Close Menu
Lanka Focus News
    What's Hot

    පුත්තලම නගර සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු කේරළ ගංජා සමග අත්අඩංගුවට

    October 19, 2026

    ඥානසාර හිමි උදෙසා කොළඹට පැමිණි පාගමන ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට

    October 15, 2026

    අදත් හවසට තද වැසි

    October 15, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»තලංගම කැලඹූ ගුටි කෙළියේ තවත් තොරතුරු
    Featured

    තලංගම කැලඹූ ගුටි කෙළියේ තවත් තොරතුරු

    By LFNMay 11, 2023No Comments1 Min Read219 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    අත්අඩංගුවට පත්වූ කඩුවෙල හිටපු උපනගරාධිපති චන්දික අබේරත්න සහ සමාජ මාධ්‍ය ක්‍රියාකාරී පියත් නිකේෂල මේ වනවිට පොලිස් ආරක්ෂාව යටතේ රෝහල්ගතව ප්‍රතිකාර ලබයි.

    පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඔවුන් දෙදෙනාම ඊයේ (10) තලංගම පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

    පොලීසිය සඳහන් කළේ, තලංගම, කොස්වත්ත සමගි මාවත ප්‍රදේශයේ දී දෙපාර්ශවයක් විසින් සිදුකළ පහරදීමක් හේතුවෙන් සමාජ මාධ්‍ය ක්‍රියාකාරියෙකු තුවාල ලබා තලංගම රෝහලට ඇතුළත් කළ බවට ලද පැමිණිල්ලක් මත විමර්ශන ආරම්භ කළ බවය.

    එම පහරදීම කඩුවෙල මහ නගර සභාවේ හිටපු උපනගරාධිපති සහ තවත් පුද්ගලයින් කිහිපදෙනෙකු විසින් මෝටර් රථ 2කින් පමැණි සිදුකර ඇතැයි ද පොලීසිය සඳහන් කළේය.

    එම පිරිස සමාජ මාධ්‍ය ක්‍රියාකරුට හා ඔහුගේ මෝටර් රථයට පහරදී ඇති බවට ප්‍රකාශයක් ලබාදී ඇති අතර, තුවාලකරු වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට මාරු කර යවා තිබේ.

    අදාළ සිදුවීම සම්බන්ධයෙන් විමර්ශනය කිරීමේ දී හිටපු උපනගරාධිපතිවරයාට ද පහරදුන් පවසා පැමිණිල්ලක් සිදුකර ඇති බව පොලීසිය පවසයි.

    ඒ අනුව ඔහුද මුල්ලේරියාව රෝහලට ඇතුළත්ව ප්‍රතිකාර ලබමින් සිටී.

    කෙසේවෙතත් පොලීසිය සඳහන් කළේ, දෙපාර්ශවයේම පැමිණි මත පහරදීම්වලට අදාළව සැකකරුවන් දෙදෙනාම තලංගම පොලීසිය විසින් අත්අඩංගුවට ගත් බවය.

    ඒ අනුව සමාජ මාධ්‍ය ක්‍රියාකරු ජාතික රෝහලේ හා හිටපු උපනගරාධිපති මුල්ලේරියාව රෝහලේ මේ වනවිට පොලිස් ආරක්ෂාව යටතේ ප්‍රතිකාර ලබමින් සිටී.

    තලංගම පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    පුත්තලම නගර සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු කේරළ ගංජා සමග අත්අඩංගුවට

    October 19, 2026

    ඥානසාර හිමි උදෙසා කොළඹට පැමිණි පාගමන ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට

    October 15, 2026

    අදත් හවසට තද වැසි

    October 15, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,480 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,429 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,629 Views
    Don't Miss

    පුත්තලම නගර සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු කේරළ ගංජා සමග අත්අඩංගුවට

    October 19, 202602 Views

    පුත්තලම නගර සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු කේරළ ගංජා තොගයක් සමග අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් මත්ද්‍රව්‍ය පාලන…

    ඥානසාර හිමි උදෙසා කොළඹට පැමිණි පාගමන ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට

    October 15, 2026

    අදත් හවසට තද වැසි

    October 15, 2026

    මාරක අනතුරු කිහිපයක් – ජීවිත 5ක් අහිමි වෙයි

    October 14, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.