Author: LFN
එළැඹෙන ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය සදහා සෘජුවම සුදුසුකම් ලැබූ අවසන් කණ්ඩායම බවට දකුණු අප්‍රිකානු කණ්ඩායම පත්ව තිබේ. ඒ අනුව මේ වන විට ඉන්දියාවේ පැවැත්වීමට නියමිත ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහා කණ්ඩායම් 08ක් සෘජුවම සුදුසුකම් ලබා ඇති බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පවසයි. ඉන්දියාව, එංගලන්තය, නවසීලන්තය, පාකිස්ථානය, ඔස්ට්‍රේලියාව, බංග්ලාදේශය, ඇෆ්ගනිස්ථානය, දකුණු අප්‍රිකාව තරගාවලිය සඳහා සෘජුවම සුදුසුකම් ලැබූ කණ්ඩායම් වෙයි. මේ අතර සුදුසුකම් ලැබීමේ තරග වටයට එක්වන කණ්ඩායම් 10 අතරින් ජයග්‍රහණය කරනු ලබන කණ්ඩායම් දෙකකට ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියට එක්වීමට අවස්ථාව හිමිවනු ඇති. සුදුසුකම් ලැබීමේ වටයට එක්වන කණ්ඩායම් 10 පහතින්. සිම්බාබ්වේ ස්කොට්ලන්තය නේපාලය අමෙරිකාව බටහිර ඉන්දීය කොදෙව් නෙදර්ලන්තය ඕමානය ශ්‍රී…
පාකිස්තාන හිටපු අගමැති ඉම්රාන් ඛාන් දින 8ක කාලයක් සඳහා රිමාන්ඩ් බන්ධනාගාරගතකිරීමට එරට අධිකරණය අවසර දී තිබේ. පාකිස්තාන හිටපු අගමැති ඉම්රාන් ඛාන් ඊයේ අත්අඩංගුවට ගත්තේය. ඒ දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් පැවති නඩු විභාගයක් සඳහා ඉදිරිපත්වීමට ඉස්මාලාබාද් අධිකරණය වෙත පැමිණි අවස්ථාවේදීය.
දැනට පවතින ඩෙංගු ව්‍යාප්තිය මෙලෙසම පැවතිහොත් ඉදිරි මාස දෙකක කාලය රටට අතිශය අවදානම් වනු ඇති බවට විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා අනතුරු අඟවයි. මේ හේතුවෙන් නොපමාව අවශ්‍ය පියවර ගත යුතු කාලය දැන් එළඹ ඇති බව සෞඛ්‍ය විශේෂඥයන් පවසයි. දත්තවලට අනුව 2022 මැයි මාසය අවසන් වන විට මෙරටින් වාර්තාවූ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 24,206 කි. නමුත් සෞඛ්‍ය අංශ පවසන්නේ මෙම වසර ආරම්භයේ සිට මැයි මස 09 වැනිදා, එනම් ඊයේ උදෑසන වන විට පමණක් රට තුළ ඩෙංගු රෝගීන් 31,993 ක් වාර්තා වී ඇති බවය. ඉන් වැඩිම අවදානම ඇත්තේ බස්නාහිර පළාතටය. එම පළාතෙන් මේ වන විට වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් ගණන 15,746 කි.…
කඩුවෙල මහ නගරසභාවේ හිටපු උප නගරාධිපති චන්දික අබේරත්න පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෙකු වන පියත් නිකේෂල නැමැත්තාට පහරදීමේ චෝදනාවට අදාළවය. මුල්ලේරියාව රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු මෙලෙස පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
ෆේස්බුක් සමාජ මාධ්‍ය තුළ කුඩා දැරියන් හිංසනයට ලක්වන ආකාරයෙන් ඔවුන්ගේ ඡායාරූප ඇතුළත් කළ පුද්ගලයෙකු පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසයේ සමාජ මාධ්‍ය අපරාධ විමර්ශන අංශය විසින් ඊයේ අත්අඩංගුවට ගනු ලැබීය. ඒ යටවර වත්තේගම ප්‍රදේශයේදීය. අදාළ පුද්ගලයා ”නිලූ නිලූ” නමින් ව්‍යාජ ගිණුමක් සකස්කර එහි කුඩා දැරියන්ගේ ඡායාරූප පළකර තිබී ඇත. 40 හැවිරිදි සැකකරු පෞද්ගලික ආයතනයක ගිණුම් ලිපිකරුවෙක් ලෙස සේවය කරන අයෙකු බව පොලිසිය පැවසීය. වැඩිදුරටත් වාර්තා වන්නේ අදාළ පුද්ගලයා විවාහ දෙකක් සිදුකරගෙන දැනට දික්කසාද වී සිටින පුද්ගලයකු බවය. සැකකරු කොළඔ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට අද ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මැයි 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණි.
