Author: LFN

විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක් අද සිට සති දෙකක කාලයක් කොළඹ මහ නගර සභා බල ප්‍රදේශයේ ක්‍රියාවට නැංවීමට නියමිතව තිබේ. කොළඹ මහ නගර සභාවේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය රුවන් විජේමුණි මහතා ප්‍රකාශ කළේ මැයි මස 26 වනදා දක්වා ක්‍රියාත්මක වන මෙම වැඩසටහන මගින් මදුරුවන් බෝ වන ස්ථාන පවත්වාගෙන යන පුද්ගලයින්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බවය.

Read More

ලොව පළමු ජාත්‍යන්තර පරිසර විශ්වවිද්‍යාලය මෙරට ඇති කරමින් දේශගුණ විපර්යාසවලට මුහුණදීම සඳහා ලෝකයට අවශ්‍ය සහාය ලබාදීමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවති 10 වන පරිසර නියමු ජනාධිපති පදක්කම් ප්‍රදානෝත්සවය අමතමින් ‍ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව ප්‍රකාශ කළේය. ජනාධිපතිවරයා එහිදී වැඩිදුරටත් පෙන්වාදුන්නේ දේශගුණික විපර්යාස අද ලෝකයටම අභියෝගයක් වුවද ඒ පිළිබඳ පර්යේෂණ සිදුකිරීමට මධ්‍යස්ථානයක් මේ දක්වා නොමැති බවය එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ‍ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේ අනාගතයේ දේශගුණික විපර්යාසවලට මුහුණදීමට නව පරිසර නීතියක් ගෙන ඒමටද පියවර ගන්නා බවය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා, “අද පළමුවෙන්ම මෙම පදක්කම් ලැබූ පරිසර නියමුවන්…

Read More

ඉතිහාසයේ මෙන්ම වර්තමානයේ දී රටේ ඇතිවී තිබෙන අර්බුද දේශපාලකයින්ගේ බිස්නස් එකක් බවට පත්ව ඇතැයි ජාතික ජනබලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී අනුර දිසානායක මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය. එක්ස්ප්‍රස් පර්ල් සිද්ධියේදී හොරාට කලින් කෙහෙල්කැන වැට පැන්නා ද කියා හිතෙන බව කී දිසානායක මහතා පාර්ලිමේන්තුවේ එකිනෙකා ඇඟිල්ල දිගුකර ගන්නා අයුරින් පෙනෙන්නේ යමක් සිදුවී ඇති බව යැයි කීය. විජේදාස රාජපක්ෂ, අලි සබ්රි,මාන්නප්පෙරුම ,නාලක ගොඩහේවා යන නම් කියවෙමින් තිබෙන බව සඳහන් කළ අනුර දිසානායක මහතා මේ අර්බුද ඩොලර් කුට්ටි වලට එහෙ මෙහෙ කිරීම මොන ඛේදවාචකයක් දැයි ප්‍රශ්න කළේය.

Read More

අමාත්‍යවරයා සමඟ අඟහරුවාදා පැවැත්වෙන සාකච්ඡාවේ දී නිසි විසඳුමක් නොලැබුණහොත් සතියක වැඩවර්ජනයක් ආරම්භ කරන බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය පවසයි. අද (11) දින මාධ්‍ය වෙත අදහස් දක්වමින් එම සංගමයේ සභාපති, සුමේධ සෝමරත්න මහතා වැඩිදුරටත් පවසා සිටියේ එළැඹෙන අඟහරුවාදා දින අමාත්‍යවරයා සමග පැවැත්වෙන සාකච්ඡාවේ දී යහපත් පිළිතුරක් ලැබෙනු ඇතැයි විශ්වාස කරන බවය. “සංකේත වැඩවර්ජනය ඉතා සාර්ථකව ඊයේ රාත්‍රී 12ට අවසන් කරා. දැන්වත් අමාත්‍යාංශ ලේකම්වරයා මැදිහත් වෙලා දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා ට උපදෙස් දීලා කටයුතු කරයි කියන විශ්වාසය තියෙනවා. අමාත්‍යවරයා අපිට නිල සාකච්ඡාවක් ලබාදීලා තියෙනවා අඟහරුවාදා දිනයේ දී. විසඳුම් නොලැබුණොත් ඕනෑම මොහොතක දැවැන්ත වෘත්තීය ක්‍රියාමාර්ගයකට යන්න නැවත අපි සුදානම්.” ප්‍රශ්නය – ඔබතුමන්ලට සාධනීය පිළිතුරක් නොලැබුණොත් ඉදිරි…

Read More

ඩොලරයේ ගැනුම් මිල අදත් (11) වෙනස් වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත්කළ දත්ත අනුව දැක්වෙයි. ඒ අනුව ඩොලරයේ ගැනුම් මිල රුපියල් 308.67 ලෙසත් විකුණුම් මිල රුපියල් 322.70ක් ලෙසත් දැක්වුණි. ඊයේ එම අගයන් දැක්වුණේ පිළිවෙළින් රුපියල් 310.90ක් සහ රුපියල් 324.80ක් ලෙසිනි.

Read More

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ වැඩිම කඩුලුලාභීන් අතර 11 වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට මතීෂ පතිරණ සමත්ව තිබේ. චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම නියෝජනය කරමින් තරග 8කට සහභාගී වී ඇති මතීෂ ලැබු කඩුලු සංඛ්‍යාව 13කි. ඊයේ (10) දිල්ලි කැපිටල්ස් කණ්ඩායම සමග පැවති තරගයේදී කඩුලු 3ක් බිඳහෙළමින් චෙන්නායි කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන යාමට මතීෂ පතිරණ විශාල දායකත්වයක් ලබාදුන්නේය. මේ අතර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය යටතේ කොල්කටා නයිට් රයිඩර්ස් සහ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම් අතර තරගය අද (11) පැවැත්විමට නියමිතව තිබේ.

