Close Menu
Lanka Focus News
    What's Hot

    සැප්තැම්බර් පස්වෙනිදා සිට ජනපතිගේ ප්‍රධානත්වයෙන් විශේෂ ජනරැලි මාලාවක්

    August 23, 2026

    දුම්රිය සීසන් ගැන අලුත් තීරණයක්

    August 22, 2026

    දිවිසැරිය නිමකළ නන්දා මාලනීගේ අවසන් කටයුතු සෙනසුරාදා

    August 21, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»කවුරු අකමැති වුණත් කැමති වුණත් බන්දුල කරන දේ කියයි
    Featured

    කවුරු අකමැති වුණත් කැමති වුණත් බන්දුල කරන දේ කියයි

    By LFNMay 16, 2023No Comments2 Mins Read156 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    මගී ජනතාවට වැඩි පහසුකම් සහිත ප්‍රවාහන සේවාවක් ලබා දීම වෙනුවෙන් විෂය භාර අමාත්‍යවරයා ලෙස කවුරු කැමති වුනත් අකමැති වුනත් ප්‍රවාහන ක්ෂේත්‍රය ඩිජිටල්කරණයට ලක් කරන බව ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කරයි.

    එහිදී ලංගම ප්‍රවේශ පත්‍ර සහ දුම්රිය ප්‍රවේශ පත්‍ර QR ක්‍රම වේදයකට රුගෙන එන බවත් එමගින් ආදායම ඉහල යන බවත් පෙන්වා දුන්නේය. එමෙන්ම හැකි ඉක්මනින් ඩිජිටල් රියදුරු බලපත්‍රය මුද්‍රණය කර වැරදි කරන රියදුරන්ට ලකුණු ලබා දීමේ ක්‍රමවේදය ක්‍රියාත්මක කරන බවත් පැවසූ අමාත්‍යවරයා e- motoring ව්‍යාපෘතියද ඉතා කඩිනමින් හඳුන්වා දෙන බවත් ප්‍රකාශ කළේය.

    බන්දුල ගුණවර්ධන මහතා මේ බව ප්‍රකාශ කළේ අනතුරු විමර්ශන නිලධාරීන් සඳහා ඊයේ (15) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාර්ග ආරක්ෂාව හා අනතුරු නිවාරණය පිළිබඳව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය විසින් සංවිධානය කළ වැඩමුළුවක් අමතමිනි.

    නිදහසින් පසු ගමන්කර තියෙන විවිධ ක්ෂේත්‍රවල අවසානය දියුණුව හෝ පරාජය නිර්මාණය කරනු ලබන දළ ජාතික නිෂ්පාදනය සඳහා ප්‍රවාහන අංශය විශාල ලෙස දායක වී ඇති බවත් නිෂ්පාදනය, හුමවාරුව හා පරිභෝජනය යන අංශ තුන සඳහා නැතිවම බැරි දෙයක් ලෙස ප්‍රවාහන අංශය කටයුතු කරන බවත් අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය.

    දැරිය නොහැකි විශාල ණය බරක් සහිතව එදිනෙදා අත්‍යවශ්‍ය වියදම් දැරීමට පවා ප්‍රමාණවත් තරම් මුදලක් රටේ නැතිකොට යටිතල පහසුකමක් ඇති කිරීමට නම් විදේශ හෝ දේශීය ණයක් ගැනීමට සිදු වී ඇති බවත් එය කුමන රජයක් ආවත් පොදු වේ අත්විඳීමට සිදු වී ඇති සත්‍යක් බවත් අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කළේය.

    “රාජ්‍ය ආදායම රජයේ සේවකයන්ට වැටුප් ගෙවීමට හා වෙනත් අත්‍යවශ්‍ය වියදම් හා සුබසාධක කටයුතු සඳහා යෙදවේ. රට තුළ සාධනීය වෙනස්කම් කරනු නොලැබුවේනම් රට ගෙනියන්න බෑ. මේ නිසා සෑම ආයතනයක්ම අඩුම තරමේ පවත්වා ගෙන යන්න පුළුවන් තත්ත්වයක් තිබිය යුතුය. මෙයට හොඳම විසඳුම ලෙස ගමනාගමන මණ්ඩලයට නව නායකත්වයක් පත් කර තියෙනවා .”

    රටේ අනතුරු අවම කිරීමට ගත හැකි සෑම ක්‍රියාමාර්ගයක්ම ගැනීමට තමන් කටයුතු කරන බවත් දුම්රිය හරස් මාර්ග වල සිදුවන අනතුරු වළක්වා ගැනීම සඳහා පුද්ගලික අංශයේ සහය ඇතිව අලුත් ක්‍රමවේදයක් හඳුන්වාදීමට බලාපොරොත්තු වන බවත් ඒ තුලින් මගීන්ට දැඩි ආරක්ෂාව සහිත හොඳ ප්‍රවාහන සේවාවක් සැපයිය හැකි බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ජනපති සහ ශ්‍රී ලංකා නීතීඥ සංගමය අතර සාකච්ඡාවක් අද පස්වරුවේ

    August 12, 2026

    දෙමළ ජනතාවගේ අපේක්ෂා ඉටුකරන්න පළාත් සභා ඡන්දය ඉක්මනින් පවත්වන්නැයි ඉන්දියාවෙන් ඉල්ලීමක්

    August 6, 2026

    බස් ධාවනය ගැන අවසන් තීරණය අද – සංගම් සියල්ල රැස්වෙයි

    June 2, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,463 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,417 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,617 Views
    Don't Miss

    සැප්තැම්බර් පස්වෙනිදා සිට ජනපතිගේ ප්‍රධානත්වයෙන් විශේෂ ජනරැලි මාලාවක්

    August 23, 202608 Views

    ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ලබන මස 05 වනදා සිට සියලු දිස්ත්‍රික් ආවරණය වන…

    දුම්රිය සීසන් ගැන අලුත් තීරණයක්

    August 22, 2026

    දිවිසැරිය නිමකළ නන්දා මාලනීගේ අවසන් කටයුතු සෙනසුරාදා

    August 21, 2026

    ඉන්දීය පළමු ඉනිම ලකුණු 462කට සීමා වෙයි

    August 17, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.