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ දකුණු පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථාන වලට මි.මී. 75ක පමණ තරමක් තද වැසි ද ඇති වේ. උතුරු පළාතේ වැසි වාර කිහිපයක් ඇති විය හැකිය. දිවයිනේ සෙසු ප්‍රදේශවලවිශේෂයෙන් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. බස්නාහිර සහ දකුණු වෙරළබඩ ප්‍රදේශවලත් මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම්වලත් විටින් විට හමන පැ.කි.මී 40-45ක පමණ තද සුළං ඇති විය හැකිය. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ…
දේශීය ණය ප්‍රශස්ථකරණයකදී බැංකු පද්ධතියේ මෙන්ම මහජන තැන්පතුවල සුරක්ෂිතතාව සහතික කළ හැකි බව මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි. 2022 මහ බැංකු වාර්ශික වාර්තාව පිළිබඳව ඊයේ පැවැති සම්මන්ත්‍රණයකදී ඔහු මේ බව සඳහන් කළේය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා, “මහජනතාවගේ බැංකු තැන්පතුවල සහ බැංකු පද්ධතියේ ස්ථාවරභාවය සම්බන්ධයෙන් නොයෙක් අනුමාන, උපකල්පන ප්‍රචාරය වන බව දක්නට ලැබෙනවා. මහ බැංකුව පාර්ශවයෙන් අපගේ මූලික අරමුණ වන්නේ මූල්‍ය ක්ෂෙත්‍රයේ ස්ථාවරභාවයක් පවත්වා ගැනිමයි. ඕනෑම ආකාරයේ ණය ප්‍රශස්ථකරණයකදී බැංකු පද්ධතියේ මෙන්ම මහජන තැන්පතුවල සුරක්ෂිත භාවය සහතික කිරීමට අපි පියවර ගන්නවා.”
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කාර්ය මණ්ඩල නියෝජිත කණ්ඩායමක් හෙට (11) සිට මැයි මස 23 වනදා දක්වා ලංකාවේ සංචාරයක නිරතවීමට නියමිත බව වාර්තා වේ. මේ වසර තුළ සිදුකිරීමට නියමිත ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය පහසුකමේ පළමු ඇගයීමට පෙර නිත්‍ය උපදේශන ක්‍රියාවලියේ පියවරක් ලෙස ඔවුන් ලංකාවට පැමිණීමට නියමිත බව සඳහන්ය. එම සංචාරය සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආසියා පැසිෆික් කලාප අධ්‍යක්ෂ ක්‍රිෂ්ණා සිරිනිවාසන් මහතා ද එක්වන බව මූල්‍ය අරමුදල නිවේදනය කර තිබේ.
සංවිධානාත්මක අපරාධකරුවකු හා මහාපරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ශිරාන් බාසික් නැමැත්තාගේ සමීපතමයෙකු වන චමින්ද කුමාර සිල්වා හෙවත් “බඩෝවිට ලොකු මල්ලී” හෙරොයින් සහ තියුණු ආයුධ සමග පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. විශේෂ කාර්ය බළකාය මූලස්ථාන කඳවුරේ ස්ථාපිත විශේෂ වැටලීම් ඒකකයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව වැවපාර, අත්තිඩිය ප්‍රදේශයේ සිදුකළ වැටලීමක්දී සැකකරු අත්අඩංගුවට ගෙත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය සඳහන් කළේය. අදාළ සැකකරු දෙහිවල ප්‍රදේශයේ පදිංචි 37 හැවිරිදි පුද්ගලයකු වන බව සඳහන්ය. මොටර්ථයකින් ගමන් කරමින් සිටියදී සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර අදාළ මොටර් රථය තුළ රුපියල් ලක්ෂ 03ක පමණ වටිනාකමක්න් යුත් හෙරොයින් ග්‍රෑම් 16කට අසන්න ප්‍රමාණයක් සහ තියුණු ආයුධ දෙකක් සොයාගත්…
දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ පැය 24ක සංකේත වැඩවර්ජනය හේතුවෙන් නියමිත කාර්යාල දුම්රිය 05ක් අවලංගු කර තිබෙනවා. එම හේතුවෙන් අද (10) දින ධාවනය වීමට තිබූ කාර්යාල දුම්රිය ගමන්වාර 5ක් මෙලෙස අවලංගු කර තිබෙනවා. දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ සභාපති සුමේධ සෝමරත්න සඳහන් කළේ, අද (10) මාධ්‍යම රාත්‍රිය දක්වා මෙම වර්ජනය ක්‍රියාත්මක බවයි. ස්ථානාධිපති වර්ජනය හේතුවෙන් දුම්රිය ගමනාගමනයට බාධා එල්ල වී ඇති බව දුම්රිය දෙපාර්තමේනතුව පවසනවා. ඒ අනුව නානුඔය සිට මහනුවර සහ කොළඹ කොටුව දක්වා ධාවනය වීමට නියමිතව තිබූ ටිකිරි මැණිකේ සීඝ්‍රගාමී දුම්රිය අද ධාවනය නොවන බව නිවේදනය කර තිබෙනවා. ගනේවත්ත සිට කොළඹ කොටුව සහ පානදුර දක්වා පෙ.ව 3.55ට ධාවනය වීමට නියමිතව තිබූ කාර්යාල දුම්රිය මෙන්ම…