Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LFN
නේපාල ජනාධිපතිවරයාව රෝගී තත්ත්වයක් හේතුවෙන් හදිසියේ ඉන්දියාවට රැගෙනවිත් තිබේ. විදෙස් මාධ්‍ය පැවසුවේ නේපාල ජනාධිපතිවරයාව ගුවන් මගින් නවදිල්ලිය වෙත රැගෙනවිත් ඇති බවය. නවදිල්ලියේ All India Institute of Medical Sciences (AIIMS) රෝහල වෙත ඔහුව රැගෙනවිත් ඇති බවද නේපාල බලධාරීන් තහවුරු කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණි. නේපාල ජනාධිපතිවරයා ට පෙනහළු ආශ්‍රිත ආසාදනයක් ඇති බව අනාවරණයවීමෙන් පසු ප්‍රතිකාර සඳහා ඔහුව එලෙස ඉන්දියාව වෙත රැගෙනවිත් තිබේ.
කැබිනට් අනුමැතිය හිමිවූ විදුලිබල මණ්ඩලයේ ප්‍රතිව්‍යුහගත කීරීමේ මාර්ග සිතියම සහ යෝජිත කාලරාමුව සම්බන්ධයෙන් සියලුම පාර්ශ්ව දැනුවත් කිරීමට, විෂය භාර අමාත්‍ය කංචන විජේසේකර මහතා පියවර ගෙන තිබේ. මේ සඳහා ප්‍රතිව්‍යුහගත කිරීමේ කමිටුවද එක්ව සිටින බව අමාත්‍යංශය සඳහන් කළේය. ඒ අනුව ඊයේ උදෑසන විදුලිබල මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ විදුලි ඉංජිනේරුවන්ගේ සංගමය, අමාත්‍යවරයා සහ කමිටුව අතර සාකච්ඡාවක් පවත්වා තිබේ. එහිදී මෙම යෝජිත ක්‍රියාවලිය වෙනුවෙන් ඔවුන්ගේ සම්පුර්ණ සහය ලබාදීමට කටයුතු කරන බව ජ්‍යෙෂ්ඨ විදුලි ඉංජිනේරුවන්ගේ සංගමය පවසා ඇති බව සඳහන්ය. එමෙන්ම එම ක්‍රියාවලිය වේගවත් කරන ලෙසට ද ඔවුන් ඉල්ලීමක් කර තිබේ. මීට අමතරව වර්තමාන සේවයේ යෙදීසිටින නිලධාරීන් ඔවුන්ගේ පාරිතෝෂික දීමනා, විශ්‍රාම වැටුප් පිළිබඳව, පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති…
කුමන තත්ත්වයක් යටතේ වුවද දරුවන්ගේ අධ්‍යාපනය ප්‍රාණ ඇපයට ගැනීමට ඉඩ නොතබන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. අධ්‍යාපන බලධාරීන් සමග පැවති සාකච්ඡාවකදී ජනාධිපතිවරයා මේ බව පැවසීය. එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ජනාධිපතිවරයා පවසා සිටියේ සතියක් තුළ එකඟතාවයකට පැමිණ විභාග පිළිතුරු පරීක්ෂා කිරීමට නොපැමිණෙන්නේ නම් අධ්‍යාපනය හදිසි නීතිය යටතේ අත්‍යවශ්‍ය සේවාවක් බවට පත්කිරීමට කටයුතු කරන බවය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා, “අධ්‍යාපනය, විශේෂයෙන් විභාග කටයුතු අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කිරීම පිළිබඳව මම කල්පනා කරමින් ඉන්නවා. සමහරු කෑගහන්න පුළුවන්. එහෙත් රටක් වශයෙන් එය ඉතා ජනප්‍රිය තීරණයක් වේවි. දෙවනුව අධ්‍යාපන පොදු සහතික පත්‍ර විභාග කමිටු. හදිසි නීතිය යටතේ ඒ දෙකම ගෙන…
අභ්‍යවකාශයේ පාවෙමින් තිබූ අත්හැර දැමූ චන්ද්‍රිකාවක් අද (20) දිනයේදී පෘථිවියට කඩාවැටීමට නියමිත බව නාසා ආයතනය අනාවරණය කරයි. ඔවුන්ට අනුව රාත්තල් 600ක බරින් යුතු රෙසී චන්ද්‍රිකාව උදෑසන 7ට පමණ පෘථිවි කක්ෂය වෙත ඇතුළුවීමට නියමිත අතර එය ගිනි ගෙන දැවීමෙන් පසු එහි කොටස් පෘථිවියට පතිතවීමේ ඉඩකඩක් ඇතැයි ද විද්‍යාඥයින් පවසයි. කෙසේ නමුත් චන්ද්‍රිකාව කඩාවැටෙන නිශ්චිත ස්ථානය මෙතෙක් අනාවරණය වී නොමැත.
