Author: LFN
ඉදිරි ජනාධිපතිවරණයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට කොන්දේසි විරහිතව සහාය ලබාදෙන බව සමගි ජනබලවේගයේ උප සභාපතිවරයෙකු වන පී. හැරිසන් මහතා පවසයි. අනුරාධපුර ප්‍රදේශයේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු පැවසුවේ, තමා සමඟ ප්‍රාදේශිය සභා මන්ත්‍රීවරුන් 100දෙනෙකු පමණ පිරිසක් ජනාධිපතිවරයාට සහාය පළකිරීමට එක්වන බවය. සමගි ජනබලවේගය පක්ෂයේ බහුතරයක් ඉදිරි කාලය තුළ ජනාධිපතිවරයාට සහාය පළ කිරිමට එක්වනු ඇති බවද පී. හැරිසන් මහතා කියා සිටියේය. “ප්‍රාදේශීය සභා තියෙන පාටක් පෙන්න නැහැ. පළාත් සභා මැතිවරණ තියෙන පාටක් නැහැ. තියෙනවානම් තියෙන්නේ ලබන අවුරුද්දේ ජුනි, ජුලිවල ජනාධිපති මැතිවරණයක්. ඒ් ජනාධිපති මැතිවරණයට රනිල් වික්‍රමසිංහ මහතාට අපි කොන්දේසියකින් තොරව උදව් කරන්න ලෑස්ති. මම තනතුරු බලාගෙන තාන්න මාන්න බලාගෙන…
තවමත් මෙරටට තුළ ඩොලර් සෙවීමේ නිසි වැඩපිළිවෙළක් නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ධම්මික පෙරේරා මහතා පවසයි. ඊයේ මිද්දෙණියේ පැවති උත්සවයකදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා රටේ වත්මන් ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් අදහස් පළකරමින් ඒ බව සඳහන් කළේය. “ලංකාවේ බදු ක්‍රමය මේ වගේ තත්ත්වයට ඇතිවෙලා තියෙන්නේ ඇයි? ඩොලර් හිඟයත් එක්ක ආනයන අඩුවෙලා තියෙනවා. එතකොට ආනයන අඩු වුණාට පස්සේ කස්ටම් ඩියුටි එක ගහන ඒ මුදල් අඩුවෙලා තියෙනවා. ඒ මුදල් අඩු වුණාට පස්සේ ඒ මුදල් ටික හොයාගන්න අනෙක් තැන්වලින් බදු වැඩිකරලා තියෙනවා. එතකොට ඒක තමයි මූලික දේ. මෙකේ මූලිකම ප්‍රශ්නය ඩොලර් නැතිකම නේ. එතකොට ඩොලර් නැතිකමට ඩොලර් හොයන්න වැඩපිළිවෙළක් තවමත් නැහැ.”
බම්බලපිටිය මුහුදු මාර්ගයේ නිසි අවසරයකින් තොරව යතුරුපැදි ධාවන තරගයක නියැලුණු තරුණයින් 8 දෙනෙකු කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. එමෙන්ම යතුරුපැදි 5ක් ද එම කොට්ඨාස නිලධාරින් සිය භාරයට ගෙන ඇත. බම්බලපිටිය මුහුදු මාර්ගයේ එම යතුරුපැදි ධාවන තරගය සංවිධාන කර තිබුණි. කොළඹ අපරාධ කොට්ඨාසය පවසන්නේ TikTok මගින් අද අලුයම් කාලයේ තරුණයින් මීට කැඳවාගෙන ඇති බවය. එමෙන්ම නීතිවිරෝධී ලෙස යතුරුපැදි ධාවනය කරන ආකාරය දැක්වෙන වීඩියෝවක් ද ඔවුන් TikTok සමාජ මාධ්‍යට එක්කර තිබුණි. මාර්ගයේ ධාවනය වූ රථවලට සහ පදිකයින්ට බාධා වන අයුරින් යතුරුපැදි විශාල ප්‍රමාණයක් එලෙස මාර්ගයේ ධාවනය කර ඇති බව පොලීසිය පවසයි. ඇත්අඩංගුවට ගත් පිරිස වයස අවුරුදු 17 – 23ත් අතර…
