Author: LFN

ශ්‍රී ලංකාවේදී පැවැත්වෙන ශ්‍රී ලංකා – ඇෆ්ගනිස්තාන එක්දින ජාත්‍යන්තර තරගාවලියේ තරග කාලසටහන නිවේදනය කර තිබේ. තරගාවලිය තරග තුනකින් සමන්විත වන අතර දෙරට අතර පළමු ජාත්‍යන්තර එක්දින තරගය ජුනි දෙවැනිදා පැවැත්වෙයි. දෙවැනි තරගය ජුනි 04 වනදා ද තෙවැනි සහ අවසාන තරගය ජූනි 07 වනදා ද පැවැත්වීමට නියමිතය. එම තරග තුනම හම්බන්තොට දී පැවැත්වෙයි. ඇෆ්ගනිස්තාන ජාතික ක්‍රිකට් කණ්ඩායම මැයි 29 වනදා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.

Read More

පාකිස්තානය සම්බන්ධයෙන් පවතින අවම විශ්වාසය නිසා ණය මුදල් අනුමත කිරීම සඳහා තවත් සහතිකයන් ඉදිරිපත් කරන ලෙස ජාත්‍යන්තර මුල්‍ය අරමුදල විසින් පාකිස්තානයට දැනුම්දී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ ජුනි මාසය වන විට ජාත්‍යන්තර මුල්‍ය අරමුදල වෙත අමෙරිකානු ඩොලර් බිලියන 3.7ක ණයක් ආපසු ගෙවීමේ සැලස්ම ඉදිරිපත් කරන ලෙස පාකිස්තානයෙන් ඉල්ලා ඇති අතර එහිදී මිත්‍ර පාර්ශ්ව රටවල ශක්තිමත් සහයෝගයක් ද පෙන්වීමට අවශ්‍ය බවය. ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග කාර්ය මණ්ඩල මට්ටමේ ගිවිසුමක් තහවුරු කරගැනීමේ උත්සහයක් ලෙස පාකිස්තානයට අතරමැදි අයවැයක් හරහා රුපියල් බිලියන 170ක් බදු අය කරගැනීමේ සැලසුමක් තිබූ අතර එම අයවැය පෙබරවාරි 09 වනදා ඉදිරිපත් කිරීමට සැලසුම් කර තිබුණු…

Read More

නුවරඑළිය මහ රෝහලේ අක්ෂි ශල්‍යකර්ම සිද්ධිය කොළඹ ජාතික අක්ෂි රෝහලෙන් වාර්තා වූ සිද්ධියට පෙර ඇතිවූ තත්ත්වයක් බව අක්ෂි ශල්‍ය විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති අක්ෂි ශල්‍ය විශේෂඥ වෛද්‍ය කපිල බන්දුතිලක මහතා පවසයි. එම සිද්ධියෙන් පසුව ඒ පිළිබඳව ක්‍රමානුකූල පරීක්ෂණ පවත්වා මේ වනවිට සාමාන්‍ය පරිදි අක්ෂි ශල්‍යකර්ම සිදුකරමින් පවතින බවද ඒ මහතා පැවසීය. අක්ෂි ශල්‍යකර්මවලින් පසුව භාවිත කරන ඖෂධයක විෂබීජ ඇති බවට පරීක්ෂණ වාර්තාවලින් තහවුරු වූ බවත් එහෙත් මේ වනවිට එම ඖෂධය භාවිතයෙන් ඉවත් කර ඇති බවත් වෛද්‍ය කපිල බන්දුතිලක මහතා පවසයි.

Read More

මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සභාපති, සමාජික ජනක රත්නායක මහතා එම තනතුරෙන් ඉවත් කිරීම සඳහා විදුලිබල අමාත්‍යවරයාගේ වාර්තාව ඊයේ (09) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණි. ඒ සම්බන්ධයෙන්වූ අමාත්‍යවරයාගේ වාර්තාව අ‍ාණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ප්‍රසන්න රණතුංග මහතා විසින් පාර්ලිමේන්තුවේදී සභාගත කළේය.

