Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LFN
මැයි මස 15 වනදා වනවිට සියලුම පාසල් සිසුන් සඳහා පෙළ පොත් බෙදා අවසන් කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි. නිවේදනයක් නිකුත් කරමින් අධ්‍යාපන අමාත්‍යාංශය පැවසුවේ මේ වන විට 80%ක ප්‍රමාණයක් සඳහා පෙළ පොත් ලබා දී අවසන් බවය. එමෙන්ම පාසල් නිල ඇඳුම්වලින් ද මේ වන විට 85%ක ප්‍රතිශතයක් ලබා දී අවසන් අතර මැයි මස 15 වනදා වන විට සියලුම ශිෂ්‍ය ශිෂ්‍යාවන් සඳහා නිල ඇඳුම් ද ලබා දී අවසන් කරන බව එම නිවේදනයෙන් දැනුම් දී තිබේ.
සිව්දරු මවක ඝාතනය කර ඇයගේ ගෙල බැඳි රන් මාලය සහ කරාබු ජෝඩුව පැහැරගෙන ගොස් ඇති බව පොලීසිය පවසයි. ළිඳුල පොලිස් වසමට අයත් වොල්ට්‍රිම් වතුයායේ තම දියණියගේ නිවසේ රැදි සිටි සිව්දරු මවක්ව ඊයේ (21) එසේ ඝාතනය කර ඇති බව ළිඳුල පොලීසිය පැවසිය. මෙසේ ඝාතනය කර ඇත්තේ වෙන්ගඩාසලම් සත්‍යභාමා නැමති 68 හැවිරිදි සිව්දරු මවකි. අද උදෑසන දියණිය සහ බැණා රැකියාව සඳහා පිටත්ව යාමෙන් අනතුරුව නිවසේ රැඳී සිටි මිණිබිරියද නිවසින් බැහැරව ගිය අවස්ථාවේදී නිවසට ඇතුළු වූ කිසියම් පුද්ගලයෙකු තියුණු ආයුධයකින් පහර දි ඇය ඝාතනය කර ඇති බව පොලීසිය පැවසීය.
හිටපු නීතිපති දප්පුල ද ලිවේරා මහතාට ලබන 24 වනදා ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය හමුවේ පෙනීසිටින ලෙසට දැනුම් දීමට තීරණය කර තිබේ. ඊයේ (21) දිනයේත් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයට පැමිණෙන ලෙසට දැනුම් දී තිබුණත් හිටපු නීතිපතිවරයා අදත් එහි පැමිණ නොතිබුණි. ඒ අනුව ලබන 24 වනදා ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය හමුවේ පෙනී නොසිටියහොත් ඒ පිළිබඳව අධිකරණයට දැනුම් දෙන බවට හිටපු නීතිපතිවරයාට දැනුම් දී ඇතැයි වාර්තා වෙයි. පාස්කු ඉරුදින විමර්ශනවලට අදාළව ප්‍රකාශයක් ගැනීමට පසුගිය 19 වනදා ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයට කැඳවා තිබුණත් දප්පුල ද ලිවේරා මහතා එදින එම කොට්ඨාසය හමුවේ පෙනීසිට නොතිබුණි. කෙසේවෙතත් නීතිඥවරයෙකු මාර්ගයෙන් නෛතික විරෝධතාවයක් ගොනු කිරීමට හිටපු නීතිපතිවරයා එදින කටයුතු කර තිබුණි.
ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිත ශ්‍රී ලංකා-අයර්ලන්ත දෙවැනි ටෙස්ට් තරගය සඳහා එක්වීමට ප්‍රබල ක්‍රීඩකයෙක් මෙරටට පැමිණ සිටී. ඒ අයර්ලන්ත කණ්ඩායමේ උප නායකයා ලෙස කටයුතු කරන පෝල් ස්ටර්ලින් ය. ඔහු පළමු ටෙස්ට් තරගය සඳහා විවේක ගන්වා සිටියේය. ඔහු සිය කණ්ඩායම සමග එක්වීම සඳහා (20) රාත්‍රී ශ්‍රී ලංකාවට පැමිණියේය.
යෝජිත ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත පිළිබඳව පැහැදිලි කිරීමක් සිදුකරමින් ත්‍රෛනිකායික මහනාහිමිවරුන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ලිපියක් යොමුකර තිබේ. එහි දැක්වෙන්නේ අදාළ පනතේ ඇතැම් වගන්ති මගින් ප්‍රජාතන්ත්‍රවාදයේ මූලික අංග වන රටවැසියා සතු ස්වාධීන අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය හා සාමකාමීව විරෝධතා දැක්වීමේ අයිතිය අහෝසිවීම හේතුවෙන් ඒ පිළිබඳව දැඩි විරෝධයක් ශ්‍රී ලාංකීය ජන සමාජය තුළ උද්ගතවී ඇති බවය. ඒ හේතුවෙන් විශේෂඥ මණ්ඩලයක් හරහා මෙම පනත් කෙටුම්පතෙහි නුසුදුසු වගන්ති ඉවත් කොට සකස් කිරීම සුදුසු බව ඉන් දන්වා තිබේ. අදාළ ලිපිය පහතින් දැක්වේ.
