදී ප්‍රතිත්‍රස්ත පනත් කෙටුම්පතේ කරුණු සම්බන්ධයෙන් සාකච්ඡා කළ බවය. “ජාත්‍යන්තර ප්‍රමිතියෙන් තොර ප්‍රතිත්‍රස්ත පනත් කෙටුම්පතේ කරුණු සම්බන්ධයෙන් අපි සාකච්ඡා කළා. එම පනත් කෙටුම්පතේ කරුණු සම්බන්ධයෙන් ජනතාව අතර සහ පාර්ලිමේන්තුව තුළ පුළුල් අදහස් හුවමාරුවක් අවශ්‍ය බව පැවසුවා..” ඇය පෙන්වා දෙන්නේ අදහස් ප්‍රකාශ කිරීමේ හෝ රැස්වීමේ නිදහස සීමා නොකර සිවිල් සමාජය, අධ්‍යාපනවේදීන් මෙන්ම මන්ත්‍රීවරුන්ගේ වැනි සියලුදෙනාගේ හඬට…

Read More

ශ්‍රී ලංකාව සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ අරමුදල් පහසුකම යටතේ වූ සැකසුම ක්‍රියාත්මක කිරීම සඳහා වූ යෝජනා සම්මත කරගැනීම සඳහා වූ පාලිමේන්තු විවාදයට දින නියම වී තිබේ. ඒ් අනුව අප්‍රේල් මස 26, 27 සහ 28 ‍යන දින තුන තුළ විවාදය පැවැත්වීමට අද (20) පෙරවරුවේ නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය කර ඇත. පාර්ලිමේන්තුව ලබන 25 සිට 28 දක්වා රැස්වේ.

Read More

උෂ්ණාධික තත්ත්වයෙන් දරුවන්ට සිදුවන අහිතකර බලපෑමෙන් වළක්වා ගැනීම සඳහා දෙමව්පියන් අවධානය යොමු කළ යුතු බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පවසයි. ඔහු පවසන්නේ වැඩිපුර දියර භාවිතය මගින් උෂ්ණාධික කාලගුණයෙන් ඇති වන සංකූලතා අවම කර ගත හැකි බවය. එමෙන්ම මේ දිනවල චර්ම රෝගවල වැඩිවීමක් දක්නට ලැබෙන බව ද පැවසු වෛද්‍යවරයා, කුඩාම දරුවන් වුවත් දිනකට දෙසැරයක් නෑවිම සුදුසු බව ද පැවසීය. “රෝග ලක්ෂණ විදියට මහන්සිය, නිදිමත ගතිය, ඇඟපත රිදෙන එක, සමහර අයට වමනය යන්න එනවා ඒ වගේ රෝග ලක්ෂණ කිහිපයක් ඇති වෙනවා. ඊට අමතරව දරුවන් සහ අපි වැඩිපුර ජලය සහ ලවණ ගත්තේ නැත්නම් වැඩිපුර දාඩිය දැමීම නිසා තාප…

Read More

මෙවර යල කන්නයේ වී වගාව සඳහා බණ්ඩි පොහොර මිල රුපියල් 4,500කින් පහළ දැමීම කෙරෙහි රජයේ අවධානය යොමුව ඇති බව කෘෂිකර්ම අමාත්‍යංශය පවසයි. බණ්ඩි පොහොර කිලෝග්‍රෑම් 50ක මිටියක් රුපියල් 18,500ක පමණ මිලකට අලෙවි වන බැවින් එම මුදල ගොවි ජනතාවට දරා ගැනීමට අපහසු නිසා මිල අඩු කිරීමට තීරණය කළ බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කර ඇත. මේ පිළිබඳ අවසන් තීරණය ලබන සතියේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩ‍ල සාකච්ඡාවේ දී ගනු ඇති බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර තිබේ. මෙරටට පොහොර ආනයනය කරන සහ බෙදාහරින පොහොර සමාගම් සංඛ්‍යාව 12 දක්වා ඉහළ ගොස් ඇති බැවින් මෙම තරඟකාරීත්වයේ වාසිය ගොවි ජනතාවට ලබාදීමට කටයුතු කරන ලෙස මහින්ද…

Read More

අද (20) සිට බලපැවැත්වෙන පරිදි ජාතික පාසල්වල අතරමැදි පන්ති සඳහා සිසුන් ඇතුළත් කිරීමට අදාළව නව චක්‍රලේඛයක් නිකුත් කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි. ඒ අනුව අධ්‍යාපන අමාත්‍යාංශය විසින් අතරමැදි පන්ති සඳහා සිසුන් ඇතුළත් කිරීමේ ලිපි නිකුත් කිරීම අත්හිටුවා ඇති බව එම අමාත්‍යාංශය සඳහන් කළේය. එම නව චක්‍ර ලේඛයට අනුව අතරමැදි පන්ති සඳහා සිසුන් ඇතුළත් කරගැනීමේ බලය පාසලේ විදුහල්පතිවරයාට පැවරීමට තීරණය කර ඇති බව වාර්තා වේ.