Read More

කළුතර ප්‍රදේශයේ ලැගුම්හලක උඩු මහලින් බිමට වැටී පාසල් සිසුවියක් මියයෑමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු පොලීසිය හමුවේ පාපෝච්චරණය සිදුකර පවසා ඇත්තේ සිසුවිය අදාළ හෝටලයේ පස්වැනි මහලෙන් බිමට පැන්න බවය. ප්‍රධාන සැකකරු ඊයේ (09) අලුයම අත්අඩංගුවට ගනු ලැබුවේ, සීනිගම දේවාලයත් හික්කඩුව පොලීසියත් අතර ප්‍රදේශයේදීය. ඒ, කළුතර පොලීසියට ලද තොරතුරකට අනුවය. ඔහු කළුතර, ඉසුරු උයනේ පදිංචි ධනුෂ්ක ගයාන් සහබන්දු නමැති 29 හැවිරිදි අයෙකි. සැකකරු අම්බලන්ගොඩ ප්‍රදේශයේ සිටින බවටත් ඔහු ඊයේ අලුයම මෝටර් රථයක් කුලී පදනම මත ලබාගැනීමට එම ප්‍රදේශයට පැමිණෙන බවටත් පොලීසියට තොරතුරක් ලැබී තිබුණි. ඒ අනුව, පොලිස් නිලධාරියෙකු උපායදූතයෙකු ලෙස සැරසී මෝටර් රථය ලබාදීම සඳහා අම්බලන්ගොඩ ප්‍රදේශයට ගිය ද සැකකරු අවස්ථා කිහිපයකදී විවිධ…

Read More

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනුකර තිබෙන නඩුවේ සාක්ෂි විභාගය ඊයේ (09) කොළඹ මහාධිකරණය හමුවේ ආරම්භ කෙරුණි. ඒ, කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා මහතා ඉදිරියේදීය. 2015 වසරේ දෙමටගොඩ ප්‍රදේශයේ වෙළෙඳසැලක සේවය කළ තරුණයෙකු පැහැරගෙන ගොස් පහරදී අයුතු ලෙස සිරකිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට චෝදනා එල්ලවී තිබේ. එහිදී පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ජනක බණ්ඩාර මහතාගේ මෙහෙයවීම යටතේ සාක්ෂි දුන් පැහැරගෙන යාමට ලක්වූ බව කියන අමිල ප්‍රියංක අමරසිංහ නමැත්තා කියා සිටියේ 2015 වසරේ තමා දෙමටගොඩ ප්‍රදේශයේ රෙදිපිළි වෙළෙඳසැලක සේවය කළ බවය. එම වෙළඳසැලට චමිලා ගීතානි නමැත්තිය වරින් වර පැමිණි බවත් පසුව…

Read More

ඩෙංගු ව්‍යාප්තිය පාලනය සඳහා සියලු පූර්වාරක්ෂක පියවර කඩිනමින් ගන්නා ලෙස ඊයේ (09) සියලුම පළාත් ලේකම්වරුන්ට ලිඛිතව දැනුම් දී තිබේ. ඒ, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා විසිනි. ඩෙංගු මර්දන වැඩසටහන සඳහා අවශ්‍යතාව අනුව, ප්‍රධාන ලේකම්වරුන්ට උපරිම සහාය ලබාදෙන ලෙසද ජනාධිපති ලේකම්වරයා ත්‍රිවිධ හමුදාවට සහ පොලීසියට උපදෙස් දී ඇත. ගෙවී ගිය සතිය තුළ දිවයින පුරා ඩෙංගු රෝගීන් 1,896ක් වාර්තා වී අතර සමස්ත රෝගීන් අතරින් වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වන්නේ බස්නාහිර පළාතෙනි. එය ආසන්න ප්‍රතිශතයක් ලෙස 49% ඉක්මවා ඇත. බස්නාහිර පළාතේ ගම්පහ දිස්ත්‍රික්කයෙන් 21%ක්, කොළඹ දිස්ත්‍රික්කයෙන් 18%ක් සහ කළුතර දිස්ත්‍රික්කයෙන් 7%ක් ලෙස ඩෙංගු රෝගීන් වාර්තා වී ඇත.…

