Close Menu
Lanka Focus News
    What's Hot

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 2026

    මිලාද් උන් නබි උත්සවය අදයි

    August 26, 2026

    නව රාජ්‍ය තාන්ත්‍රිකයින් එකොළොස් දෙනෙකු ජනපතිට අක්තපත්‍ර භාර දෙති

    August 25, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»දේශගුණික විපර්යාසවලට මුහුණදීමට නව පරිසර නීතියක්
    Featured

    දේශගුණික විපර්යාසවලට මුහුණදීමට නව පරිසර නීතියක්

    By LFNMay 12, 2023Updated:May 12, 2023No Comments4 Mins Read162 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ලොව පළමු ජාත්‍යන්තර පරිසර විශ්වවිද්‍යාලය මෙරට ඇති කරමින් දේශගුණ විපර්යාසවලට මුහුණදීම සඳහා ලෝකයට අවශ්‍ය සහාය ලබාදීමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

    කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවති 10 වන පරිසර නියමු ජනාධිපති පදක්කම් ප්‍රදානෝත්සවය අමතමින් ‍ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව ප්‍රකාශ කළේය.

    ජනාධිපතිවරයා එහිදී වැඩිදුරටත් පෙන්වාදුන්නේ දේශගුණික විපර්යාස අද ලෝකයටම අභියෝගයක් වුවද ඒ පිළිබඳ පර්යේෂණ සිදුකිරීමට මධ්‍යස්ථානයක් මේ දක්වා නොමැති බවය

    එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ‍ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේ අනාගතයේ දේශගුණික විපර්යාසවලට මුහුණදීමට නව පරිසර නීතියක් ගෙන ඒමටද පියවර ගන්නා බවය.

    එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා,

    “අද පළමුවෙන්ම මෙම පදක්කම් ලැබූ පරිසර නියමුවන් සියලුදෙනාට මම ප්‍රශංසා කරනවා. මෙය කැපවීමෙන් කළයුතු කාර්යයක්. මේ ව්‍යාපාරය සමඟ සම්බන්ධවන ලෙස කිසිවෙකුට බල කර නැහැ. මධ්‍යම පරසර අධිකාරිය 1984 ආරම්භ කළ කාලයේ සිට මේ සඳහා සියලුදෙනා ස්වේච්ඡාවෙන් ඊට සහභාගි වුණා.

    අප සියලුදෙනා මේ කැපකිරීම කරන්නේ අනාගත පරපුර වෙනුවෙන්. අද ලෝකයේ තිබෙන පරිසර ප්‍රශ්න පිළිබඳ මම අමුතුවෙන් සඳහන් කළයුතු නැහැ. අපට එදා තිබුණේ පරිසරය රැක ගැනීම පිළිබඳ ගැටලු. එහෙත් අද තිබෙන ප්‍රශ්නය දේශගුණික විපර්යාස නැවැත්වීම නොවෙයි, එය ප්‍රමාද කරගන්නේ කෙසේද යන්න පිළිබඳ කටයුතු කිරීමයි.

    පසුගිය ශත වර්ෂ දෙක තුළදී ලෝකයේ විශාල විපර්යාසයක් සිදුව තිබුණා. 1815 බ්‍රිතාන්‍යයන් ලංකාවට පැමිණ උඩරට ගිවිසුම අත්සන් කළ අවස්ථාවේ මේ රටේ ජනගගහණය මිලියන 02යි කියලා තමයි බොහෝ අය කියන්නේ. සමහරු කියනවා මිලියන එක හමාරක්වත් හිටියේ නැහැ කියලා. 1931 අපට සර්වජන ඡන්ද බලය හිමි වූ අවස්ථාවේ එම සංඛ්‍යාව මිලියන 05යි. අපට නිදහස ලැබෙන විට එය මිලියන 07ක් බවට පත්ව තිබුණා. අද ජනගහණය මිලියන කීයද, එදා පැවති තත්ත්වය මෙන් තුන් ගුණයක් පමණ වෙනවා. නමුත් අපේ ඉඩම් ප්‍රමාණය වැඩි වී නැහැ. නමුත් වනාන්තර ප්‍රමාණය අඩු වී තිබෙනවා.

