Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    වාර්තාගත කඳු නගින්නන් සංඛ්‍යාවක් එවරස්ට් තරණය කරයි

    May 21, 2026

    ශ්‍රී ලංකා ක්‍රිකට් නව තේරීම් කමිටුව පත් කෙරේ

    May 21, 2026

    විෂ මත්ද්‍රව්‍ය විරෝධී තරුණ සමුළුවක් ජුනි 26

    May 21, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»සතියක දුම්රිය වර්ජනයක් ගැන අනතුරු ඇඟවීමක්
    Featured

    සතියක දුම්රිය වර්ජනයක් ගැන අනතුරු ඇඟවීමක්

    By LFNMay 11, 2023No Comments2 Mins Read207 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    අමාත්‍යවරයා සමඟ අඟහරුවාදා පැවැත්වෙන සාකච්ඡාවේ දී නිසි විසඳුමක් නොලැබුණහොත් සතියක වැඩවර්ජනයක් ආරම්භ කරන බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය පවසයි.

    අද (11) දින මාධ්‍ය වෙත අදහස් දක්වමින් එම සංගමයේ සභාපති, සුමේධ සෝමරත්න මහතා වැඩිදුරටත් පවසා සිටියේ එළැඹෙන අඟහරුවාදා දින අමාත්‍යවරයා සමග පැවැත්වෙන සාකච්ඡාවේ දී යහපත් පිළිතුරක් ලැබෙනු ඇතැයි විශ්වාස කරන බවය.

    “සංකේත වැඩවර්ජනය ඉතා සාර්ථකව ඊයේ රාත්‍රී 12ට අවසන් කරා. දැන්වත් අමාත්‍යාංශ ලේකම්වරයා මැදිහත් වෙලා දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා ට උපදෙස් දීලා කටයුතු කරයි කියන විශ්වාසය තියෙනවා. අමාත්‍යවරයා අපිට නිල සාකච්ඡාවක් ලබාදීලා තියෙනවා අඟහරුවාදා දිනයේ දී. විසඳුම් නොලැබුණොත් ඕනෑම මොහොතක දැවැන්ත වෘත්තීය ක්‍රියාමාර්ගයකට යන්න නැවත අපි සුදානම්.”

    ප්‍රශ්නය – ඔබතුමන්ලට සාධනීය පිළිතුරක් නොලැබුණොත් ඉදිරි සතිය වැඩවර්ජන සතියක් වේවි කියල ද හිතන්න වෙන්නේ ?

    “අපි විශ්වාස කරන්නේ, ඒ තැනට අපිට තල්ලු නොකරයි කියලා. සතියක වැඩවර්ජනය දුම්රිය දෙපාර්තමේන්තුවේ අනාගතය වෙනුවෙන් නම් අපේ සාමාජිකයාගේ අනාගතය වෙනුවෙන් නම් අපි ඒ සතිය ඒ විදියට ගත කරන්න පැකිලෙන්නේ නෑ.”

    දුම්රිය දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිවරයෙකුට එරෙහිව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය ආරම්භ කර තිබූ සංකේත වැඩවර්ජනය ඊයේ (10) මධ්‍යම රාත්‍රියෙන් අවසන් කෙරුණි.

    දුම්රිය දෙපාර්තමේන්තුවේ වානිජ අංශයේ නියෝජ්‍ය සාමානාධිකාරි ධුරයට නුසුදුසු නිලධාරියෙකු පත්කළ බවට චෝදනා කරමින් දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය පෙරේදා මධ්‍යම රාත්‍රි 12ට සංකේත වර්ජනයක් ආරම්භ කළේය.

    මේ හේතුවෙන් කාර්යාල දුම්රිය 10ක්, දුරගමන් දුම්රිය 5ක් සහ රාත්‍රී තැපැල් දුම්රිය 7ක් අවලංගු කෙරුණි.

    සංකේත වර්ජනයෙන් දුම්රිය, මගීන්ගෙන් පිරී ගිය අතර, ඇතැම් ස්ථානවලදී ප්‍රවේශ පත්‍ර පවා නිකුත් කෙරුණේ නැත.

    දුම්රිය ස්ථාන වෙත පැමිණි ජනතාව මෙන්ම විදේශිකයින් ද වැඩවර්ජනය හේතුවෙන් පීඩාවට පත්වුණි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    විෂ මත්ද්‍රව්‍ය විරෝධී තරුණ සමුළුවක් ජුනි 26

    May 21, 2026

    නොරොච්චෝලේ පාරිසරික බලපෑම් සොයන්න අනුකාරක සභාවක්

    May 21, 2026

    අගමැති හරිනි ලන්ඩනයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් හමුවෙයි

    May 21, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,440 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,392 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,597 Views
    Don't Miss

    වාර්තාගත කඳු නගින්නන් සංඛ්‍යාවක් එවරස්ට් තරණය කරයි

    May 21, 202600 Views

    කඳු නගින්නන් 274 දෙනෙකු අද (21) ලොව උසම කඳු මුදුන ලෙසින් සැලකෙන එවරස්ට් කන්ද තරණය…

    ශ්‍රී ලංකා ක්‍රිකට් නව තේරීම් කමිටුව පත් කෙරේ

    May 21, 2026

    විෂ මත්ද්‍රව්‍ය විරෝධී තරුණ සමුළුවක් ජුනි 26

    May 21, 2026

    නොරොච්චෝලේ පාරිසරික බලපෑම් සොයන්න අනුකාරක සභාවක්

    May 21, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.