“මෝඛා” සුළි කුණාටුව පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ. අද (15) පෙරවරු 5.30ට එම නිවේදනය නිකුත් කර අත්තේ, බෙංගාල බොක්ක ගැඹුරු මුහුදු ප්‍රදේශයේ ක්‍රියා කරන බහුදින ධීවර යාත්‍රා සඳහාය. ඊසාව දිග බෙංගාල බොක්ක ආශ්‍රිතව ස්ථානගතව පැවැති “මෝඛා” අතිශය චණ්ඩ කුණාටුවක් ඊයේ (14) දහවල් කාලයේදී ගිනිකොනදිග බංග්ලාදේශය සහ උතුරු මියන්මාර වෙරළ තීරය ආසන්නයේ ගොඩ බිමට ඇතුළු විය. ඉදිරි පැය 24 තුළදී එය පීඩන අවපාතයක් සහ අඩුපීඩන කලාපයක් දක්වා දුර්වල වනු ඇති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. මේ අතර බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද දිනයේ විටින් විට වැසි හෝ ගිගුරුම්සහිත වැසි ඇතිවිය හැකි බව…
මේ වසරේ මැයි පළමු වැනිදා සිට මේ දක්වා ගෙවුණු දින 14 තුළ පමණක් රට පුරා ඩෙංගු රෝගීන් 4,000කට ආසන්න පිරිසක් වාර්තා වී ඇතැයි ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි. වසරේ මේ දක්වා ගතවූ මාස 5 තුළ පමණක් වාර්තා වී ඇති සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 33,000කට අධිකය. මේ දිනවල පවතින වැසි තත්ත්වය එක්ක ඩෙංගු සීඝ්‍ර්‍රයෙන් ව්‍යාප්ත වෙමින් තිබේ. මේ වසරේ ජනවාරි පළමු වැනිදා සිට ඊයේ දහවල් දක්වා කාලය තුළ ජාතික ඩෙංගු මර්දන ඒකකයට සමස්ත දිවයිනෙන්ම වාර්තා වී තිබුණු ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 33,656 කි. එමෙන්ම මේ දක්වා ඩෙංගු මරණ 20ක් වාර්තා වී තිබේ. ඒ අතරින් ගෙවුණු සතිය, එනම් මැයි පළමු වනදා සිට 7…
රේගු තදබදය පිටුපස වෙනත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වන බවට වාර්තා වන බවත්, ඒ පිළිබඳ සොයා බලා කටයුතු කරන බවත් මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. ඒ සම්බන්ධයෙන් මුදල් රාජ්‍ය අමාත්‍යවරයා අද මාධ්‍ය හමුවක් පවත්වමින් අදහස් පළ කළේය. “ලංකාවට විදේශයන් රටවලින් එන හැම කන්ටේනර් එකක්ම කාණ්ඩ තුනකට වැටෙනවා. දැඩි අවධානම් ඒවා අනිවාර්යෙන්ම භෞතික පරීක්ෂාවට ලක් කරනවා. කන්ටේනර් නිදහස් කර ගැනීම සඳහා රේගුව පැය 24ම වැඩ. දැන් මේ තදබදයට ප්‍රධාන හේතුවක් වෙනවා සිංහල අවුරුද්ද සහ වෙසක් උත්සව ආපු නිවාඩුව. නමුත් තව නිර්මාණය වෙච්ච තත්ත්වයක් පෙනේන්නට තිබෙනවා කියලා මට වාර්තා වුණා. තදබදයක් ඇති වුණ ගමන් මට පිටත තිබෙන යාර්ඩ්වලට යවා ගැනීමේ ප්‍රවණතාවයක් ඇතිවෙනවා.…
මධ්‍යම – නැගෙනහිර බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින “මෝඛා” සුළි කුණාටුව පිළිබඳව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් රතු නිවේදනයක් නිකුත් කර තිබේ. අද (14) උදෑසන 11.30ට නිකුත් කර ඇති එම නිවේදනය ඉදිරි පැය 24 පුරා වලංගු වේ. ඒ අනුව එම සුළි කුණාටුව අද උදෑසන 5.30 වනවිට 18.7N සහ 91.5E ආසන්නයේ කේන්ද්‍ර ගතව පැවතුණි. එම පද්ධතිය උතුරට බරව ඊසාන දෙසට ගමන් කරමින් අද දහවල් පමණ ගිනිකොණදිග බංග්ලාදේශය හ උතුරු මියන්මාර වෙරළ තීරය හරහා ගමන් කිරීමට ඉඩ ඇත. ඉදිරි පැය 24 තුළ එම පද්ධතියේ බලපෑම හේතුවෙන් උතුරු අක්ෂාංශ 10ත් – 23ත් අතර සහ නැගෙනහිර දේශාංශ 86 සහ 100ත් අතර මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය පැ.කි.මී 180…