    මම 1977 ආණ්ඩුවේ ඇමතිවරයෙක් ලෙස කටයුතු කරද්දි අපි මහවැලි ව්‍යාපාරය ආරම්භ කිරීම සඳහාම පොළොන්නරුව ප්‍රදේශයේ අක්කර ලක්ෂ එක හමාරක්, දෙකක් පමණ වෙන් කළා. අද ජනතාව එම ප්‍රදේශවල පදිංචිවී සිටිනවා. ඒ නිස අපි අද හාල් වලින් ස්වයංපෝෂිතයි. එදා ඒ අක්කර ලක්ෂ එක හමාර වෙන් කළේ නැත්නම් අද අපි හාල්වලින් ස්වයංපෝෂිත වන්නේ නැහැ.

    ඉන්දියාව නිදහස ලැබූ කාලයේ ඉන්දියාවේ ජනගහණය මිලියන 400යි. දැන් ඉන්දියාව ලෝකයේ ජනකීර්ණම රට බවට පත්වෙමින් තිබෙනවා. ජනගහණය තුන් ගුණයකින්, හතර ගුණයකින් වැඩිවෙමින් පවතිනවා. එයයි වෙනස. මුළු ලෝකයේම එම ප්‍රශ්න තිබෙනවා.

    එදා අපේ මුතුත් මිත්තන්ගේ කාලයේ විදුලි බලය තිබුණේ නෑ. ඒ වගේම අපට අවශ්‍ය භාණ්ඩ සීමා සහිත ප්‍රමාණයක් තිබුණේ. නිවාසවල වායු සමීකරණ යන්ත්‍ර තිබුණේ නැහැ. අද සෑම නිවසකම පරිභෝජන ද්‍රව්‍ය ඉහළ ගොස් තිබෙනවා. ඒ වගේම විවිධ ආහාර වර්ග මිලදී ගන්නවා. එදා කර්මාන්ත තිබුණේ නැහැ. අද මුළු ලෝකයම විශාල කාර්මීකරණයකට ලක්වෙලා. අපට ගුවන් ගමන් අවශ්‍යයි. එසේනම් කර්මාන්ත විප්ලවයෙන් පසුව ලෝකයේ විශාල විපර්යාසයක් සිදුව තිබෙනවා. ඒ අතරතුර විශාල යුද්ධ දෙකක් ඇති වුණා. පරමාණු බෝම්බ එල්ල වුණා. පරිසර විනාශය තවත් ඉහළ ගියා. මෙහි ප්‍රතිඵලයක් ලෙස අද සම්පූර්ණයෙන්ම දේශගුණය වෙනස් වී තිබෙනවා.

    ඒ වගේම වර්ෂ 2050 වන විට ලෝකයේ ජනගහණය තවත් ඉහළ යනවා. එවිට කොහොමද අපි මේ දේශගුණික විපර්යාසවලට මුහුණ දෙන්නේ. ඒ නිසා අපි රටක් ලෙස අද පියවර රැසක් ගෙන තිබෙනවා. පරසරය සුරැකීමට අදාළව සම්පුර්ණයෙන් නව නීති මාලාවක් ගෙන ඒමට අපි අවධානය යොමු කර තිබෙනවා. මේ පරිසර නීති එදා ගෙන ආ අවස්ථාවේ ඒවා නවීන නිති වුවත් අද ඒවා නවීන නීති නොවෙයි. ඒ නිසා නව පරිසර නීතියක් අවශ්‍යයි. ඒ වගේම දේශගුණික විපර්යාස නීතියක් අවශ්‍යයි.

    අපි දේශගුණික විපර්යාස කේන්ද්‍රයක් ඇති කිරීමට අවධානය යොමු කර තිබෙනවා. ඒ අනුව සිංහරාජ අඩවිය, හෝර්ට්න් තැන්න, සිරිපාද අඩවිය, නක්ල්ස් ආරක්ෂා කිරීමට නව නීති ගෙන එනවා. නවසිලන්තයේ එම නීති සඳහා කියන්නේ living entities කියලා. ඒවා ජීව වස්තුන් ලෙසයි සලකන්නේ.

    අපි මුතුරාජවෙල වගේම ස්වභාවික රක්ෂිත ආරක්ෂා කිරීමට නව නීති ගෙන එනවා. ඒ වගේම නව වනාන්තර ඇති කළයුතුව තිබෙනවා. මේ සඳහා අවශ්‍ය නීති ඇති කිරීමට අපි දැන් පියවර ගෙන තිබෙනවා.