Read More

අද (20) දින සූර්යග්‍රහණයක් සිදුවන අතර එය දෙමුහුන් සූර්යග්‍රහණයක් ලෙස හඳුන්වනු ලබන බව කොළඹ විශ්වවිද්‍යාලයයේ තාරකා විද්‍යා සහ අභාවකාශ විද්‍යා ඒකකයේ අධ්‍යක්‍ෂ මහාචාර්ය චන්දන ජයරත්න පවසයි. එයට හේතුව එකම සූර්ය ග්‍රහණය තුළ එය පූර්ණ සූර්යග්‍රහණයක සිට වළයාකාර සූර්යග්‍රහණයක් දක්වා මාරු වීම බව ද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය. සූර්යග්‍රහණයේ ගමන් මාර්ගයේ ලොව සමහර ස්ථානවල සිටින නරඹන්නන් පූර්ණ සූර්යග්‍රහණයක් දකින අතර අනෙක් කොටස්වල සිටින අය වළයාකාර සූර්යග්‍රහණයක් දකිනු ඇත. අවස්ථා දෙකේදීම චන්ද්‍රයා, පෘථිවිය සහ සූර්යයා අතරින් ගමන් කරන අතර අමාවක දිනකදී පෘථිවිය සහ සූර්යයා අතරට චන්ද්‍රයා පැමිණි විට චන්ද්‍රයාගේ සෙවනැල්ල පෘතුවිය මත වැටෙන ප්‍රදේශවලට සූර්ය ග්‍රහණයක් ඇතිවේ. පෘථිවිය වටා චන්ද්‍රයාගේ කක්ෂය…

Read More

පාර්ලිමේන්තුවේ ඉදිරි කටයුතු පිළිබඳ තීරණය කිරීම සඳහා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව අද (20) රැස්වීමට නියමිතව තිබේ. කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේ දී අද පෙරවරුවේ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව රැස්වීමට නියමිත බව වාර්තා වේ. පාර්ලිමේන්තුවේ නියෝජනය කරන දේශපාලන පක්ෂ නායකයින් සහ එම පක්ෂවල නියෝජිතයින්ට මේ සඳහා ආරාධනා කර තිබේ. සිංහල දෙමළ අලුත් අවුරුද්දෙන් පසු පළමු වරට අප්‍රේල් 25 වන දින පාර්ලිමේන්තුව යළි රැස්වීමට නියමිතය. එළඹෙන පාර්ලිමේන්තු සැසියේ දී නව ත්‍රස්ත විරෝධි පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට සැලසුම් කර ඇති බව වාර්තා වේ. අද දිනයේ රැස්වන පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ දී පක්ෂ නායකයිනි විසින් ඒ සම්බන්ධයෙන්…

Read More

අධ්‍යාපන ක්ෂේත්‍රයේ පවතින වෘත්තිමය ගැටලු මඟහැර යෑමේ උපක්‍රමයක් ලෙස එය අත්‍යවශ්‍ය සේවාවක් බවට පත්කිරීම අනුමත නොකරන බව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය පවසයි. එහි සභාපති මහාචාර්ය ශ්‍යාම් බන්නැහැක මහතා සඳහන් කළේ, අධ්‍යාපන ක්ෂේත්‍රයේ පවතින ගැටලු විසඳීම සඳහා බලධාරීන් සාධනීය ලෙස කටයුතු කිරීම වැදගත් බවය. ජනාධිපති කාර්යාලයේ පැවති අධ්‍යාපන අමාත්‍යාංශයේ ප්‍රගති සමාලෝචන රැස්වීම අමතමින් ජනාධිපතිවරයා පවසා සිටියේ ලබන සතිය වන විට උසස් පෙළ පිළිතුරු පත්‍ර පරීක්ෂා කිරීමට ගුරුවරුන් යොමු නොවන්නේ නම් හදිසි නීතිය යටතේ අධ්‍යාපනය ද අත්‍යවශ්‍ය සේවාවක් බවට පත්කරන බවය. මේ සම්බන්ධයෙන් “මාධ්‍ය” කළ විමසීමකට පිළිතුරු දෙමින් විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ සභාපති මහාචාර්ය ශ්‍යාම් බන්නැහැක මහතා මෙසේ අදහස් පළ කළේය. “යම්කිසි…

Read More

මන්නාරම පොලිස් භෝජනාගාරයට අවශ්‍ය දර කඩා ගෙන ඒමට ඊ 19දහවල් කාලයේ මඩු කැලෑවට ටැක්ටර් රථයකින් ගිය පොලිස් කණ්ඩායමක් අතර සිටි පොලිස් සැරයන්වරයකු අතුරුදන් වී ඇතැයි පොලිසිය පවසයි. මෙසේ අතුරුදහන් වී ඇත්තේ මන්නාරම ප්‍රවර්තන අංශයේ රාජකාරි කරන පොලිස් සැරයන්වරයෙකි. මෙම පොලිස් සැරයන්වරයා මඩු කැලෑවේ අතරමං වී ඇති බව ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය. දර කඩා ගෙන ඒමට ගිය පොලිස් කණ්ඩායම භාරව සිටි පොලිස් සැරයෙන් සරත් 3339 මහතා විසින් මෙම සැරයන්වරයාගේ අතුරුදන් වීම වීම සම්බන්ධයෙන් මඩු පොලිස් ස්ථානාධිපතිවරයාට පැමිණිලි කර ඇත. කැලෑවේ අතරමං වූ පොලිස් සැරයන් වරයා ගැන පොලිස් කණ්ඩායම හොයා බලා ඔහු හමු නොවීම නිසා මෙසේ පැමිණිලි කර තිබේ. මඩු…

Read More