Author: LFN
බූස්ස බන්ධනාගාරයේ ප්‍රබල ඝණයේ අපරාධකරුවන් රඳවා සිටින ඇතැම් සිර මැදිරිවල සවිකර තිබු CCTV කැමරා අක්‍රීය වී තිබෙනවා. එම බන්ධනාගාරයේ ස්ථාපිත සමස්ත CCTV කැමරා ප්‍රමාණය 120 ක් පමණ වනවා. එහෙත් ඉන් 20 ක පමණ ප්‍රමාණයක් මේ වන විට පවතින්නේ ක්‍රියා විරහිතව බවයි බන්ධනාගාර ආරංචි පැවසුවේ. එලෙස CCTV කැමරා අක්‍රීය වී ඇත්තේ වෙලේ සූදා, දෙමටගොඩ චමින්ද, පොඩි ලැසී ඇතුළු ප්‍රබල ඝණයේ අපරාධකරුවන් පිරිසක් රඳවා සිටින සිර මැදිරි කිහිපයකයි. බූස්ස බන්ධනාගාරයේ ප්‍රබල ඝණයේ අපරාධකරුවන් රඳවා සිටින සිර මැදිරි ගණන 45 කට ආසන්න වනවා. එහි සවිකර ඇති සමස්ත CCTV කැමරා 120න් 60 ක් සවිකර ඇත්තේ 2020 වසරේදීය. ඒවායින් 20 කට ආසන්න ප්‍රමාණයක් මෙලෙස අක්‍රීය…
විපක්ෂයක් ලෙස රාජ්‍ය පාර්ශ්වයේ අඩුපාඩු කම් පෙන්වා දුන්නත් ප්‍රබුද්ධ දේශපාලන ක්‍රමයක් තුළ සුබවාදී, හරවත්, ධනාත්මක දෙයක් වෙන විට ඒ දිහා ප්‍රශංසා නොකර අහක බලන් සිටිය නොහැකි බවත් හොද දේ හොද යැයි අගය කිරීමට කශේරුකාවක් තිබිය යුතු බවත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ බංකොලොත් ශ්‍රී ලංකාව එම බංකොලොත්භාවයෙන් ගොඩ ගන්නා ක්‍රියාදාමයේ දී රටට යහපත් දෙයක් වෙනවා නම් එය අගය කරන බව ය. ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේදය තුළ තෛපාර්ශ්වීය ආණ්ඩුකරණය වන විධායකය, ව්‍යවස්ථාදායකය සහ අධිකරණය පිළිගන්නා බවත් එහි බලය බෙදී යාම තිබිය යුතු බවත් මේ ආයතන 03 අතර සංවරණ සහ තුලන ඉතාමත් ම වැදගත් බවත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ ආංශික අධික්ෂණ කාරක සභා…
ක්‍රමය වෙනස් කරන්න නම් ප්‍රථමයෙන්ම ක්‍රමයට ඇතුළත් වන ලෙස ආංශික අධීක්ෂණ කාරක සභා සමග සම්බන්ධවීමට තෝරා ගැණුනු තරුණ නියෝජිතයන් අමතමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. බත්තරමුල්ල වෝටර්ස් එජ් හෝටල් පරිශ්‍රයේදී පැවැත්වුණු පාර්ලිමේන්තුවේ ආංශික අධීක්ෂණ කාරක සභා සමග සම්බන්ධවීමට තෝරා ගැණුනු තරුණ නියෝජිතයන් දැනුවත් කිරීමේ විශේෂ වැඩසටහනේ සමාරම්භක උත්සවයට සහභාගී වෙමින් ජනාධිපතිවරයා ඊයේ (13) මේ බව පැවසීය. මෙහිදී තවදුරටත් අදහස් දක්වමින් ජනාධිපතිවරයා සඳහන් කළේ පාර්ලිමේන්තුවේ වැඩකටයුතු වලට බාහිරින් තරුණ නියෝජිතයින් තෝරාගන්නා ලෝකයේ පළමු අවස්ථාව මෙය බවයි. මේ නිසා මෙය ඓතිහාසික අවස්ථාවක් බවත් මේ ලැබෙන අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්නා ලෙස තමන් මෙම තරුණ නියෝජිතයින්ගෙන් ඉල්ලා සිටින බවත් ජනාධිපතිවරයා මෙහිදී පැවසීය. සංශෝධනය කළ ස්ථාවර…
