Author: LFN

දිස්ත්‍රික් සංවර්ධන සළැස්මක් ඉදිරිපත් කරන ලෙස උපදෙස් දි මාස තුනක් ඉක්ම ඇතත් ඒ පිළිබඳ දළ සැලැස්මක් හෝ ඉදිරිපත් කිරීමට දිස්ත්‍රික් ලේකම්වරු කටයුතු කර නැතැයි කී අග්‍රාමාත්‍යවරයා යුහුසුළුව හා කඩිනමින් එම සැලසුම ඉදිරිපත් කරන්නැයි අවධාරණය කළේය. අග්‍රාමාත්‍යවරයා මෙසේ පැවසුවේ පළාත් පාලන ආයතනවල කටයුතු අධීක්ෂණය කිරීම වෙනුවෙන් සුදුසු වැඩපිළිවෙළක් සකස් කිරීම සඳහා වන කමිටුව අරලියගහ මන්දිරයේදී රැස් වූ අවස්ථාවේදීය. පළාත් පාලන ආයතන මගින් ක්‍රියාත්මක කෙරුණු විවිධ ව්‍යාපෘති එලෙසම ක්‍රියාත්මක කිරීම, එම ආයතන වල මූල්‍ය ප්‍රතිපාදන කළමනාකරණය, සියලු කටයුතු අධීක්ෂණය හා පවත්වාගෙන යාම ඇතුළු කරුණු හා ක්‍රමවේදයන් රාශියක් මෙම කමිටුව හරහා ක්‍රියාත්මක කෙරෙන අතර එහි ප්‍රගතිය සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා විය. දිස්ත්‍රික්කයේ ප්‍රමුඛත්වය දිය…

Read More

මගී ජනතාවට වැඩි පහසුකම් සහිත ප්‍රවාහන සේවාවක් ලබා දීම වෙනුවෙන් විෂය භාර අමාත්‍යවරයා ලෙස කවුරු කැමති වුනත් අකමැති වුනත් ප්‍රවාහන ක්ෂේත්‍රය ඩිජිටල්කරණයට ලක් කරන බව ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කරයි. එහිදී ලංගම ප්‍රවේශ පත්‍ර සහ දුම්රිය ප්‍රවේශ පත්‍ර QR ක්‍රම වේදයකට රුගෙන එන බවත් එමගින් ආදායම ඉහල යන බවත් පෙන්වා දුන්නේය. එමෙන්ම හැකි ඉක්මනින් ඩිජිටල් රියදුරු බලපත්‍රය මුද්‍රණය කර වැරදි කරන රියදුරන්ට ලකුණු ලබා දීමේ ක්‍රමවේදය ක්‍රියාත්මක කරන බවත් පැවසූ අමාත්‍යවරයා e- motoring ව්‍යාපෘතියද ඉතා කඩිනමින් හඳුන්වා දෙන බවත් ප්‍රකාශ කළේය. බන්දුල ගුණවර්ධන මහතා මේ බව ප්‍රකාශ කළේ අනතුරු විමර්ශන නිලධාරීන් සඳහා ඊයේ (15)…

Read More

එක්සත් ජනරජ පෙරමුණ නමින් නව දේශපාලන පක්ෂයක් එළඹෙන මැයි මස 22 වැනි දින ආරම්භ කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා මල්වතු මහා නා හිමියන්ට දැනුම් දෙමින් එහි ප්‍රතිපත්ති ප්‍රකාශනය මල්වතු මහා නා හිමියන්ට පිළිගැන්වීමද ඒ මහතා අතින් සිදු කෙරුණි . පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා ඇතුළු කණ්ඩායමක් ඊයේ (15) පෙරවරුවේ මල්වතු මහා විහාරයට පැමිණ මල්වතු පාර්ශවයේ මහනායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල හිමියන් බැහැදැක උන්වහන්සේගේ ආශිර්වාද ලබාගැනීමෙන් අනතුරුව ඒ බව දැනුම් දුන්නේය . එහිදී මහා නායක හිමියන් හමුවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා පවසා සිටියේ සම්ප්‍රදායික දේශපාලන පක්ෂ සම්බන්ධයෙන් මේ රටේ ජනතාවට කළකිරීමක් ඇතිව බවත්ය . එම සාම්ප්‍රදායික දේශපාලනය ගැන…

