Author: LFN

පුද්ගලයින් තිදෙනෙකුගේ DNA උපයෝගී කරගනිමින් පළමු වරට එක්සත් රාජධානියේ දී දරුවෙකුට උපත ලබාදී තිබේ. මෙම දරු උපත සඳහා DNAවලින් වැඩි ප්‍රමාණයක් ලබාගෙන ඇත්තේ දරුවාගේ මව්පියන්ගෙන් වන අතර 0.1%ක් පමණ තෙවන පරිත්‍යාගශීලී කාන්තාවගෙන් ලබාගෙන ඇති බව වාර්තා වෙයි. “mitochondrial disorder” නම් භයානක රෝගයන්ගෙන් යුක්තව දරුවන් ඉපදීම වැළැක්වීම මෙම ක්‍රමවේදයේ අරමුණ බව වාර්තා වෙයි. මයිටොකොන්ඩ්‍රියා යනු ශරීරයේ සෑම සෛලයකම පාහේ ඇති කුඩා මැදිරි වන අතර ඒවා මගින් ආහාර, ශක්තිය බවට පරිවර්තනය කිරීම සිදුකරනු ලබයි. කෙසේවෙතත් දෝෂ සහිත මයිටොකොන්ඩ්‍රියා හේතුවෙන් සිරුරට ශක්තිය ලබාදීම අපොහොසත් කරවන අතර එමගින් මොළයට හානිවීම, මාංශ පේෂි ක්ෂයවීම, හෘදයාබාධ හා අන්ධභාවයට හේතුවීමෙන් දරුවන් මියයෑමට හේතු වෙයි. මයිටොකොන්ඩ්‍රියා රෝග සුව…

Read More

පසුගිය 02 වනදා නෙල්ලිඅඩි පොලිස් ස්ථානයට වාර්තා වී තිබූ තියුණු ආයුධවලින් කපා බරපතළ තුවාල සිදුකිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකකරුවන් 08දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. කන්කසන්තුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන් හා කොට්ඨාස අපරාධ බුද්ධි අංශයේ නිලධාරීන් විසින් ඊයේ (12) එම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත. ඔවුන් සතුව තිබූ එම අපරාධය සඳහා භාවිත කළ බවට සැකකරන තියුණු ආයුධ කිහිපයක්ද පොලිස් භාරයට ගෙන ඇත. අත්අඩංගුවට ගස් සැකකරුවන් වයස අවුරුදු 18ත් 30ත් අතර වයස්වල පසුවන අත්තායි හා කරවෙඩ්ඩි ප්‍රදේශවල පදිංචිකරුවන් බව පොලීසිය පවසයි. සැකකරුවන් අද (13) පේදුරුතුඩුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර නෙල්ලිඅඩි පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Read More

ගම්පොළ ඇල්පිටිය ප්‍රදේශයේ දින 6ක් පුරා අතුරුදන්වී සිටි ෆාතිමා මුනව්වරා නම් තරුණියගේ සිරුර අද (13) පෙරවරුවේ ඇයගේ ඥාතීන් විසින් හඳුනාගෙන තිබුණි. අප වාර්තාකරු පැවසුවේ දේහය ගොඩගැනීම මේවන විට ආරම්භ කර ඇති බවය. ගම්පොළ ප්‍රදේශයේ ඔසුසලක සේවය කළ ෆාතිමා මුනවුවරා නම් තරුණිය සිය සේවා ස්ථානය වෙත ගමන් කරමින් සිටියදී අතුරුදන් වුනේ පසුගිය ඉරිදා දිනයේය. ඇය ගම්පොළ වැලිගල්ල ඇල්පිටිය ප්‍රදේශයේ පදිංචි 22 හැවිරිදි තරුණියකි. පසුව ඇය සොයා පොලීසිය විමර්ශන ආරම්භ කළ අතර සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට ප්‍රදේශයේ එළුවන් බලාගැනීමේ රැකියාවක නිරතව සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබුණි. ඔහු පසුව පොලීසියට ප්‍රකාශ කර තිබුනේ, තමා තරුණියට අතවර කිරීමට උත්සාහ කළ බවත් ඇය ඊට එරෙහිව වීම…

Read More

මහියංගනය දිසා අධිකරණයේ විභාග වූ වන්දි නඩුවක මුදල් ගෙවීමට පැමිණි පුද්ගලයෙකු අධිකරණය වෙත ලබාදුන් රුපියල් 21,000 ක මුදලේ ව්‍යාජ 5,000සේ නෝට්ටුවක් ඇති බවට අනාවරණයවී තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුව අත්අඩංගුවට ගත් බව පොලීසිය පැවසීය. අත්අඩංගුවට ගෙන ඇත්තේ 39 හැවිරිදි ගිරාඳුරුකෝට්ට ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. සැකකරු මහියංගනය මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. මේ අතර කළුතර උතුර ගල්පාත ප්‍රදේශයේ පිහිටි වෙළෙඳසැලකට ත්‍රිරෝද රථයකින් පැමිණ රුපියල් 5,000සේ ව්‍යාජ මුදල් නෝට්ටුවක් ලබාදී භාණ්ඩ මිලදී ගත් පුද්ගලයෙකු සහ කාන්තාවක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුණි. සැකකරුවන්ගෙන් අනාවරණය වූ තොරතුරු මත සිදුකළ විමර්ශනවලදී කළුතර දකුණ ප්‍රදේශයේ නිවසක් තුළ තිබී ව්‍යාජ රුපියල් 5,000 සේ නෝට්ටු 11ක් සහ මුද්‍රණ යන්ත්‍රයක් සිය භාරයට…

Read More

අද (13) උදෑසන වව්නියාවේ සිදු වූ වෙඩි තැබීමකින් දෙදෙනෙක් මියගොස් ඇති බව පොලීසිය පවසයි. පොලීසිය සඳහන් කළේ පුද්ගලයෙකු විසින් එක්දරු මවකට වෙඩිතබා ඝාතනය කර ඔහුද වෙඩි තබාගෙන සියදිවි නසාගෙන ඇති බවය.