මැදපෙරදිග කලාපය සමග පවතින සබඳතා තර කරගැනීමට ඉන්දියාව පියවර ගනිමින් සිටී. ඒ සඳහා වන නව ව්‍යාපෘති සැලසුම් කරමින් සිටින බවත් ඉන්දියාව පවසා තිබේ. විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ චීනය මැදපෙරදිග කලාපය වෙත සිදුකරන මැදිහත්වීම් ඉහළ නැංවීම හේතුවෙන් ඉන්දියාව ද සිය කටයුතු කඩිනම් කිරීමට පියවර ගෙන ඇති බවය. ඒ, හමුවේ ඉන්දියාවේ ජාතික ආරක්ෂක උපදේශක, අමෙරිකානු සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ආරක්ෂක උපදේශකවරුන් හමුවී ඇතැයි ද විදෙස් මාධ්‍ය පවසයි. එහිදී දුම්රිය මාර්ග හරහා මැදපෙරදිග රටවල් සම්බන්ධ කෙරෙන ඒකාබද්ධ යටිතල පහසුකම් ව්‍යාපෘතියක් පිළිබඳව ඔවුන් සාකච්ඡා කර ඇතැයි ද පැවසෙයි. ඊට අමතරව ඉන්දු පැසිෆික් මෙන්ම මැදපෙරදිග කලාපය සම්බන්ධයෙන් ද චීනයේ මැදිහත්වීම සම්බන්ධයෙන් එහිදී සාකච්ඡාවට ලක්වී…
සිමෙන්ති මිල අඩු කිරීමට තීරණය කළ බව සිමෙන්ති තොග වෙළෙන්දෝ පවසති. ඒ අනුව කිලෝ 50 සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 150කින් අඩුකර ඇති අතර එහි නව මිල රුපියල් 2,600කි. මෙම මිල අඩුකිරීම ඊයේ (13) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක කෙරේ.
කොස්ලන්ද උඩදියලුම ප්‍රදේශයේ කඳවුරු බැඳ සිටියදී වනඅලි ප්‍රහාරයකට ලක්වූ සිද්ධියට මුහුණදුන් තරුණයා පවසන්නේ, තමන්ට කඳවුරු බැඳීම සඳහා මඟපෙන්වු පුද්ගලයා එම ස්ථානය අලිමංකඩක් බවට නොපැවසු බවය. තුවාල ලබා දියතලාව මූලික රෝහලේ ප්‍රතිකාර ලබන 22 හැවිරිදි ධනුෂ්ක මධුෂාන් තමා මුහුණ සිද්ධිය සම්බන්ධයෙන් ඊයේ (13) මාධ්‍යයට අදහස් පළකළේය. “බයික් දාපූ සැනින්.. කොල්ලෙක් ආවා දුවගෙන ගයිඩ් විදිහට. අපිව පහළට එක්කගෙන ගියා. ටිකක් පහළ තැනක් සුද්ද කරලා තිබුණා. එයාම සුද්ද කළේ කිව්වා. එතන ටෙන්ට් එක ගහන්න කිව්වා.” “උඩහින් තමයි අලි එන්නේ වතුර බොන්න. ඔය හරහා එන්නේ නැහැ කිව්වා. අපි නූඩ්ලිස් උයලා කෑවා. කාලා එහෙම ටිකක් නිදාගත්තා. නිදාගෙන ඉන්නකොට සද්ද ඇහුණා.. අපිත් එක්ක බල්ලෙක් හිටියා. බල්ලත්…