    අපි එතනින් නැවති නැහැ. අද දේශගුණික විපර්යාස පිළිබඳ අවධානය යොමු කළ විට එය පාසල් සහ විශ්වවිද්‍යාල විෂය මාලාවලට ඇතුළත් කළ යුතුයි. ඒ සියල්ලටම වඩා ලෝකයේ පළමු ජාත්‍යන්තර පරිසර විශ්ව විද්‍යාලය ආරම්භ කිරීමට අපි අපේක්ෂා කරනවා. ඒ තමයි දේශගුණික විපර්යාස පිළිබද ජාත්‍යන්තර විශ්වවිද්‍යාලය. ඉන් පශ්චාත් උපාධිය ලබා ගැනීමේ අවස්ථාව සලසා දීමට අපේක්ෂා කරනවා. ඒ වගේම පර්යේෂණ කටයුතු සඳහා ද අවස්ථාව සලසා දීමට බලාපොරොත්තු වෙනවා.

    අද ලෝකයේ මේ පිළිබඳ පර්යේෂණ කටයුතු සිදුකිරීමට මධ්‍යස්ථානයක් නැහැ. ඒ මධ්‍යස්ථානය ලංකාවේ ඇති කරමින් දේශගුණික විපර්යාස පිළිබඳ ජාත්‍යන්තර විශ්ව විද්‍යාලය ආරම්භ කිරීමට අපි පියවර ගන්නවා.

    රටවල් ගණනාවක් සහභාගී කරගෙන ඒ කටයුත්ත සිදු කිරීමටත්, එම රටවල් සහ සංවිධානවලට එහි පාලක මණ්ඩල සාමාජිකත්වය ලබාදීමටත් අපි බලාපොරොත්තු වෙනවා. වසරකට 2000-3000ක් මේ විශ්වවිද්‍යාලයට ඇතුළත් වෙලා අවශ්‍ය පුහුණුව ලබාගෙන ලෝකය සමඟ විශාල සම්බන්ධතාවක් ගොඩනඟා ගනු ඇතැයි අපි විශ්වාස කරනවා.

    දේශගුණික විපර්යාසවලට මුහුණදිම සඳහා ලංකාව ලෙස අපට කළහැකි උපකාරය මොකක්ද කියා අපි සොයා බැලිය යුතුයි. ඒ සඳහා අපට ලබාදිය හැකි සහාය මෙම විශ්වවිද්‍යාලය බව මම විශ්වාස කරනවා. ඒ නිසා අපි මේ වන විට රාජ්‍යයන් ගණනාවක් සමග ඒ සම්බන්ධව සාකච්ඡා කර තිබෙනවා. ඒ වගේම මේ වසරේ ඩුබායි නගරයේ පැවත්වෙන දේශගුණික විපර්යාස පිළිබඳ සමුළුවේදී අපි මේ පිළිබඳ කරුණු ඉදිරිපත් කරනවා.

    ඒ නිසා පරිසරය රැක ගැනීමේ මේ පණිවිඩය තමන්ගේ විදුහලට ලබාදෙන්න කියලා මම පරිසර නියමුවන් සියලුදෙනාගෙන් ඉල්ලා සිටිනවා. ඒ සඳහා අවශ්‍ය මග පෙන්වීම සිදු කිරිමේ වගකීම ඔබට පැවරෙනවා.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 2026

    මිලාද් උන් නබි උත්සවය අදයි

    August 26, 2026

    නව රාජ්‍ය තාන්ත්‍රිකයින් එකොළොස් දෙනෙකු ජනපතිට අක්තපත්‍ර භාර දෙති

    August 25, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,463 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,418 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,618 Views
    Don't Miss

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 202605 Views

    කන්කසන්තුරය සිට මන්නාරම හරහා පුත්තලම දක්වා සහ හම්බන්තොට සිට පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශ සඳහා…

    මිලාද් උන් නබි උත්සවය අදයි

    August 26, 2026

    නව රාජ්‍ය තාන්ත්‍රිකයින් එකොළොස් දෙනෙකු ජනපතිට අක්තපත්‍ර භාර දෙති

    August 25, 2026

    ‘බස් ලලිත්’ CCIBයට රැගෙන යයි

    August 25, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.