Read More

කිරිපිටි මිල අඩුකිරීම සම්බන්ධයෙන් මෙතෙක් අවසන් තීරණයක් ගෙන නොමැති බව කිරිපිටි ආනයනයකරුවන් පවසයි. ඔවුන් පවසන්නේ අදාළ බලධාරීන් සමග සාකච්ඡා පැවතියද අඩුකරන මිල ගණන හෝ දින වකවානු පිළිබඳව නිශ්චිත තීරණයකට නොපැමිණි බවය. සඳුදා (15) වන විට මිල අඩුකිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කර අවසන් තීරණයකට එළඹීමට අපේක්ෂා කරන බවද ආනයනකරුවන් පවසයි. කෙසේවෙතත් වෙළෙඳ අමාත්‍යවරයා ඊයේ (12) ප්‍රකාශ කළේ කිරිපිටි කිලෝ ග්‍රෑමයක මිල රුපියල් 200කින් අඩුකිරීමට තීරණය කර ඇති බවය. මේ අතර, සීනි ආනයනකරුවන්ගේ ගබඩා පරීක්ෂා කිරීමේ කටයුතු අද (13) සිට ආරම්භ කරන ලෙස උපදෙස් ලබාදී ඇති බව නලින් ප්‍රනාන්දු අමාත්‍යවරයා පවසයි. ඔහු පවසන්නේ සීනි මිල වැඩි කිරීමට පියවර නොගන්නා ලෙස ආනයනකරුවන්ගෙන් ඉල්ලීමක් ද…

Read More

ඇයගේ අතුරුදන්වීම සම්බන්ධයෙන් සැකකරුවෙකු අත්අඩංගුවට ගත් බව පොලීසිය අද (12) පැවසීය. මෙලෙස අතුරුදන්වී තිබුණේ ගම්පොළ වැලිගල්ල ඇල්පිටිය ප්‍රදේශයේ පදිංචි ෆාතිමා මුනව්වරා නමැති 22හැවිරිදි තරුණියකි. “මේ සම්බන්ධයෙන් සැකකරුවෙක්ව පොලීසිය අත්අඩංගුවට ගත්තා. ඔහුගෙන් ප්‍රශ්න කිරීමේදී අනාවරණය වුණේ, ඔහු එම ප්‍රදේශයේ එළුවන් ඇති කරන පුද්ගලයෙක්. එළුවන්ට ආහාර සඳහා තණකොළ කැපීමට ගිය අවස්ථාවකදී තරුණිය ඒ මාර්ගයේ ගමන් කර තිබෙන බව.” “දැනට තිබෙන තොරතුරු අනුව ඔහු ඒ අවස්ථාවේදී උත්සාහ කරලා තිබෙනවා ඇයට අතවර කරන්න. ඇය එය ප්‍රතික්ෂේප කිරීම නිසා මෙම සැකකරු විසින් ඇයව කැළෑබද ප්‍රදේශයකට රැගෙන ගොස් තිබෙනවා.” “එහිදී ඝාතනය කර තිබෙන බවට තමයි දැනට තිබෙන කරුණු අනුව නිරීක්ෂණය වෙන්නේ. ඝාතනයෙන් පසු සිරුර එම ස්ථානයේදීම…

Read More

වාරියපොළ මිනුවන්ගැටේ ප්‍රදේශයේ කුඹුරක් ආසන්නයේ පිහිටි වළක තිබී පිරිමි පුද්ගලයින් දෙදෙනෙකුගේ මළ සිරුරු සොයාගෙන තිබේ. අදාළ පුද්ගලයින් වයස අවුරුදු 35ත් 40ත් අතර වයස්වල පසුවන්නන් බවට මේ වනවිට තොරතුරු අනාවරණය වී ඇත. ප්‍රදේශවාසීන් පවසන්නේ අදාළ පුද්ගලයින් දෙදෙනා පෙරේදා සිට අතුරුදන්ව සිට ඇති බවය. වාරියපොළ පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.

Read More

ට්විටර් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී තනතුර සඳහා සුදුසු අයෙකු තමා මේ වනවිට හඳුනාගෙන ඇති බව එහ හිමිකරු ඉලොන් මස්ක් පවසයි. ඔහු ප්‍රකාශ කර ඇත්තේ කාන්තාවක් වන ඇය ඉදිරි කාලය තුළ එම ධුරයේ වැඩ භාරගැනීමට නියමිත බවය. කෙසේවෙතත් එම නව පත් කිරීමට සම්බන්ධ නිළධාරීවරියගේ අන්‍යතාව සම්බන්ධයෙන් තොරතුරු ඉලොන් මස්ක් හෙළිකර නොමැති අතර මේ සම්බන්ධයෙන් ට්ව්ටර් සමාගම තුළ ද දැඩි කතාබහක් මතුව තිබේ. විදෙස් විචාරකයින් පෙන්වාදී ඇත්තේ ට්විටර් ආයතනයේ හිමිකරු ඉලොන් මස්ක්ගේ මෙම ප්‍රකාශයත් සමග අකර්මණ්‍ය ස්වරූපයක් ගෙන තිබූ ඔහුගේ ව්‍යාපාර යළි ශක්තිමත් වනු ඇති බවය.

Read More

කළුතරදී 16 හැවිරිදි දැරියක් අභිරහස් ලෙස මියයාමේ සිද්ධියට අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරු එළැඹෙන 26 වනදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගතකර තිබේ.

Read More