Read More

නියමිත කාලයට ප්‍රථම ජනාධිපතිවරණය පැවැත්වීමේ යෝජනාවට විපක්ෂයේ පූර්ණ සහාය ලබාදෙන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. විපක්ෂනායකවරයා සඳහන් කළේ ජනාධිපතිවරණය කඩිනමින් පැවැත්වීමට අදාළ අණපනත් සහ රෙගුලාසි ගෙන ඒම සඳහා අවශ්‍ය සියලු සහයෝගය විපක්ෂයක් ලෙස ලබාදීමට සූදානම් බවය. ඊයේ විපක්ෂයේ පක්ෂ එකමුතුවේ විධායක කමිටු හමුවට එක් වෙමින් සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළේ රජයේ කාලසටහන්වලට සුදුසුවන පරිදි මැතිවරණ සිතියම් නිර්මාණය කිරීම ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාවක් නොවන බවය. ඔහු පෙන්වා දෙන්නේ මැතිවරණ සිතියම ජනාධිපතිවරයාගේ හෝ ඔහුට සහය ලබාදෙන පාර්ශවවල අභිමතය පරිදි සකස් කිරීම වැරදි ක්‍රියාවක් බවය.

Read More

දේවගැතිවරයෙකු ආගමික සංහිඳියාවට හානි වන අයුරින් ප්‍රකාශයක් කිරීම පිළිබඳ වහාම පරීක්ෂණයක් කර තමන්ට වාර්තාවක් ලබාදෙන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නියෝග කර තිබේ. ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති උපදේශක ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා වෙත එම නියෝගය ලබා දෙමින් ජනාධිපතිවරයා පවසා ඇත්තේ වගකීම් විරහිත හිතළු ප්‍රකාශ නිසා ආගමික ගැටුම් නිර්මාණය වී එය රටේ සංහිඳියාවට බලපෑමක් විය හැකි බවය. ඒ අනුව දේවගැතිවරයා කළ ප්‍රකාශය පිළිබඳව ජනාධිපතිවරයා දුන් නියෝග පරිදි වහා පරීක්ෂණයක් අරඹන ලෙස සාගල රත්නායක මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දී ඇත. ජෙරම් ප්‍රනාන්දු නමැති කිතුණු දේවගැතිවරයා විසින් සිදුකරන ලද ප්‍රකාශයකට අදාළ වීඩියෝවක් පසුගිය දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ…

Read More

නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහලේ අක්ෂි සැත්කම් සිදුකිරීමෙන් පසු රෝගීන් 10 දෙනෙකුගේ ඇස් පෙනීම දුර්වලවීමේ සිද්ධිය සම්බන්ධයෙන් කඩිනම් වාර්තාවක් ලබාදෙන ලෙස ජනාධිපතිවරයා සෞඛ්‍ය අමාත්‍යාංශයට උපදෙස් ලබාදී තිබේ. නුවරඑළිය මහ රෝහලේදී පසුගිය අප්‍රේල් 05 වැනිදාට පසුව සිදුකළ අක්ෂි සැත්කම්වලින් පසු මෙලෙස රෝගීන්ගේ පෙනීම දුර්වල වී ඇතැයි රෝහල් අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය මහේන්ද්‍ර සෙනවිරත්න මහතා පැවසූ බව මාධ්‍ය වාර්තා කර තිබුණි. විශේෂඥ වෛද්‍ය මහේන්ද්‍ර සෙනවිරත්න මහතා වැඩිදුරටත් මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබුණේ ඉන්දියාවෙන් ආනයනය කළ ඖෂධයක තිබූ විෂබීජ නිසා මෙම තත්ත්වය උද්ගත වී ඇතැයි මූලික පරීක්ෂණවලදී හෙළි වූ බවය. එම රෝගීන් සැත්කම්වලට ලක්ව නිවෙස්වලට ගොස් දින කිහිපයකට පසු පෙනීම සම්පූර්ණයෙන්ම නැතිවී ගිය බවයි රෝගීන්ගේ…

