Author: LFN
බස්නාහිර, සබරගමුව, මධ්යම, වයඹ සහ ඌව පළාත්වලත් ගාල්ල, මාතර සහ මුලතිව් දිස්ත්රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. බස්නාහිර සහ වයඹ වෙරළබඩ ප්රදේශවලත් යාපනය දිස්ත්රික්කයේත් උදෑසන කාලයේදී ද වැසි ස්වල්පයක් ඇති විය හැකි බව කාලගුණවිද්යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.
ශ්රී ලංකාවේ නීතිපතිවරයා හිමිකම්කරු ලෙස නම් කරමින් එක්ස්ප්රස් පර්ල් සිදුවීම සම්බන්ධයෙන් විත්තිකරුවන් 06 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් සිංගප්පූරු මහාධිකරණය හමුවේ හිමිකම් පෑමේ ඉල්ලීමක් ගොනු කළ බව අතිරේක සොලිසිටර් ජනරාල් (පරිපාලන) චේතිය ගුණසේකර මහතා පැවසීය. මෙම හිමිකම් පෑමේ ඉල්ලීම 2023 අප්රේල් 25 වන දින ගොනු කර ඇත. මේ පිළිබඳ නඩු සම්මන්ත්රණ විභාගය මැයි 15 වනදා සිංගප්පූරු මහාධිකරණය (සාමාන්ය අංශය) හමුවේ කැඳවන ලද අතර, එම නඩුව පිළිබඳ වැඩිදුර පසු විපරමක් ජුනි 01 වනදා පැවැත්වීමට නියමිතය. සිංගප්පූරු ජාත්යන්තර වාණිජ අධිකරණයෙහි (SICC) නීතිරීති මත පදනම්ව සිංගප්පූරු ජාත්යන්තර වාණිජ අධිකරණය (SICC) වෙත නඩුව මාරු කිරීම සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුව මේ වනවිට සලකා බලමින් සිටී. ශ්රී ලංකා…
ජාත්යන්තර රග්බි සම්මේලනය විසින් ශ්රී ලංකාවේ රග්බි සාමාජිකත්වය වහාම ක්රියාත්මක වන පරිදි අත්හිටුවා තිබේ.
කාර්ය මණ්ඩලයේ 39 දෙනෙකු සමග ඉන්දියන් සාගරයේදී අනතුරට ලක්වූ චීන ධීවර යාත්රාව මුදාගැනීමේ මෙහෙයුම් සම්බන්ධීකරණයට එක්වන්නැයි ශ්රී ලංකා නාවික හමුදාව වෙත ඉල්ලීමක් කර තිබේ. ලූපෙන් යුවාන්යු 028 ලෙස නම් කෙරුණු අදාළ යාත්රාව (16) අලුයම් කාලයේදී අනතුරට ලක්වී තිබුණි. චීන ජාතිකයින් 17ක්, ඉන්දුනිසියානු ජාතිකයින් 17ක් සහ පිලිපීන ජාතිකයින් 05 දෙනෙකු සමග ලූපෙන් යුවාන්යු 028 යාත්රාව අනතුරට ලක්වී ඇති බව වාර්තා වෙයි. මෙම යාත්රාව මැයි මස 03 වනදා දකුණු අප්රිකාවේ කේප් ටවුන් සිට දකුණු කොරියාවේ බූසාන් දක්වා යාත්රකරමින් සිටින අතරතුර මෙලෙස අනතුරට ලක්වූ බව වාර්තා විය. මෙම යාත්රාවේ සිටි නාවිකයින් මුදාගැනීමට සියලු ප්රයත්නයන් දරන ලෙස චීන ජනාධිපති ෂි ජින්පින් එරට බලධාරීන්ට දන්වා…
ශ්රී ලංකා මහ බැංකුව විසින් ඉතිහාසයේ විශාලතම භාණ්ඩාගාර බිල්පත් නිකුතුව ඊයේ (17) සිදුකර තිබේ. එම බිල්පත්වල වටිනාකම රුපියල් බිලියන 180කි. ඒ අනුව ශ්රී ලංකා මහ බැංකුව අද රුපියල් බිලියන 180ක් වටිනා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියට ඉදිරිපත් කළ අතර ඒ සඳහා බිලියන 261කට වැඩි වටිනාකමින් යුත් ලංසු ඉදිරිපත්වී තිබුණි. වෙන්දේසිය සඳහා ඉදිරිපත් කළ ප්රමාණයට සමපාත වන අයුරින් රුපියල් බිලියන 180ක ලංසු පිළිගැනීමට රාජ්ය ණය දෙපාර්තමේන්තුව කටයුතු කළේය. ඒ අනුව දින 91 භාණ්ඩාගාර බිල්පත් පොළිය 25.88% සිට 25.47% ක් දක්වාත්, දින 182 බිල්පත් පොළිය 25.42% සිට 25.22% ක් දක්වා සහ දින 364 බිල්පත් පොළිය 23.14% සිට 22.79% ක් දක්වා පහළ ගොස් තිබේ.