දකුණු ආසියාවේ විශාලතම වාණිජ සහ සැපයුම් මධ්‍යස්ථානය කොළඹ වරාය තුළ ස්ථාපනය කිරීම සඳහා අදාළ ව්‍යාපෘතියේ කටයුතු ආරම්භ කර තිබේ. එහි සම්පූර්ණ ආයෝජනය ඩොලර් මිලියන 392කි. එම ව්‍යාපෘතිය සඳහා චයිනා මර්චන්ස් පෝර්ට් හෝල්ඩිංස් සමාගම, ශ්‍රී ලංකා වරාය අධිකාරිය සහ ඇක්සෙස් ඉංජිනියරින් පී.එල්.සී. සමාගම ඊට අදාළ ගිවිසුමට එළඹ තිබේ. එහි කොටස්වලින් 70%ක් චීන සමාගමට හිමිවන අතර ඉතිරි 30% ශ්‍රී ලංකා වරාය අධිකාරිය සහ ඇක්සෙස් ඉංජිනියරින් පී.එල්.සී. සමාගම් අතර සමසේ බෙදී යයි. එය ගොඩනැගීමට නියමිතව ඇත්තේ කොළඹ වරාය නගරයට ආසන්නයේ ය.
දැනට පර්යන්තවල නවතා දමා ඇති ශ්‍රීලන්කන් ගුවන් සේවයේ ගුවන් යානා 05 සම්බන්ධයෙන් එම ආයතනය නිවේදනයක් නිකුත් කර තිබේ. එහි දැක්වෙන්නේ එයාර් බස් A320 NEO කාණ්ඩයට අයත් එම ගුවන්යානා අමතර කොටස් හිඟය නිසා එසේ නවතා දමා ඇති බවය. ලොව පුරා මතුව ඇති අර්බුදකාරී තත්ත්වය හේතුවෙන් අවශ්‍ය අමතර කොටස් සපයා ගැනීමට දීර්ඝ කාලයක් ගතවන බවට එහි තවදුරටත් සඳහන් වෙයි. මේ වනවිට මෙම අර්බුදය විසඳා ගැනීම සඳහා ශ්‍රීලන්කන් එයාර්ලයින් සමාගම සැපයුම්කරුවන් සමග කටයුතු කරමින් සිටින බවද එම නිවේදනයේ දැක්වෙයි. අදාළ නිවේදනයේ තවදුරටත් දැක්වෙන්නේ එම ගුවන්යානා නවතා දමා ඇත්තේ මූල්‍යමය අර්බුදයක් නිසා නොව අමතර කොටස් සපයා ගැනීමට ඇති දුෂ්කරතාවය නිසා බවය.
ශ්‍රී ලංකාවේ ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා වන ආර්ථික කළමනාකරණ ප්‍රතිපත්තිය ඉදිරි මාසය තුළ සකස් කර අවසන් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවාධරණය කළේය. එම ආර්ථික කළමනාකරණ ප්‍රතිපත්තිය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කරගැනීමට බලාපොරොත්තු වන බවද ජනාධිපතිවරයා පැවසීය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළ කළේ, විශිෂ්ටතම ව්‍යාපාරිකයන් 40 දෙනෙකු අගයමින් ජනාධිපති ලේකම් කාර්යාලයේදී පසුගිය (20) පැවති “බිස්නස් ටුඩේ” සම්මාන උළෙල අමතමිනි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද පැවසීය. “ස්ථාවර සහ වේගයෙන් වර්ධනය වන ආර්ථිකයක් ළඟා කරගැනීමට අපට තවත් බොහෝ දුර යා යුතුව තිබෙනවා. අපි දැන් මොනවද කරලා තියෙන්නේ? වොෂින්ටනයේ වසන්ත සැසිවාරයට සහභාගීවීමෙන් පසුව රාජ්‍ය අමාත්‍යවරයා, භාණ්ඩාගාර…
නැගෙනහිර, ඌව, උතුරු, උතුරු-මැද, සබරගමුව සහ මධ්‍යම පළාත්වල තැනින් තැන සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන අතර ඇතැම් ස්ථාන වලට මි. මී. 75ට වැඩි තරමක තද වැසි ද ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. සෙසු පළාත්වල ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. බස්නාහිර පළාතේ උදෑසන කාලයේදී ද වැසි ඇති විය හැක. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ඉල්ලා සිටියි.