Read More

කිසියම් පුද්ගලයෙකු විසින් වෛද්‍යවරුන්ට තර්ජනය කිරීමේ සිදුවීමක් මුල්කර ගනිමින් අද (11) උදෑසන සිට කුරුණෑගල ශික්ෂණ රෝහලේ වෛද්‍යවරු සිය රාජකාරිවලින් ඉවත්ව තිබේ. අප වාර්තාකරු පැවසුවේ, අදාළ පුද්ගලයාව අත්අඩංගුවට නොගැනීම හේතුවෙන් විරෝධය පළ කිරීම සඳහා වෛද්‍යවරු අද දින හදිසි ප්‍රතිකාර කටයුතු හැර සෙසු සියලුම ප්‍රතිකාර කටයුතුවලින් ඉවත්ව ඇති බවය. මේ හේතුවෙන් අද උදෑසන රෝහලට පැමිණි රෝගීන් විශාල පිරිසක් දැඩි අපහසුතාවයට පත්වූ බව වාර්තා වේ. වර්ජනය හේතුවෙන් භාහිර රෝගී අංශයේ ප්‍රතිකාර සහ සායනික කටයුතු සියල්ල ද අඩපණ වී ඇති අතර ජලභීතිකා එන්නත් කිරීම පමණක් සිදුකෙරුණි. වර්ජනය හෙට (12) උදෑසන 8 දක්වා ක්‍රියාත්මකය.

Read More

අත්අඩංගුවට පත්වූ කඩුවෙල හිටපු උපනගරාධිපති චන්දික අබේරත්න සහ සමාජ මාධ්‍ය ක්‍රියාකාරී පියත් නිකේෂල මේ වනවිට පොලිස් ආරක්ෂාව යටතේ රෝහල්ගතව ප්‍රතිකාර ලබයි. පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඔවුන් දෙදෙනාම ඊයේ (10) තලංගම පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය. පොලීසිය සඳහන් කළේ, තලංගම, කොස්වත්ත සමගි මාවත ප්‍රදේශයේ දී දෙපාර්ශවයක් විසින් සිදුකළ පහරදීමක් හේතුවෙන් සමාජ මාධ්‍ය ක්‍රියාකාරියෙකු තුවාල ලබා තලංගම රෝහලට ඇතුළත් කළ බවට ලද පැමිණිල්ලක් මත විමර්ශන ආරම්භ කළ බවය. එම පහරදීම කඩුවෙල මහ නගර සභාවේ හිටපු උපනගරාධිපති සහ තවත් පුද්ගලයින් කිහිපදෙනෙකු විසින් මෝටර් රථ 2කින් පමැණි සිදුකර ඇතැයි ද පොලීසිය සඳහන් කළේය. එම පිරිස සමාජ මාධ්‍ය ක්‍රියාකරුට හා ඔහුගේ මෝටර් රථයට පහරදී ඇති බවට…

Read More

මෙරට පවතින ත්‍රීරෝද රථ විද්‍යුත් ත්‍රිරෝද රථ බවට පරිවර්තනය කිරීමේ නියමු ව්‍යාපෘතිය අද (11) සිට ආරම්භ කරන බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසයි. එම ව්‍යාපෘතිය යටතේ පළමු අදියර වශයෙන් ත්‍රිරෝද රථ 300ක් විද්‍යුත් ත්‍රිරෝද රථ බවට පරිවර්තනය කිරීම සිදුකරන බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ මහතා පැවසුවේය. “මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පෙට්‍රල් ත්‍රීවිල් විදුලි ත්‍රීවිල් බවට පරිවර්තනය කිරීමට අදාළ නියමු ව්‍යාපෘතියක් පටන් ගන්නවා අද සිට. ඒ අනුව තෝරාගන්නා ලද පෙට්‍රල් ත්‍රීවිල් 300ක් විදුලි ත්‍රීවිල් බවට පරිවර්තනය කරන්න අවශ්‍ය කටයුතු කරනවා. මේ සඳහා අපිට සම්පූර්ණ මුල්‍ය ආධාර ලබාදෙනවා UNDP ආයතනය විසින්. එතකොට ත්‍රීවිල්හිමියන්ට වියදමක් වෙන්නේ නෑ සතයක්වත් මේ…

Read More

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කාර්ය මණ්ඩල විශේෂ නියෝජිත කණ්ඩායමක් අද (11) මෙරටට පැමිණෙනු ඇතැයි වාර්තා වේ. මෙම නියෝජිත කණ්ඩායම ලබන 23 වැනිදා තෙක් මෙරට රැඳී සිටීමට නියමිතය. මේ වසරේ සිදු කිරීමට නියමිත ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය පහසුකමේ පළමු අගැයීමට පෙර නිත්‍ය උපදේශන ක්‍රියාවලියේ පියවරක් ලෙස මෙම නියෝජිත කණ්ඩායම මෙරටට පැමිණෙනු ඇත. මෙම විශේෂ නියෝජිත කණ්ඩායමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආසියා පැසිෆික් කලාප අධ්‍යක්ෂ ක්‍රිෂ්ණා සිරිනිවාසන් මහතා ද එක්වනු ඇතැයි මූල්‍ය අරමුදල නිකුත් කළ නිවේදනයක සඳහන් වෙයි.

Read More