අද (20) දිනයේ උතුරු, උතුරුමැද, නැගෙනහිර සහ වයඹ පළාත්වලත් මොනරාගල සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් මිනිස් සිරුරට දැනෙන උණුසුම අවධානය යොමුකළ යුතු මට්ටමක පවතිනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. මේ හේතුවෙන් ප්‍රමාණවත් ලෙස ජලය පානය කිරීම සහ දැඩි අව් රශ්මියෙන් වැළැකීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස සෞඛ්‍ය අංශ ජනතාවට දැනුම්දෙයි. මේ දිනවල බොහෝ දිස්ත්‍රික්කවල වායුගෝලීය උෂ්ණත්ත්වය සෙල්සියස් අංශක 32ත් 36ත් අතර අගයක පවතින නමුත් ඊට වැඩි උෂ්ණත්වයක් මිනිස් සිරුරට දැනෙනු ඇත. උණුසුම් දර්ශකය අනුව එලෙස සිරුරට දැනෙන උෂ්ණත්වය සෙල්සියස් අංශක 39ත් 45ත් අතර අගයක් ගනු ලබන අතර එය සැලකෙන්නේ අවධානය යොමු කළ යුතු තත්ත්වයක් ලෙසය. මේ අතර බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ…
ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය පවසන්නේ, වන සතුන් සහ ශාක ආනයනය සහ අපනයනය අධීක්‍ෂණය කරන සහ කළමනාකරණය කරන ප්‍රධාන රජයේ දෙපාර්තමේන්තුව වන චීන ජාතික වන විද්‍යා හා තණබිම් පරිපාලනය, ශ්‍රී ලංකාවෙන් රිළවුන් 100,000ක් ආනයනය කරන ලෙස කරන ලද ඉල්ලීමක් පිළිබඳව තමන් නොදන්නා බවයි. තවද චීන පෞද්ගලික සමාගමක් එවැනි ඉල්ලීමක් සිදුකර තමන් වෙත කිසිදු අයදුම්පතක් යොමුකර නොමැති බවත් තානාපති කාර්‍යාලය නිවේදනය කරනවා.
මහනුවර අකුරණ නගරයට දැඩි පොලිස් ආරක්ෂාවක් යොදවා තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා සඳහන් කළේ ඊයේ රාත්‍රියේ සිට මෙලෙස අකුරණ නගරයේ ආරක්ෂාව තර කර ඇති බවයි. අද දිනය තුළ අකුරණ නගරයේ කිසියම් කඩාකප්පල්කාරී ක්‍රියාවක් සිදුවනු ඇති බවට ආරක්ෂක අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක වන 118 හදිසි ඇමතුම් අංකයට ඊයේ රාත්‍රී දුරකථන ඇමතුමක් ලැබී තිබෙනවා. ඒ අනුව වහාම ක්‍රියාත්මක වූ ආරක්ෂක අංශ මේ සම්බන්ධයෙන් අවධානය යොමුකර විශේෂ පොලිස් කණ්ඩායම් කිහිපයක් එම ප්‍රදේශයට පිටත් කර හැර ඇති බවයි සඳහන් වන්නේ.
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තමාට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමේ බලය ඇත්තේ අධිකරණයට හෝ අගවිනිසුරුට මිස කාදිනල් හිමියන්ට නොවන බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (19) පෙරවරුවේ මහනුවරට පැමිණ ඓතිහාසික ශ්‍රී දළදා මාළිගය වැඳ පුදා ගත්තේය. එම අවස්ථාවට එම මහත්මිය ඇතුළු පිරිසක් එක්ව සිටියහ. හිටපු ජනාධිපතිවරයා එහිදි පැමිණ සිටි ජනතාව සමග ද සුහඳ පිළිසඳරක නිරත වුණි. මාධ්‍ය වෙත අදහස් දැක්වු හිටපු ජනපතිවරයා, ප්‍රශ්නය – ඔබතුමා මැතිවරණයට ඉදිරිපත් වෙනවා කියනවා ? “ඕවා ඉතින් කවදා වෙයිද දන්නේ නෑ. හුළඟේ යන දේවල් නේ. අපි දන්නේ නෑ මැතිවරණයක් කවදාද තියෙන්නේ, මොන මැතිවරණ ද තියෙන්නේ ? විශේෂයෙන් ජනාධිපතිතුමා සහ මැතිවරණ…
අප්‍රේල් මස 22 වනදා ජනාධිපති ලේකම් කාර්යාලය විසින් සංවිධානය කිරීමට නියමිත අවුරුදු උත්සවය සඳහා සහභාගිවීම වර්ජනය කරමින් වෘත්තීය ක්‍රියා මාර්ගයක නිරත වන බව සමෘද්ධි වෘත්තීය සමිති එකමුතුව පවසයි. සමස්ථ ලංකා සමෘද්ධි කළමණාකරුවන්ගේ සංගමයේ සභාපති පී. කේ. රනුග්ගේ මහතා සඳහන් කළේ ජනතාව පීඩාවට පත්ව ඇති අවස්ථාවක එම අවුරුදු උත්සවය සඳහා විශාල මුදලක් වැයකිරීමට රජය පියවර ගෙන ඇති බවය. “සමෘද්ධි දෙපාර්තමේන්තුවේ පරිපාලනය විසින් යම් යම් බලපෑම් කරමින් කළමණාකරුවන් බිය වද්දමින් තමන්ගේ ලක්ෂ 816ක් වියදම් කිරීමේ වැඩසටහන කලින් ක්‍රියාත්මක කරන තත්ත්වයකට පත්කරලා තියෙනවා. සමෘද්ධි කළමණාකරුවන් ඔය බියගුලු වැඩවලට බයවෙන්නේ නැහැ. ඇතැම් දේශපාලන ඇම්බැට්ටයින් යොදාගෙන කළමණාකරුවන් බිය වැද්දීම්, මාරුකරන බවට තර්ජනය කිරීම් කරමින් ලක්ෂ…
සැලසුම් කර තිබූ පරිදි අප්‍රේල් 25 වනදා පළාත් පාලන ඡන්ද විමසීම කළ නොහැකි බවට දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීන් විසින් ගැසට් නිවේදන මගින් දන්වා තිබේ. අදාළ ගැසට් නිවේදන අප්‍රේල් 11 වනදා නිකුත්කර තිබුණි.