එක්සත් රාජධානිය ශ්‍රී ලංකාව වැනි රටවල් සමග තවත් වෙළෙඳ අවස්ථා වැඩි කරගත යුතු බව එරට කන්සර්වේටිව් පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය මැතිව් ඔෆර්ඩ් පවසයි. ඔහු පෙන්වා දෙන්නේ, ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගොඩනැගීම වෙනුවෙන් එක්සත් රාජධානිය ගිවිසුම්ගතව සහාය දිය යුතු බවය. ශ්‍රී ලංකාව මුහුණපා සිටින ආර්ථික අර්බුදය හා ඊට එක්සත් රාජධානියෙන් ලබාදෙන ආධාර සම්බන්ධයෙන් වන විශේෂ සැසියක් එක්සත් රාජධානී පාර්ලිමේන්තුවේදී පැවැත්වුණි. කන්සර්වේටිව් පක්ෂය පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය මැතිව් ඔෆර්ඩ්, “එක්සත් රාජධානිය හා ශ්‍රී ලංකාව අතර දැනටමත් පවතින සබඳතාවය නිසා ශ්‍රී ලංකාවේ බොහෝ සංවිධාන වෙත දායකත්වය ලබාදී තිබෙනවා. පැරිස් සමාජයේ ස්ථිර සාමාජිකයෙකු ලෙස, එක්සත් රාජධානිය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියට දැඩිව මැදිහත්වී සිටීමත් වාසනාවක් ලෙස මා…
බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (14) දිනයේ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 75ට වැඩි තරමක් තද වැසි ද ඇතිවිය හැකි බවය. සෙසු පළාත්වල වැසි වාර කිහිපයක් ඇතිවේ. දිවයින පුරා විටින් විට හමන පැ.කි.මී. 40-45ක පමණ තද සුළං ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා…
කොළඹ සහ තදාසන්න ප්‍රදේශ ආශ්‍රිතව ආරක්ෂාව සඳහා කැඳවා ඇති ආරක්ෂක හමුදා විසුරුවා හැරීම සම්බන්ධයෙන් මෙතෙක් අවසන් තීරණයක් ගෙන නොමැති බව ආරක්ෂක අමාත්‍යංශය පවසයි. හදිසි තත්ත්වයකදී ක්‍රියාකළ යුතු ආකාරය සම්බන්ධයෙන් පෙර පුහුණු වීමක් සඳහා කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල දැඩි ආරක්ෂාවක් යෙදවීමට පියවර ගත් බව ආරක්ෂක අමාත්‍යංශය සඳහන් කළේය. පෙරේදා දිනයේ සිට කොළඹ සහ තදාසන්න ප්‍රදේශවලට පොලීසියට අමතරව යුද හමුදා සාමාජිකයින්ද කැඳවා ආරක්ෂාව තර කිරීමට පියවර ගෙන තිබුණි. පොලිස් කැරලි මර්දන ඒකක මෙන්ම ගිනි නිවන අංශ ද සීරුවෙන් තබා ඇති බව ආරක්ෂක අමාත්‍යංශය සඳහන් කළේය. කොළඹ ආරක්ෂාව තර කිරීම සමබන්ධයෙන් සමාජ මාධ්‍යවල පළවන වාර්තා පිළිබඳව “අද දෙරණ” කළ විමසීමකට පිළිතුරු දෙමින් ආරක්ෂක…
ප්‍රංශයේ පැවති ලෝක හමුදා තුන්ප්‍රයාම ශූරතාව සඳහා සහභාගීවු ශ්‍රී ලංකාවේ හත්දෙනෙකු පළාගොස් ඇතැයි වාර්තා වෙයි. ඒ, අතර යුද හමුදාවේ සිවුදෙනෙකු, ගුවන් හමුදාවේ දෙදෙනෙකු සහ නාවික හමුදවේ ක්‍රීඩිකාවකද වන බව තහවුරු වී ඇත. කණ්ඩායම භාර නාවික හමුදා නිලධාරියා සතුව තිබූ ගුවන් ගමන් බලපත්‍ර, එම නිලධාරියා ආහාර ගැනීම සඳහා ගිය අවස්ථාවේදී සොරකම් කර ඇති බවත් ඉන් පසුව ඔවුන් පැනගොස් තිබෙන බවත් හෙළිවී තිබේ.