Read More

කළුතර ලැගුම්හලක ඉහළ මහලෙන් වැටී මියගිය පාසල් සිසුවියව ප්‍රධාන සැකකරුට අලෙවි කළේදැයි තහවුරු කරගැනීමට පෞද්ගලික බැංකු දෙකක ගිණුම් පරීක්ෂා කිරීම සඳහා අධිකරණය ඊයේ (15) අවසර ලබා දී තිබේ. ඒ සිද්ධියට අදාළ නඩුව කළුතර මහෙස්ත්‍රාත් අධිකරණයේදී ඊයේ යළි කැඳවූ අවස්තාවේදීය. මේ අතර සිදුවීමට අදාළව මුදලට කාන්තාවන් ලිංගික කටයුතු සඳහා විකිණීම සම්බන්ධයෙන් ද විමර්ශන ක්‍රියාත්මක බව වාර්තා වෙයි. දැනට සිදුකළ විමර්ශනවලදී සැක මතු වී ඇත්තේ මියගිය දැරියගේ මිතුරියගේ පෙම්වතා යැයි කියන තැනැත්තා, ප්‍රධාන සැකකරුට රුපියල් 20,000 ක මුදලට දැරිය අලෙවි කර ඇති බවටය. ප්‍රධාන සැකකරු ඊට අත්තිකාරමක් ලෙස රුපියල් 12,000 ක් එම පුද්ගලයාගේ ගිණුමට බැර කර ඇති බවටද තොරතුරු වාර්තා වෙයි. ඒ…

Read More

වස්කඩුව ප්‍රදේශයේ සංචාරක නිකේතනයක නවාතැන් ගෙන සිටි ඉන්දීය ජාතිකයෙකුගේ මුදල් සොරකම් කළ පුද්ගලයෙකුව කළුතර උතුර පොලීසිය අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය පැවසුවේ ඉන්දීය සංචාරකයා විසින් කළ පැමිණිල්ලකට අනුව සිදුකළ විමර්ශනයකින් අනතුර ඊයේ (15) පස්වරුවේදී මෙම සැකකරු අත්අඩංගුවට ගත්බවය. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති සැකකරු 29 හැවිරිදි වස්කඩුව ප්‍රදේශයේ ම අදාළ සංචාරක නිකේතනය ආසනයේ නිවසක පදිංචිව සිටි පුද්ගලයෙකි. පොලීසිය පැවසුවේ සොරකම් කළ මුදලින් කොටසක් සැකකරුගේ නිවසේ මෙට්ටයක් තුළ සඟවා තිබියදී සොයාගත් බවය. සැකකරු විසින් සංචාරකයාගේ නවාතැන්ගෙන සිටි කාමරයට පැමිණ ඔහුගේ ගමන් මල්ලේ තිබූ අමෙරිකානු ඩොලර් 259ක්, ඉන්දීය රුපියල් 500ක් සහ මෙරට මුදල් රුපියල් 17,000ක් සොරකම් කර ඇති බව පොලිස් පරීක්ෂණ වලදී අනාවරණය වී…

Read More

කොස්ගොඩ ප්‍රදේශයේදී පියා සිදුකළ පහරදීමකින් ඔහුගේ පුත්‍රයා මියගොස් තිබේ. මෙලෙස මියගොස් ඇත්තේ කොස්ගොඩ SOS ගම්මානයේ පදිංචිව සිටි 29 හැවිරිදි වියේ පසුවන තරුණයෙකි. පියා සහ පුත්‍රයා ඇතිවූ ආරවුලක් දුරදිග යාමෙන් පසුව පියා විසින් තියුණු ආයුධයකින් පුත්‍රයාගේ ගෙල ප්‍රදේශයට පහරදී තිබේ. ඉන් බරපතළ තුවාල ලැබූ තරුණයා බලපිටිය මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව ජීවිතක්ෂයට පත්ව ඇත. ඝාතනය සම්බන්ධයෙන් ඔහුගේ 62 හැවිරිදි වියේ පසුවන පියා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. කොස්ගොඩ පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.

Read More

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණික තත්ත්වයක් පවතී. උතුරු, නැගෙනහිර සහ උතුරු මැද පළාත්වල විටින් විට හමන පැ.කි.මී. (30-40) ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් දන්වා ඇත.

Read More