Close Menu
Lanka Focus News
    What's Hot

    ප්‍රදේශ කිහිපයකට මි.මී.100 ඉක්මවූ වැසි

    September 21, 2026

    අද මි.මී. 100ට වැඩි තද වැසි

    September 20, 2026

    දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල අද සිට වැසි වැඩි වෙයි

    September 19, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»International»චීනය සහාය ඉල්ලූ කලාපයේ මෙරට නාවික යාත්‍රා නැහැ – නාවික හමුදාව
    International

    චීනය සහාය ඉල්ලූ කලාපයේ මෙරට නාවික යාත්‍රා නැහැ – නාවික හමුදාව

    By LFNMay 18, 2023No Comments1 Min Read147 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    කාර්ය මණ්ඩලයේ 39 දෙනෙකු සමග ඉන්දියන් සාගරයේදී අනතුරට ලක්වූ චීන ධීවර යාත්‍රාව මුදාගැනීමේ මෙහෙයුම් සම්බන්ධීකරණයට එක්වන්නැයි ශ්‍රී ලංකා නාවික හමුදාව වෙත ඉල්ලීමක් කර තිබේ.

    ලූපෙන් යුවාන්යු 028 ලෙස නම් කෙරුණු අදාළ යාත්‍රාව (16) අලුයම් කාලයේදී අනතුරට ලක්වී තිබුණි.

    චීන ජාතිකයින් 17ක්, ඉන්දුනිසියානු ජාතිකයින් 17ක් සහ පිලිපීන ජාතිකයින් 05 දෙනෙකු සමග ලූපෙන් යුවාන්යු 028 යාත්‍රාව අනතුරට ලක්වී ඇති බව වාර්තා වෙයි.

    මෙම යාත්‍රාව මැයි මස 03 වනදා දකුණු අප්‍රිකාවේ කේප් ටවුන් සිට දකුණු කොරියාවේ බූසාන් දක්වා යාත්‍රකරමින් සිටින අතරතුර මෙලෙස අනතුරට ලක්වූ බව වාර්තා විය.

    මෙම යාත්‍රාවේ සිටි නාවිකයින් මුදාගැනීමට සියලු ප්‍රයත්නයන් දරන ලෙස චීන ජනාධිපති ෂි ජින්පින් එරට බලධාරීන්ට දන්වා ඇති අතර ඉදිරියේ දුරස්ථ නාවික මෙහෙයුම්වල අවදානම අවම කිරීම සඳහා පියවර ගන්නා ලෙසද උපදෙස් ලබාදී තිබේ.

    මේ සම්බන්ධයෙන් අප සිදුකළ විමසීමකදී නාවික හමුදා ප්‍රකාශක කපිතාන් ගයාන් වික්‍රමසූරිය මහතා සඳහන් කළේ නෞකාව අනතුරට ලක්වී ඇත්තේ ඔස්ට්‍රේලියාවට නිරිත දෙසින් වන ඔස්ට්‍රේලියානු සෝදිසි සහ මුදාගැනීමේ මුහුදු කලාපය තුළ බවය.

    ශ්‍රී ලංකාවට ද මෙහි සෝදිසි සහ මුදාගැනිමේ මෙහෙයුම් සඳහා එක්වන ලෙස දන්වා ඇතත් මේ වනවිට එම කලාපය ආසන්නයේ නාවික හමුදා යාත්‍රා කිසිවක් නොමැති බව ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.

    එමෙන්ම නාවික හමුදා යාත්‍රාවක් එම ප්‍රදේශයට යැවීමේ සැලසුමක් දැනට නොමැති බවද නාවික හමුදා ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ඇපල් සමාගමෙන් තවත් පිම්මක් – iPhone නව මාදිලිය එළිදැක්වීම සැප්තැම්බර් 9 වැනිදා

    August 27, 2026

    පේරු රාජ්‍යයේ සංචාරක ගුවන් යානයක් කඩා වැටීමෙන් 13ක් ජීවිතක්ෂයට

    August 2, 2026

    අමෙරිකා – ඊශ්‍රායල තර්ජන හමුවේ ඉරානය චීනයෙන් දැවැන්ත මිසයිල මිලදී ගැනීමක්

    July 29, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,470 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,422 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,627 Views
    Don't Miss

    ප්‍රදේශ කිහිපයකට මි.මී.100 ඉක්මවූ වැසි

    September 21, 202605 Views

    දිවයිනට ඊශාන දෙසින් බෙංගාල බොක්කේ අන්දමන් මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව නිර්මාණය වී ඇති අඩු පීඩන කලාපය…

    අද මි.මී. 100ට වැඩි තද වැසි

    September 20, 2026

    දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල අද සිට වැසි වැඩි වෙයි

    September 19, 2026

    පාකිස්තාන රජයෙන් දැඩි වියදම් කප්පාදුවක්

    September 18, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.