Read More

මිනුවන්ගොඩ, ඕපාත ප්‍රදේශයේ 15 හැවිරිදි දැරියක් පැහැරගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් එම දැරියගේ පෙම්වතාගේ පියා සහ ඥාති කාන්තාවක් අද (10) දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. ඒ ඔවුන් ඊයේ මිනුවන්ගොඩ පොලිසීය විසින් අත්අඩංගුවට ගෙන මිනුවන්ගොඩ වැඩ බලන මහෙස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවය. 15 හැවිරිදි දැරියක් පැහැරගැනීමේ පුවතක් මිනුවන්ගොඩ ඕපාත ප්‍රදේශයෙන් පසුගියදා වාර්තා විය. ඇය පෙම් සබඳතාව නැවැත්වීම හේතුවෙන් පැහැර ගැනීමට ලක්වන්නට ඇතැයි දැරියගේ මව පැවසුවාය. එසේ පැහැර ගැනීමට ලක්වී තිබුණේ මිනුවන්ගොඩ ඕපාත ප්‍රදේශයේ පදිංචි කෞෂානි කාවින්ද්‍යා නම් 15 හැවිරිදි දැරියකි. ප්‍රේම සම්බන්ධය නැවැත්වීම හේතුවෙන් උරණවූ කෞෂානිගේ පෙම්වතා ඔහුගේ ඥාති කාන්තාවක් සහ තවත් දෙදෙනෙකු සමග ඉකුත් අප්‍රේල් මස 10 වනදා ඇයගේ නිවසට…

Read More

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ දකුණු පළාත්වල අද (10) විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 75ට වැඩි තරමක් තද වැසි ද ඇතිවිය හැකි බවය. උතුරු පළාතේ වැසි වාර කිහිපයක් ඇතිවේ. දිවයිනේ සෙසු ප්‍රදේශවල විශේෂයෙන් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. බස්නාහිර සහ දකුණු වෙරළබඩ ප්‍රදේශවලත් මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම්වලත් විටින් විට හමන පැ.කි.මී. (40-45) ක පමණ තද සුළං ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. ගිගුරුම් සහිත වැසි…

Read More

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි ක්‍රියාත්මක “අස්වැසුම” සුබසාධක ප්‍රතිලාභ ගෙවීම් මෙම ජූලි මස 01 වනදා සිට ආරම්භ කිරීමට නියමිතය. මුදල්, ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත පැවරී ඇති බලතල ප්‍රකාරව ඊට අදාළ ගැසට් පත්‍රය මේ වනවිට ප්‍රකාශයට පත් කර තිබේ. ඒ අනුව සංක්‍රාන්තික, අවදානමට ලක්වූ, දුප්පත් හා අන්ත දිළිඳු යන සමාජ කාණ්ඩ 04ක් යටතේ අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ ගෙවීම් සිදු කෙරෙන අතර ආබාධිත තැනැත්තන්, වැඩිහිටි සහ වකුගඩු රෝගීන් සඳහා ද සුපුරුදු පරිදි අදාළ දීමනා ලබා දෙනු ලැබේ. මෙහිදී සංක්‍රාන්තික ප්‍රතිලාභීන් 400,000ක් සඳහා මාසිකව රුපියල් 2500.00 බැගින් 2023 දෙසැම්බර් 31 වනදා දක්වාද, අවදානමට ලක්වූ ප්‍රතිලාභීන්…

Read More