පාසල් ආශ්‍රිතව ඩෙංගු මදුරු ව්‍යාප්තිය උග්‍රවීම සම්බන්ධයෙන් වන වගකීම අධ්‍යාපන අමාත්‍යංශය බාරගත යුතු බව ලංකා ස්වාධීන ගුරුසේවා සංගමයේ ප්‍රධාන ලේකම් චන්දිමාල් විජේරත්න මහතා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ දිවයිනේ පාසල් රැසක අදාළ කම්කරු සේවකයින් නොමැති වීම හේතුවෙන් පාසල් ආශ්‍රිත පවිත්‍රතා කටයුතු සහ සනීපාරක්ෂක කටයුතු සිදුනොවන බවය. එම නිසා එම පාසල් ආශ්‍රිතව අපද්‍රව්‍ය එක්රැස් වීම හේතුවෙන් ඩෙංගු මදුරු ව්‍යාප්තිය ඉහළ ගොස් ඇති අතර මේ සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යංශය අවධානය යොමුකළ යුතු බව ලංකා ස්වාධීන ගුරුසේවා සංගමයේ ප්‍රධාන ලේකම් චන්දිමාල් විජේරත්න මහතා සඳහන් කළේය. කෙසේවෙතත් අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා සඳහන් කළේ පාසල් ආශ්‍රිත ඩෙංගු මරුදු ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා පාසල් මට්ටමෙන් අවශ්‍ය කටයුතු…
මෙවර ඡන්ද හිමි නාමලේඛනය සංශෝධන කටයුතු සඳහා ග්‍රාම නිලධාරීවරුන් ගෙයින්ගෙට ගොස් තොරතුරු එක්රැස් කිරීම ආරම්භ කර ඇති බව මැතිවරණ කොමිසම පවසයි. කොවිඩ් රෝග තත්ත්වය සහ පැවති දේශපාලන අස්ථාවරභාවය හේතුවෙන් පසුගිය වසර දෙකේදී ග්‍රාම නිලධාරින්වරුන් ගෙයින්ගෙට ගොස් තොරතුරු එක්රැස් කිරීම නවතා දැමීමට තීරණය කර තිබුණි. කෙසේවෙතත් මෙවර ග්‍රාම නිලධාරිවරුන් ගෙයින්ගෙට ගොස් තොරතුරු එක්රැස් කිරීම ආරම්භ කර ඇති බව සඳහන්ය. යම් හෙයකින් ග්‍රාම නිලධාරීන්වරුන් නිවෙස් වෙත පැමිණෙන අවස්ථාවලදී මහජනතාව නිවෙස්වල නොසිටියහොත් එම තොරතුරු වහාම ග්‍රාම නිලධාරින්වරුන් වෙත ලැබීමට සලස්වන ලෙස ද මැතිවරණ කොමිසම ජනතාවට දැනුම් දෙයි. ලබන වසරේදී ජනාධිපතිවරණයක් පැවැත්වීමට නියමිත අතර ඒ සඳහා මෙවර ඡන්ද හිමි නාමලේඛන සංශෝධනයට නම ඇතුළත් කිරීම…
එළඹෙන ඇෆ්ගනිස්ථාන සහ ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ සුදුසුකම් ලබාගැනීමේ තරඟ වටය සඳහා සහභාගීවන 30 දෙදෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා මුලික සංචිතය මේවන විට නම් කර තිබෙන බව ක්‍රිකට් අභ්‍යන්තර ආරංචි මාර්ග මඟින් වාර්තා වනවා. ඇෆ්ගනිස්ථානය සමඟ තරග තුනකින් සමන්විත එක්දින තරගාවලිය ලබන මස 2,4, සහ 7 වැනිදා හම්බන්තොට දී පැවැත්වීමට නියමිත අතර එක්දින ලෝක කුසලානයේ සුදුසුකම් ලබා ගැනීමේ තරඟ වටය සිම්බාබ්වේ දේශයේ දී ආරම්භවීමට නියමිතව ඇත්තේ ලබන මස 18 වැනිදායි. ඒ අනුව ශ්‍රී ලංකා මුලික සංචිතයෙන් ක්‍රීඩකයින් 15ක් හෝ 17 දෙනෙකු අවසන් සංචිතයට නම් කිරීමටයි ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් විසින් සැලසුම් කර ඇත්තේ. මේ අතර ආබාධයන් හේතුවෙන් ක්‍රිකට් පිටියෙන් ඉවත්ව…