වැලිකඩ පොලීසිය තුළ ප්රකාශ සටහන් කරගන්නා අතරතුර රෝගාතුරවූ කාන්තාවක් රෝහල්ගත කිරීමෙන් පසුව මියගොස් තිබේ. ඇයගේ ඥාතීන් චෝදනා කරන්නේ පොලීසිය සිදුකළ පහරදීමක් හේතුවෙන් අදාළ කාන්තාව මියගොස් ඇති බවය. මේ සම්බන්ධයෙන් පොලිස් දෙපාර්තමේන්තුව අභ්යන්තර විමර්ශනයක් ආරම්භ කර ඇතැයි පොලිස් මාධ්ය ප්රකාශක ජ්යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතීඥ නිහාල් තල්දූව මහතා සඳහන් කරයි. වැලිකඩ පොලිස් බලප්රදේශයේ පදිංචි ප්රකට ටෙලි නාට්ය නිෂ්පාදකවරියකගේ නිවසෙහි රත්රං භාණ්ඩ සොරගත් බවට ලැබුණු පැමිණිල්ලක් මත එම නිවසෙහි මෙහෙකාර කාන්තාව වැලිකඩ පොලීසිය මගින් පසුගිය 11 වනදා අත්අඩංගුවට ගෙන තිබුණි. ඒ, එම කාන්තාව වෙනත් නිවසක සේවය කරමින් සිටියදීය. අනතුරුව ඇයගෙන් ප්රශ්න කිරීම් සිදුකරන අතරතුර ඇති වූ අසනීප තත්ත්වයක් හේතුවෙන් පොලීසිය සැකකාරියව කොළඹ ජාතික…
බුදුන් වහන්සේට මෙන්ම අනෙකුත් ආගම්වලට නිගරුවන ආකාරයේ ප්රකාශ සිදුකළ ක්රිස්තියානි දේවගැති ජෙරම් ප්රනාන්දු යළි දිවයිනට පැමිණීමේදී අත්අඩංගුවට ගැනීමට නියමිත බව පොලීසිය පවසයි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඔහුට එරෙහිව රටින් පිටවීම වැළැක්වීමේ තහනම් නියෝගයක් ද අධිකරණයෙන් ලබාගෙන ඇති අතර මුදල් විශුද්ධිකරණය යටතේ විමර්ශනයක් සිදුකිරීමට ද නියමිතය. මේ අතර තමා එළඹෙන ඉරිදා යළි දිවයිනට පැමිණෙන බව දේවගැතිවරයා සිය සමාජ මාධ්ය ගිණුමක සටහන් කර තිබුණි. ජෙරම් ප්රනාන්දු නම් ක්රිස්තියානි දේවගැතිවරයා සිදුකළ දේශනයක් පසුගිය දිනවල සමාජ මාධ්ය ඔස්සේ සංසරණය වූ අතර එම ප්රකාශවලින් බුදුන් වහන්සේට සහ තවත් ආගමික විශ්වාසයන්ට නිගරු වන බවට සමාජයේ විවිධ පාර්ශ්වවලින් චෝදනා එල්ලවීමත් සමග ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා ද නියම කළේ…
අමරපුර කල්යාණ වංශ මහා නිකායේ මහානායක ධුරයේ වැඩබැලීම සඳහා දෙවිනුවර රාජ මහා විහාරාධිපති, ආචාර්ය දෙවිනුවර සිරිසුනන්ද නාහිමිපාණන් පත්කිරීමට ඒකමතිකව තීරණය කර තිබේ. ඒ, රාජගිරිය තපොවනයේදී රැස්වු කල්යාණ වංශ මහා නිකායේ විධායක කාරක සභාව විසිනි. අතිපූජ්ය දොඩම්පහළ චන්දසිරි මහානායක ස්වාමීන්වහන්සේගේ අපවත්වීමෙන් එම ධුරය පුරප්පාඩු වී තිබුණි. මේ අතර අපවත්වී වදාළ ශ්රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහානායක අග්ගමහා පණ්ඩිත අතිපූජ්ය දොඩම්පහළ චන්දසිරි මහානාහිමිපාණන් වහන්සේගේ ශ්රී දේහය මහජන ගෞරවය සඳහා මේ වනවිට රාජගිරිය කලපළුවාව ‘ගෝතම තපෝවනය’ සංඝ මුලස්ථානයේ තැන්පත් කර තිබේ. උන්වහන්සේගේ ශ්රී දේහය අද සිට ලබන ඉරිදා දක්වා තපෝවනයේ තැන්පත් කර තැබෙනු ඇති. අපවත් වන විට උන්වහන්සේ 84 වැනි වියෙහි පසුවිය.…
ජනාධිපති රනිල් වික්රමසිංහ මහතාට සහාය පළකරන බව ප්රසිද්ධියේ ප්රකාශ කිරීමත් සමග විපක්ෂනායක සජිත් ප්රේමදාස මහතා තමාට කළ බලපෑම්වලට අදාළ ඇමතුම් හෙළිදරව් කිරීමට සූදානම් බව හිටපු අමාත්ය පී. හැරිසන් මහතා පවසයි. ඊයේ (17) කොළඹ පැවති මාධ්ය හමුවකදී මාධ්යවේදීන් නැඟූ ප්රශ්නවලට පිළිතුරු දෙමින් ඔහු මේ බව සඳහන් කළේය. “මම රන්ජන් රාමනායක කෙනෙක් වෙන්න කැමති නැහැ. මාව යවන්න එපා කියලා එතුමා මගේ නෝනට කරපු ආයාචනා මේ ෆෝන් එකේ තියෙනවා රෙකෝඩ් වෙලා. සජිත් ප්රේමදාස මහතාගේ අවසරය ලැබෙනවා නම් ඒ ටික මම මාධ්යට දෙන්නම්. මාව අයින් කළාට පස්සේ මම ආවේ නැහැ. මමයි අයින්වෙලා ආවේ. නම් කියන්න බැහැ. දැනටමත් 25ක් විතර එකඟතාවයකට ඇවිල්ලා ඉන්නේ.”
විදුලි බල, ඛනිජ තෙල්, රෝහල් සේවා අත්යවශ්ය සේවාවන් බවට පත්කරමින් ජනාධිපතිවරයා විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.