Close Menu
Lanka Focus News
    What's Hot

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 2026

    මිලාද් උන් නබි උත්සවය අදයි

    August 26, 2026

    නව රාජ්‍ය තාන්ත්‍රිකයින් එකොළොස් දෙනෙකු ජනපතිට අක්තපත්‍ර භාර දෙති

    August 25, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»සිසුවියන් රවටා නිරුවත් ඡායාරූප ගෙන්වාගත් සිසුවා අත්අඩංගුවට
    Featured

    සිසුවියන් රවටා නිරුවත් ඡායාරූප ගෙන්වාගත් සිසුවා අත්අඩංගුවට

    By LFNMay 17, 2023No Comments2 Mins Read237 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    පාසල් සිසුවියන් ඇතුළු තරුණියන් පිරිසක් රවටා නිරුවත් ඡායාරූප ලබාගත් පාසල් සිසුවෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

    මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මිනුවන්ගොඩ ප්‍රසිද්ධ පාසලක ඉගෙනුම ලබන 19 හැවිරිදි වියේ පසුවන පාසල් ශිෂ්‍යයෙකි.

    අදාළ සිසුවා නිරූපණ ක්ෂේත්‍රයේ රැකියා ලබා දෙන බව පවසමින් මෙලෙස පාසල් සිසුවියන් ඇතුළු තරුණියන් 12 දෙනෙකු රවටා ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

    අනතුරුව ඔහු සිය ව්‍යාජ වට්ස්ඇප් අංකය වෙත අදාළ රැවටීමට හසුවූ පාසල් සිසුවියන් ඇතුළු තරුණියන්ගේ නිරුවත් ඡායාරූප ගෙන්වාගෙන ඇත.

    පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත ලද පැමිණිල්ලකට අනුව සිදුකළ විමර්ශනයකදී අදාළ සැකකාර සිසුවා මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ.

    එම ශිෂ්‍යා වට්ස්ඇප් මෘදුකාංගය ඔස්සේ ව්‍යාජ ගිණුම් සකස් කරගනිමින් ප්‍රසිද්ධ නිළියක්, ඇයගේ නැගනිය හා ප්‍රසිද්ධ නිරූපිකාවක් ලෙස පෙනි සිට ඇති බවද හෙළිවී ඇත.

    මෙලෙස ඔහුගේ රැවටීමට හසුවූ පිරිස අතරින් බහුතරයක් පාසල් සිසුවියන් වන අතර ඉන් 05 දෙනෙකු ඔහු සමග උපකාරක පංතිවලට සහභාගි වූ යෙහෙළියන් වීමද විශේෂත්වයකි.

    එමෙන්ම අදාළ උපකාරක පංතියේ කාර්යාල සහයිකාව ද ඒ අතරට අයත් බව මේ වනවිට හෙළිවී ඇත.

    එලෙස නිරුවත් ඡායාරූප එවන ලද එක් පාසල් සිසුවියකගේ ඡායාරූප හා දර්ශන සැකකරුගේ පරිගණකයේ තිබෙනු ඔහුගේ යහළුවෙකු දැක ඇති අතර ඔහු ඒ පිළිබඳව අදාළ සිසුවියට දැනුම්දී තිබේ.

    ඒ අනුව තමන් රැවටීමකට ලක්වු බව දැනගැනීමත් සමග සියදිවි නසා ගන්නා බව පවසමින් සිය මව්පියන් වෙත ලියන ලද ලිපියක්ද අදාළ සිසුවිය ඇයගේ යෙහෙළියකට යොමු කර තිබුණි.

    ලද පැමිණිල්ලට අනුව ක්‍රියාත්මක වු පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසයේ සමාජ මාධ්‍ය අපරාධ විමර්ශන අංශය ඊයේ පස්වරුවේ මිනුවන්ගොඩ යටියන ප්‍රදේශයේ සැකකරුගේ නිවසේදී ඔහුව අත්අඩංගුවට ගනු ලැබීය.

    වැඩිදුරටත් තොරතුරු අනාවරණය වී ඇත්තේ මෙම සිසුවා මෙවැනිම සිද්ධියක් හේතුවෙන් පාසලේ පන්ති තහනමකට ලක්ව සිටින අයෙක් බවය.

    සැකකාර පාසල් ශිෂ්‍යයා විසින් සිසුවියන්ගෙන් නිරුවත් ඡායාරූප හා දර්ශන ගෙන්වා ගැනීමෙන් පසු එම ඡායාරූප හා දර්ශන සිසුවියන් ලවාම ඔවුන්ගේ වට්ස්ඇප් සංවාදවලින් මකා දමා ඇති බවයි සිදු කළ මූලික විමර්ශනයේදි අනාවරණ වි ඇත.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 2026

    මිලාද් උන් නබි උත්සවය අදයි

    August 26, 2026

    නව රාජ්‍ය තාන්ත්‍රිකයින් එකොළොස් දෙනෙකු ජනපතිට අක්තපත්‍ර භාර දෙති

    August 25, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,463 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,418 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,619 Views
    Don't Miss

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 202606 Views

    කන්කසන්තුරය සිට මන්නාරම හරහා පුත්තලම දක්වා සහ හම්බන්තොට සිට පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශ සඳහා…

    මිලාද් උන් නබි උත්සවය අදයි

    August 26, 2026

    නව රාජ්‍ය තාන්ත්‍රිකයින් එකොළොස් දෙනෙකු ජනපතිට අක්තපත්‍ර භාර දෙති

    August 25, 2026

    ‘බස් ලලිත්’ CCIBයට රැගෙන යයි

    August 25, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.